🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිතූ පැතූ සම්පත් ලබාදෙන හනුමා අංජනම බලන හදන හැටි මෙන්න

සිතූ පැතූ සම්පත් ලබාදෙන හනුමා අංජනම බලන හදන හැටි මෙන්න

හනුමා ගැන කියන විට අප කාටත් මතක්‌ වන්නේ අංජනම ගැනයි. එහෙත් හනුමා රාම සීතා පෙම් සබඳතාවයදී යුද්ධයේදී ඔහුට හිමි වන්නේ ප්‍රමුඛස්‌ථානයකි. එමෙන්ම හනුමාගේ වීර වික්‍රමයන් පිළිබඳව රසවත් කථාවන්ද බොහෝය. හනුමා චරපුරුෂයෙකි. අති දක්‍ෂයකු වන හනුමාට වඩා වෙනත් දක්‍ෂයකු ලොවෙහි සෙවීම උගහටය. රාම රාවණා යුගයේදී මාර්ග උපදේශකයා ලෙස කටයුතු කළ හනුමා වලග ප්‍රකාරයක්‌ මෙන් සකසා රාම ලක්‍ෂමණ දෙදෙනා ආරක්‍ෂා කරගත් බව රාමායනයෙහි සඳහන් වේ. සිය මව අංජනම් දේවිය නැති විටෙක බඩගින්න ඉවසා ගත නොහැකිව ඉදුණු අඹ ගෙඩියක්‌ යයි හිතා හිරු අල්වා ගන්ට කුඩා හනුමාන් පැන්නේය. මහත් බියට පත් රාහු අසුරේන්ද්‍රයා තම ආරක්‍ෂාව පතා ඉන්ද්‍ර වෙතට පැන ගියේය. කිපුණු ඉන්ද්‍ර තම වජ්‍රාධය ගෙන ඓරාවන ඇතුපිට නැගී පෙර මගට පැමිණෙත්ම ඇතුළු ගිලීමට කට ආයාගෙන ඉදිරියට පැන්න හනුමාන්ට වජ්‍රායුධයෙන් දකුණු හනුවට ගසනු ලැබීය. එවිට දකුණු හනුව බිඳී මහමෙරින් පහලට ඇද වැටුණු හනුමා නැවත සුවයට පත්වුයේ සියලු දෙවිවරුන්ගේ බලවත් ඇවටිල්ල නිසාය. සීතා දේවිය රාවණා රජු විසින් පැහැරගෙන ගිය තැන්හි පටන් දිගු කලක්‌ ගෙවන ලද්දේ දැඩි ශෝකයෙන්ය. පසුව රාමාගේ මුදුව ඉල්ලාගත් හනුමා සීතාව හංගා සිටින තැන සෙවීමේ භාරදූර කාර්යය භාර ගත්තේය. මොහු ලංකාවට ඇතුළුවන විට හිරිහැර කළ සිංගිකා නම් රාක්‍ෂණියගේ බඩ තුළට සියුම් ශරීරයක්‌ මවාගෙන ඇතුළුවූ හනුමාන් ඇගේ බඩ පලාගෙන පිටවූයේ ඒ රාක්‍ෂණිය මරුමුවට පත්කරමිනි. අශෝක වනය වැනසූ හනුමා බන්ධනය කිරීමට යක්‌ සෙනවියෝ කළ සියලුම ව්‍යායාමයන් නිරර්ථක විය. එහෙත් මන්ත්‍ර ශාස්‌ත්‍රයෙහි දක්‍ෂ රාවණාගේ පුත්‍ර ඉන්ද්‍රජිත්ගේ ග්‍රහණයට අසුවූ හනුමා රාවණා ඉදිරියට පමුණුවන ලදුව වල්ගයේ පාන්කඩ ඔතා ගිනි දැල්වීමට අණකෙරිණි. අවසානයේදී ඒ වල්ගයේ ගිනිදැල් වලින් ලංකාපුරය දැවූ හනුමා මහමුහුදට පැන වල්ගයෙහි දැල්වෙමින් තිබූ ගිනි දැල් නිවා දමා රාම කුමරුට සීතාව සිටිතැන කියන ලදී. රාම ලක්‍ෂ්මන ප්‍රධානව රාවණා සමග කළ සටනට හනුමාන් ඇතුළු අසූකෙලක්‌ වානර සේනාව සහභාගිවූ අතර යුද හමුදාව සැකසීම හා ඖෂධ සැපයීම හනුමාන්ට භාර විය. වරක රාම කුමරු තම දුන්න ගෙන හනුමාන් වාහනය කරගෙන සටන ඇරැඹුවේය. යුද්ධයේ බිහිසුණුම අවස්‌ථාවේදී රාවණා පුත් වන ඉන්ද්‍රජිත් මායා බලයෙන් අහස්‌ ගැබේ නොපෙනී සිටිමින් හී සැර එවා ලක්‍ෂමන කුමරුත් ඔහුගේ පිරිසත් සිහි විසඥකරවීය. කුමරු බේරාගැනීමට විශල්‍යකර්ණ නම් මහා බලගතු ඖෂධය වන ෙත්‍රෙයිලෝක්‍ය විජයපත්‍රං පහන් වීමට පෙර අවශ්‍ය විය. දඹදිව ගන්ධමාන පර්වතයෙහි ඇති විශල්‍යකරණී බෙහෙත් ගස ගෙන ඒමට මගියෙකුට අටළොස්‌ මසක්‌ ගතවන නමුදු හනුමාට ගතවුණේ ඉතාම සුළු මොහොතකි. මෙම ඖෂධය ගැනීමේදී නොයෙකුත් හිරිහැර බාධාවන් කළ කාල රකුසාගෙන්ද බේරී ඉතා සූක්‍ෂම අන්දමින් එය ඉටුකළේය. මෙම ඖෂධය ලංකාවට ගෙන ආවේ රාමායන් යයි කියයි. මේ කරුණු කාරණා අනුව රාම රාවණා යුද්ධයේ දස්‌කම් පෑව හනුමාන් විෂ්ණු වරලත් මහ විෂ්ණු දෙවියන්ගේ සෙනවියකු ලෙසින් දේවත්වයට පත්වූ බව රාමායනයේ සඳහන් වේ. ඉන්පසු හනුමා බනධන කළ අංජනම් එළිය බලා තමාගේ කරදර, සතුරු පීඩාවන්, අණවින, කොඩිවින, පමණක්‌ම නොව තමා හිතන කාරණාවන් හරි හැටි කියාදීමට මෙන්ම මිනිසාගේ දියුණුවට ආරක්‍ෂාවට භූමි ව්‍යාපාර ආරක්‍ෂාවට ඉතාම දුර්ලභ රහස්‌ යන්ත්‍ර මන්ත්‍රද ඇත. එවන් මන්තරයක්‌ හා අංජනමක්‌ හදාගන්නා ආකාරය මෙසේය.

