This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ලග්න රැසකට වාසි ගෙනෙන බුධ මාරුව
2013 සැප්තැම්බර් 28 වන දින පෙරවරු 6.34ට උච්ච ක්ෂේත්‍රයෙන් ඉවත්ව වන බුධ ග්‍රහයා තුලා රාශි ගත වේ. තම මිතුරු සිකුරුගේ රාශිය වන තුලාවෙහිදී මිතුරු ක්ෂේත්‍ර ගතව තැන්පත් වන බුධ එහි දෙසැම්බර් 1 වෙනිදා දක්වා කාලයක් ගත කරයි. මේ අනුව එය ලග්න වලට බලපාන අයුරු පහත පරිදි වේ. මේෂ - ව්‍යාපාර සාර්ථකයි මේෂ ලග්නයට හත් වැන්නේ යෙදෙන මෙම ග්‍රහ බලය ශුභ ඵල ලබා දේ. හවුල් ව්‍යාපාර සාර්ථක වෙයි. මිතුරු මිතුරියන් සමග කරන කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලබයි. සමාජ කටයුතු වෙත හිත ඇදි යයි. විදේශ ගත වීමේ අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. හදිසි තීරණ මත කටයුතු කිරීමෙන් අනවශ්‍ය කරදර ඇති කර ගනී. නව ව්‍යාපාරයක් ඇරඹීමට අවස්තාවක් සැලසෙන මෙම අවස්තාව හවුල් ව්‍යාපාර සදහා වඩාත් යෝග්‍ය වේ. විවාහය සදහා පැවති අර්බුධ කාරී තත්වයන් මග හැරී යන අතර සාර්ථක විවාහ සදහා අවස්තාව ලබයි. අධ්‍යාපනයේ යෙදෙන මේෂ ලග්න හිමියන්ට තම විෂයන් තුල සාර්ථකත්වයක් දැක්වීමටද උසස්ම ප්‍රතිඵල අත් කර ගැනීමටද හැකි වේ. විදේශ සම්බන්ධ ව්‍යාපාර වල යෙදෙන අයට සුවිශේෂී ආර්ථික වාසි අත්කර ගැනීමට අවස්තාව උදා වේ. බුධ සිකුරු දශා අතුරු දශා ගත කරන අයට අධිකව ශුභ ඵල ලැබෙනු ඇත. වෘෂභ - සිත නොසන්සුන් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බුධ මාරුව මධ්‍යස්ත ඵල දායකය. වැඩ කටයුතු තුල යම් අස්ථාවර බවක් ඇති වන අතර කරගෙන ගිය යම් යම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වනු ඇති. සතුරු කරදරයක් මර්ධනය කිරීමට වැදගත් අයෙකුගේ සහයෝගය ලැබේ. සිතේ පවතින නොසන්සුන් බව මගින් කටයුතු අවුල් කරන තත්වයක් පවතින බැවින් තීරණ ගැනීමේදීද සන්සුන් ලෙස ඉවසීමෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා මගින් වැඩ කටයුතු අවුල් වීම ප්‍රමාද වීම සිදු වේ. වෘෂභ ලග්න හිමියන්ට වැදගත් අයෙකුගෙන් වටිනා උපකාරයක් ලැබෙනු ඇත. ගමන් බිමන් අධිකව යෙදෙන මෙම කාල සීමාව තුල අනතුරුදායක තත්වයක්ද පවතින බැවින් කල්පනාකාරී වන්න. ගෘහ ජීවිතය තුල ගටලුමය තත්වයන් වර්ධනය වීමට හේතුකාරක වන සිදු වීම් ඇතිවිය හැකි බැවින් කැපවීමෙන් හා සන්සුන් බැවින් කටයුතු කර සාර්ථකත්වය සලසා ගන්න. ආර්ථික වාසි අත්කර ගැනීමේ අවස්තාවන් කිහිපයක්ම බලපානු ඇත. මිථුන - රැකියා දියුණුව මිථුන ලග්නයට ලග්නාධිපති බුධ විද්‍යාස්ථාන ගත වීම ශුභ ඵල ගෙනදෙන තත්වයකි. මෙම අවස්ථාවේ පවතින ග්‍රහ තත්වය අනුව වැඩ කටයුතු බොහොමයක්ම සාර්ථක අන්දමින් ඉටුකර ගැනීමට හැකි වේ. තාවකාලිකව නවතා දමා තිබු වැඩ කොටසක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් පවතී බාධක ඉවත්ව යන අතර උසස්වීම් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු වේ. විදේශගත වීමේ අපේක්ෂා ඉටු වේ. සමාජ කටයුතු වෙත නැඹුරු වී කටයුතු කිරීම හේතුවෙන් සමාජ ගෞරවයට පත් වේ. අධ්‍යාපනයේ යෙදෙන අයට ගැටලුවකින් තොරව තම කටයුතු ඉදිරියට ගෙන යාමට තරග විභාග ආධියෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට ද හැකි වේ. ආදායම් තත්වයේ සාර්ථක වර්ධනයක් අපේක්ෂා කල හැකි කාලයකි. ව්‍යාපාර කටයුතු මගින් බලාපොරොත්තු අභිබවා යන සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වේ. නව නිවාස කටයුත්තක් අරඹයි. වාහන මිලදී ගැනීම සදහා අවස්තාවක් උදා වේ. ශක්තිමත් ආර්ථිකයක් සහිත හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට අවස්තාව ලබයි. කටක - කටයුතු සාර්ථකයි කටක ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු නොවූ පරිදි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර කටයුතු වලින් ආකර්ශනීය ලාභ දායක තත්වයක් හිමි වේ. අලංකාර භාණ්ඩ කෙරෙහි සිත ඇදී යයි. මුදල් තත්වය යහපත් වන මුත් අධික වියදම් යෙදෙන බැවින් තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට නොහැකි තත්වයක් පවතී. විවිධ භාණ්ඩ කෙරෙහි සිත ඇදී යන බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම කෙරෙහි යොමු වන්න. මුල්‍ය කළමනාකරණය යහපත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි උනන්දු වන්න.අධ්‍යාපනයේ යෙදෙන අයට සාර්ථක ලෙස තම විෂයන් ඉදිරියට ගෙන යා හැකි අතර සිත් ඇදගන්නා සුළු ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම සහජ දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්තාවක් සැලසේ. ඇසුරු කරන අය සමග සුහදතා වර්ධනය කර ගන්නා අතරම ප්‍රීතිමත්ව කාලය ගත කිරීමට හැකි වේ. වැඩ කටයුතු වලදී දක්වන ආකල්පමය දුර්වලතාමගින් යම් යම් පාඩු සිදු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න. විදේශ සම්බන්ධ ව්‍යාපාර මගින් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට වාසනාව ලබයි. සිංහ - ධන ලාභ සිංහ ලග්නයෙන් උපන් ඔබට බුධ මාරුව සම්බන්ධ ග්‍රහ තත්වය අනුව ආර්ථික වාසි රැසක්ම අත්කර ගැනීමට හැකි වේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයකි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ධන ලාභ අත්කර ගැනීමේ අවස්ථා සැලසෙනු ඇත. ප්‍රචාරක කටයුතු, විදේශ කටයුතු, සංචාරක ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට ආර්ථිකයේ කැපී පෙනෙන්න ප්‍රගතියක් මෙන්ම උසස් සමාජ තත්වයක් ඇති කර ගැනීමට හැකි වේ. විදේශ ආයෝජකයින් සමග කරන කටයුතු තුලින් සුවීශේෂී වාසි අත්කර ගැනීමට හැකි වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් පවතී ගැටළු නිරාකරණය වීම තුලින් මානසික සහනය අත්වෙයි. උසස් පුද්ගල ඇසුර ප්‍රිය කරන ඔබට ප්‍රභූන් සමග කටයුතු කිරීමට අවස්තාව උදා වේ. රැකියාවේ උසස්වීම් සම්බන්ධ බලාපොරොත්තු ඉටු වේ. අද්යාපන කටයුතුවල කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගනී. විනිද