🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මඟ තොට රෑ අත වනනා ගෑනු පිරිමි අතර සතා

මේ කියන්න යන කතාව එක අතකින් කිවයුත්තක් කියලා හිතුණත් තවත් පැත්තකින් ඒක ඒ තරම් සභ්‍යත්වයට ගැළපෙන දෙයක් නොවේ කියලා ඔයා කියයි. ඒත් මේක මේ රට ඇතුළෙ සිද්ධ වෙන නානාප්‍රකාර සිදුවීම් අස්සේ තවත් එක පුංචි කතාවක් විතරයි. ඒ කතාව අපි දැන ගත්තේ නුගේගොඩ පැත්තේ මිතුරියක් මාර්ගයෙන්. මේක සමලිංගික ජීවිතයක් ගත කරන තරුණයෙක් ගැන කතාවක්. ඒක හරිම අහිංසක අනුකම්පා සහගත ඒත් නපුරු ඇත්තක්. ඒ කතාව පටන් ගත්තේ මේ විදියටයි. නංගි මම මේ මනුස්සයාව දන්නේ එයාට අවුරුදු පහක් විතර කාලෙ ඉඳලා. මේ පිරිමි ළමයාගේ පවුලේ හිටියේ අත්තම්මයි සීයයි. තාත්තා වෙන කසාදයක් බැඳලා. අම්මා රට. ඉතිං මේ ළමයා පුංචි කාලේ ඉඳලම හැදිලා තියෙන්නේ අත්තම්මයි සීයයි ළඟ. මෙයාලට ජීවත් වෙන්න යම් මුදලක් තිබිලා තියෙනවා. කොහොමහරි මේ ළමයගේ අම්මා ආයෙත් ඇවිල්ලා නැහැ. මෙයත් ඉතිං පුංචි වයසට ආශ්‍රය කරලා තියෙන්නෙ ලොකු ලොකු අයව තමයි. කොහොම හරි දවසක් මෙයාව ආශ්‍රය කරපු පිට ගමකින් ආව සිකුරුටිකම කරපු මිනිහෙක් මේ ළමයට කරදරයක් කරලා. ඔයාට තේරෙනවනේ නංගි පිරිමි ළමයකුට කරදරයක් වුණාම ඒක මොනවගේද කියලා. මහ ජරා මිනිහෙක්. ඒ මිනිහා අන්තිමට මේ කොලු පැටියව ඒ වැඩේටම පුරුදු කරගෙන. ඉතිං මෙහෙම කාලයක් ගෙවිලා යද්දි නංගි සිකුරුටිකාරයා එතැනින් අස්වෙලා ගෙවල් පැත්තට ගිහිල්ලා. මේ වෙද්දි අර කොල්ලා හොඳ ඉලන්දාරියෙක්. හැබැයි වැඩක් නෑ මොකද පුරුදු වෙලා තියෙන්නේ ඉලන්දාරි වැඩ නෙමේනෙ ගෑනු වැඩනෙ. පුදුම දේ කියන්නේ ඔයාට දැක්කොත් හිතාගන්න බැරිවෙයි. ඒ කොල්ලා කොල්ලෙක් නෙමේ නියම කෙල්ලෙක්. තොල් දෙක, නහය, ඇස්, ඇහි බැමි සේරම හරියට වාත්තු කරලා වගේ. ඒ විතරක් නෙවේ ඇවිදිනකොට ඉණත් නළවනවා. අපිට හිතාගන්න බැහැ. අන්තිමට කොහොමහරි මේ කොල්ලා ගෑනු ඇඳුම් අඳින්න ගත්තා. මූණේ රුවුල වැවෙන්නෙත් නැහැ. දැන් නම් නියම කෙල්ල. එතකොට මෙයා ගැන ආච්චිලා, සීයලා හොයලා බැලුවෙ නැද්ද? මම හිතන්නේ නැහැ. එක්කෝ එයාලට ගාණක් නැහැ. අනෙක මෙයාව අරගෙන යන මිනිස්සු මෙයාට ගෙවනවා. ඇඳුම් අරගෙන දෙනවා. ඉතිං පවුලේ අයටත් කොහොමහරි සල්ලි ලැබෙනවනේ. ඉතිං? ඉතිං ඔහොම කාලේ ගෙවිලා ගිහින් දැන් මේ කොල්ලට අවුරුදු 20යි. ගෑනු ළමයෙක් වගේ නිසා ලස්සනයි. අන්තිමට දැන් මේ කොල්ලා පාරට ඇවිත් ඉන්නේ. දවල්ට මොනවා කරනවාද දන්නේ නෑ. හවස 7.00 පහු වෙන කොටම කොල්ලා