This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
උපන් දවසේ පල අපලයි මෙලෙසේ
ඉරිදා. . ඉසත් බඹුරු තුනී තියඹු ඇස් පගු වන් මී පාටය වෙරන් ඇතුව සතරැස් ඇග උස නොවු මද රතු පාටය නිරන් සිතැගි යහපත් පින් පැවති ධාතු බලැති ඇටය නැණත් ගුණත් සහ යස බැල්මක රිවි දින උපනුන්ටය සඳුදා. . දනමන වඩවන ඇස් ඇති ඉසකෙස් මදි සැබෑ කැමති ගුණ නැන යස තෙපුලින් වෙති මැහැළින් සුදු පිළී කැමති පිනවන ලේ ධාතු වාත සෙමින් පැවති සිහින් එවැනි තුනු දුනු සඳු දින සතහට කිවු පෙර පඬි වෙයි මේ ගති අගහරුවාදා. . පිගුවන් රුදු බැලුම් ඇස්ද දැඩි සිත් විකුමෙන් පුහු ටිය ගිනි මෙන් දිලි පින්න කාය මොලදා අධිපතිව මිටිය මන මෙන් දෙවොමර මහතය ගියත් වයස ගත ලපටිය උපනුන් අගහරු දිනයේ ලකුණෙන් මෙකියන පිහිටිය බදාදා. . නිතර සිනා කැමති වේය තෙපුල් මිහිරි ඇතිවන්නේ සිරුර නොවුස් නොමිටි සමව නිදොස් ගුණම පවතින්නේ පැතිර මන්ස ධාතු හිමිය වට ඉස රතු දෙනෙතින්නේ සතර නිපුන් වන්තසාවු ඇත බුද දින උපනුන්නේ බ්‍රහස්පතින්දා. . පැවතුම් සෙම් වසා නොලැති රන්වන් කය උසැති මහත් පිගුවන් ඇස් තඹ ඉසකේ සන් හුන් ගුණ බල ඇතිවෙත් නුවනින් උත්තමව පතල නිපුනිය දහමට සිතු යෙත් නදයෙන් කට හඬ සිහ බඳුවේ ගුරු දින උපනුන්ගෙත් සිකුරාදා. . පැහැපත් නෙත් පුළුලින් දිගු ඉසකෙස් බඹුරුව නිල්වන මුහුණත් පලලව හොබනිය දික් අත් තැනුකුල් කළුවන යහපත් දාතුන් බලවන වාසෙම් දෙක පැවති සිටින පියවෙන් විසිතුරු පිළියට මත්වේ සිත දුනු කිවිදින සෙනසුරාදා. . දසන් පලලි හස දිගටිය කැලතුන ඇස් බඹරු පැහැති සිහින් වූ අත්පා නහරිනි ඉලිපී වා සිරුර පවති අනුන් වහර උවත් නොදනි රැවුලුත් ලොම් රළු පවතී ඇළුම් කිලිටු කළු පිළියව් වේ ශනි දින උපනුන් ගති පරගම්මන - ජයන්ත ඒකනායක උපුටා ගැනීම දිවයින පුවත් පත