This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
ලග්න 5 කට සුබයි 5 කට මිශ්‍රපල - 2014 පෙබරවාරි මාසයේ ඵලාපල
මේෂ ලග්නය ආදායම්වල ප්‍රගතියක් -රැකියාවෙන් තෘප්තියක් 1 කේතු, 3 ගුරු , 7 ශනි , කුජ , රාහු, 9 සිකුරු, 10 රවි, 11 බුද මාසය ආරම්භයේදී පිහිටන ග්‍රහ තත්ත්වයයි. පෙබරවාරි 13 රවි 11 වැන්නට 18 බුද 10 වැන්නට හා 28 සිකුරු 10 වැන්නට පැමිණෙයි. බාහිර පරිසරය පිළිබඳව කලකිරීම් හා මානසික නොසන්සුන්තාවයන් ඇතිවුවද ඒවා මැඩ පවත්වාගෙන ධෛර්යමත්ව කටයුතු කිරීමේ ශක්තිය ඇතිවේ. ඇසුරු කරන්නන්ගෙන් විශාල අනුග්‍රහයක් හෝ සැනසීමක් අපේක්ෂා කළ හැකි නොවේ. පවු‍ලේ සාමාජිකයන් අතර සුළු මත ගැටුම් ඇතිවුවත් ඒවා සමනය කරගෙන කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. මේ නිසා එකමුතුව සතුටින් කල් ගත කිරීමට ඉඩ ලැබේ. ඉගෙනීමේ කටයුතු උනන්දුවෙන් හා සාර්ථකව කරගෙන යාමේ පරිසරයක් පවතී. රැකියා කටයුතු පිළිබඳවද වැඩි උදේ‍යා්ගයක් හා කැප කිරීමක් සිදු වන නිසා තෘප්තිමත්ව සිය කාර්යයන් ඉටු කිරීමේ අවස්ථාව සැලසේ. ආදායම්වල හොඳ ප්‍රගතියක් ඇතිවෙයි. හදිසි ධන ලාභවලටද ඉඩ තිබේ. පුණ්‍ය කටයුතු සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවේ. තැන්පත් මුදලක් ගොඩ නගා ගැනීමට හැකිවේ. ප්‍රබල රෝගාබාධ ඇති නොවන අතර සෙම දූෂ්‍ය වීමෙන් රෝග ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ස්නානය හා ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වන්න. වෘෂභ ලග්නය අතිරේක ආදායම් -ප්‍රධානීන්ගෙන් පැසසුම් 2 ගුරු, 6 කුජ , ශනි , රාහු , 8 සිකුරු , 9 රවි, 10 බුද හා 12 කේතු යන ග්‍රහ පිහිටීම් මාසය ආරම්භයේ දී පවතින අතර , පෙබරවාරි 13 රවි 10 වැන්නටද , 18 බුද 9 වැන්නටද 28 සිකුරු 9 වැන්නටද පැමිණේ. යහපත් මානසික තත්ත්වයක් ගොඩ නැගේ. පිනට දහමට වැඩි නැඹුරු වීමක් ඇතිවේ. මේ නිසා වඩාත් සහනදායක ලෙස කල්ගත කිරීමේ අවස්ථාව සැලසේ. හොඳ අවවාද අනුශාසනා ලබාදෙන ප්‍රයෝජනවත් සමාජ ආශ්‍රයන් ඇතිවේ. ගෘහ ජීවිතය තුළ සුළු මත ගැටුම් හා විරෝධතාවයන් ඇතිවුවද ඒවා මැඩ පවත්වා ගෙන කටයුතු කිරීමේ අවස්ථාව සැලසේ. සියලු දෙනාට එකමුතුව සහයෝගයෙන් කටයුතු කළ හැකි පරිසරයක් ගොඩ නැගේ. වරින් වර ඉස්මතු වන උදාසීන ගති මගහරවා ගන්නේ නම් ඉගෙනීමේ කටයුතුවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි ග්‍රහ බලයක් පවතී. රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමසුරු සහයෝගය හා ආශිර්වාදය ඒ සඳහා ලැබේ. වස්තු වාසනාව පිළිබඳව හොඳ ඉඩකඩක් පවතින මාසයකි. ආදායම්වල ඉහළ යාමක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග පෑදෙයි. ප්‍රබල රෝගාබාධ නැත. එසේ වුවද සෙම ආශ්‍රිත රෝගවලට ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න. මිථුන ලග්නය හදිසි ධනලාභ -අධ්‍යාපනයෙන් හොඳ ඵල 1 ගුරු , 5 ශනි, කුජ , රාහු 7 සිකුරු , 8 රවි, 9 බුද හා 11 කේතු පිහිටා තිබියදී පෙබරවාරි මාසය ආරම්භවේ. 