This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කඨින පිංකම ගැනයි මේ...
බුදු සමයේ ප්‍රකට පූජා විධි ද්වයකි. එය සාමිස හා ප්‍රතිපත්තිමය වශයෙන් සමන්විත වන අතර තදනුබද්ධ පුජාවිධි හා පින්කම් රාශියකි. පරම පූජාව ධර්මානුධර ප්‍රතිපත්ති වේ. මෙහිදි බෞද්ධ ආරාමික සංස්‌ථාවෙහි එක්‌ සුවිශේෂී ආගමික සංස්‌කාර විධියක්‌ වශයෙන් සැලකෙන කඨින පූජාව සාමිසයන් අතුරෙන් ප්‍රමුඛවේ. මෙය ගිහිලපැවිදි දෙපාර්ශවය අතර අනයෝන්‍ය සම්බන‍ධතාව තහවුරු කෙරෙන සුවිශේෂී පින්කම් මාලාවක්‌ ලෙසින් බොදුනුවෝ සලකති. එසේම භික්‍ෂු භික්‍ෂු උපාසක-උපාසිකා යන සිව්වනක්‌ පිරිසේම සහභාගිත‍වයෙන් යුතුව සිදු කෙරෙන විනය කර්මයක්‌ වන හෙයින් බෞද්ධ විනය සාහිත්‍යයෙහි සුවිශේෂී භූමිකාවක්‌ නිරූපණය කිරීමටද මෙය සමත් වන අතර අත්‍යුදාරතර පින්කම ලෙසින් පිළිගැනෙන හෙයින් ශ්‍රද්ධාවන්ත ලෝකවාසි බෞද්ධයෝ වස්‌ හාරමාසය තුළ තුන් සරණමමායන හැගීමෙන් තිසරණාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩිය සිත් ඇතිව ආගමික නැඹුරුතාවක්‌ ඇති කරගනිත්. අද්‍යතන කලයානුරූපව මේ පිළිබඳ නිවැරදි ප්‍රජානනයල චර්යාව බෞද්ධ පින්වතුන්ගේ ඓහලෝක හා පාර ලෝක උභයාර්ථ සාධනය සඳහාත් පරිඥාත ශ්‍රද්ධා බුද්ධි වර්ධනයටද හේතු වේ. \"කඨිනය\" නමැති වදනින්, දුක සේ ජීවත් වීම, දැඩි බව, තද බව, උසස්‌ කිරීම, ස්‌ථිර කිරීම යන විවිධ අරුත් ඇතිබව ශබ්ද කෝෂ තුළින් පෙනෙතත්, බුදු සමයේදී මෙම වාච්‍යර්ථර්ය සුභාවිත වන්නේ යථොක්‌ත අර්ථයන්ගෙන් සපුරා වෙනස්‌ වූ බෞද්ධ විනය කර්මයක්‌ පිළිබඳ හැඳින්වීම සඳහායි. කිසියම් උපසපන් භික්‍ෂුවක්‌ වස්‌සාන සමය එළඹුණු පසු \"ඉමස්‌මිං විහාරේ ඉමං තේමාසං වස්‌සං උපේමිග ඉධ වස්‌සං උපේමිග\" (මේ වස්‌ තෙමසෙහි මේ ආරාමයේ වස්‌ එළඹෙමිග) යනුවෙන් අධිෂ්ඨාන කොට කිසියම් නිශ්චිත වාසස්‌ථානයක්‌ සීමාවක්‌ වශයෙන් නියම කරගැනීමෙන් පසු එම වස්‌ තෙමස පුරා එළඹි සිහියෙන් යුතුව නියමිත පරිදි වස්‌ ආරක්‍ෂා කරමින් විනයානුකූලව කටයුතු කරල මහා පවාරණයෙන් වස්‌ පවාරණය සිදු කිරීමෙන් අනතුරුව එම භික්‍ෂුවට භුක්‌තිය තබා වස්‌ කාලය අවසන්ව එළඹෙන චීවර මාසයේදී දායකයන් විසින් පිරිනමනු ලබන චීවරය හෝ වස්‌ත්‍රය හැඳින්වීමට බුදු සමයේදී \"කඨිනය\" යන වචනය භාවිතකර ඇත. කඨිනයේ සමාරම්භය : විනය පිටකයට අයත් මහාවග්ග පාළියේ කඨිනක්‌ඛන්ධකයේ සඳහන් වන අන්දමට කඨිනයට සම්බන්ධ එක්‌තරා නිධාන කථාවක්‌ද ඇත. එයට අනුවල ආරණ්‍යකල පිණ්‌ඩපාතිකල පාංසුකූලික