චාරිකා වන්දනා ගමන් ආදිය වෙත සිත ආදී යනු ඇත. හවුල් ව්‍යාපාර මැණික් ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට බලාපොරොත්තු රහිත ධන වාසනා අයිති වේ. ව්‍යාපාරයන් පුළුල් කිරීම සදහා අවශ්‍ය වාහන මිලදී ගැනීම් ඉඩම් මිලදී ගැනීම් ආදිය සදහා කටයුතු කරයි. කන්‍යා - ආර්ථික වාසි කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති බුධ ධනස්ඨාන ගත වීම සුභ දායකයි. ආර්ථිකය ශක්තිමත් වන අතර ආර්ථික වාසි රැසක්ම අත්කර ගැනීමට හැකි වේ. යම් යම් අවශ්‍යතා සදහා පැවති මුල්‍යමය ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවන පරිදි පරිසරය සකස් වන අතර ගැටලුවකින් තොරව තම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වේ. රැකියා කටයතු සම්බන්ධයෙන් පවතී කලකිරීම් දුර්මත ආදිය පහවී යන අතර උසස් නිලධාරින්ගෙ අවධානය මගින් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේ. උසස්වීම් සදහා තැබූ බලාපොරොත්තු ඉටු වේ. චිත්ත ශක්තියෙන් යුක්තව කටයුතු කිරීමටද අතපසුවෙමින් පවතී කටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමට අවස්තාව ලැබේ. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකි වේ. විදේශ ගතවීම සදහා බලාපොරොත්තු තැබූ අයගේ එම අදහස් ඉටුවන අතර විදේශගත මිතුරන් මගින් සැලකිය යුතු සහයෝගයක්ද ලබයි. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට අවස්තාව ලබයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ආදායම්ලාබින්ට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්තාව සැලසේ. තුලා - බලාපොරොත්තු ඉටු වේ. තුලා ලග්නයෙන් උපන් ඔබට භාග්‍යස්ථාන අධිපති බුධ ලග්න ගත වීම ඉතා ශුභ දායක වේ. කලක්තිස්සේ අපේක්ෂාවෙන් සිටි යම් කරුණක් සාර්ථක ලෙස විසදා ගැනීමට හැකි වේ. ආර්ථිකමය ගැටළු නිමා වන අතර මානසික සහනය ගෙනදෙන පරිදි කටයුතු සැලසෙනු ඇත. ආගමික භක්තියෙන් යුක්තව කටයුතු කිරීමට උනන්දුවක් දක්වයි. දානමාන කටයුතු ආදිය වෙත වැඩි වශයෙන් නැඹුරු වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව සම්බන්ධයෙන් පැසසුම් ලබයි. අධික වැඩකොටසක් ඉටු කිරීමට සිදුවන මුත් කාර්යක්ෂම භාවය හේතුවෙන් ගැටලුවකින් තොරව තම වැඩ කටයුතු නිම කර ගැනීමට හැකි වේ. උසස් සමාජය ප්‍රිය කරන ඔබට ප්‍රභූන් සමග ඇසුරු කිරීමට අවස්තාව සැලසෙයි. ගමන් බිමන් අධිකව යෙදෙන අතර අධික වියදම්ද යෙදෙනු ඇත. අදහස් ප්‍රකාශ කිරීමේදී ඉවසිලිමත්ව කටයුතු කිරීම ඇතිවිය හැකි ගැටළු මගහරවා ගැනීම සදහා වැදගත් වේ. හදිසි ධන ලාභයක් මගින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්තාව සැලසෙනු ඇත. වෘශ්චික - සිතට සහනයක් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මනසට වැඩ දෙමින් පවතී ගැටළු සියල්ලම වාගේ විසදී යන අතර මානසික සහනය ලබා සතුටින් කටයුතු කිරීමට හැකි වේ. බලාපොරොත්තු රහිත අවස්තාවක