13 දින රවි 9 වැන්නට 18 බුද , 8 වැන්නට හා පෙබරවාරි 28 සිකුරු 8 වැන්නට ද පැමිණෙයි. යහපත් , සැනසිලිදායක මානසික ස්වභාවයක් පවතී. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇතිවේ. වැඩදායක මිතුරන් ඇසුරු කිරීමේ අවස්ථාව සැලසේ. නිවසේ සතුට , සාමය හා සහයෝගය හොඳින් පවතී. එකිනෙකා අතර හොඳ අවබෝධයක් ඇතිවීම නිසා නිවසේ දියුණුව සලසාගත හැකිවේ. ප්‍රමාද වූ වැඩි වැඩ කොටසක් නිමකරගත හැකිවේ. බාධක ආශ්‍රයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ඒවා මගහරවා ගෙන කටයුතු කළොත් ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව පවතී. රැකියා කටයුතු තෘප්තිමත්ව කරගෙන යාමට අවස්ථාව උදාවේ. ආදායම්වල වැඩිදියුණුවක් සිදුවෙයි. හදිසි ධන ලාභ පවතී. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. තැන්පතුවක් ගොඩ නගා ගත හැක. ප්‍රබල රෝගාබාධ නැත. සෙම, රුධිරය ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න. කටක ලග්නය මුදල් අපහසුතා-රැකියා කලකිරීම් 4 ශනි, කුජ , රාහු , 6 ගුරු , 7 රවි, 8 බුද, 10 කේතු සහ 10 ගුරු යන ග්‍රහ පිහිටීම අනුව පෙරබවාරි මාසය ආරම්භ වෙයි. පෙබරවාරි 13 රවි 8 වැන්නට සංක්‍රමණය වන අතර 18 දින බුද 7 වැන්නට හා 28 දින සිකුරු 7 වැන්නටද පැමිණෙයි. සැනසීමෙන් යුක්ත මානසික තත්ත්වයක් මාසය පුරා පවතී. යහපත් අවවාද අනුශාසනා සහ ආධාර උපකාර ලැබෙන හිත මිතුරන් ඇසුරු කිරීමට ලැබේ. ඔවුන් අතර ඔබ හොඳ පිළිගැනීමකට භාජනය වේ. සුළු මත ගැටුම් ඇති වුවද ඒවා සමනය කරගෙන ගෙදර ජීවිතය තුළ සාමකාමී පරිසරයක් ගොඩ නගා ගැනීමේ හැකියාව ඇතිවේ. නිවසේ සාමාජිකයන් අතර හොඳ එකමුතුකමක් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු පිළිබඳව උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදුනොවේ. එහෙත් ඇසුරු කරන්නන් නිසා එයට බාධා සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රැකියා කටයුතු පිළිබඳව කලකිරීම් හා නොසන්සුන්තාවයන් ඇතිවන අවස්ථා එළඹේ. ආදායම්වල ඉහළ යාමක් නොසිදුවුවද විවිධ ආකාරයේ වියදම් යෙදීම නිසා මුදල් අපහසුතාවයන් ඇතිවීමේ ඉඩකඩ තිබේ. ප්‍රබල රෝගාබාධ නැත. සෙම ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ ඇති බැවින් ආහාර පාන සහ ජලය පරිහරණය ගැන සැලකිලිමත් විය යුතුය. සිංහ ලග්නය නිවසේ සාමය -අතිරේක ආදායම් 3 ශනි, රාහු, කුජ , 5 සිකුරු , 6 රවි , 7 බුද, 9 කේතු සහ 11 ගුරු පිහිටා සිටියදී මාසය ආරම්භ වෙයි. පෙබරවාරි 13 රවි 7 වැන්නටද , 18 දින බුද 6 වැන්නටද , 28 දින සිකුරු 6 වැන්නටද සංක්‍රමණය වෙයි. මාසයේ මධ්‍ය භාගය දක්වා මානසික නොසන්සුන්තාවයන් හා පීඩාකාරී තත්ත්වයන් ඇතිවෙයි. ඉන්පසු ඒවා සමනය වෙයි. හොඳ මිතුරු මිතුරියන් ආශ්‍රය කිරීමට ලැබේ. නිවසේ සාමකාමී පරිසරයක් පවතී. පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් හා එකමුතුභාවයක් ගොඩ නැගේ. ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩ නැගේ. ඒ සඳහා ගුරුවරු වැඩිහිටි ආදීන්ගෙන් හොඳ අනුග්‍රහයක්ද ලැබේ. රැකියා කටයුතු පිළිබඳව සුළු කලකිරීම් හා නොසන්සුන්තාවයන් ඉස්මතු වේ. ආදායම්වල දියුණුවක් ඇතිවේ. නව ආදායම් මාර්ග හෙළි පෙහෙළි වෙයි. තැන්පත් මුදලක් ගොඩ නගා ගත හැකිවේ. සෞඛ්‍ය දුර්වලතා නැත. මුළු මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් කල් ගත කළ හැකිවේ. කන්‍යා ලග්නය වියදම්වල සුළු වැඩිවීම් -පවු‍ලේ සුළු මත ගැටුම් 2 ශනි, කුජ , රාහු , 3 සිකුරු , 4 රවි , 5 බුද , 8 කේතු සහ 10 ගුරු ගමන් කරද්දී පෙබරවාරි මාසය ආරම්භ වෙයි. පෙබරවාරි 13 රවි 6 වැන්නටද , 18 සිකුරු 5 වැන්නටද පැමිණෙයි. මාසයේ මධ්‍ය භාගය දක්වා දැඩි නොසන්සුන්කාරී ස්වභාවයන් සහ කලකිරීම් ඇතිවෙයි. ඉන්පසු ඒවා මග හැරෙයි. යහපත් මිත්‍ර ආශ්‍රයන් ඇතිවන අතර ඔවුන්ගෙන් ඔබේ සහනයට හා දියුණුවට උදව් උපකාර ලැබෙයි. සුළු මත ගැටුම් සහ ආරවුල් ඇතිවුවද සමස්තයක් ලෙස පවු‍ලේ සාමාජිකයන් අතර සාමය හා සහයෝගීතාවය නොබිඳී පවතී. මාසයේ මධ්‍ය භාගය දක්වා ඉගෙනීමේ කටයුතුවල අඩුපාඩු හා දුර්වලකම් ඇතිවෙයි. ඉන්පසු ඒවා මග හැරෙයි. රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට ඉඩකඩ ලැබෙන අතර ප්‍රධානීන්ගෙන් හා හිතවතුන්ගෙන් ඒ සඳහා හොඳ අනුග්‍රහයක් ලැබේ. ආදායම්වල වෙනසක් සිදු නොවේ. වියදම්වල සුළු ඉහළ යාමක් සිදුවීම නිසා තරමක මුදල් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවේ. ප්‍රබල රෝගාබාධ ඇතිනොවේ. සෙම දූෂ්‍ය වීම නිසා අපහසුතාවයන් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න. තුලා ලග්නය ආදායම් සමයි -සෞඛ්‍යය යහපත් 1 ශනි, කුජ, රාහු , 3 සිකුරු , 4 රවි , 5 බුද , 7 කේතු , 9 ගුරු ගමන් කරද්දී පෙබරවාරි මාසය ආරම්භ වේ. 13 දින රවි 5 වැන්නටද 18 දින බුද 4 වැන්නටද , 28 දින සිකුරු 4 වැන්නටද පැමිණේ. වරින් වර සුළු නොඉවසුම්කාරී ගති ඉස්මතු වුවද ඒවා සමනය කරගෙන කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ. මේ අතර ප්‍රයෝජනවත් මිත්‍ර ආශ්‍රයන් ඇතිවන අතර ඔවුන්ගේ හොඳ උපදේශන මෙන්ම අනුග්‍රහයද ලැබේ. නිවසේ සාමය ආරක්ෂා කර ගැනීම ගැන හොඳ අවධානයක් දැක්විය යුතුවේ. පවු‍ලේ සාමාජිකයන් අතර ඇති වන මතභේද නිසා සාමය අඩපණ වීමට ඉඩ තිබෙන බැවින් අවබෝධයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. අහිතකර මිත්‍ර ආශ්‍රයන්ගෙන් ඈත් වුවහොත් ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව පවතී. රැකියා කටයුතු සම්බන්ධයෙන් විවිධ දුෂ්කරතා සහ ගැටුම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් හා කල්පනාවෙන් කටයුතු කළ යුතු වේ. ආදායම් සම තත්ත්වයේ පවතී. හිත මිතුරන් වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව මුදල් පරිහරණය කරන්න. මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී. වෘශ්චික ලග්නය සැහැල්ලු මනසක් -නිවසේ අවුල් 2 සිකුරු , 3 රවි , 4 බුද , 6 කේතු, 8 ගුරු හා 12 ශනි. කුජ රාහු ගමන් කරද්දී පෙබරවාරි මාසය ආරම්භ වෙයි. 