පලමුව මල් අසුනක්‌ තනා එහි හතර කොන විලක්‌කු හතරක්‌ දල්වා යන්ත්‍රයක්‌ ඇඳ සුවඳවර්ග, විභූති, සඳුන්, කුංකුමප්පු, සඳුන් කූරු, සාම්බ්‍රානි, කෙසෙල්ගෙඩි, උක්‌ගස්‌ ඇතුළු පලවැල, බුලත්, පුවක්‌, ගල් කන්ඩු, අග්ගලා, වඩේ, කිරිබත් පුද වශයෙන් තබා ජලස්‌නානය කර පංච වර්ණ වස්‌ත්‍රයක්‌ ඇඳ ජපකරගෙන කර ඉන, අත, පළඳින්න. නිවසේ අංජනං තෛලය සමඟ තෙල් කුප්පියකට යන්ත්‍රය බහා නිවසේ ප්‍රධාන උළුවස්‌ස උඩින් එල්ලන්න. අණවින කොඩිවින උඩට මතුවන, එහි සිය බල බිඳෙන, යක්‍ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දිෂ්ටි නිවසට තමාට නොවැදීමට මෙය ඉතා බලවත් බව පුස්‌කොළ පොතහි සඳහන් වේ.

මන්ත්‍රය :
ඕං විෂ්ණු මුඛං බ්‍රහ්ම මුඛං මහේෂ්වර මුඛං ශ්‍රී රාම දූත හනුමන්තා හං රීං රං රීං කිලියුම් මේයුම් සෞයුම් නං මං සං වරුක වරුක එන් නාවින් මේල් වසිය වසිය ස්‌වාහා.... (ජපය 1008 වරයි)