හදිසි ධන ලාභයක් අත් වේ. හවුල් ව්‍යාපාර මගින් ඉහලම සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වේ. කාන්තා පක්ෂයෙන් උදව් උපකාර ලැබෙනු ඇත. භුමි ලාභයක් අත්කර ගැනීමට අවස්තාව සැලසෙයි. මැණික් ව්‍යාපාරය පතල් කටයුතු ආදියෙහි යෙදෙන අයට බලාපොරොත්තු අබිබවා යන සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්තාවක් සැලසේ. විදේශ ගත වීම විදේශ සම්බන්ධ ව්‍යාපාර හා වෘත්තීන් දී සිටින අයට විශේෂිත වූ ලාභ අවස්ථා සදහා භාග්‍ය හිමි වේ. රේස් සුදු ලොතරැයි වාසනා මගින් ධන ලාභ අත්කර ගැනීමේ භාග්‍ය සහිතයි. අධ්‍යාපනයේ යෙදෙන අයට තම කටයුතු සාර්ථක ලෙස සපුරා ගැනීමටද සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද අවස්තාව ලබයි. රැකියාවේ උසස්වීම් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු ඉටුවන අතර වරප්‍රසාදලාභී අවස්තාවන් සදහා භාග්‍ය ලබයි. ධනු - ධන ලාභ ධනු ලග්නයෙන් උපන් ඔබට බුධ මාරුව සම්බන්ධ ග්‍රහ බල අනුව ශක්තිමත් ආර්ථිකයක් සදහා භාග්‍ය ලබයි. විවිධ මාර්ග ඔස්සේ ධන ලාභ අත් කර ගැනීමට අවස්තාව සැලසෙනු ඇත. නව ව්‍යාපාර ආරම්භය සදහා සුදුසු කාලයකි. එමෙන්ම පවත්වා ගෙනගිය ව්‍යාපාර කටයුතු නගා සිටුවීමටද අවස්තාව සැලසෙනු ඇත. අතපසු වෙමින් පවතී වැඩ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමට හැකි වේ. නිවාස සම්බන්ධයෙන් පවතී ගැටළු නිරාකරණය වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් දක්වන උනන්දුව හා කැපවීම මත සාර්ථකත්වයක් අත් කර ගනී. රැකියාවේ උසස් වීමක්ද ලබයි. ඔබගේ කැපවීම මත ව්‍යාපාර කටයුතු වල කැපී පෙනෙන ප්‍රගතියක් ඇති වේ. සුපොඛභෝගී භාණ්ඩ මිලදී ගැනීමක්ද සිදු වේ. නව නිවසක් ඉදි කිරීමක් සදහා සැලසුම් කරයි. ඉඩම් මිලදී ගැනීමක්ද සිදු වේ. උරුම හිමිකම් සම්බන්ධයෙන් පැවති ගැටළු විසදී යයි. අධ්‍යාපනය ලබන දරු දැරියන්ට බාධකයකින් තොරව තම කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට තරග විභාග වලින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට ද හැකි වේ. විනෝද චාරිකා අධ්‍යාපන චාරිකා සදහා අවස්තාව ලබයි. විදේශ සම්බන්ධ ව්‍යාපාර මගින්ද අතිරේක ධන ලාභ අත් වේ. මකර - දහමට නැඹුරු වේ. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ බලය අනුව මිශ්‍ර ඵල ලබා දේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටළු මතුවන මුත් උත්සාහය හා කැපවීම මත බාධක ජය ගනිමින් කටයුතු කිරීමටද තම ඉලක්කය කරා යොමු වීමටද හැකියාව ලබයි. හවුල් ව්‍යාපාර තුල පවතින අක්‍රමවත් භාවය හේතුවෙන් ගැටළු නිර්මාණය වීමට ඉඩකඩ පවතින බැවින් ක්‍රමවත් බව සහ අවංකත්වය කෙරෙහි සැලකිලිමත් වෙන්න. අවංක සේවකයන් යෙදවීම කෙරෙහි උනන්දු වන්න. මානසික සහනය අවම කරන ආකාරයේ සිදුවීම් මගින් බොහොමයක් කටයුතු අවුල් විය හැකි තත්වයක්ද පවතින බැවින් සන්සුන්ව බුද්ධිමත්ව කටයුතු කරන්න. පුණ්‍ය කටයුතු