🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පිළිකාවෙන් පෙළුණු ඒ යුවතිය වරින් වර සිහිනයෙන් දුටු ඒ නුපුරුදු ස්ථානය කුමක්ද?

යහපත් ජීවිත ගත කරන අයගේ ජීවිතවලට බලපාන නොයෙක් දුක් කරදරවලදී අදෘෂ්‍යමාන බලවේග ලෙසින් පිහිටට පැමිණෙන දෙවි දේවතාවුන් පිළිබඳ පුවත් බොහෝ විට අසන්නට ලැබේ. එහෙත් දේවකන්නලව් යාච්ඥා, බලි තොවිල් ශාන්තිකර්ම සඳහා යොමු නොවන්නවුන් වෙත ද දේව බැල්ම, දේව පිහිට ලැබෙන අවස්ථා පිළිබඳව නොයෙක් වර සඳහන් වෙයි. මූලික බුදු දහමින් වුව පැවැසෙනුයේ කුසල් වඩමින් යහපත් ජීවිත ගතකරන්නවුන් වෙත දේවාශිර්වාදය සහ දෙවිපිහිට නිරායාසයෙන්ම හිමිවන බවකි. දුක් කරදර රෝග පීඩා ආදියට යමෙකු මුහුණ දීමේදී ඒ අපල පලදීමක් යැයි විශ්වාසයක් පවතී. එලෙස අපල ලෙස පල විපාක දෙමින් චිත්ත පීඩා, දුක් කරදර, ලෙඩ රෝග ආදිය පැමිණෙන්නේ පෙර තමන් විසින් මේ භවයේදී හෝ පෙර භවයකදී කරන ලද කුසලකර්මයන් පල විපාක දීමක් වශයෙන් ද විය හැක. පැමිණෙන දුක් කරදරවල බලවත් බව අවම කරලමින් අකුසල කර්මයේ පලවිපාක අඩු කිරීමට හැකි එකම ක්‍රමය කුසල් වැඩීම පමණකි. මෙය මීට වසර හත අටකට ඉහත මා හමුවේ අනාවරණය වූ සත්‍ය සිදුවීමකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබූ මහනුවර ප්‍රදේශයේ ධනවත් පවුලක යුවතියක් ඉතා අවාසනාවන්ත ආකාරයට ලියුකේමියා රෝගයට ගොදුරු වූවාය. ඇගේ මවුපියන්ට හා පවු‍ලේ උදවියට මෙය කෙසේවත් දරාගත නොහැකි චිත්ත පීඩාවක් විය. තරුණියගේ ජීවිතය කෙටි කාලයක් හෝ දිගු කිරීමට හැකි සියලු ප්‍රතිකාර මෙන්ම ආගමික වතාවත්වල නියැළීමට මව්පියෝ යුහුසුළු වූහ. ඒ අනුව ඈත දුරබැහැර දේවාල පුදබිම් කරා යමින් භාර හාර වීමටත් දියණියගේ රෝගී තත්ත්වය සුවකර දෙන ලෙසට දෙවිවරුන්ට කන්නලව් කිරීමටත් පුරුදු වූහ. එලෙස ඈත ප්‍රදේශයක පුදබිමකට ගිය එක් අවස්ථාවකදී මෙම පිරිසට පාත්‍රයක් ද කරේ එල්ලාගෙන සන්සුන් ගමනින් වඩින එක්තරා ස්වාමීන් වහන්සේ නමක දක්නට ලැබිණ. ඒ කෙසේ හෝ මෙම පිරිස එම හිමියන් හා සුහද කතාබහකට ද එළැඹිණි. එහිදී එම තරුණියගේ තත්ත්වය පිළිබඳ ඇගේ දෙමව්පියයෝ හිමිනම හා පැවැසූහ. සියල්ල අසා සිටි හිමිනම පවසා සිටියේ පූජා වට්ටි රැගෙන දේවාල කෝවිල් කරා නොයා තම තමන් තුළ පවත්නා කුසල ශක්තිය වර්ධනය කර ගැනීමට හැකි නම් එය ජීවිතය හමුවේ එල්ල වන නොයෙකුත් බාධක