This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
2015 වසරේ ලග්න පලාපල - අද කටක ලග්නය
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ සිංහල මාස ක්‍රමයෙන් දුරුතු මස ලබා 1937ක් වූ ශක රාජ වර්ෂයෙන් පුර පසළොස්වක සතිය එළැඹී 11වක සුබ තිථිය උදාවී ක්‍රි.ව. 2015ක් වූ ජනවාරි පළමුවැනි ගුරු දිනය උදෑසන 6 පසු වී මිනිත්තු 22කට පමණ සූර්ය උදාවෙමින් ධනු ලග්නයේ කැති නැකැතින්, පළමු පාදයෙන්, රවි මහා දශාවෙන් ආරම්භ වන නව වර්ෂය පුරා ග්‍රහයන් පිහිටි සුබ අසුබ පල අනුව පල විපාක යෙදී තිබේ. කටක ලග්නයෙන් උපන් ඔබට මාසයේ පළමු දිනට යෙදී ඇති ග්‍රහ ගෝචරය අනුව ලග්නයේ ගුරු වක්‍ර වෙමින් චන්ද්‍රයා කේන්ද්‍රස්ථාන ගත වෙමින් රාහු තුන්වැන්නේද, ශනි පස් වැන්නේද, රවි - බුධ හය වැන්නේද කුජ, සිකුරු හත්වැන්නේද කේතු නව වැන්නට පැමිණ ත්‍රිකෝණ ස්ථාන වෙමින්, චන්ද්‍රයා 10 වැන්නට පැමිණ නිරායනය වෙමින් කටක ලග්න හිමියන්ගේ වසර ඇරැඹෙයි. පොදු ලක්‍ෂණ 2015 වර්ෂයේ ආරම්භ වන කටක ලග්නය පොදු ලක්‍ෂණ කීපයකින් යුක්ත වෙයි. ලග්නාධිපති චන්ද්‍රයා 10 වැන්නේ කේන්ද්‍රස්ථාන ගතවෙමින් ගුරු ග්‍රහයාද ලග්නයේ උච්ච ස්ථාන වෙමින් ශනි කුජ ග්‍රහයන් දෙදෙනා පරිවර්තන යෝගයක් උදාකරගනිමින් ද ගුරු ශනි කේතු මූල ත්‍රිකෝණ දෘෂ්ටියක් ඇති කරගනිමින්ද කටකයේ උපන් ඔබගේ වර්ෂය ආරම්භ වෙයි. මවුපියන්ට සුබ පල වුවද සහෝදර සහෝදරියන්ට, අපල ඇති කරමින් රාහු කේතු සප්තම වී සිටී. බොහෝ කථිකත්වයකින් යුක්ත කටක ලග්න හිමියන් අධ්‍යාපනයෙන්ද උපරිම පල නෙළා ගනී. කිසිම විටෙක පැරැදුමකට කැමැති නොවන හසළ බුද්ධියක් පිහිටීමත් ආධ්‍යාත්මික සුවය ඉතා අගය කරමින් බොහෝ පින් දහම් කිරීමද පෙර පින් බලයෙන්ද යුක්ත වන ඔබ අන් අයට පිහිට වන පොදු ලක්‍ෂණයකින් යුක්ත වීමෙන් බොහෝ පිරිස් බලයක් ඇතිකර ගන්නා මාතෘ ග්‍රහකාරක වන කටක රාශියෙන් ඉපිද සිටී. ව්‍යාපාර ව්‍යාපාර කරන අයට 2015 සුබපල වෙයි. 2013, 2014 වර්ෂවලදී ශනි හතරවැන්නේ සිට දහවැන්න රැකියා ව්‍යාපාර බලය ලබා දෙන කර්ම ස්ථානය දැක කුජ සමඟ පාපී වීමෙන් ඇතිකළ පීඩාකාරී කාලය අවසන් වෙමින් ශනි ග්‍රහයා ත්‍රිකෝණ ස්ථාන වන 5 වැන්නට පැමිණ සිටියි. වෙළෙ¼දාම් කටයුතුවල ඵලය ලබාදෙන කුජගේ රාශියක් වන 10 වැන්න අධිපතියා උච්ච රාශි වෙමින් ලග්නය උච්ච ගුරු දකිමින් සිටීම ආදායම් සුබ පල දීමට හේතු වෙයි. පාපීගත ව්‍යාපාර විනාශ වෙයි. මත්පැන්, මත්කුඩු ආදී දේ ව්‍යාපාර ලෙස කරන අයට පාඩු සිදු වෙයි. අසාධාරණ ලෙස උපයා සපයා ගන්නා මුදල් ද නැති නාස්ති වනු ඇත. කාලයක් තිස්සේ තම මුදල් කවුරු හෝ ළඟ සිරවී තිබුණේ නම් එම මුදල් ලබාගත හැකි වෙයි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකියි. එහෙත් සේවකයන් අතර සමගිය උදා වෙයි. ව්‍යාපාර සරු වන අතරතුර සොර බියෙන් පීඩා විඳියි. වෙළෙඳපොළ අලුත් වෙයි. ඉඩම් විකිණීම, යාන වාහන විකිණීම, එළවළු වෙළෙ¼දාම් කරන අයටද වාසි සහගතය. හෝටල්, ඉන්දන පිරවුම්හල් කරන අයටද සුබය. එයට හේතුව කුජ ශනිකාරක වී 10 වැන්නේ සිටීමයි. දරුවන්ට කේන්ද්‍රයේ 5 වැන්නාධිපති කුජ ග්‍රහයා වර්ෂ ආරම්භයේ 7 වැන්නේ සිටීම පුණ්‍ය ස්ථානාධිපති සප්තම වී සිටීම 5, 7 අධිපතියාත් පරිවර්තන වීම කටකයේ උපන් දරුවන්ට සුබ පල වෙයි. වර්ෂය ආරම්භයේ මෙසේ සුබපල ගෙන දුන්නද කුජගේ වෙනස්වීම මත විටින් විට රෝග අපල ඇති වෙයි. දරුවන්ට සෙම්, පිත් රෝග ඇති කරනු ලබයි. දරුවන් ලැබීමට බලාපොරොත්තු වන අයට වසරේ පළමු මාස හත පමණ ඉතා සුබ වෙයි. ශනි, ගුරු ත්‍රිකෝණගතව ඉපදෙන දරුවන් ඉතා පින්වන්ත ඥානවන්ත දරුවන්ය. වසර අග භාගයේ ගුරු දෙවැන්නට පැමිණීම එතරම් සුබපල නැත. අධ්‍යාපනය ලබන ළමයින්ටද කේතු 9 වැන්නේ ස්වක්‍ෂ්ත්‍ර වීම මත ඥාන අවබෝධය ලබයි. පොත පතෙහි වැඩට දරුවන් උනන්දු වෙයි. ලෙඩ පීඩා අඩු කරන බව දක්නට ලැබෙයි. උපන් කේන්ද්‍රයේ ගුරු, බුධ සුබ ස්ථාන ගතවී කේතු මුල ත්‍රිකෝණවී, උපන් දරුවන්ට 2015 වසර ඉතාමත් සුබයි. පරිගණක පාඨමාලා, විද්‍යා, ගණිත ආදී ගැටලු නිරාකරණය කර සියල්ල ජය ගැනීමේ ධාරණ ශක්තිය ඇති වෙයි. උපන් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව අසුබ පල උදා වූ දරුවන්ටද යහපත් අධ්‍යාපනයකට නිරෝගීකමටද සුදුසු වත් පිළිවෙත් අනුගමනය කරයි නම් සුබයි. දරුවන් පිනට