සමාජ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. එමගින් සමාජ ගෞරවයට පත් වේ. උසස් සමාජ ඇසුරට පත් වීම නිසා එමගින් කටයුතු සාර්ථක කර ගැනීමටද අවස්තාව සලසා ගනී. අධ්‍යාපනයේ යෙදෙන දරු දැරියන්ට තම සහජ දක්ෂතා වර්ධනය කර ගැනීමට මෙන්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද හැකි වේ. කුම්භ - අතමිට සරු වේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට සහනදායක වුද වාසිදායක වුද කාලපරිච්චේදයකි ආර්ථික වාසි රැසක්ම අත්කර ගැනීමට හැකි වේ. රැකියා කටයුතු වල සාර්ථක ප්‍රගතියක් ඇති වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වීම තුලින් ආර්ථිකයේ සෑහෙන වර්ධනයක් අපේක්ෂා කල හැකි වේ. රැකියා කටයුතු සාර්ථක කර ගැනීම සදහා දක්වන කුනන්දුව හා කැපවීම මත වැඩි සාර්ථකත්වයක් මෙන්ම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද හැකි වේ. අධ්යාපයේ යෙදෙන දරුදැරියන්ට ඉහලම සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්තාව සැලසෙනු ඇති. ගුරු බවතුන්ගේ මෙන්ම උගතුන්ගේ සහයෝගය ලබමින් කටයුතු කිරීමට හැකි වේ. පුණ්‍ය කටයුතු වෙත උනන්දුවක් දක්වයි. ආගමික පරිසරය තුල කටයුතු කිරීමට ප්‍රිය කරන බවකින්ද යුක්ත වේ. ගේදොර කටයුතු සාර්ථක වන අතර සාමකාමී පරිසරයක් නිවෙස තුල වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් කාලය ශ්‍රමය හා ධනය වැය කිරීමට සිදු වේ. දරුවන් වෙනුවෙන් විනෝද චාරිකාවක් සැලසුම් කරයි. මනස වෙහෙසවා කටයුතු කරන අයට ගටලුමය අවස්ථාවන්හිදී දරාගැනීමේ ශක්තිය දුර්වල වන අතර නොසන්සුන් බව හා ප්‍රකෝපකාරී ගති බලපාන බැවින් සන්සුන්ව කටයුතු වල දීම සුදුසුය. මීන - අපේක්ෂා ඉටු වේ. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ තත්වය බලාපොරොත්තු රාශියක්ම සපුරා ගැනීමට හැකි වේ. එමෙන්ම බලාපොරොත්තු රහිත අවස්තාවක උරුම හිමිකම් මගින් හෝ අන්තිම කැමති පත්‍රයක් මගින් සුවිශේෂී ලාභයක් අත් වෙයි. මෙමගින් තැන්පත් ධනය ඉහල යන අතර ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටද අවස්තාව ලබයි. ඉඩකඩම් සම්බන්ධව පවතී ගැටළුවක් නිරාකරණය වී යයි. නව නිවසක් ඉදි කිරීමට කටයුතු කරයි. රැකියා සම්බන්ධයෙන් පවතී ගැටළු විසදී යන අතර ස්ථාන මාරුවක් සිදු වේ. එමගින් වාසි රැසක්ම අත්කර ගැනීමට අවස්තාව ලබයි. අධ්‍යාපනයේ යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවන අතර සාමුහිකව කටයුතු කරන පිරිසක් අතරින් සහයෝගය ලබමින් ඉදිරියට යාමට භාග්‍ය උදා වේ. නිවසේ සාමය සතුට වර්ධනය වන අතර කලක් ඇසුරින් ඈත්ව සිටි ඥාතියෙකු මගින් වැදගත් උපකාරයක්ද ලබයි. හවුල් ව්‍යාපාරයක් සදහා ධනවත් මිතුරකුගෙන් ආරාධනයක්ද ලබයි. එමගින් අනාගතය යහපත් කර ගැනීමට අවස්තාවක් ලබාගැනීමට කටයුතු කරයි. භුමිය සම්බන්ධ කටයුතු මගින්ද අධික ලාභ අත් කර ගැනීමට හැකි වේ. ජෝතිශ්‍ය විශාරද කලවානේ සෝමා විජයරත්න උපුටා ගැනීම රිවිර පුවත්පත