This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
මියගියත් දියණිය දමා නොගිය තාත්තා
හිතවත් රිවිර පාඨකයනි, තවත් එක් සත්‍ය කතාවක් තුළින් අද ඔබව මම ගෙන එන්නේ වසර 17 මුළුල්‍ලේ නොයෙක් රෝග පීඩාවන්ට ලක් වී සිටි කාන්තාවක් “මෛත්‍රී සෙවණ” ආරාමයේ අප මෑණියන් විසින් සුවපත් කළ ආකාරයයි. වෙනදා වගේම අදත් සුදුවතින් සැරසුණු සැදැහැවතුන් ලහි ලහියේ සැරසෙන්නේ අනන්ත වූ බුදුගුණ බලයෙන් තම ගත සිත සනසා ගන්නටයි. ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට පෙළ ගැසී ත්‍රිවිධ ෙචෙත්‍යයන් උදෙසා පූජාවන් තැන්පත් කිරීමෙන් අනතුරුව මෑණියන් විසින් සම්බුද්ධ පූජාවත්, බෝධි පූජාවත් පවත්වා පැමිණ සිටි සියලුම දෙනාගේ හදවත් ශ්‍රද්ධාවෙන් පුරවන ලදී. සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා කර සියලු දෙනාගේ ගෙලට පිරිත් නූල් පැලඳවීමෙන් අනතුරුව මෑණියන් විහාර මන්දිරයෙන් නික්ම යන ලදී. දැන් සියලු දෙනාම පුන පුනා බලා සිටින්නේ තමන් පෙළෙන කායික හා මානසික පීඩාවන්ගෙන් මිදීමේ අධිෂ්ඨානයෙන් මෑණියන් හමුවීමටය. සුන්දර රාත්‍රියේ නවය පසු වී විනාඩි පහක් පමණ ගත වී තිබුණි. ආරාමයේ ධර්මශාලාව තුළ රැස්ව සිටි මහ පිරිසක් අතරින් කාන්තාවක් ක්ලාන්තව බිම දිගා වී සිටින ආකාරය මටද දැකගත හැකි විය. ඇය වටකරගෙන තවත් කීප දෙනකු ඇය දෙස මහත් ඕනෑකමින් බලා සිටින ආකාරයද මට දක්නට ලැබුණි. පෙනුමෙන් නම් ඒ අය දමිළ පිරිසක් බව ඕනෑම කෙනකුට අවබෝධ කර ගැනීමට අපහසු නොවීය. රාත්‍රී නවයයි දහය පමණ වන විට සුදුවතින් සැරසුණු මෑණියන් විහාර මන්දිරයට පැමිණ දහසකුත් බලා‍පොරොත්තු අතරින් පැමිණි නොයෙක් රෝගීන් සුවපත් කිරීම අරඹන ලදී. එවිට එක්වරම “අනේ මෑණියනි, අපේ දුවට ටිකක් අමාරුයි. ඉක්මනට මොනවා හරි කරන්න. ඔබ වහන්සේට බුදුබව ලැබේවි” යනුවෙන් මා මුලින් සඳහන් කළ කාන්තාවගේ මව යැයි සිතිය හැකි කාන්තාවක් මෑණියන්ගේ දෙපාමුල වැඳ වැටී හ¾ඩමින් පවසන ආකාරය බලා සිටි සියලු දෙනාගේ හදවත් කම්පා කරන දර්ශනයක් විය. ඒත් මෑණියන්ගේ පිළිතුර වූයේ “කලබල වෙන්න එපා. එයිට නිදහසේ ඉන්න අරින්න” යනුවෙනි. එසේ පැවසූ මෑණියන් අනෙකුත් රෝගීන්ගේ කරුණු විමසමින් ඔවුන් එකිනෙකා සුවපත් කරන ලදී. කිහිප දෙනකු සුවපත් කිරීමෙන් අනතුරුව “දරුවනේ අර ලෙඩාව මෙහාට ගනිල්ලකෝ, බලන්න” යනුවෙන් මෑණියන් පැවසීය. මෙම කාන්තාව මෙතැන් පටන් රාණි ලෙස අපි හඳුන්වමු. මෑණියන් එසේ පවසනවාත් සමගම ක්ලාන්තව නිදා සිටි කාන්තාව “මට නම් යන්න බෑ මම යන්නේ මගේ කෙල්ලවත් අරගෙන” කියා කෑ ගසමින් වැනි වැනි පැමිණ මෑණියන් ඉදිරිපිට ඇද වැටුණි. ඇගේ කෙස් වැටියෙන් අල්ලාගත් මෑණියන් “උඹ මේ දරුවා අතහැරලා යනවාද?” යැයි ඇසීය. එවිට රාණිගෙන් ලැබුණු පිළිතුර වූයේ “මට නම් බෑ... මේකි තමයි මට සැලකුවේ... ඉතින් මම කොහොමද මගේ කෙල්ලව අතඇරලා යන්නේ.” මෑණියන් : හා කියපන් බලන්න උඹ මේ කෙල්ලගේ කවුද කියලා.”රාණි : තාත්තා, තාත්තා මම මේකිගේ තාත්තා. මම රටකජු විකුණලා තමයි මගේ දරුවන් හදා වඩා ගත්තේ. මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ වුණාට මට සැලකුවේ මගේ රාණි කෙල්ල විතරයි. ඒ හින්දා මට මේකිව දාලා යන්න බෑ.” මෑණියන් : ඉතින් පුතේ උඹ මේ දරුවට ආදරෙයි නම් මේ දරුවව ලෙඩ කරලා හරියන්නේ නෑනේ. එහෙම කරලා උඹ තවත් පව් පුරවාගෙන ඔය ආත්මෙ දික්කර ගන්න එකනේ කරන්නේ. කොහොමද උඹට ඔය ආත්මෙ හොඳයිද?රාණි : අනේ මැණියනි, මොන හොඳක්ද. දැන් අවුරුදු 17 ක් තිස්සේ මම ඉන්නේ බඩගින්නෙ. මට කන්න ඕනේ.” මෑණියන් : හොඳයි උඹට ඕනේ දේවල් මම කන්න දෙන්නම්. උඹ මේ දරුවගෙ ලෙඩ සේරම සුවපත් කරලා අයින් වෙනවද?” රාණි : අනේ මෑණියනි, මට මෙතන ඉන්න බෑ. මාව පිච්චෙනවා. මට ඉක්මනට කන්ඩ දෙන්න. මම මෙතනින් යන්නම්.” මෑණියන්: ඔය කන්න සකස් කරපු දේවල් මෙහාට ගෙනෙල්ලකෝ බලන්න” පෙරදිනක මේ අමනුෂ්‍ය ආත්මය කන්නට ඉල්ලූ සියලු දේ සකසා රාණි ඉදිරිපිටින් තබන ලදී. “හා ඔන්න තියෙනවා කාපන්. උඹට ඕවා කැපයි” මෑණියන් පවසනවාත් සමගම මහ හයියෙන් හිණාවුණු රාණි ඒ ආහාර කන්න පටන් ගත්තේ කිසි දිනක ආහාර නොදැක්කකු ලෙසය. ඉදුණු කටු අනෝදා ගෙඩියක් අතින් කඩාගෙන මුළු මුහුණ පුරාම තවරාගෙන කාපු ආකාරය මතක්වන විට මට නම් කටු අනෝදා කෑම සදහටම එපා විය. අනෙක් ආහාරද ඇය අනුභව කළේ නියම ප්‍රේතයකුගේ ස්වභාවය විදහා පාමින්ය. ඒ ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව “කොයි මට රට කජුයි, සීනියි ගෙනත් දීපල්ලා” යැයි රාණි විසින් හඬනගා ඉල්ලන ලදී. කුඩා වංගෙඩියකුත්, මෝල් ගහකුත් සමග සීනිත් රටකජුත් රාණිගේ අතට ලබාදුන් අතර මහල්ලකු බුලත් විට කොටන ආකාරයට බොහෝම අපූරුවට කොටමින් ඒවාද අනුභව කරන ලදී. “මම ඉන්න කා‍ලේ රටකජුයි, සීනියි කොටලා කන්න හරි කැමැතිය” යනුවෙන් මේ අතර රාණි පැවසීය. මෑණියන් : උඹ දැන් හොඳට කෑවා බිවනේ. දැන් ඉතින් ඉස්සර වෙලා මේ දරුවගෙ සියලු ලෙඩ සුවකරලා දරුවගෙ ශරීරයෙන් අයින් වෙයන්. අද ඉඳලා තුන්මාසයක් ගතවන්නට මත්තෙන් අටපිරිකර පූජාවක් සිද්ධ කරලා මම උඹට පිං දෙනවා. උඹ ඔය ආත්මෙන් අත