පාරේ. පාරට ඇවිල්ලා? පාරට ඇවිල්ලා කරන දේ අහන්න කලින් පාරට එන හැටි අහන්නකෝ. එයා පාරට එන්නේ ගෑනියක් වගේ. තනිකරම ගෑනියක්. බැලූ බැල්මට හොයාගන්න බෑ. දිග විග් එකක් දාලා. කොණ්ඩෙ දණ හිස ළඟට. ඊළඟට ඇඟට ඇලවුණු ඇඟ පේන බ්ලවුස් එකක් ඇඳගෙන. එයා හිතලම සමහර වෙලාවට යට ඇඳුම් එළියට පේන්න ඇඳුම් හදාගෙන එන්නේ. පොඩි කොට කලිසමක් ඇඳලා ඒක හරි විකාරයක්. ඊට පස්සේ? පාරට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි ඉතිං හොඳම වැඩේ. මොකද්ද ඒක? සමහර ඔය ගණිකාවෝ වගේ අය හොයාගෙන වාහනවල දාගෙන යන්න එන පිරිමි ඉන්නවනේ. එයාලා පුදුම විදියට මේ කොල්ලට රැවටෙනවා. ඇයි ඉතිං ගෑනියෙක් වගේමනේ. ඉතිං? දවසක් රෑ 10.00ට විතර අපි වැඩ ඉවර වෙලා පාරට වෙලා හිටියා ට්‍රාන්ස්පෝර්ට් එනකල්. ඔන්න මිනිහෙක් ආවා කාර් එකක. ඇවිත් නැවැත්තුවා. ‍ෙදාර ඇරියා. මෙයත් වාඩිවුණා. ඊට පස්සේ? ම්... මම හිතන්නේ විනාඩි 10ක් යන්න ඇති. එක පාරටම ‍ෙදාර ඇරුණා. මේ කොල්ලව තල්ලු කරලා අර මිනිහා වේගෙන් යන්න ගියා. ඒ ඇයි? අපිටත් මුලින්ම හිතාගන්න බැරුව හිටියේ. අන්තිමට තේරුණා මෙයා ඉන්නේ ගෑනියක් වගේනෙ. අර මනුස්සයා එන්න ඇත්තේ ගෑනියෙක් හොයාගෙන. මෙයා ගෑනියෙක් කියලා හිතලා තමයි කාර් එකට දාගන්න ඇත්තේ. අන්තිමට තේරුණාම එළියට දාලා ගියා. අර කොල්ලට හැමදාම එහෙම වෙනවා ඇතිනේ? ඔව් වතාවක් කොල්ලෝ ටිකක් මෙයාව එක්ක ගිහින් හොඳටම ගහලා පස්සේ ආයෙම අරන් ගිහිල්ලා පිරිමි ඇඳුම් අන්දවලා පිරිමියෙක් කරලා එවලා. ඒත් වැඩක් නැහැ. ඔයාට මෙයාව මූණට මුණ ගැහිලා නැද්ද? ඇයි නැත්තේ, දවසක් අපි වැඩකරන තැනට ආවා කෑම ගන්න. මම පැත්තකට අඬගහලා කිව්වා මල්ලි ඔයා ඔහොම ඉන්න එපා. ඔයා පිරිමි ළමයෙක් වගේ ඉන්න කියලා. ඔයා දන්නවද නංගි එයා දුන්නු උත්තරේ. නැහැ මොකක්ද? 'අයියෝ මම මොකටද පිරිමි ළමයෙක් වගේ ඉන්නෙ. මම ගෑනු ළමයෙක්නෙ. ඔයාට ඒකවත් තේරෙන්නෙ නැහැ' කියලා තමයි එයා උත්තර දුන්නේ. හරි පුදුමයිනේ? පුදුම වෙන්න දෙයක් නැහැ ඒ වගේ තවත් අය ඕන තරම් ඉන්නවා. කියන්නකෝ එයාලා ගැනත්? මේ කියන කෙනාගේ නම් මම මුල් විස්තර දන්නේ නැහැ. එයාවත් මට මුණගැහුණෙ මෙහෙදී. එයත් මේ වගේද? ඔව්. ඒත් පිරිමි ගණිකාවක් නෙවේ. අඳින්නේ එහෙම මේ වගේ ගැහැනු ඇඳුම්මයි. ඇඳුම් විතරද? නෑ නෑ මමනෙ මෙහෙ... බ්‍රෑන්ඩ් එකේ අයිටම් සප්ලයර්. මම ඒ බ්‍රෑන්ඩ් එකේ ලේඩිස් අයිටම් විතරයි විකුණන්නේ. මෙයා මගෙන් ලිප්ස්ටික්, කියුටෙක්ස්, රෝස් පවුඩර් ගන්නවා. තෑගි