This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
විදේශගමන් හෙළිකරන රේඛා

අප සමාජයේ වැඩි දෙනෙක්‌ විදේශ ගතවීමට සිහින මැව්වත් එම සිහින සැබෑවෙන්නේ කීයෙන් කීදෙනාටද? සමහරු රැකියා සඳහා විදේශ ගතවෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු සඳහා විදේශ ගතවෙයි. තවත් සමහරු ඉටුකර ගැනීමට දෛවය අනුවද ඉඩ සැලසී තිබිය යුතුයි. ඒ අනුව විදේශ ගතවීමේ වාසනාවක්‌ ඇත්නම් ඒ බව අපේ අත්ලේ රේඛාවලිනුත් සටහන් වෙයි. අද අපි සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවයි. දැන් අපි බලමු කෙනෙකුගේ අත්ලේ විදේශ ගමන් රේඛා පිහිටන්නේ කුමන ආකාරයෙන්ද කියාත්, එම රේඛාවල සාර්ථක අසාර්ථකභාවය කෙසේද කියා. 

ජීවන රේඛාවේ කෙලවරින් එනම් මැණික්‌ කටුව ප්‍රදේශයෙන් පටන් ගන්නා චන්ද්‍ර මණ්‌ඩලය හරහා ඇදී යන රේඛාවන් :AA- දේශාටන රේඛා හෙවත් විදේශ ගමන් රේඛා ලෙස හඳුන්වයි. මෙම රේඛා චන්ද්‍ර මණ්‌ඩලයෙන් සිරස්‌ව හෝ හරස්‌ව පිහිටිය හැක. මෙම රේඛාවන් ඉතා පැහැදිලිව ගැඹුරුව රෝස පැහැයෙන් යුක්‌තව පිහිටා ඇත්නම් ඉක්‌මනටම විදේශ ගමනකට වාසනාව ලැඛෙන අතර එම විදේශ ගමනද සාර්ථක එකක්‌ වනු ඇත. එම රේඛාව අඳුරුව, කැඩී බිඳී, පලුදු වී ඇත්නම් එම ගමනින් කෙනෙකුට බාධා කරදරවලට මුහුණ පෑමට සිදුවෙන අතර තමන්ගේ අරමුණද ඉටු නොවෙනු ඇත. 

මැණික්‌ කටුව ආසන්න ප්‍රදේශයෙන් ආරම්භවන රේඛා හැරෙන්නට විදේශ ගතවීමට බලපාන තවත් රේඛා කීපයක්‌ ගැන දැන් බලමු. මේ සමඟ රූප සටහනේ ඊඊ ලකුණු දෙස බලන්න. මේ අයුරින් ජීවන රේඛාවේ පහල කොටසින් එක්‌ රේඛාවක්‌ සිකුරු මණ්‌ඩලයටත් තව රේඛාවක්‌ චන්ද්‍ර මණ්‌ඩලයටත් ගොස්‌ දෛව රේඛාවට සම්බන්ධ වීමද විදේශ ගමන් පෙන්නුම් කරයි. මෙම රේඛාවන්ගේ විශේෂත්වය නම් එය විදේශ සංචාරය කිරීම සඳහා බලපෑම් කරන රේඛාවක්‌ වීමය. මෙය බොහෝ ක්‍රියාශීලි අත්වල දක්‌නට ඇත. මේ හේතුව නිසා තමන්ගේ ගමරට, දෙමාපිය, සහෝදර, සහෝදරියන්ගෙන් ඈත්ව විදේශ රටවල ජීවත්වෙති. මෙවැනි අයට වෙන්වීමේ කාන්සියක්‌ නොදැනේ. තම මවුබිම පිළිබඳ හැඟීම් ද අඩුවේ. එක තැනක වාඩිවී රැකියාවක්‌ කිරීමට වඩා ඔවුන් නිතර එහා මෙහා ඇවිදීමට ක්‍රියා කිරීමට ප්‍රිය කරති. ඉහත රේඛා දෙකම හොඳින් ඝනව වැඩී ඇත්නම් ඔවුන් කරන ව්‍යාපාර කටයුතු වඩාත් සාර්ථක වෙයි. වැඩි ලාභ පෙන්නුම් කරයි. එම රේඛා කැඩී බිඳී දූපත් සලකුණුවලින් යුක්‌ත නම් අධික ලෙස පාඩු වෙන අතර තම ධනයද නාස්‌තිවේ. 