ශ්‍රීමත් හනුමන් මන්ත්‍රය :
"ඕං නමෝ හනුමතෙ ප්‍රකට පරාක්‍රම ආක්‍රාන්ත දීන් මණ්‌ඩලයෙසො විතාන ධවලි කෘත ජගත් ත්‍රිතය වඡ්ර දෙන ඡ්වල දග්නි සූර්ය කොටි සම ප්‍රාතනත්‍ර රුහ රුදාවතාර ලන්කා පුරී දහනොදධී ලන්ගන දශ ශ්‍රම ශිරඃ කෘතාන්තක සීතාශ්වසත වායු සුතාඤජනා ගර්භ සන්භූත ශ්‍රී රාම ලක්‍ෂමනා නන්ද කර කපි සෛන්‍ය ප්‍රාකාර සුග්‍රව සව්‍ය කාරණ නීබර්හත කාරණා දොන වර්වතොත්පාට නාශොක වන විදාරණාක්‍ෂ කුමාරක විවේදන වත රක්‍ෂාකර සමූහ විහන්ජන බ්‍රහ්මාස්‌ත්‍රබ්‍රහම් ශණක්‌ති ශ්‍රසත ලක්‍ෂමණා ශක්‌ති භෙද නිවාරණ විශෙල්‍යෘෂධී සමානයත බාලොදිත භානු මණ්‌ඩල ග්‍රසන මේඝනාද හොම විද්වන්සන ඉන්ද්‍රජිත් වධකාරණ සිතා රක්‍ෂක රාක්‍ෂයි සන්විධාරන කුම්භ කර්ණදී වධ පරායන ශ්‍රී රාම භක්‌ති තත්පර සම්ද්‍රෙව්‍යාම්දැම ලත්සන මහාසමාථ්‍ය මහාතෙජි පුන්ජි විරාඡ් මාන ස්‌වාමි වවත සම්හාජිකාර්ජුන සත්යුග සහාය කුමාර බ්‍රහ්ම චාරීත් ගම්භීර ශබ්දොaදය දක්‍ෂිණශාමාර්තන්ඩ මේරු පර්ව පිඨිකාර්වන සකල මන්ත්‍ර ගමාචර්ය මම සර්ව ග්‍රහ විනාශන සර්වා ඡ්වරොවුවාටන සර්වා විෂවාසන සර්ව පත්නි නිවාරණ සර්ව දුෂ්ඨ නිර්භහන සර්ව වියාග්‍රාදි භය නිවාරණ සර්ශත්‍රැච්වේදන මම පරාශ්‍යව ත්‍රිභුවතපුරං ස්‌ත්‍රී නපුංසකාත්මක සර්වජීව ජාතාං වශය මමාඥකාරකං සම්පාදය සම්පාදය නා නා නාමධෙයාන් සර්වාන් රාඥා සපිරිවාරාන් මම සෙවකානං කුරු කුරු සර්ව ශාස්‌ත්‍ර විෂානි විධවංසය ග්‍රාං හිං භ්‍රාන්භ්‍රාන් එෙහ්‍යහි හසෞ හසඕ ප්‍රේන් හසෞන් ඔඒර්ඒන් හෞන් සර්ව ශත්‍රැනහන හත පරථ ලානි පර ෙස්‍යනානි කේෂාභය කේෂාභය මේ සර්වාන් කාර්යයකන් සාධ යසාධයසර්ව දුෂ්ට දුර්ජන මුඛානි කීලය කීලය සෙ සෙ සෙ හා හා හා හුන් හුන් හුන් එට්‌ එට්‌ ඒට්‌ ගවා..... "
(ජපය 1008 වරයි)

මෙම මන්තරය බුජපත්‍රයක හෝ තඹ, රිදී, රන් පතක හෝ ලියා ප්‍රාණ ප්‍රතිෂ්ඨාපනය කොට ජපකර යන්ත්‍රය සේ බැඳගෙන අභිමත කාන්තාව දකිනු. ඒකාන්තයෙන්ම කැමති වේ. රජුන් දකිනු, මහා ඇමැතිවරු ප්‍රභූවරු දකිනු වශී වේ. සර්වජනතාවම වශීවී තමා පැත්තට හැරේ වශීවේ. නඩු වලින් ජය අත්වේ. ධනය ලැබේ. විශේෂයෙන්ම විවාහ ප්‍රමාද ස්‌ත්‍රී පුරුෂයන්ට ඉක්‌මන් විවාහයට මීටත් වඩා ප්‍රබල යන්ත්‍රයක්‌ නැතියයි කියවේ.

කස්‌තුරි, පණ ඇති රිළවාගේ නගුටේ මයිල්, කුංකුමප්පු, අංහාර, සාදිලිංගම්, අමුකපුරු, සමන් කැකුළු, ජටාමාංශි, ඊතණ, වෙරඬු තෙලින් අඹරා ජපකර සුරයක බහා පළදින්න. දුටුවන්ගේ සිත් තමා වෙත ආකර්ෂණය වේ. පෙම්වතුන්ගේ සිත් පෙමින් බැඳී රන් රසසේ එක්‌වේ. සූදුවෙන්, වාද විවාදවලින් මුල්තැන ලැබේ. කිසිකලක නොපරදී. මෙම අඳුනෙන් ටිකක්‌ පීරිසියක ගා නැතිනම් දිය වීදුරුවක ගා පහන් දැල්ලෙන් බලනු හනුමා රතු එළියක්‌ රැගෙන එනවා පෙනෙ යි. එවිට ඔහුගෙන් තමාට අදාළ ප්‍රශ්න අහන්න. පිළිතුරු දෙයි. අංජනම් බලන්නන්ට හොඳින් පැහැදිලිව පෙනේ. (ජපය 1008 වරකි) මන්තරවේදීන්, ඇදුරන් පිට නොදෙන මේ මන්තරයෙන් ඉහත දක්‌වා ඇති කථාව හොඳින් පැහැදිලි වේ.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