දෙන්නද? නෑ නෑ එයාගේ පාවිච්චියට. හරි පුදුමයි නේද? ඔව්, ඒකනේ, දවසක් හරි ලස්සන ගවුමක් ඇඳගෙන ආවා. මම ඇහුවා කොහෙන්ද කියලා. එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් අරගෙන දුන්නා කියලා ඇඹරි ඇඹරී උත්තර දුන්නා. ඉතිං? ආයෙත් දවසක් ආවා. එදා අතේ පිච්චුණු තුවාල හැදිලා. මම ඇහුවාම ඇයි කියලා මෙයා කියනවා බෝයි ෆ්‍රෙන්ඩ් මෙයාව දාලා රට යන්න හදපු නිසා සිගරැට් එකකින් අත පුච්ච ගත්තාලු. පුදුම කතානේ? ඔව්, එයා විතරක් නෙවේ නංගි මේ කොළඹ ඔය වගේ අයව ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. ඒ මිනිස්සු මහ පුදුමාකාරයි. දැන් ඔයාම සැලෝන් එකකට ගිහින් බලන්න බහුතරයක් එහෙමනේ. මුලින් මම කියපු කොල්ලා නම් පුරුදු කරලා පුංචි කාලෙම. ඒත් අනෙක් අය. ලෝකේ එහෙම සීයක් හිටියොත් ඒ සීයම අර මුලින් වගේ පුංචි කාලේ කරදර වෙච්චි අයද? නෑනෙ නංගි. 'කොහොමත් ඔය හෝමෝසෙක්ස්ලගෙත් වර්ග ඉන්නවලුනේ නංගි. කට්ටියක් පිරිමි වගේ කට්ටියක් ගෑනු වගේ. ඒක ඉතිං එක සංස්කෘතියක්. තම තමන්ගේ කැමැත්තනේ. අනෙක් අයට ඒක ප්‍රශ්නයක් කරගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. එයාලව වෙනස් කරන්නත් බෑනෙ නංගී.' මේ එක අදහසක් සහ කතා කීපයක් විතරයි. මේ වගේ තව කතා කීපයක්ම තියෙනවා. ඒවත් මේ කතාව ඇතුළෙම දිග අරින්න පුළුවන්. හැබැයි මේ කතාව නම් කිව්වෙ වෛද්‍යවරයෙක්. 'මම දන්න එක පවුලක් හිටියා. මෙයාල හොඳට සල්ලි බාගෙ තිබුණු පවුලක්. වතුපිටි තිබුණා. අම්මයි, තාත්තයි දෙන්නම මගේ යාළුවෝ, එයාලා හොඳ ජොබ් කළා' දරුවෝ හිටියේ නැද්ද? හිටියා එයා ගැන තමයි මේ කියන්නේ. එක පුතෙක් හිටියා. ගියේ ලංකාවේ තියෙන ලොකුම ඉස්කෝලෙට. කතා කළේ ඉංග්‍රීසි හැබැයි පොඩි අවුලක් තිබුණා. ඒ මොකද්ද? මේ ළමයා උදේට ඉස්කූල් වෑන් එකේ. හවසට ගෙදරට ගෙන්නලා ඉගැන්නුවා. ඊට පස්සේ ගේ ඇතුළේ. ඉතිං? ඉතිං එයා එයාගෙම ලෝකෙක හිර වුණා. මවුපියෝ ආදරේ වැඩිකමට මේ ළමයව හැදුවේ ගෑනු දරුවෙක් වගේ. හරි පුදුමයිනේ? ඔව්, එයාලා මේ ළමයා ඉස්සරහා තියාගෙන මටම කියලා තියෙනවා. 'අපේ පුතා ඉතිං හැදෙන්නෙ ගෑනු ළමයා වගේනෙ අපට කිසිම බයක් නෑ' කියලා. ඊට පස්සේ? අන්තිමට ඒ කිව්වා වගේම මේ පිරිමි ළමයා ගෑනු ළමයෙක්ම වුණා. ඒ කියන්නේ? ඒ කියන්නේ ඉතිං එයාගේ කතාබහ අංග චලන, ඇඳුම් විලාසිතා සේරම ගෑනු ළමයෙක් ගේ වගේ වුණා. අන්තිමට එයාගේ අම්මා මගේ ළඟට දුවගෙන ඇවිත් අඬද්දී මටත් දෙන්න උත්තරයක් නැතුව ගියා. ඇත්තටම උත්තරයක් නැති