කම්කටොළු දුරලන නොවරදින මගක් වන බවය. ඒ අනුව ලෝබ, ද්වේෂ, මෝහ, දුරු වී කුසල ශක්තිය වර්ධනය වීමත් සමග සිරුරේ මනෝ ෙජෙව ප්‍රතිශක්තිය වර්ධනය වීම රෝගී තත්ත්වයන් සුවපත් වීමට ඉවහල් වන බවත්ය, ඒ අනුව රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වීම නිරෝගිමත් භාවයට හේතු වන බව ය. එම ස්වාමීන් වහන්සේ සතුව ඉතා ඉහළ මට්ටමක වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් පවතින බව ද එම මාපියන්ට සේම දියණියට ද වැටහිණ. එහෙත් තමන් වහන්සේ පිළිබඳ පෞද්ගලික තොරතුරු කිසිවක් අනාවරණය නොකිරීමට ද එම හිමියන් වගබලා ගන්නා ලදී. අහම්බෙන් හමුවූ එම හිමිනමගේ ඔවදන හිස මුදුනින් පිළිගත් මව්පියෝ ඉන්පසුව කුසලයෙහිම නියළෙමින් කුසල ශක්තිය වර්ධනය කර ගැනීමට ක්‍රියා කළහ. එම දියණිය ද ඉන්පසු තම කුසල ක්‍රියාමුල් කොටගත් තම ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවා ගත්තාය. ඒ අතර තුර තරුණිය නිරන්තරයෙන් දකින එක්තරා සිහිනයක් විය. ඒ තමන් කිසියම් දිනයෙක මෙම රෝගයෙන් සුවපත් වී ජලාශයක් අසල උස් බිමක පිහිටි කිසියම් ස්ථානයකට යන දර්ශනයකි. මෙම සිහිනය නිරන්තරයෙන් දැකීම හේතුවෙන් එම ස්ථානය ඇගේ සිත තුළ චිත්‍රණය වී තිබිණ. මේ අතර තුර නිරන්තරයෙන් සිදු කරන ප්‍රතිකාර අතර ඇගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂණයන් මගින් තහවුරු වූයේ ඇගේ සිරුරේ රෝග කාරක පිළිකා ෙසෙල හීන වෙමින් පවතින බවකි. ඒ ඔස්සේ ඇය ඉක්මන් සුවපත් භාවයක් ලබන බවය. වැඩි කාලයක් ඉක්ම වීමට පෙරාතුව කලාතුරකින් සිදුවන්නක් ලෙස ඇගේ පිළිකා ෙසෙල ශීඝ්‍රයෙන් මර්දනය වූ බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු විණි. සියල්ල යහපත් ආකාරයට සිදුවූවාට පසු තරුණිය පවු‍ලේ උදවිය සමග නැවත වරක් අනුරාධපුරය සහ පොළොන්නරුව වන්දනා චාරිකාවක යෙදුණාය. ඒ ගිය අවස්ථාවේ ඔවුහු මින්නේරිය වැව ඉස්මත්තේ පිහිටි මින්නේරු දේවාලයකට ද පැමිණියහ. එම තරුණිය එම දේවාලයට පය තැබූ මුල්ම අවස්ථාව ද එයම විය. එම තරුණියට දෙනෙත් අදහා ගත නොහැකි වූයේ එවිටය. ඇය නිතර නිරත සිහිනෙන් දුටු, ඇගේ සිත තුළ චිත්‍රණය වී තිබූ ජලාශයක් සහ පුද බිම එයම විය. ඇය එලෙස වරින් වර සිහිනෙන් දැක තිබුණේ මින්නේරිය දේවාලය බව එතනට යන තුරුම ඇය නොදැන සිටියාය.

උපුටා ගැනීම ලක්බිම පුවත්පත