This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
2013 ඔක්තෝබර් මාසයේ ලග්න පලාපල
මේෂ - ඥාති උපකාර 2013ඔක්තෝබර් මාසය මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙතෙක් ;පවතී බාධක අවහිරතා මෙන්ම ගැටළු කාරී තත්වයන් වෙනස් මුහුණුවරක් ගනු ඇත. හවුල් ව්‍යාපාර සදහා පවතී ගටලුමය තත්වය අවම වන අතර සහයෝගය දක්වන්නන් අතර විවිධ මත ඉදිරිපත් වීම මගින් අවුල් සහිත බවක් නිර්මාණය වීමට හේතු වේ. අදහස් නොගැලපෙන ආකාරයේ සිදුවීම්ද බලපායි. කෙසේ වෙතත් කරගෙන ගිය කටයුතු වල සාර්ථකත්වය ගොඩනගා ගැනීමටද හැකියාව පවතී. දුර බැහැරක සිටින සහෝදරයෙකු හෝ එවැනි වැදගත් උපකාර කරන්නකු මගින් වැදගත් උපකාරයක්ද සහයෝගයක්ද ලබයි. වැදගත් ගමනක්ද යෙදෙනු ඇත. ගමනා ගමන කටයුතු චාරිකා ආදියෙහි දී සිටින අයටද ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින අයටද තම සිතැගි අනුව කටයුතු කිරීමටද සාර්ථක දියුණුවක් ලබා ගැනීමටද අවස්තාව උදා වේ. විදේශ සම්බන්ධ කටයුතු කොටස් වෙළද පොළ සම්බන්ධ කටයුතු බැගින් ආකර්ශනීය ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. ගෘහ ජීවිතය : අවුලමය තත්වය පහව යන අතර පවුලේ සාමය සතුට වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිතයි. නිවැසියන් තුල අන්යින්ය සුහදතා පලුදු වන ආකාරයේ සිදුවීම් බහුල වන අවස්ථා සදහා මුහුණ පෑමට සිදු වේ. නිවාස කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කරයි. නව ඉදිකිරීම් කටයුත්තක් සම්බන්ධයෙන්ද කාලය යොදවයි. ඉඩමක් මිලදී ගැනීම සදහා දැක්වූ උනන්දුව තරමක් දුරට පිරිහී යනු ඇත. විවාහ අපේක්ෂාවෙන් සිටි මේෂ ලග්න හිමියන්ට සාර්ථක විවාහ අවස්තාවක් ඉදිරිපත් වනු ඇත. රැකියාව: වෘත්තිමය කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල ගැටළු මතු නොවන අතර ස්ථාන මාරු හෝ විදේශ ගත වීමේ සදහා පවතී බලාපොරොත්තු සාර්ථක වේ. ස්වයන් රැකියාවන්හි දී සිටින ඔබට තම ව්‍යාපාරයක් නගා සිටුවීම සදහා විවිධ උපාංග සම්බන්ධ කර ගැනීම සදහාද අවස්තාව සැලසේ. විදේශ සම්බන්ධ ව්‍යාපාරයන්හි විශේෂ සාර්ථකත්වයක් ඇති කර ගැනීමට අවස්තාව උදා වේ. ගමනා ගමනය දුම්රිය මාධ්‍ය තැපැල් සේවය ආදී අංශ තුල වෘත්තීන්හි නියැලී සිටින යට විශේෂ වරප්‍රසාද අත් කරගැනීමට අවස්තාව උදා වේ. සෞඛ්‍ය : ලේ දෝෂ, චර්ම රෝග, ශාරීරික උෂ්ණාධික ගති බලපාන අතරම පෙනහළු හෘදය ආශ්‍රිත ආබාධ මගින් පිඩා විදින අයට රෝග උත්සන්න වීමට හැකි වන බැවින්, රෝග තත්වය ඇතිවීම අවම කරගැනීම සදහා සුදුසු ක්‍රියා මාර්ග වෙත යොමු වන්න. ජය අංක : 4,7 ශුභ දිනය : සදුදා, සිකුරාදා ජය වර්ණය : රතු, කහ වෘෂභ - බාධක ඉවතට වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසය ආර්ථික වාසි රැසක් අත් කර ගැනීමට හැකි වේ. පවතී සතුරු කරදර හා බාධක ඉවත් වී යාම ඔබගේ වැඩකටයුතු අවුල් කිරීමට හා කඩාකප්පල් කිරීමට කටයුතු කරන පිරිසක් හදුනා කටයුතු කිරීමට අවස්තාව ලබයි. මේ අනුව තම ආරක්ෂාව තර කරගැනීමටද ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් අනුගමනය කිරීමටද සිතයි. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අවස්ථා සැලසේ. හවුල් කටයුතු ව්‍යාපාර කටයුතු ආදියේ ප්‍රගතියක් අපේක්ෂා කල හැකි වේ. බලාපොරොත්තු රහිත මාර්ගයකින් යම් වාසියක් අත්කර ගැනීමට අවස්තාවක් ලබයි. සමාජ කටයුතු සුභ සාධක කටයුතු ආරෝග්‍ය ශාලා සම්බන්ධ කටයුතු දීමෙන් මහජන ප්‍රසාදය අත්කර ගැනීමට අදායම් තත්වය ඉහලට ඔසවා තැබීමටද භාග්‍ය උදා වේ. තැම්පත් ධනය වර්ධනය වන මාසයෙකි. ඇසුරු කරන සමාජය තුල කැපී පෙනෙන චරිතයක් මෙන්ම ගෞරවයට පාත්‍ර වීමට අවස්තාවක් සැලසේ. නව ව්‍යාපාර කටයුතු ඇරබීමට සුදුසු කාලයකි. ස්වයන් රැකියාවන්හි නියුතු අයට කැපී පෙනෙන දියුණුවක් අත්කර ගැනීමටද නව උපාංග සම්බන්ධ කරගනිමින් ව්‍යාපාරය පුළුල් කර ගැනීමටද අවස්තාව උදා වේ. ගෘහ ජීවිතය : නිවසේ සාමකාමී බවට තර්ජන එල්ල වන අතර කැපවීමෙන් කටයුතු කොට සාර්ථකත්වය සලසා ගැනීම සිදු වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලයත් ධනයත් වය කිරිමට සිදු වේ. ගමන් බිමන් අධිකව යෙදෙන අතර එමගින් යම් වාසිදායක තත්වයක්ද සැලසෙනු ඇත. දුර බැහැරක සිටින ඥාතියෙක් නිවසට පැමිණේ. බාහිරෙන් එන කරදර බාධක කරදර වෙනුවෙන් කාලය වය වෙනු ඇත. නව නිවසක් ඉදිකිරිම සදහා කටයුතු සැලසුම් කරයි. තම ව්‍යාපාරය පුළුල් කර ගැනීමට කටයුතු සම්පාධනය කරන අතර අලුතින් සේවකයන් බදවා ගැනීමටද කටයුතු කරයි. සෞඛ්‍ය : සෙම් රෝග, චර්ම රෝග, ගලගණ්ඩය, සෙම්ගෙඩි, මස් දළු, ආදිය මගින් පිඩා විදින අය රෝග මර්ධනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග වෙත යොමු වීම වැදගත් වනුයේ රෝග උත්සන්න වීමට ඉඩකඩ ඇති බැවින් අපත්‍යකාරක කෙරෙන් ඈත වී කාලය ගත කිරීමටද රෝග උත්සන්න වීම වලක්වා ගැනීම සදහා වැදගත් වේ. ජය අංක : 2,6 ශුභ දිනය : සදුදා, සිකුරාදා ජය වර්ණය : සුදු රෝස මිථුන - අනපේක්ෂිත වාසි මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසය වාසි රැසක් අත් කර ගත හැකි ශුබදායක මාසයෙකි. ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වේ. තැම්පත් ධනය ඉහල යයි. බලාපොරොත්තු රහිත අවස්තාවක අතිරේක වාසියක් අත්වෙයි. ව්‍යාපාර කටයුතු හවුල් ව්‍යාපාර ආදිය පවත්වාගෙන යන අයට තම හවුල් කරුවන් හා සේවකාදීන්ගේ සහයෝගය ලබා උසස් දියුණුවකට ලගා වීමට අවස්තාව සැලසේ. ඔබගේ අදහස් යෝජනා සදහා සැලකියයුතු පිළිගැනීමක් ඇති වේ. එහෙත් ඔබ විසින් ඉදිරිපත් කරන යෝජනා අනුව කටයුතු කිරීම මගින් කැපී පෙනෙන සාර්තකත්වයක්ද ලබනු ඇත. ලේඛන කටයුතු, අධ්‍යාපන ආයතන බුද්ධිමය දේපල වෙලදාම් මැණික් ව්‍යාපාරය ඉඩම් සම්බන්ධ මිලදී ගැනීම් විකිණීම් ආදී කටයුතු වල යෙදෙන අයට තම ක්ෂේත්‍රය තුල සාර්ථක වර්ධනයක් ලබා ගැනීමට හැකි වේ. ජලාශ්‍රිත කටයුතු සහ ද්‍රව වර්ග වෙළදාම මගින් ද ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකි වේ. මුල්‍යමය කටයුතු සම්බන්ධ ක්‍රියාවන්හි දී සිටින අයට (මුදල් පොලියට දීම ආදී) සාර්ථක දියුණුවක් අත්කර ගැනීමට අවස්තාව සැලසේ. ගෘහ ජීවිතය : නිවසේ නවීකරණයක් සදහා කටයුතු කරයි. නව ඉදිකිරීමක්ද සුදානම් කරයි. අසල්වැසි පුද්ගලන් සමග කටයුතු කිරීමෙන් අන්යෝන්ය සුහදතා වර්ධනය කර ගැනීමට අවස්තාවන් සැලසේ. කලක් ඈත් වී සිටි පුද්ගලයන් නිවසට පැමිණීමෙන් නැවත සාර්ථක සුහදතා වර්ධනයක් ඇති කර ගනී. උසස් පුද්ගලයෙකුගේ ඇසුරක් මගින් යම් සාර්ථක කටයුත්තක් වෙත යොමු වේ. කලක් අපේක්ෂාවෙන් සිටි ඉඩමක්ද මිලදී ගැනීමට අවස්තාව උදා වේ. ඉඩකඩම් සංවර්ධනය කිරීමටද කටයුතු කරයි. වාසනාවන්ත දරු උපතක් සිදුවනු ඇත. විවාහක පවුල් තුල සුහදතා වර්ධනය වේ. වටිනා භාණ්ඩ මිලදී ගැනීමට අවස්තාවක් ලබයි. නව වාහන මිලදී ගැනීමක්ද සිදු වේ. රැකියාව : රැකියාවේ උඅසස් වීමක් අපේක්ෂාවෙන් සිටි ඔබට එම බලාපොරොත්තු ඉටු වෙන අතර වරප්‍රසාද අත්කර ගැනීමටද භාග්‍ය උදා වේ. එමෙන්ම සහජ දක්ෂතා කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට අවස්තාවක් සැලසෙනු ඇත. ඔබගේ අදහස් ගරු කරන කාර්ය මණ්ඩලයත් සමග කටයුතු කිරීමට අවස්ථාව ලබන අතර ප්‍රීතියෙන් හා සුහදශීලිව කටයුතු කිරීමට හැකි වේ. වෙනදාට වඩා ප්‍රීතිමත්ව කටයුතු කිරීමට තම මිතුරු මිතුරියන් ඇසුරු කිරීමටද අවස්තාව සැලසේ. ප්‍රධානීන්ගේ සහයෝගය ලබමින් කටයුතු කිරීමට හැකිවන පරිදි පරිසරය සකස් කර ගැනීමට හැකි වේ. සෞඛ්‍ය : දන්ත රෝග, මුඛ රෝග, ලේ රෝග, ලේ දෝෂ බලපාන බැවින් අපත්‍යකාරක කෙරෙන් ඈත වී කාලය ගත කරන අතරම රෝග සමනය සදහා අදාළ ප්‍රතිකාර වෙත යොමු වීමද වැදගත් වේ. ජය අංක : 1,5 ශුභ දිනය : බදාදා, සිකුරාදා ජය වර්ණය : නිල්, රෝස කටක - විදෙස් ගමන් කටක ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසය අධික සාර්තකත්වක් අත් කරගත හැකි මාසයක් වේ. විදේශ ව්‍යාපාර හා විදේශ වෘත්තීන්හි දී සිටින අයටද විදේශ ගතවීමට අපේක්ෂා කරන අයටද බලාපොරොත්තු ඉටු වේ. සිතට වදදෙමින් පවතී ගැටළුවක් නිරාකරණය වීමෙන් මානසික සහනය සැලසෙයි. ගමන් බිමන් අධිකව යෙදෙන අතර එමගින්ද යම් යම් ලාබදායි අවස්ථා එලි පෙහෙළි වේ. හවුල් ව්‍යාපාර වෙළද ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට තම ව්‍යාපාරයන් පුළුල් කිරීමට අවස්තාව උදා වෙන අතර තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත. හදිසි තීරණ මගින් ගැටළු නිර්මාණය වීමටද ලබා ගන්නා අමු ද්‍රව්‍යන් හි ප්‍රමිතිය සම්බන්ධ ගැටළු පවතිමටද ඉඩකඩ ඇති බැවිනි. හවුල් ව්‍යාපාර සදහා එක එක හවුල් කරුවන් විවිධ උපාංග සම්බන්ධ කිරීමට ඉදිරිපත් වීම මගින්ද ව්‍යාපාරයේ තත්වයට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් සාමුහිකව සාකච්ඡා කර තීරණ ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. ක්‍රමවත් වැඩපිළිවෙලක් මගින් ව්‍යාපාරය ඉහලට ඔසවා තැබීමට කටයුතු කරන්න. එය සාර්ථක වනු ඇත. විදේශ සම්බන්ධ ව්‍යාපාර තුලින්ද බලාපොරොත්තු අබිබවා යන සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වේ. කොන්ත්‍රාත් කටයුතු, ඉදිකිරීම් කටයුතු, ප්‍රචාරක කටයුතු ආදියෙහි යෙදෙන අයට සුවිශේෂී සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වේ. ගෘහ ජීවිතය : ගෙදර දොර සාමය සතුට වර්ධනය වේ. ප්‍රීතිමත්ව කාලය ගත වී යයි. ප්‍රීති උත්සව පවත්වයි. වාසනාවන්ත දරු උපතක්ද ලබනු ඇත. පවුලේ සාමාජිකයන් අතර පවතී අසමගිතා පහව යන අතර සුහදශීලි ලෙස කටයුතු කිරීම සිදු වේ. නව නිවසක් ඉදි කිරීමට හෝ නව නිවසකට පිවිසීමේ අවස්තාවක් උදා වේ. නිවසේ අලංකාරය වෙනුවෙන් මුදල් වය කරයි. වාහන මිලදී ගැනීමක් සදහා ද අවස්තාවක් ලබයි. කලක් අපේක්ෂාවෙන් සිටි යම් කටයුත්තක් හදිසියේ ඉටුකර ගැනීමට අවස්තාව සැලසේ. දරුවෙකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රීති වීමට අවස්තාව ලබයි. විවාහ වීමට බලාපොරොත්තු වෙන කටක ලග්න හිමියන්ට තම අබිමතාර්තයන් අනුවම උසස් තත්වයෙන් යුතු සහකරුවන් සහකාරියන් සමග විවාහ ගිවිස ගැනීමට අවස්තාව උදා වේ. රැකියාව : රැකියා කටයුතු සම්බන්ධයෙන් දරන ආකල්පමය ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව තීරණ ගැනීම කෙරෙහි සැලකිලිමත් වෙන්න. ප්‍රධානීන්ගේ අවධානය යොමුවන පරිදි කටයුතු කිරීමෙන් තත්වය උසස් කර ගැනීමට අවස්තාවක් උදා කරනවනු ඇත. නොසන්සුන් ලෙස කටයුතු වල යෙදෙන තත්වයක් පැවතිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීමෙහි වැදගත්කම වටහා ගන්න. විදේශ වෘත්තීන්හි දීමට උනන්දුවක් දැක්වූ ඔබට එම බලාපොරොත්තු ඉටු වේ. සෞඛ්‍ය : සෙම් රෝග, ආතරයිටිස්, ලේ දුෂ්‍යවිම ආදිය බලපාන බැවින් එවැනි රෝග සදහා ප්‍රතිකාර .ලබමින් සිටින අය අපත්‍යකාරක කෙරෙන් ඈත් වීමද රෝග සමනය සදහා අදාළ ප්‍රතිකාර වෙත යොමු වීමද වැදගත් වේ. ගමන් බිමන් වල යෙදීමේදී නුපුරුදු ජලය ස්නානය කිරීම හා නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය පරිහරණයේදී ශරීර සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වීමද වැදගත් වේ. ජය අංක : 1,4 ශුභ දිනය : සදුදා, සිකුරාදා ජය වර්ණය : රෝස, දම් සිංහ - වාසි රැසක් සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසය ආර්ථික වාසි රැසක්ම අත් කර ගැනීමට අවස්තාවන් එලි පෙහෙළි වේ. පවත්වා ගෙන ගිය ව්‍යාපාර කටයුතු සාර්ථක මගකට යොමු කර ගැනීමටද නව උපාංග හා විවිධ ක්‍රම අනුගනය කරමින් පුළුල් මාර්ගයන් ඔස්සේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමටද අවස්තාව සැලසේ. තම