හා තේචීවරික වත් ආරක්‍ෂා කරමින් වැඩ සිටි පාවා නුවර වැසි භික්‍ෂුන් තිස්‌නමක කණ්‌ඩායමක්‌ බුදුරදුන් බැහැදැකීමට දෙව්රම් වෙහෙරට වඩින අතරමගදී වස්‌ කාලය එළඹීම හේතුවෙන් එම භික්‍ෂු පිරිස සාකේත නුවර වස්‌ විසූහග වස්‌ තුන් මාසය ඉක්‌ම ගිය පසු දෙව්රම් වෙහෙර කරා එළඹීමට නැවතත් ගමන් ඇරඹූ නමුත් අතරමගදී පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් උන්වහන්සේලාගේ සිවුරු පිරිකර ආදිය තෙත් වී මඩ තැවරී ඉමහත් අපහසුතාවකට පත්වූහ. බුදුරජාණන් වහන්සේ හමුවී මග තොරතුරු පිළිබඳ කතාකිරීමේදී මේ පිළිබඳ කරුණු දැනගත් බුදුරජාණන් වහන්සේල භික්‍ෂුන් වහන්සේගේ පහසුව පිළිබඳ සලකා \"අනුජානාමි භික්‌ඛවේල වස්‌සං වුත්ථානං භිකඛුනං කඨිනං අත්ථරිතුං\" (මහණෙනි වස්‌ විසූ භික්‍ෂුන් හට කඨිනය ඇතිරීමට අනුදැන වදාරමි)- යනුවෙන් අනුදත්හ. තදනන්තරව කඨිනය ඇතිරිය යුතු කාලයක්‌ද බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ඒ අනුව වස්‌සාන ඍතුවේ අවසාන මාසය හෙවත් වප් මස අවපෑලවියේ පටන් ඉල්මස පුර පසළොස්‌වක දක්‌වා ඇති මසක කාලය තුළ, කඨිනත‍ථාර විනය කර්මය සිදුකළ හැකි අතර කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය දක්‌වා වන කාලයේදී කඨිනය අතුළ භික්‍ෂුවට පෙර කියන ලද පඤ්චානිසංසයන් ලැබෙන බවද විනයේ සඳහන් වේ. කඨිනය සිදුකරන ක්‍රමවේදය : මුලින් සඳහන් කරන ලද සුදුසුකම් මැනවින් සපුරන ලද භික්‍ෂු සංඝයා උදෙසා ගිහි හෝ පැවිදි හෝ කිසියම් සැදැහැවතෙකු විසින් \"ඉමං කඨින චීවරංරැදුස්‌සං සංඝස්‌ස දේම\" යන කර්මවාක‍්‍යය කියා සඟසතු කොට පිදූ පසු මහසඟන එම කඨින චීවරය රැගෙන පොහොය සීමාවට රැස්‌ව එම කඨින චීවරය හෝ වස්‌ත්‍රය දීමට සුදුසු භික්‍ෂුවක්‌ තෝරා \"සුණාතු මේ භන්තෙ සංඝෝල ඉදං සංඝස්‌ස කඨිනදුස්‌සං උප්පන්නං යදි සංඝස්‌ස පත්තකල්ලං සංඝො ඉමං කඨින දුස්‌සං(තිස්‌සස්‌ස) භික්‌ඛුනෝ දෙද්‍යය කඨිනං අත‍ථරිතුංල එසා ඤත්තිග\" යනාදී වශයෙන් නියමිත කර්මවාක‍්‍යයන් පැවසීමෙන් පසු කඨින වස්‌ත්‍රය සුදුසු පරිදි අඳනයක්‌ හෝ සිවුරක්‌ වශයෙන් එදිනම සකසාගෙන පඬුපොවා කප් බින්දු තබා එම භික්‍ෂුවට ලබා දිය යුතුය. කඨින වස්‌ත්‍රය නිශ්චිත නිමාවක්‌ නොමැත්තක්‌ නම් එය සේදීම නූල් ගසා කඩ වෙන් කිරීම කැපීම බොරු නූල් දමා කඩ එකතු කිරීම මැසීම පඬු පෙවීම කප් බින්දු තැබීම යනුවෙන් සිදුකළ යුතු පූර්වකෘත‍්‍ය හතක්‌ පිළිබඳවද කඨිනයක්‌ වශයෙන් පිරිනැමිය හැකි වස්‌ත්‍ර තුනක්‌ පිළිබඳවද විනයෙහි සඳහන් වේ. එය