වුණා නෙමේ. යාළුකමයි ඊටත් එහා ගිය මාතෘත්වය කියන බැඳීමයි ඉස්සරහා මට ඒ උත්තරේ දෙන්න බැරි වුණා' 'ඒ වගේම මම දන්න තවත් කතාවක් තියෙනවා. එයත් පිරිමි ළමයෙක් අග හිඟකම් නිසාත් පවුලේ පස් දෙනෙක් හිටපු නිසාත් එයාව ආච්චිට හදාගන්න බාර දීලා. ඉතිං ඩොක්ට? ඉතිං ආච්චිත් ආදරේ වැඩිකමට මෙයාට හුරතලේට ගෑනු ළමයි අඳින ඇඳුම් අන්දලා. අන්තිමට එයත් මේ වගේම තමයි පිරිමියෙක් වෙලා ඉපදුණාට හිටියේ ගෑනියෙක් වගේ. ඊට පස්සේ? චීනෙට ගිහිල්ලා රස්සාවක් හොයාගෙන මෙයා එයාගේ අවයවත් වෙනස් කරගෙන තිබුණා. පියයුරු වර්ධක ඔෟෂධ බීලා තිබුණ, පියයුරු වර්ධනය වෙන්න. ඒ අතරේ විශාල මුදල් සම්බාරයක් වියදම් වෙන විදියේ ඔපරේෂන් එකක් ගැනත් හොයලා බලලා තියෙනවා. මොකක්ද ඒ ඔපරේෂන් එක? ඒක ලිංගික අවයව හුවමාරු කරන ඔපරේෂන් එකක්. මෙයාට තිබුණේ අනන්‍යතා හුවමාරුව කියන (ඊපචභඵඵඥයභචතඪබර) රෝගී තත්ත්වය. මේවා එතරම් ඇඟට හොඳ දේවල් නෙවේ. ඒත් මිනිස්සු මේක තේරුම් ගන්නේ නැහැ. මේ වගේ අය මනසින් ජීවත් වෙන්නේ තමන් ගෑනු ළමයෙක් කියලා හිතාගෙන. ඒ අය ආදරය කරන්නෙත් පිරිමි අයට. මොකද එයාලා පිරිමි විදියට ඉපදුණාට හිතන්නේ ගැහැනු කියලනේ. මේවා අසාමාන්‍ය දේවල් නෙමේ. ඒත් සංස්කෘතියක් තියෙන දේවල් හැටියට පිළිගන්න බැහැ. හොඳම දේ ඒ වගේ අයට හිරිහැර නොකර ඉන්න අරින එක. ඒ වගේම මේ අය මේ දේ අනෙක් අයට පුරුදු කරන්න උත්සාහ දැරුවොත් අනෙක් අය බේරිලා ඉන්න දැනගන්න ඕන. කොහොමද ඩොක්ට මේ විදියට වෙන්නේ? ඒක උපතින්ම එන දෙයක්. සමහරවිට සමලිංගික ඇසුරකට පුරුදු වුණු කෙනෙක් මෙහෙම වෙන්නත් පුළුවන්. අම්මාට අනවශ්‍ය ලෙස ආදරය කරන අය මේ විදියට වෙනවා කියලා මතයක් තිබෙනවා. නමුත් අපිත් අපේ අම්මලාට ගොඩක් ආදරෙයි. ඒ වගේම අම්මාට ආදරේ වෙලා පිරිමි දරුවො විදියට ඉන්න පුතාලා ඕන තරම් ඉන්නවා' කොහොම වුණත් මේක තමයි කතාව. අමුතු කතාවක් නෙවෙයි මේ වගේ දේවල් මේ ලෝකෙ ඕනතරම් සිද්ධ වෙනවා. ආදරණීය අම්මේ, තාත්තේ තමන්ගේ දුවා දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ආශ්‍රය කරන්නේ කවුද, හැසිරෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. ජීවිතේ වරදින්නේ එකපාරක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක වරද හැමදාටම බලපාන අපරාධයක් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ආයෙත් මේ වගේ කතාවක් ලියන්න මේ පෑනට ඉඩ තියන්න එපා. ඒක ආදරණීය ඉල්ලීමක්. කතාව - හංසි ආටිගල උපුටා ගැනීම මව්බිම