ව්‍යාපාරය සදහා පවතී අඩුලුහුඩු කම් මග හරවා ගනිමින් අවශ්‍ය භෞතික සම්පත් සම්පාධනය කර ගැනීමට හැකි වේ. විදේශ සම්බන්ධ ව්‍යාපාරයන්හි දී සිටින ඔබට විදේශ ගත මිතුරන්ගෙන් හා පවුලේ අයගේ සහයෝගය ලබමින් සාර්ථකත්වය වෙත යොමු වීමට අවස්තාව උදා වේ. චාරිකා කටයුතු සංචාරක ව්‍යාපාර ආදියෙහි යෙදෙන ඔබට එම ක්ෂේත්‍රයන් තුල උපරිම ප්‍රතිපල අත්කර ගැනීමට අවස්තාව උදා වනු ඇත. ලේඛන කටයුතු, නිතිය, මාධ්‍ය අංශ, ප්‍රචාරක කටයුතු ආදියෙහි යෙදෙන අයට සුවිශේෂී අවස්තාවන් සදහා යොමු වීමටද තම දක්ෂතා මගින් වරප්‍රසාද අත්කර ගැනීමට අවස්තාව සැලසේ. ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් කටයුතු මගින් වාසි අත්කර ගැනීමට හැකි වන මාසයෙකි. ගෘහ ජීවිතය : ගෙදර දොර සාමය සතුට තරමක් දුරට පිරිහී පවතින අතර විවිධ කැපවීම් මගින් සාර්ථකත්වය ලගා කර ගැනීමට සිදු වනු ඇත. නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන අවස්ථා බහුල වන අතර නිවසේ සාමයට බාධක එල්ල වීමට ද අධික ලෙස මුදල් වය වීමද සිදු වනු ඇත. නිවසේ සංවර්ධන කටයුත්තක් ආරම්භ කර ඇති මුත් එය ක්‍රමවත් ලෙස ඉදිරියට ගෙන යාමට නොහැකි වීම මගින් ගටලුමය තත්වයක් උදා වේ. දරුවන්ගේ මුරණ්ඩු ගති හා නොසන්සුන් බව හේතුවෙන් කටයුතු අවුල් වීමටද බලාපොරොත්තු ඉලක්ක වෙනස් කිරීමටද සිදු වනු ඇත. රැකියාව : රැකියා කටයුතු සම්බන්ධයෙන් පවතී බාධක අවහිරතා මග හරි යයි. උසස් වීමක් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු ඉටු වේ. ස්ථාන මාරුවක් සදහාද අවස්තාව සැලසෙන අතර එය යහපත් මෙන්ම විවිධ වාසිදායක තත්වයන් සහිත වේ. ප්‍රධානින් සමග පැවතී මතභේදයට තුඩු දුන් කරුණක් සහනදායි ලෙස විසදී යයි. ව්රිත්තිමය කලාකරුවන්ට විශේෂ වරප්‍රසාද අත්කර ගැනීමටද තම දක්ෂතා ඉස්මතු කර වන ලෙස කටයුතු කිරීමටද අවස්තාව උදා වේ. විදේශ රැකියා අවස්ථා සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වූ අයට එම අදහස් ඉටු කර ගැනීමට හැකි වේ. සෞඛ්‍ය : චර්ම රෝග, දන්ත රෝග, ලේ දුෂ්‍ය වීම බලපාන බැවින් රෝග සහිත අය අදාළ ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වන අතර අපත්‍යකාරක කෙරෙන් ඈත් වී කාලය ගත කරන්න. ජය අංක : 2,3 ශුභ දිනය : ඉරිදා, බදාදා ජය වර්ණය : රතු, කොළ කන්‍යා - ආර්ථික වාසි කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ශුභ දායක වූ ආර්ථික වාසි සහිත මාසයෙකි. මෙතෙක් පවතී බාධක අවහිරතා මගහැරී සහනදායක ලෙස කටයුතු කරගෙන යාමට හැකි වේ. පවතී ආර්ථික ගැටළු විසදී යයි. අතමිට මුදල් තත්වය යහපත් වන අතර බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභයක්ද අත් වෙයි. තැන්පත් ධනය ඉහල යනඅතරම තාවකාලිකව අත්හිටවා තැබූ වැඩ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමට අවස්තාව උදා වේ. නව ව්‍යාපාරයක් ඇරබීමට අවස්තාවක් ලබයි. සමාජ කටයුතු සදහාද කාලය මිඩංගු කරයි. පැරණි ගනුදෙනුවක් හෝ ණය මුදලක් බලාපොරොත්තු රහිත ලෙස ලැබෙනු ඇත. කරන ලද ආයෝජනයක් මගින්ද විශාල ප්‍රතිලාභයක් අත් කර ගත් හැකි වේ. ව්‍යාපාර කටයුතු මැණික් කර්මාන්තය ආදියෙහි යෙදෙන අතර අතිරේක වාසි අත්කර ගැනීමට අවස්තාවක් සැලසේ. හවුල් ව්‍යාපාර මගින්ද සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගැනීමට භාග්‍ය ලබයි. ක්රිශිකර්ම කටයුතු ඉඩකඩම් සම්බන්ධ සංවර්ධන කටයුතු ආදියෙහි යෙදෙන අයට තම ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වේ. ගෘහ ජීවිතය : ගෙදර දොර කටයුතු සාමකාමී ලෙස කරගෙන යාමට හැකි වන ආකාරයට පරිසරය සකස් වේ. පවතී යම් යම් ගැටළු කාරී තත්වයන් මගහැරී යයි. නව ඉදිකිරීම් කටයුත්තක් සැලසුම් කරයි. පවුලේ සාමාජිකයන් අතර පවතී අසමගි තා සංසිදෙන අතර නව ප්‍රබෝධයක් නිවාස තුල ගොඩ නැගෙනු ඇත. දරුවන්ගේ නොසන්සුන් බව පහව