දහමට යොමු කිරීම ශනි, කුජ, රාහු මුල්කර සෙත් කවි සාදා පුර කාලයේ සුබ ස්ථානයක කියයි නම් හෝ වැටකේ මලක් කොළයක්, නුග කොළ, කොළොං කොළ තබා ගිතෙල්, තලතෙල්, අබ තෙල් මිශ්‍ර පහන් නවය බැගින් 27ක් තබා පළමුව පංචශීලය පිහිටුවා බෝධි වන්දනා කර ග්‍රහ ශාන්ති කරයි නම් කටක ලග්නයෙන් උපන් සියලු දරුවන්ට සුබපල දෙයි. කාන්තාවන්ට කාන්තාවන්ටද තදබල අපල නැත. කුජ ශ්‍රක්‍ර ගැටුමක් ඇති වීමෙන් කුජ නීචව උපන් අය පමණක් නින්දා අපහාස ලබයි. එහෙත් වසර මුල සුබපල වෙයි. 2015.07.17 දින සිට ඉදිරියට ගුරු 8 වැන්න දැකීමෙන් තම බලාපොරොත්තු සම්පූර්ණ කළ නොහැකියි. වසර මුල ඉතා සුබපල කාලයක් උදාවන බැවින් එම කාලය ප්‍රයෝජනයට ගන්නේ නම් යහපත්. පින්දහම් කිරීම, තම ආගම ඇදහීම ආදිය බහුලව කරයි. දාන, ශීල, භාවනා ආදියට මුල් තැන දී කටයුතු කිරීමට සිත් යෙදේ. බොහෝ දුක්විඳි කාලයක් අවසන් වූවා සේ සතුටින් කල් ගෙවයි. ශාරීරික රෝගී බවද පවුල් ආරාවුල්, නඩු හබ ආදියටද මැදිහත් වී පීඩා විඳි කතුන්ට සහන සැලසේ. තම අදහස් සමාජගත කිරීමට සුබපල වෙයි. චන්ද්‍රයා නීච වී ශනි පාපයකු සමඟ දුර්වලව 8 වැන්නේ උපන් කේන්ද්‍රයේ සිටියේ නම් ගෙල වැලලා ගැනීම හෝ දියට පැන දිවි නසා ගැනීමට හේතු වෙයි. ප්‍රේම සම්බන්ධයක් දුර දිග යෑම එමඟින් තදබල නින්දා අපහාස ඇතිවීම එම මරණයට හේතු වෙයි. ශනි උච්ච වී කුජ ස්වක්‍ෂේත්‍ර වී රවි බුධ යෝග වී සිටින කාන්තාවන් 2015 වර්ෂයේ රටේ ප්‍රසිද්ධියටත් නායකත්වයටත් පත් වනු ඇත. එමඟින් කාන්තාවන්ට ඇතිවන බොහෝ අකටයුතුකම් මැඬලීමට එම කාන්තාවගෙන් රටටත් කාන්තාවන්ටත් මහඟු සේවයක් වනු ඇත. සාමාන්‍ය ජීවිතය කටකයේ උපන් ඔබගේ සාමාන්‍ය ජීවිතය ඔබ කටක ලග්නය නොහොත් චන්ද්‍රයාගේ රාශියේ උපන් අයකු වෙයි. 2015 වසර ඇරැඹීමත් සමඟ ලග්නාධිපති චන්ද්‍රයා 10 වැන්න නොහොත් කුජගේ රාශියට පැමිණ කේන්ද්‍රස්ථාන ගතවනු ඇත. එහෙත් චන්ද්‍රයා එක් රාශියක දින දෙකහමාරක් පමණ සුළු කාලයක් තුළ රාශියේ අංශක 30 තුළම ගමන් කර අවසාන වන බැවින් මසක් (දින 30ක්) තුළ රාශි 12 තුළම ගමන් කරනු ලබයි. පෘථිවියේ උප ග්‍රහයා කර සලකන චන්ද්‍රයා