13 දින රවි 4 වැන්නටද , 18 දින 3 වැන්නටද , 28 දින සිකුරු 3 වැන්නටද පැමිණේ. පමණ ඉක්මවා ගිය සැහැල්ලු මානසික ස්වභාවයක් ගොඩ නැගෙන අතර මේ නිසා යහපත් මෙන්ම අයහපත් දේද සිදුවෙයි. වගකීම් නිසි ලෙස ඉටු නොවන තත්ත්වයක් ඇතිවේ. එසේ වුවද හොඳ මිත්‍ර සම්බන්ධතාවයන් ඇතිවන නිසා නිසි ලෙස වැඩ කිරීම සඳහා ඔවුන්ගෙන් උපදෙස් ලැබෙයි. ඉහත කී සැහැල්ලු ගති නිසා නිවසේ කටයුතුවලද අවුල් ස්වභාවයන් ඉස්මතු වී පවු‍ලේ සාමාජිකයන් අතර අසමගිය ගොඩ නැගීමට ඉඩ තිබේ. ඉගෙනීමේ කටයුතුවලට බාධා පමුණුවන පසුබිමක් පවතින නිසා දැඩි වුවමනාවකින් හා උදේ‍යා්ගයෙන් කටයුතු කළ යුතු වේ. මාසයේ මධ්‍ය භාගය දක්වා රැකියා කටයුතුවල පසුබැසීම් හා කලකිරීම් ඇතිවීමට ඉඩ තිබේ. ඉන්පසු හොඳයි. ආදායම් සුපුරුදු ආකාරයට පවතී. හිත මිතුරන් වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවීම නිසා මුදල් දුෂ්කරතා ඇතිවීමට ඉඩ තිබේ. උදරාබාධ හා පාද ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන කාලයකි. ධනු ලග්නය පවු‍ලේ සමගිය -අයවැය සමයි 1 සිකුරු , 2 රවි, 3 බුද , 5 කේතු , 7 ගුරු සහ 11 රාහු ශනි කුජ ගමන් කරද්දී පෙබරවාරි මාසය ආරම්භ වේ. 13 දින රවි 3 වැන්නටද , 18 දින බුද 2 වැන්නටද, 28 දින සිකුරු 2 වැන්නටද පැමිණේ. සැහැල්ලු මානසික ස්වභාවයකින් කල් ගත කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ. යුතුකම් හා වගකීම් පිළිබඳව එතරම් තැකීමක් නොකරයි. ඒ නිසා ආරවුල්ද සිදු නොවේ. ප්‍රයෝජනවත් මිත්‍ර ආශ්‍රයන් ලැබේ. ඔවුන්ගෙන් හොඳ උපදේශ මෙන්ම වෙනත් ඵල ප්‍රයෝජනයද ලැබේ. පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ අවබෝධයක් හා එකමුතුකමක් ගොඩ නැගේ. මේ නිසා නිරතුරුව සාමකාමී පරිසරයක් නිවස තුළ නිර්මාණය වේ. බාධක ආශ්‍රයන් ඇතිවීම නිසා ඉගෙනීමේ කටයුතුවල තරමක පසුබැසීමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. රැකියා කටයුතුවලදී එකිනෙකා අතර මතභේද හා ගැටලු ඇතිවීම නිසා අප්‍රසන්න ස්වභාවයක් ගොඩනැගේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවුවද වියදම්ද ඒ හා සමානව ඉහළ යාම නිසා තැන්පත් මුදලක් ගොඩ නංවා ගැනීමට අපහසුවේ. හිස, ඇස ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න. මකර ලග්නය පවු‍ලේ අසමගිය -වියදම් ඉහළට 1 රවි, 2 බුද , 4 කේතු , 6 ගුරු 10 ශනි, කුජ , රාහු සහ 12 සිකුරු ගමන් කරද්දී පෙබරවාරි මාසය ආරම්භ වෙයි. 