මෙසේය. 1. සුදුපැහැතිල වර්ණ ගැන්විය හැකි අලූත් වස්‌ත්‍රයක්‌ දීම. 2. සුදුසු පරිදි වර්ණ ගන්වන ලද අලුත් දෙපට හෝ තනිපට සිවුරක්‌ දීම. 3. සුදුසු පරිදි වර්ණ ගන්වන ලද අලුත් අඳනයක්‌ දීම. යනුවෙනි. එබඳු කඨිනයක්‌ ලද භික්‍ෂුව ඊට නියමිත විනය පිළිවෙත් නිමවා \"ඉමිනා චීවරෙන කඨිනං අත‍ථරාමි\" (මේ සිවුරෙන් කඨිනය අතුරමි.) යනුවෙන් භික්‍ෂුවක්‌ ඉදිරියේ ප්‍රකාශ කළ යුතුය. තදනන්තරවල වස්‌ තෙමස තුළ වස්‌ ශික්‍ෂා පදය ආරක්‍ෂා කරමින් එකට වැසල වස්‌ පවාරණය කරන ලද අනෙකුත් භික්‍ෂූන්ටද පින් අනුමෝදන් කළ යුතුය. එසේම කඨින චීවර පූජාවක්‌ සිදුකරන අවස්‌ථාවකදී සැදැහැවත් දායකයෝ අවශේෂ පූජා පරිස්‌කාදිය ද පුදති. ඒවා \"කඨිනානිසංස්‌ පරික්‌ඛාර\" නම් වේ. කඨිනලාභී භික්‍ෂුවට ලැබෙන වරප්‍රසාද : යථොක්‌තාකාරයෙන් කඨිනයක්‌ ලද භික්‍ෂුවට වස්‌ විසූ සෙසු භික්‍ෂුන්ට වඩා වැඩි වරප්‍රසාද හෙවත් ආනිසංස පහක්‌ ලැබෙන අතර සාමාන්‍ය භික්‍ෂු ජීවිතයේදී භික්‍ෂුවක විසින් නොකළ යුතු යැයි සම්මත යම් යම් කරුණු කඨිනලාභී භික්‍ෂුවට කඨිනයෙන් පස්‌ මසක්‌ ගතවන තුරු සිදු කිරීමටද අවසර ලැබේ. එම ආනිසංස පහ මෙසේය. 1. අසමාදානචාර - තුන් සිවුර තමා ළරී නොතිබුණද නිසඟිපචිති සිදු නොවීම. 2. අනාත්මචාර - විහාරස්‌ථ අනෙක්‌ භික්‍ෂුවකට නොදන්වා දායක කුලවල ඇවිදිය හැකිය. 3. ගණභෝජන - දානයක්‌ වශයෙන් නොවල මිත්‍රත්වයෙන් කළ ඇරයුමකටසතරනමක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ සමඟ ගොස්‌ වැළඳිය හැකිය. 4. යාවදත‍ථචිවර - තුන්සිවුරට අතිරේකව ලැබෙන සිවුරක්‌ හේමන්ත ඍතුව අවසන් වන තෙක්‌ නිසඟි නොවී තබාගත හැකිය. 5. චීවරුප්පාද - හේමන්ත ඍතුව අවසන් වනතුරු විහාරස්‌ථානයට ලැබෙනතාක්‌ සිවුරු පිරිකරාදිය ලබා ගත හැකියග යනුවෙනි. එහෙත් මෙම වරප්‍රසාද පහල කඨිනාස්‌තරනය අවලංගුවීමට බලපාන කරුණුවලින් එකකට හෝ පත්වීම හේතුවෙන් අහිමි විය හැකිය. එබඳු කරුණු අටකි. 1. පක්‌කමන්තිකා - කඨින චීවරය රැගෙන නැවත නොඑන පරිදි විහාරස්‌ථානයෙන් පිටවී යැම. 2. නිට්‌ඨානන්තිකා - කඨිනවස්‌ත්‍රය රැගෙන වෙනත් තැනකදී සිවුර නිමකොට නැවත විහාරස්‌ථානයට නොයන බව සිතීම. 3. සන්නිට්‌ඨානන්තිකා - කඨිනවස්‌ත්‍රය රැගෙන වෙනත් තැනකට ගොස්‌ ඉන් සිවුරක්‌ නොකරන බවත් ආපසු විහාරස්‌ථානයට නොයන බවත් සිතීම. 4. නාසනන්තිකා - විහාරස්‌ථානයෙන් බැහැරව සිවුර මසාගනිද්, එය විනාශ වී යාම. 5. සවනන්තිකා - ආපසු විහාරස්‌ථානයට පැමිණෙන්නට සිතා විහාරස්‌ථානයෙන් බැහැර