This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
වාසනාවන්ත කාලයක ආරම්භය
සිකුරු ග්‍රහයා අප්‍රේල් මස 28 සඳු දින මැදියම් රාත්‍රි 12.38ට ගුරුට අයත් මීන රාශිගතව උච්ච වේ. ග්‍රහයකු උච්ච වීම යනු අහස් මුදුනට පැමිණීම ලෙස ජේ‍යාතිෂයේදී විග්‍රහ කෙරෙන අතර එහිදී එම ග්‍රහයා යහපත් ප්‍රතිඵල ප්‍රදානය කරයි. නවග්‍රහයන් අතර ඉතාම අවිහිංසක සුන්දර ලාලනිය වූ සිකුරු ග්‍රහ තාරකාවිය සෞම්‍ය ගතියෙන් හා ආචාරශීලීත්වයෙන් අග තැන්පත්ය. අලංකාර රූප ස්වභාවයකට මෙන් තාරුණ්‍යයට, විනෝදයට හා කලාකාමී බවටද ඇය කාරක ග්‍රහයා වෙයි. සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම වසරකට වරක් සිදුවන ප්‍රධාන මෙන්ම ප්‍රබලම ග්‍රහ චලිතයකි. සිකුරුගේ මෙම ග්‍රහ ගමන මීන, මිථුන, කන්‍යා හා ධනු ලග්න හිමියන්ට මාලවී නම් පංච මහා පුරුෂ යෝගය උදා කරවන්නකි. මෙය රාජ යෝග බල ගෙනෙන යෝගයකි. ඉහත කී ලග්නවලින් උපත ලද ජන්මීන්ට මෙය එක්තරා වාසනාවන්ත කාලයක ආරම්භයක් වනු ඇත.කටක හා වෘශ්චික යන ලග්න දෙකට ඉතා උසස් සැබෑ ඵල උදාකරන අතර මේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ යන ලග්නවලින් උපන්නවුන්ටද යහපත් කාලයක් වනු ඇත. සිකුරුගේ මෙම ග්‍රහ ගෝචරය ඉහත ලග්නවලින් උපත ලැබූවන්ට සියලු සැප සම්පතින් සපිරි ධන වාසනාවෙන් ආඪ්‍ය වූ කාලයක් උදාවනු ඇත. ප්‍රිය සම්භාෂණ, විනෝද ගමන්, නව හිත මිතුරු සබඳතා, විනෝද ක්‍රීඩාවලින් ජයග්‍රහණ,ලොතරැයි දිනුම් හිමිවේ.මැයි මස 24 වැනිදා අලුයම 4.59 සිකුරු මේෂ රාශි ගතවන තුරු මෙම කාලය උදාව පවතියි. ජේ‍යාතිෂවේදී කොටදෙණියාවේ ඩී.ඩී.එන්. ගුණවර්ධන උපුටා ගැනීම මව්බිම පුවත්පත