යයි. ඉඩමක් මිලදී ගැනීමක් හෝ වාහනයක් මිලදී ගැනීම සදහා සැලසුම් කරයි. විනෝද චාරිකාවක් සදහා සහභාගී වීමට අවස්තාවක් උදා වේ. රැකියාව : උසස් වීමක් අපේක්ෂා කල කන්‍යා ලග්න හිමියන්ට එම බලාපොරොත්තුව ඉටුවන අතරම වරප්‍රසාද අත්කර ගැනීමටද භාග්‍ය උදා වේ. කාර්ය මණ්ඩලය තුල සුහදතා වර්ධනය වන ආකාරයේ සිදුවීම් බහුල වන අතරම,අනයෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමටද හැකි වේ. නව රැකියා අපේක්ෂා සාර්ථක ලෙස ඉටු වේ. ස්වයං රැකියාවල දී සිටින කන්‍යා ලග්න හිමියන්ට තම නිෂ්පාදන සදහා සාර්ථක වෙළදපොලක් ඇති කර ගැනීමට හැකි වන අතර උසස් නිර්මාණ ඉදිරිපත් කිරීමටද හැකි වේ. තම නිෂ්පාදන සදහා පවතී අදුලුහුදුතා මගහරවා ගැනීම සදහා රජයෙන් හෝ වෙනත් මුල්‍ය ආයතන මගින් සහයෝගය ලබා ගැනීමට අවස්තාවක් උදා වේ. සෞඛ්‍ය : රත් පිත, රක්තවාත, ලේ දෝෂ, ශාරීරික උෂ්ණත්වය අධික වීම වැනි රෝග තත්වයන් බලපාන බැවින් එවන් රෝග පිඩා පවතින අය රෝග සමනය සදහා අදාළ ප්‍රතිකාර වෙත යොමු වන්න. ජය අංක : 2,3 ශුභ දිනය : බදාදා, සිකුරාදා ජය වර්ණය : රෝස, දුබුරු තුලා - අතමිට සරුවෙයි තුලා ලග්නයෙන් උපන් ඔබට පවතී බාධක අවහිරතා තුලින් මිදි සහනදායි ලෙස කටයුතු කිරීමට හැකි වන ශුභ මාසයෙකි. මුඋල්යමය ගැටළු සියල්ලම වාගේ විසදී යන අතර තැන්පත් ධනය වර්ධනය කර ගැනීමටද මාර්ගය එළිපෙහෙළි වෙයි. අතපසු වෙමින් පවතී වැඩ කටයුතු ඒ ඒ අවස්තානුකුලව නිමාවට පත් කර ගැනීමට හැකි වේ. මිතුරි මිතුරියන් සමග සම්බන්ධතා පැවැත්වීමටද පාසල් වියේ මිතුරන් සමග විනෝද වීමටද අවස්තාවන් සැලසෙනු ඇත. නව ව්‍යාපාරයක් අරබිම සදහා වැදගත් මිතුරකුගෙන් ආරාධනා ලබයි. එය අනාගතයට වැඩදායි වන සාර්ථක අවස්ථාවකි. ඔබගේ අදහස් ගරු කරමින් කටයුතු කරන සමාජයක් තුල සහනදායි ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් සැලසේ. විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන තුලා ලග්න හිමියන්ට තම ක්ෂේත්‍රය තුල ඉහලම සාර්ථකත්වයක් ලගා කර ගත් හැකි වේ. ගෘහ ජීවිතය : නිවසේ නොසන්සුන් බව පහව යන අතර සාමය සතුට වර්ධනය වන අයුරින් කටයුතු සැලසුම් කරයි. අසල්වැසියන්ගෙන් සහයෝගය ලබමින් තම කටයුතු සඵල කර ගැනීමට අවස්තාවක් යෙදෙනු ඇත. කිට්ටුම ඇසුරකින් යුත් පවු කිහිපයක් එක්ව විනෝද චාරිකාවක දීමට අවස්තාව සැලසේ. ඥාතින් අතර පවතී ආරවුලක් නිරවුල් වෙයි. ඉඩමක් මිලදී ගැනීම සදහා කරන ලද සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් උදා වේ. එය බලාපොරොත්තු ඉක්මවා යන ලාබදායක අවස්ථාවක්ද වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ධනය හා කාලය වය කිරීමට සිදු වනු ඇත. රැකියාව : රැකියා ස්ථානයේ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇගයීම හා වරප්‍රසාද අත්කර ගැනීමට හැකි වේ. ප්‍රධානීන්ගේ ප්‍රශන්ශාවට ලක් වනු ඇත. කාර්ය මණ්ඩලය තුල පවතී දුර්වලතා මගහැරී යන අතරම ප්‍රීතිමත්ව කටයුතු කිරීමට අවස්තාව උදාවේ. ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු ඉටු වේ. තම සහජ දක්ෂතා ඉස්මතු වන සේ කටයුතු කිරීමට අවස්තාව උදා වේ. නව රැකියා අපේක්ෂා ඉටු වනුයේ සපුරා ඇති සුදුසුකම් අභිබවා යන සාර්තකත්වයක්ද සමගින් සුවිශේෂ වරප්‍රසාද අත්කර දෙමින්ය. සෞඛ්‍ය : ආතරයිටිස්, ආමවාත, පාදවල ආබාධ, සෙම් රෝග, ශාරීරික උෂ්ණ ගති මගින් පිඩා විදින අය තම රෝග තත්වයන් සමනය සදහා ගත යුතු ක්‍රියා මාර්ග වෙත අවතීර්ණය වන්නට උනන්දු වෙන්න.එමෙන්ම අපත්‍යකාරක කෙරෙන් ඈත් වී කාලය ගත කරන්න. ජය අංක : 1,9 ශුභ දිනය : සදුදා, සිකුරාදා ජය වර්ණය : රෝස, මිශ්‍ර පාට වෘශ්චික - භුමි ලාබ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔක්තෝබර් මාසය තුල බලාපොරොත්තු නොවන පරිදි සෑහෙන ආර්ථික වාසියක් අත් කර ගැනීමට හැකියාව උදා වේ. කරන ලද ආයෝජනයක් මගින් ආර්ථිකයට ශක්තියක් ලැබෙනු ඇත. භුමි ලාභ, නිවාස ලාභ සදහා වාසනාව ගෙනදෙන කාලයකි. මැණික් ව්‍යාපාරයේ යෙදෙන ව්ර්ශ්චික ලග්න හිමියන්ට තම බලාපොරොත්තු ඉටු කරමින් වටිනා මැණික් ලැබෙනු ඇත. ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යතාවයෙන් පසු වූ ඔබට ඒ සදහා ලාභදායි මෙන්ම සිතැගි පරිදි යහපත් පරිසරයක් තුල ඉඩමක් මිලදී ගැනීමට අවස්තාවක් උදා වේ. කෘෂි කර්ම කටයුතු, වැවිලි කර්මාන්තය, ගෘහ නිර්මාණ කටයුතු ආදියෙහි යෙදෙන අයට විශේෂ ලාබදායි අවස්තාවන් හමුවන අතර ආර්ථිකය උසස් තත්වයකට පමුණුවා ගැනීමට හැකිය. විදේශ සම්බන්ධ කටයුතු වල දී සිටින අයට තම ක්ෂේත්‍රයන් තුල සාර්ථකත්වයක් ලබා ගැනීමට අවස්තාවක් සැලසේ. හදිසි ධන ලාභ ලොතරැයි වාසනා සදහා භාග්‍ය උදා වන මාසයෙකි. ගෘහ ජීවිතය : ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් පවතින ගටලුමය තත්වය පහව යන අතරම සාමය සතුට රජයන පරිසරයක් තුල කටයුතු කිරීමේ භාග්‍ය උදා වේ. බාහිරෙන් පවතී සතුරු උවදුරු මගහරවා ගැනීම සදහා විවිධ පුද්ගලයන්ගේ සහයෝගය ලැබෙනු ඇත. ස්ථාන මාරුවක් සදහා තැබූ බලාපොරොත්තු ඉටුවීමෙන් මානසික සහනයක් ඇති වේ. නිවසේ අලංකාරය වෙනුවෙන් කටයුතු කිරීම සදහාද නවිකරනයක්ද ධනයත් කාලයත් වය කරනු ඇත. කලක් ඇසුරින් ඈත්ව සිටි මිතුරු මිතුරියන් සමග කටයුතු කිරීමට අවස්තාවක් උදා වේ. රැකියාව : රැකියා ස්ථානයේ පවතී ගැටළු බාධක ඉවත්ව යයි. උසස්වීමක් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තුවක් ඉටු වේ. කණ්ඩායම් අතර ප්‍රධාන තැනක් හිමි කර ගැනීමට අවස්තාවක් සැලසෙනු ඇත. ඔබ වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් ක්‍රමවත්ව ඉටුකිරීමට හා හැකියාව හා දක්ෂතාවය ප්‍රධානීන්ගේ සිත් දිනා ගැනීම සදහා හේතු වේ. උසස් සමාජ තත්වයක් ලබා සමාජයේ ගරු ගුහුමන් ලබමින් කටයුතු කිරීමට අවස්තාව උදා වේ. විදේශ රැකියා සදහා තැබූ බලාපොරොත්තු වූ අයගේ එම අදහස් ඉටු වේ. සෞඛ්‍ය : ප්‍රබල සෞඛ්‍යය ගැටළු ඇති නොවන අතර ශාරීරික උෂ්ණත්වය අධික වීම බලපාන බැවින් අපත්‍යකාරක කෙරෙන් ඈත් වී කාලය ගත කරන්න. ජය අංක : 8,9 ශුභ දිනය : සදුදා, බදාදා ජය වර්ණය : කොළ, දම් ධනු - බලාපොරොත්තු ඉටු වෙයි ධනු ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක්ම ඉටු කර ගැනීමට භාග්‍ය උදා වන වාසනාවන්ත මාසයෙකි. ආර්ථිකය ශක්තිමත් කරමින් හදිසි ධන ලාබයක්ද අත් වෙයි. පැවතී බාධක අවහිරතා මගහැරී යයි. හවුල් ව්‍යාපාර වෙළෙද ව්‍යාපාර ස්වයං රැකියා ආදියේ දී සිටින අයට තම ව්‍යාපාර කටයුතු සාර්ථක ලෙස පවත්වා ගෙන යාමටද උසස් දියුණුවකට පත් කර ගැනීමට අවස්තාව උදා වනු ඇත. නව ව්‍යාපාර ක්‍රම හදුනා ගැනීමටද අවස්තාව උදා වේ.ඉබි ගමනින් පවත්වා ගෙන ගිය ව්‍යාපාරයක් දියුණුවට පත් කර ගැනීමට මාර්ගයක් එලි පෙහෙළි වේ. එමෙන්ම ව්‍යාපාර කටයුතු සදහා පවතී භෞතික අවශ්‍යතා සපුරා ගැනීමටද මාර්ග සැලසෙනු ඇති. මැණික් කර්මාන්තය, පතල් කර්මාන්තය හා භුමිය සම්බන්ධ කටයුතු ආදියෙහි දී සිටින අයට බලාපොරොත්තු රහිත අධික ධන වාසනා ලැබෙනු ඇත. උරුම හිමිකම් සම්බන්ධයෙන් පවතී ගැටළුවක් නිරාකරණය වීම මගින්ද ඔබට සුවිශේෂී ලාබදායි අවස්තාවක් උදා වේ. ලොතරැයි වාසනා රේස් සුදු ඔට්ටු ඇල්ලීම ආදිය මගින් ධන ලැබ අත්කර ගැනීමට අවස්තාවක් සැලසෙනු ඇත. ගෘහ ජීවිතය : ගෙදරදොර සාමය සතුට වර්ධනය කර ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කරයි. නිවසේ අලංකාරය හා ක්‍රමවත් බවක් ඇති කර ගැනීමට කටයුතු කරයි. නව නිවසක් සදහා බලාපොරොත්තු වූ අයට තම අදහස් ඉටු කර ගැනීමට භාග්‍ය උදා වේ. භුමි ලාභයක්ද ලැබෙනු ඇත. හිත මිතුරන් සාමුහිකව කරන කටයුතු වලදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමෙන් කාගේත් සුහදතා වර්ධනය වේ. රැකියාව : වෘත්තිමය කටයුතු සාර්ථක වේ. කාර්ය