🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඔබේ දිවත් මේ වගේද?

ඔබේ දිවත් මේ වගේද?මිනිසෙකුට දිව නොමැතිව ජීවත්විය නොහැක. මන්ද ශරීර සෞඛ්‍ය රැකගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන ආහාරපාන ගැනීමට උපකාරීවන බැවිනි. මීට අමතරව ජීව විද්‍යාත්මකව දිවේ වටිනාකම මෙසේය. අදහස්‌ ප්‍රකාශ කිරීම හෙවත් කථනයට, විවිධ වර්ගයේ රස හඳුනා ගැනීමට, මුඛය තුළ ආහාර හොඳින් මිශ්‍ර කිරීමට ආදිය වේ. දිවේ මානව ජීව විද්‍යාත්මක වටිනාකම මෙසේ වෙද්දී සමාජීය අතින්ද දිව ඉතා වැදගත් වේ. බොරු කියන, කියන දේ නොකරන මිනිසුන් හැඳින්වීමටද දිව උපයෝගි කරගනී. මෙවන් මිනිසුන් දිව දෙකේ මිනිසුන් යෑයි පුරාණයේ සිට පැවසීමට පුරුදු වී සිටියි. මෙවන් පුද්ගලයන්ට මෙසේ පැවසීම කොතරම්දුරට සාධාරණද යන්න දේහ ලක්‌ෂණ විද්‍යාව දන්නා යමෙකුට පහසුවෙන් වටහා ගත හැක. දේහලක්‌ෂණ විද්‍යාවේදී දිව ගැන පැවසෙන කරුණු හා පුද්ගල ස්‌වභාවය හොඳින් විස්‌තර කර තිබේ. තවද ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයටම දිවෙන් කියෑවෙන පලාඵල පොදු වීමද විශේෂත්වයකි. දිව දුටු ගමන් දැකිය නොහැකි අවයවයක්‌ වුවද එමගින් පුද්ගලයාගේ ගතිගුණ හා පැවැත්ම පුරාණ සෘෂිවරුන් විසින් මොනවට පැහැදිලි කර ඇත. ජීව විද්‍යාත්මක වටිනාකමක්‌ හා සමාජීය වටිනාකමකින් හා සමාජීය වටිනාකමිකින් යුතු මෙම කුඩා අවයවයෙන් කියෑවෙන පුද්ගල ගති එහි පිහිටීම, හැඩය හා වර්ණය අනුව හඳුනා ගනිමු.

  • මඳක්‌ නිල් පැහැ දිවක්‌ පිහිටි ස්‌ත්‍රිය නිතර දබර කරන, සැහැසි ස්‌ත්‍රියකි. මෙවන් ස්‌ත්‍රීන් බොරු කියයි. නිතර නිෂ්ඵල කථාද ප්‍රකාශ කරයි.
  • පළල් වූ මහත දිවක්‌ හිමි ස්‌ත්‍රිය නොකිය යුතු දේ කියයි. නොකෑ යුතු දේ කයි. නිතර බොරු කියයි. තවද මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහය ප්‍රමාද වන අතර, විවාහ වුවද විවාහ ජීවිතය ඉසුරුමත් නොවේ.
  • දිවේ කලු ලප ඇති ස්‌ත්‍රිය මෙවන් ස්‌ත්‍රීන් කටකාර කමින් උපරිමයට ගිය අයවේ. නිතර දබර කිරීමද පුරුද්දකි. මෙවන් අයගේ කටවහ අන් අයට බලපායි.
  • දිව මොලොක්‌ වී සෘජු වූ ස්‌ත්‍රිය මෙවන් ස්‌ත්‍රීන් දිළිඳු ස්‌ථානයක උපත ලැබුවද නොබෝ කලකින් පොහොසත් වේ. මොවුන්ගේ මුළු ජීවිතය පුරාවටම වාසනාව, සතුට රදා පවතී.
  • දිව තද රතු පැහැ වූ ස්‌ත්‍රිය කිසිවකුගේ ගුණ නොදකින, අනුන් හෙළා දකින, ඉක්‌මනින් කෝපයට පත්වන අයෙකි. මෙවන් අය සමාජයෙන් ප්‍රසංසා බලාපොරොත්තු වේ. නමුත් කිසිදා ප්‍රසංසා නොලැබේ.
  • දිව මැද කළු, තඹ හෝ සුදු පැහැති ලප ඇති ස්‌ත්‍රිය අතිශයින්ම කාම අධිකය, මෙවන් ස්‌ත්‍රීන් ගැළපෙන හෝ නොගැළපෙන අනියම් සබඳකම් පවත්වයි. නිතර කාම ගින්නෙන් දැවෙන ස්‌ත්‍රීන් වේ.
  • දිව සුදු මැලි පාට ස්‌ත්‍රිය නිතර ලෙඩ දුක්‌වලින් පීඩා විඳි න්නියකි. මොවුන්ට ජීවිතයේ විටින් විට හදිසි අනතුරු ඇතිවී රෝහල් ගතවීමට සිදුවේ.
  • එල්ලෙන සුළු අතිශයින්ම මොලොක්‌ දිවක්‌ ඇති ස්‌ත්‍රිය ලද දෙයින් සතුටු නොවන, ආහාර පාන වලට ඉතා ගිජු, වංචාසහගත, ස්‌ත්‍රියක්‌ වන අතර සොරකමට හා පුද්ගලයන් රැවටීමට ඉතා දක්‌ෂය. මෙවන් ස්‌ත්‍රීන් අනියම් සබඳකම්වලින් ලාභ උපයයි.
  • රළු දිවක්‌ පිහිටි ස්‌ත්‍රිය මුදල් නාස්‌තිකරන, නිෂ්ඵල කථා කියන, ජීවිතයේ අවසාන කාලය දුකින් කල් ගෙවන, අවශ්‍ය දේ පසක තබා අනවශ්‍ය දෑ කල්පනා කරන ස්‌ත්‍රියකි.

අප ජීවත්වන කලියුගයේ ජීවත්වන මිනිසුන් ඇසුරු කිරීමට පෙර හොඳ අධ්‍යයනයක යෙදිය යුතුය. මිනිසුන් පහසුවෙන් හඳුනා ගැනීමට දේහ ලක්‌ෂණ විද්‍යාව මහෝපකාරී වේ. ඔබත් දේහ ලක්‌ෂණ විද්‍යාව මැනවින් හදාරන්න. එවිට ඔබට කරදර, ප්‍රශ්නවලින් තොර ජීවිතයක්‌ ගත කළ හැක.

පී. බී. මංජුලා පුෂ්පරාංගනී
උපුටා ගැනීම දිවයින පුවත්