ගහකොළ ගෙඩි මල් සියලු සතුන් බිහි කිරීමට උපකාර වන බැවින් ඔබගේ ලග්නාධිපතියා මාතෘ කාරක ග්‍රහයා කර සලකයි. ශරීරයේ ස්නායු පද්ධතියට අධිපති බලයක් දෙනු ලබන චන්ද්‍රයාට ලග්නාධිපති වීමෙන් කටක රාශියට සහනය උදා වෙයි. මෙපමණ කාලයක් සිත් තැවුලට පත් වී සිටි කටක රාශියේ උපන් ඔබගේ බොහෝ ප්‍රශ්න නිරාකරණය වනු ඇත. යාන වාහන ලැබුවද ඒවායින් හරි ප්‍රයෝජනයක් නොලැබී ගිය කාලය අවසන් වී සුබ පල ගෙන දෙන කාලය උදා වනු ඇත. කටක ලග්නයේ බොහෝ අය නීතිගරුකව ක්‍රමවත්ව වැඩ කිරීමට උත්සාහ දරයි. අධ්‍යාපනය ලබා රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලබා ගැනීමට හැකි වසරක් ලෙස 2015 වසර හඳුන්වනු ලබයි. නීතිය රැකීම රක්ෂාව ලෙස කරන කටක රාශියේ අයට ඉතාමත් ප්‍රසිද්ධ වීමට ධන ලාභ ලැබීමට වාසනාවක් උදා වෙයි. බාහිර බැඳීම්වලට රැවටිලිවලට හසුවී පවුල් ජීවිතවලට හානි සිදුවීමට ඇතැමුන්ට සිදුවන නිසා පරෙස්සම් විය යුතුයි. දියේ පිපෙන සුදු නෙලුම් හෝ සමන් පිච්ච මල් පූජා කිරීම, මල් පිනට දීම, කිරි මවුවරුන්ට දන්දීම, පත්තිනි ශාන්තිකර්ම කිරීම, බෝධි පූජා කිරීම එම ග්‍රහ අපල දුරුවීමට හේතු වෙයි. නිවාස, යාන වාහන කටකයේ උපන් ඔබගේ කේන්දරයේ සිවු වැන්නාධිපති සිකුරු ග්‍රහයා වසර ආරම්භයේදී 7 වැන්නට පැමිණ ගමන ආරම්භ කරමින් සිටී. ශනි ග්‍රහයා සිවුවැන්නේදී චතුරස්‍රයක් ඇති කරමින් බාධක රැසක් ඇති කර සිටියද 2015 වසරේදී ශනි 5 වැන්නට පැමිණීමෙන් නිවාස යාන වාහන ගැනීම විකිණීමට සුබ පල වනු ඇත. තුලා රාශිය වන සිවුවැන්නට ශනි පැමිණ සිටී. පසුගිය වසර 2 1/2 තුළ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම, අලුත් නිවාස ඉදිකිරීම, ඉඩකඩම් හෙළි කිරීම, වගා බිම් සරු කිරීම ආදියට බාධා පැමිණීමෙන් එම සියලු දේ අතරමඟ නැවැතීම් ආරම්භ නොකිරීම් ආදී දෝෂ හටගෙන තිබුණද සිවුවැන්නේ ශනිගේ බාධකය අවසන් වීමත් සමඟ ඉඩකඩම්, ගෙවල් ‍ෙදාරවල්, යාන වාහනවලට යහපත් වන කාලයක් උදා වනු ඇත. යාන වාහනවලට අධිපති කුජ ග්‍රහයා බැවින්ද යකඩ ගල්, වැලි ආදී දේ මහ පොළොවද ශනි ග්‍රහයාට හිමි කාරක වන බැවින්ද එම බාධක මිදී යහපත් කාලයක් උදා