මණ්ඩලය තුල කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කරයි. ඔබගේ අදහස් යෝජනා කාගේත් සිත්ගන්න සුළු වන අතර කාගේත් ඉහල පිළිගැනීමකාටද ලක් වේ. කණ්ඩායම් අතර නායකත්වය ගෙන කටයුතු කිරීමට අවස්තාවක් සැලසේ. උසස් වීමක් සදහා තැබූ බලාපොරොත්තුව ඉටුවන අතර වරප්‍රසාද ලැබී උසස් වීමක්ද ලබයි. ස්ථාන මාරු වීමක් සදහා අවස්තාව උදා වන අතර එය ජිවිතයට වඩා වැදගත් තත්වයක්ද සහිත වනු ඇත. නව රැකියා අවස්ථා ඉටු වන්නේ සපුරා ඇති සුදුසුකම්ද අභිබවා යන පරිදි වේ. සෞඛ්‍ය : සෙම් රෝග, උදරාබාධ, ආහාර දිරවීමේ දුර්වලතා බලපාන බැවින් එවැනි රෝග පිඩා සහිත අය රෝග සමනය කෙරෙහි නැබුරු වී කටයුතු කරන්න. ගමන් බිමන් වලදී නුපුරුදු ජලය ස්නානය කිරීමද අපත්‍යකාරක වන බැවින් කල්පනා කාරී වන්න. ජය අංක : 7,8 ශුභ දිනය : ඉරිදා, බ්‍රස්පතින්දා ජය වර්ණය : දුඹුරු, කහ මකර - ව්‍යාපාර දියුණුව මකර ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක්ම ඉටු කර ගැනීමට භාග්‍ය උදා වේ. අතපසු වෙමින් පවතී කටයුතු සාර්ථක ලෙස අවසාන කර ගැනීමට හැකි වේ. නව ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තු වූ අයගේ එම අදහස් ඉටුවන අතර යහපත් හවුල්කරුවන් සමග කටයුතු කිරීමටද අවස්තාව සැලසේ. සුවිශේෂී වරප්‍රසාද අත්කර ගැනීමට මුල්‍ය පහසුකම් සලසා ගැනීමටද පහසුමක් ලබයි. රාජ්‍යමය කටයුතු වල දී සිටින අයටද දේශපාලන අංශයේ කටයුතු කරන අයටද කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාව උදා වේ. සමාජ කටයුතු වල යෙදෙන ඔබට සමාජ ගෞරවය හිමි වන අතර ජනතාව අතර ප්‍රසාදය දිනා ගැනීමටද අවස්තාව උදා වේ. විදේශ ගතවීම, විදේශ චාරිකා සදහා බලාපොරොත්තු වූ අයට එම අදහස් ඉටු වන අතර විශේෂ වරප්‍රසාද මෙන්ම ආර්ථික වාසි සලසා ගැනීමට මාර්ග එළිපෙහෙළි වේ. ගෘහ ජීවිතය : ගෙදරදොර කටයුතු සිතැගි පරිදි ඉටු නොවීම මගින් මානසික වශයෙන් පීඩාකාරී ගති ඇති වේ. නිවසින් බැහැරව කටයුතු කිරීමට ප්‍රිය කරයි. ගමන් බිමන් බහුලව යෙදෙන කාලයක් බැවින් ඒ සදහා නැඹුරු වී කටයුතු කිරීමට උනන්දුවක් දක්වයි. ගෙදරදොර සාමය සතුට වර්ධනය කර ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කරන අතර එමගින් යම් ප්‍රමාණයක සහනයක් ලබයි. රැකියාව : රැකියාව සම්බන්ධයෙන් පවතී ගැටළු බාධක අවහිරතා මග හරි යන අතර සුවිශේෂී වුද භාරධුර වුද වැඩ කොටසක් ඉටු කිරීමට සිදු වනු ඇත. අභියෝග ජයගැනීමේ පෞර්ශත්වයෙන් යුක්ත ඔබ එම කටයුතු ඉතා සැහැල්ලුවෙන් ඉටු කිරීමට කටයුතු කරයි. වගකීම් පැවරෙන විට වැඩ වඩාත් ශක්තිමත් වීම හේතුවෙන් අභියෝග පහසුවෙන්ම ජයගැනීමේ ශක්තිය උපතින්ම ලබා ඇති ඔබ ගැටළු අභියස ශක්තිමත් අයෙකි. රැකියාවේ උසස් වීමක් අපේක්ෂාවෙන් කටයුතු කල මකර ලග්න හිමියන්ට එම බලාපොරොත්තු අභිබවා යන සාර්තකත්වයක්ද සමගිනි. සෞඛ්‍ය : පෙනහළු ආශ්‍රිතව දුර්වලතා වාත රෝග ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස්, ලේ ගමනා ගමනය සම්බන්ධ රෝග ආදියෙන් පෙලෙන අය තම රෝග සමනය සදහා ගත යුතු ක්‍රියා මාර්ග වෙත යොමු වීම වැදගත් වේ. ජය අංක : 7,9 ශුභ දිනය : සිකුරාදා, සදුදා ජය වර්ණය : දම්, තැඹිලි කුම්භ - ආගමික නැඹුරුව කුම්භ ලග්නයෙන් උපන් ඔබට මාසය ආරම්භයේදීම යම්කිසි අස්ථාවර භාවයක් සහිතව කටයුතු වලට එළඹීමට සිදු වන අතර ක්‍රමයෙන් එම තත්වය පහව යාමත් සමග ඉදිරියට යාමට හැකිවේ. ගුප්ත විද්‍යා කටයුතු මැජික් වැඩ, ආදියෙහි යෙදෙන අයට විශේෂ දක්ෂතා දක්වමින් කටයුතු කිරීමට අවස්තාව උදා වේ. ආගමික කටයුතු අතින්ද සාර්ථකත්වය උදා කර ගනී. විදේශ චාරිකා විනෝද චාරිකා වන්දනා ගමන් ආදියෙහි යෙදෙන අයට විශේෂ ලැබ දායි අවස්ථා මගින් සාර්ථකත්වය උදා වෙනු ඇති. ඉඩකඩම් දෙපල්ලා ආරවුල් සම්බන්ධයෙන් ගැටළු පවතී අයට එම ගැටළු සහනදායක ලෙස විසදා ගැනීමට හැකි වේ. මාසයේ අග භාගය වන විට නව