මිදිලා සුගතිගාමී තැනකට පලයන්. උඹ යන්න කලියන් ඔය ප්‍රේත ආත්මයේ ඉපදෙන්න කරපු අකුසලය මොකක්ද කියපන්කෝ. මේ ඉන්න අයටත් දැනගන්න, රාණි : “අනේ මෑණියනි, මම ඉන්න කා‍ලේ මේ දරුවන් ‍පෝෂණය කරන්න දුක් වින්දා මිසක් පිනක් දහමක් කරන්න බැරිවුණා. මට දැන් තමයි තේරෙන්නේ මම පිං කරපු නැති එකේ විපාකය. අද මම මේ දුක් විඳින්නේ ඒ නිසයි.” මෑණියන් : උඹ ඉන්න කා‍ලේ පන්සල් එහෙම ගියේ නැද්ද?” රාණි : ආනේ මෑණියනේ මට පන්සල් යන්න වෙලාවක් කොහෙද? මුන් වෙනුවෙන්ම හම්බ කරා මිසක්.” මෑණියන් : හොඳයි, හොඳයි ඉතින් උඹලා කරපු පව් උඹලම විඳින්න එපායැ. දැන් ඉතින් උඹ මේ දරුවව සුවපත් කරලා මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනේ.” ඉන් අනතුරුව රාණි තම පියා ලෙස හැසිරෙමින් තම බිරිඳටත්, දරුවන්ටත් ළඟට කතා කරමින් “අනේ පුතේ මම අද යනවා. උඹලා හොඳින් ඉඳපල්ලා” කියා අඬමින් තම දරුවන්ගේත්, බිරිඳගේත් හිස අතගාමින් වැළපෙන්නට විය. මේ දර්ශනය දුටු බොහෝ දෙනකුගේ දෙනෙතින් ගැලූ කඳුළු බිඳු කම්මුල් දිගේ පහළට වැටුණු ආකාරය මම දුටුවෙමි. මෑණියන් විසින් පිරිත් කියා මුහුණට පිරිත් පැන් ඉසීමෙන් අනතුරුව රාණිට පියවි සිහිය ලැබුණි. පසුව මෑණියන් ඉතා කරුණාවෙන් “මගේ පුතාට දැන් කොහොමද?” යැයි රාණිගෙන් විමසීය. “අනේ මෑණියනි, මගේ ඇඟට දැන් පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. අවුරුදු 17 ක් මුළුල්‍ලේ මම වින්ද වේදනා අපමණයි. මට දැන් හොඳටම සුවයි. ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න ඕන” කියමින් රාණිත්, රාණිගේ පවු‍ලේ සියලු දෙනාත් සතුටු කඳුළු වගුරවමින් මෑණියන්ගේ දෙපාමුල දණින් වැටී නමස්කාර කරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලු දෙනා අමතා මෑණියන් පැවසුවේ “අපේ මිනිස්සු මුළු ජීවිත කාලය පුරාවටම වෙහෙසෙන්නේ. දුක් විඳින්නේ දාලා යන දේවල් එකතු කරන්නයි, අඹු දරුවන්, ඉඩකඩම්,වතුපිටි,මිල මුදල් මේ සියල්ල කෙදිනක හෝ අප අතහැර යා යුතුයි. නොයෙකුත් දුක් ගැහැට විඳිමින් ආශාවෙන් රැස් කරන මේ වස්තූන් අතහැර යාම මරණාසන්න මොහොතේදී හැමෝටම මහා දුකක්. වේදනාවක්. එම හේතුව නිසාම මරණින් පසු සතර අපායේ උපත ලබනවා. ඉන් මිදීමට නම් දාලා යන දේ නොව රැගෙන යන දේ රැස් කිරීමට උත්සාහ කළ යුතුයි. සියලු ආශාවන් දුරුකොට වැඩි වැඩියෙන් කුසල් දහම් කළ යුතුයි” මෑණියන් කරුණාබර හදවතින් පැවසීය.මෙය සත්‍ය කතාවක් වන අතර මෙහි සඳහන් වන නම් ගම් පමණක් මනඃකල්පිතය. උපුටා ගැනීම රිවිර