වෙයි. අලුත් නිවාසවල පදිංචි වීමට, ව්‍යාපාර ආරම්භ කිරීමට, යාන වාහන මිලදී ගැනීමට, ව්‍යාපාර සඳහා යොදන වාහනවලින් ලාභ ලැබීමද, වගා බිම් අස්වැන්න සරු වීමටද 2015 වසර කටකයේ උපන් ඔබට සුබයි. අටවැන්නට පාපයන් නොඑන අට, ශුද්ධ කාලයේදී ඉඩම් ගැනීම්, නිවාස ඉදිකිරීම සුබ පල වෙයි. කුජ ග්‍රහයා කටක ලග්නයට හෝ සතුරු රාශියක නොසිටි කාලයක වාහන ගැනීමට සුබයි. විවාහය, ගෘහ ජීවිතය විවාහක ස්ථානයේ අධිපති ශනි ග්‍රහයා 7 වැන්නට බාධක වෙමින් සිවුවැන්නේ සිටියදී 2015 වසරේ ශනි 5 වැන්නේ ගමන් කරන බැවින් විවාහ දෝෂ මඟහැරී යනු ඇත. නිවෙස තුළ සැපවත් ජීවිත ගත කිරීමට උත්සාහ දැරුවද බොහෝ කම්කටොලු ඇති විය. නමුත් දැන් එම කාලය අවසන්ය. අඹුසැමි සබඳතා ඇති වෙයි. අන් අයගෙන්ද උපකාර ලැබේ. සහෝදර සහෝදරියන්ගෙන් දුරස්වීමක් හෝ සතුරු වීමක් සිදු වෙයි. පදිංචිව සිටි ස්ථානයද පළාතද වෙනස් කිරීමට ඉඩ තිබේ. මවුපියන්ගෙන් ලැබෙන දායාද ඉඩකඩම් ලැබේ. මහ ඉඩම්, පැරැණි ඉඩම් ව්‍යාපාරවල පවා හිමිකාරකම් ලැබෙනු ඇත. 8 අධිපති ශනි ග්‍රහයා මූල ත්‍රිකෝණ වීම එයට හේතු වෙයි. එහෙත් උපත් කේන්දරයේ ශනි නීචව සිටියේ නම් තමා සතු ඉඩකඩම් අන් සතු වීම හෝ වල් බිහිවීම සිදුවිය හැකියි. බොහෝ නුවණින් වැඩ කිරීම නිවෙසේ ආර්ථිකය දෛනික ක්‍රම වෙනස් කර ධනය එක්රැස් කිරීමට ක්‍රම සාදා ගැනීමට හැකි වෙයි. අලුතින් විවාහ වන අයට සුබ පල වසරකි. පූර්ණ මංගල යෝගයක්, අතුරු මංගල යෝග කීපයක් වසර තුළ උදා වනු ඇත. කටක රාශියේ උපන් ඔබ 2015 වසර ඇරැඹෙන ජනවාරි මස බ්‍රහස්පතින්දා උදෑසන ගුරු හෝරාව ලබා 6 පසු වී මිනිත්තු 44දී උදා වන සුබ මුහුර්තියෙන් ගෙමිදුල උතුරු දිශාව බලා ගොක් පහන් පැළක් සාදා බුලත් 21 තබා සුදු නෙලුම්, කහ පාට මල්, පඬුරු, කාසි 7ක්ද, ඇට පස් වර්ගයක්ද තබා සුවඳ දුම් කපුරු දල්වා ගිතෙල් තල තෙල් මිශ්‍ර පහනක් දල්වා සූර්ය චන්ද්‍ර දිව්‍යා රාජයන්ට නමස්කාර කර පංචශීලයේ පිහිටුවා ජය පිරිත හා අභිසම්භිදාන පිරිත 7 වරක් කියා වසර සුබ පල කර දෙන ලෙස විශ්ව ආශීර්වාදය ලබා ගැනීමට කන්නලව් කරන්නේ නම් සුබ පල වනු ඇත. උපුටා ගැනීම මව්බිම