චන්ද්‍ර මණ්‌ඩලයෙන් තිරස්‌ අතට හෝ සිරස්‌ අතට ගමන් කරන රේඛා :AA- මුහුදු ගමන් පිළිබඳව පෙන්නුම් කරයි. එම රේඛා දීර්ඝනම් විදේශ ගමන් හෙළිකරයි. එම රේඛාව සමඟ දූපත් සලකුණක්‌ තිබුණහොත් ගමනින් සිදුවන මාරක අනතුරක්‌ පෙන්වයි. කතිරයක සලකුණක්‌ ඇතිනම් ගමන නිෂ්ප්‍රයෝජන එකක්‌ වනු ඇත. චතුරශ්‍රයක්‌ ඇතිනම් ගමනින් සිදුවන අනතුරුවලින් ආරක්‍ෂා කරනු ලබයි. තාරකාවක්‌ සමඟ චතුරශ්‍රයක්‌ ඇත්නම් අනතුරක්‌ සිදු නොවේ. මුලින් සඳහන් කළ සංචාරක රේඛාවන් ඉහළට හැරී ගුරු මණ්‌ඩලය හෝ රවි මණ්‌ඩලය හෝ බුධ මණ්‌ඩලය හෝ කුජ මණ්‌ඩලය දෙසට හැරී ඇත්නම් ගමනින් වාසි සිදුවේ. චන්ද්‍ර මණ්‌ඩලයෙන් ඉහළට ගමන්ගත් රේඛාවන් තරුවකින් හෝ කතිරයකින් අවසාන වී ඇතිනම් ගමනේ බලාපොරොත්තු කඩවේ. චතුරශ්‍රයකින් අවසාන වූ විට ගමනින් ඔහුට සිදුවන අනතුරක්‌ වලකන බව පෙන්නුම් කරයි. දූපතකින් අවසාන රේඛා ඇතිවීම වැඩි ප්‍රයෝජනයක්‌ ලැබීමට හේතුවෙයි. මෙම රේඛාවන් ඉහළට ගමන්කර ගුරු මණ්‌ඩලයටද (දබරගිල්ල මුල) යා හැක. එයද ඔහුගේ ගමන වඩාත් සාර්ථකවීම හෙළි කරන සලකුණකි. මෙම රේඛා ශනි මණ්‌ඩලය දෙසට විහිද යැමද සුබ නොවේ. ගමනේ දී සිදුවන අනතුරක්‌ එමගින් පෙන්නුම් කරයි. මෙම රේඛාවන් රවි මණ්‌ඩලය හෝ බුධ මණ්‌ඩලය දෙසට යැම මිල මුදල් මෙන්ම උසස්‌ තනතුරු ලැබීමටද හේතු වෙයි. තිරස්‌ අතට පිහිටි රේකාවන් චන්ද්‍ර මණ්‌ඩලය හරහා ගොස්‌ දෛව රේඛාවට සම්බන්ධ වන අවස්‌ථා ද ඇත. එය දීර්ඝ ගමනක්‌ මෙන්ම වැදගත් ගමනක්‌ බව පෙන්වයි. දෛව රේඛාවට සම්බන්ධ වුන රේඛාවක්‌ තවත් රේඛාවකින් කැපුනහොත් පළමු වර ගමනට බාධාවක්‌ වුවත් නැවත උත්සාහ ගැනීම හේතුවෙන් විදේශ ගමන සාර්ථක වෙයි. ක‍ක‍ සලකුණු මගින් පෙන්නුම් කරන චන්ද්‍ර මණ්‌ඩලයෙන් ඉහළට විහිදයන ඉතා කුඩා රේඛා මගින් පෙන්නුම් කරන්නේ තම මවුබිම වෙනුවෙන් රටේ යහපතට අදාළව රාජකාරි කටයුතු සඳහා විදේශ ගතවන බවය. විදේශ ප්‍රභූන්, තානාපති, අමාත්‍යවරු වැනි අය සම්බන්ධ වන විදේශ සම්මේලනවලට සහභාගිවීම සඳහා යන අයගේ අත්ලවල මෙම පිහිටීම් දැකිය හැක. එම රේඛා හොඳින් මනාව පිහිටීම අරමුණු සාර්ථක වන බව පෙන්නුම් කරයි. 

හිඹුටානේ පියතිලක ද අල්විස්‌ 
උපුටා ගැනීම දිවයින පුවත් පත