ව්‍යාපාර ඇරඹීමටද අවස්තාවන් උදා කර ගැනීමට හැකි වේ. ගෘහ ජීවිතය : නිවස තුල සාමය සතුට වර්ධනය කර ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කරයි. නිවස තුල ප්‍රීති උත්සව පැවැත්වීමටද අවස්තාව සැලසේ. අසල්වැසි නිවැසියන් සමග විනෝද චාරිකාවක යෙදීමට අවස්තාව සැලසේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ධනය හා කාලය වය කිරීමට සිදු වනු ඇත. දරුවෙකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රීති වීමට අවස්තාව සැලසේ. රැකියාව : උසස් වීමක් සදහා කටයුතු කල ඔබට එම අදහස ඉටුවනු ඇත. විදේශ රැකියා අවස්ථා ඉටු වන අතර සුවිශේෂී වරප්‍රසාද සහිත වෘත්තීන්හි යෙදීමට වාසනාව ලබයි. විදේශගත වෘත්තීන් මගින් කීර්තිමත් බවක් අත්කර ගැනීමටද අවස්තාවක් හිමිකර ගත හැකි වේ. නව රැකියා අපේක්ෂා ඉටු වන අතර සපුරා ඇති සුදුසුකම් අනුව උසස් මෙන්ම වරප්‍රසාද සහිත රැකියා අවස්ථා සදහා භාග්‍ය උදා වේ. සෞඛ්‍ය : චර්ම රෝග, ලේ දුෂ්‍ය වීම රක්තවාත ආදී රෝග තත්වයන් මගින් පිඩා ගෙන දෙන බැවින් රෝග සමනය සදහා කටයුතු කිරීම වැදගත් වේ. ජය අංක : 5,9 ශුභ දිනය : බ්‍රහස්පතින්දා, සිකුරාදා ජය වර්ණය : කහ, නිල් මීන - ගැටළු විසදේ මීන ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු බොහොමයක් සාර්ථක ලෙස විසදා ගැනීමට අවස්තාව උදා වේ. නිවාස කටයුතු සම්බන්ධයෙන් පවතී ප්‍රමාද වීම් අතපසු වීම්, ඉවත් වී යයි. කලක් අපේක්ෂාවෙන් සිටි ඉඩම් සම්බන්ධ ගැටළුවක් නිරාකරණය වේ. සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාවක් යෙදෙන අතර ඒ සදහා උසස් මෙන්ම ධනවත් හවුල් කරුවෙකු සමග කටයුතු කිරීමට භාග්‍ය ලබයි. මැණික් කර්මාන්තය, පතල කර්මාන්තය ආදියෙහි යෙදෙන අයට වටිනා මැණික් ලබා ගැනීමටද විශාල වශයෙන් ආර්ථික වාසි අත්කර ගැනීමට අවස්තාව උදා වේ. කෘෂි කාර්ම කටයුතු ඉඩකඩම් සම්බන්ධ විකිණීම් මිලදී ගනීම් ආදියෙහි යෙදෙන අයට අතිරේක වාසි අත්කර ගැනීමටද කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමටද අවස්තාව සැලසේ. හවුල් ව්‍යාපාර වෙළද ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට තම ව්‍යාපාර පුළුල් කර ගැනීමටද අවස්තාව සැලසෙන අතර භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට අවස්තාව සැලසෙනු ඇති. ගෘහ ජීවිතය : ගෙදරදොර සාමය සතුට වර්ධනය වේ. පවුලේ අය අතර පවතී අවුල් සහගත තත්වය තුරන් වී යන අතර සුහද ශිලිව කටයුතු කිරීමට හැකි වේ. විවිධ මත ඉදිරිපත් කරමින් පවුලේ අවුල් ඇති කිරීමට කටයුතු කල අය යතාර්ථය අවබෝධ කර ගැනීම තුලින් සාමය සතුට වර්ධනය වේ. නිවෙසේ පවතී අඩුලුහුඩුතා මග හරවා ගැනීමට අවස්තාව උදා වේ. නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කරයි. දරුවන්ගේ අනාගතය කෙරෙහි නැඹුරු වී කටයුතු කිරීමට කටයුතු කරයි. රැකියාව : රැකියාවේ උසස් වීමක් සදහා කටයුතු කල ඔබට එම අදහස ඉටුවනු ලකුණු පහල වේ. කාර්ය මණ්ඩලය තුල සුවිශේෂී බවක් අත්කර ගැනීමට අවස්තාව ලබයි. ප්‍රධානීන්ගේ සිත් දිනා කටයුතු කිරීම මගින් ඔවුන්ගේ සහයෝගය ලබමින් ඉදිරි කටයුතු වල දීමට අවස්තාව සැලසේ. සහජ දක්ෂතා පෙන්වමින් කටයුතු කිරීමට අවස්තාව සැලසෙන අතර එමගින් සුවිශේෂී තත්වයක් ඇති කර ගනී. මෙම මස අග භාගය වන විට අධික වැඩ කොටසක් ඉටු කිරීමට සිදු වන අතර නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම මගින් ගැටලුවකින් තොරව කටයුතු කිරීමට හැකි වේ. නව රැකියා සදහා බලාපොරොත්තු වූ මීන ලග්න හිමියන්ට වරප්‍රසාදලාබී රැකියා අවස්ථා සදහා භාග්‍යය හිමි වේ. සෞඛ්‍ය : තදබල රෝග පිද ඇති නොවන අතර පවතින යම් යම් රෝග සමනය සදහා කටයුතු කිරීම යෝග්‍ය වේ. ජය අංක : 4,8 ශුභ දිනය : බ්‍රහස්පතින්දා, සදුදා ජය වර්ණය : රෝස, තැඹිලි ජෝතිශ්‍ය විශාරද කලවානේ සෝමා විජයරත්න උපුටා ගැනීම රිවිර පුවත්පත