13 දින රවි 2 වැන්නටද , 18 දින බුද ලග්නයටද 28 දින සිකුරු ලග්නයටද පැමිණේ. මාසයේ මධ්‍ය භාගය දක්වා දැඩි උද්වේගකාරී ස්වභාවයක් හා මානසික නොසන්සුන්තාවයක් පවතී. ඉන්පසු ඒවා මග හැරෙයි. ඔබ පීඩාවට පත් කරන ආශ්‍රයන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. පවු‍ලේ සාමාජිකයන් අතර නුරුස්නා ස්වභාවයක් හා අසමගිය ඇතිවන හේතු ඉදිරිපත් වන බැවින් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. ඉගෙනීම අඩපණ කරන හේතු ඇතිවන නිසා විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ප්‍රධාන බාධකයන් වන්නේ අහිතකර ආශ්‍රයන්ය. රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් පවතී. ආදායම්වල තරමක වර්ධනයක් සිදුවුවත් වියදම් ඉහළ යාම නිසා මුදල් අපහසුකම්වලට මුහුණ පෑමට සිදුවේ.උදරාබාධ, හිස ඇස් ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න. කුම්භ ලග්නය ආදායම් වැඩිවෙයි. -සෞඛ්‍යය යහපත් 1 බුද , 3 කේතු, 5 ගුරු, 9 ශනි, කුජ , රාහු , 11 සිකුරු හා 12 රවි ගමන් කරමින් සිටියදී පෙබරවාරි මාසය ආරම්භ වේ. 13 දින රවි ලග්නයටද , 18 දින බුද 12 වැන්නටද , 28 දින සිකුරු 12 වැන්නටද පැමිණෙයි. ආගම දහමට ලැදිව සෞම්‍ය සිතිවිලිවලින් යුක්තව කල්ගත කළ හැකිවේ. සෑම ගැටලුවක්ම බුද්ධිමත්ව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇතිවේ. හොඳ උපදෙස් හා අවවාද අනුශාසනා ලබාදෙන මිතුරු පිරිසක් මුණ ගැසේ. නිවසේ සාමාජිකයන් අතර විවිධ ගැටලු හා මත ගැටුම් ඇතිවුවත් ඒවා ඉවසීමෙන් කල්පනාවෙන් සමනය කරගැනීමේ හැකියාව ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා , වැඩි උනන්දුවක් හා කැපවීමක්ද ඇතිවේ. බාධා ඇතිනොවේ. රැකියා කටයුතුවලදී ප්‍රධානීන්ගෙන් හා හිතවතුන්ගෙන් විවිධ බාධක එල්ලවේ. අධිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ. ආදායම්වල වැඩි දියුණුවක් සිදුවේ. වියදම් සුපුරුදු ආකාරයට පවතී. තැන්පත් මුදලක් ගොඩ නගා ගත හැකිවේ. මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී. මීන ලග්නය අනපේක්ෂිත වියදම් -අධ්‍යාපනය මධ්‍යස්ථයි 2 කේතු , 4 ගුරු , 8 ශනි, කුජ , රාහු, 10 සිකුරු , 11 රවි හා 12 බුද ගමන් කරද්දී පෙබරවාරි මාසය ආරම්භ වෙයි. 13 දින රවි 12 වැන්නටද , 18 දින බුද 11 වැන්නටද , 28 දින සිකුරු 11 වැන්නටද පැමිණේ. බුද්ධිමත්ව කටයුතු කරමින් සහනදායි ලෙස කල් ගත කළ හැකි මානසික තත්ත්වයක් ගොඩ නැගේ. ඔබ අගතියට කැඳවා ගෙන යන ඇතැම් මිතුරන් කිට්ටු වන නිසා කල්පනාවෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න. මාසයේ මධ්‍ය භාගය දක්වා නිවසේ සාමාජිකයන් අතර මත ගැටුම් හා නොසන්සුන්තාවයන් ඉස්මතු වීමට ඉඩ තිබේ. ඉන්පසු ඒවා මග හැරෙයි. සුළු බාධක ඇතිවුවද ඉගෙනීමේ කටයුතු නොපිරිහෙලා කරගෙන යාමේ අවස්ථාව උදාවේ. රැකියා කටයුතු සම්බන්ධව ඔබගේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් නැතත් ප්‍රධානීන් සහ හිතවතුන් ඒවා අගය නොකිරීම නිසා ඔබ පසුතැවීමට භාජනය වෙයි. ආදායම්වල තරමක දියුණුවක් සිදුවුවත් අනපේක්ෂිත ලෙස වියදම් ඉහළ යාම නිසා මුදල් අසීරුකම් ඇතිවෙයි. උෂ්ණත්වය හා සෙම දූෂ්‍ය වීම නිසා රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න. ‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය අමරසේන වේගිරිය උපුටා ගැනීම ලක්බිම පුවත්පත