ගොස්‌ සිවුර කරවූ භික්‍ෂුව සිය කඨිනබලය සංඝ සම්මුතියෙන් අවසන් කළබව ඇසීම. 6. ආසවච්ඡේදිකා - කඨිනයෙන් සිවුරක්‌ ලද හැකිය යන ආශාවෙන් වෙහෙරකට ගොස්‌ වස්‌ වැසල ඉන් සිවුරක්‌ නොලැබෙන බව දැන එම ආශාව ඉවත් කර ගැනීම. 7. සීමාතික්‌කන්තිකා - ආපසු එන්නට සිතා විහාරස්‌ථානයෙන් බැහැරට ගොස්‌ සිවුර පිළියෙල කරගෙන එන අතරමගදී හේමන්ත ඍතුව අවසන් වීම. 8. සහුබ්භාරා - ආපසු විහාරස්‌ථානයට එන්නට සිතා කඨින චීවරය පිළියෙල කරගෙන විහාරස්‌ථානයට පැමිණි පසු එහිදී සෙසු භික්‍ෂුන් සමඟ සිටියදී පස්‌මස අවසන්ව කඨින බලය අවසන් වීම යනු එම කරුණු අටයි. කඨින වස්‌ත්‍රයක්‌ දැරීමට සපිරිය යුතු සුදුසුකම් අටක්‌ පිළිබඳව පරිවාර පාළියේ සඳහන් වේග පුබ්බකරණය දැනීම, පච්චුද්ධාරය දැරීම, අධිට්‌ඨානය දැනීම, මාතිකාව දැනීම, පළිබෝධය දැනීම, උද්ධාරය දැනීම, ආනිසංසය දැනීම යනු එම කරුණු අටයි. ආවාස පළිබෝධය හා චීවර පළිබෝධය වශයෙන් කඨිනයට අදාළ පළිබොධ දෙකක්‌ද වේ. ආවාස පළිබෝධය යනු කඨිනය ඇතිරූ විහාරස්‌ථානයේම වාසය කළ යුතු බව හා එයින් බැහැරට ගියද නැවත ඒමේ බලාපොරොත්තු ඇති බවයි. චීවර පළිබෝධය යනු භික්‍ෂුවගේ චීවරය නොකළ බව හෝ නොනිමි බව හෝ සිවුරක්‌ ලබා ගැනීමේ බලාපොරොත්තු ඇති බවයි. කඨිනානිසංස : \"කඨිනය\" යනු ඉමහත් ආනිසංසදායක පින්කමකි. එසේම සෙසු ආගමික පුදසිරිත් සමග සැසඳීමේදී ඉමහත් ජනාදරයටද පත් සැලකීමෙන් සිදු කෙරෙන ආමික උත්සව ශ්‍රීයෙන් සෝභමාන පින්කමකි. \"කඨින\" යන නාම මාත්‍රයෙන්ම එහි ඇති විපුලතාවත් ස්‌ථාවරත්වයත් ප්‍රකට වේ. \"කඨිනවත‍ථං නාම බුද්ධප්පසත‍ථං\" යන ප්‍රකාශයෙන්ද එහි ස්‌වභාවය ප්‍රකට කෙරේ. මෙය භික්‍ෂූන්ට හා දායකයන්ට වෙන් වෙන් වශයෙන් ආනිසංස ලබාදෙන්නකි. \"කඨිනට්‌ඨ පරික්‌ඛාරං\" යනාදී වශයෙන් ශාසන ඉතිහාසයේ සඳහන් වන අටමහා කුසල්වලද ප්‍රමුඛතාවෙහිලා සැලකෙනුයේද මෙම පින්කමයි. මේ අනුවල කඨිනය යනු එදා මෙදාතුර ගිහි පැවිදි සැමගේ සහභාගිත්වයෙන් යුතුව වසරක්‌ පාසා එක්‌ වර බැගින් සිදුකෙරෙන උතුම් පින්කමක්‌ වන අතර භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසටම එකසේ බලපාන වැදගත් විනය කර්මයකිග බෞද්ධ ආරාමික සංස්‌ථාවෙහි ඇතුළත් වන වැදගත් විනය කර්මයක්‌ වශයෙන් කඨිනය වදගත් බව පසක්‌ වේ. එසේම දායක කාරකාදීන්ට සිව්පසින් (සිවුරු දානය ආරාම බෙහෙත්) උපස්‌ථාන කරමින් සසුන් පින් කෙතේ සැදැහැ බිජු වපුරා අස්‌වැන්න නෙලනු වස්‌ සුදුසුම කාලයද වස්‌කාලයයි. බණ භාවනා ප්‍රගුණ කරමින් සව් දුක්‌ නැසීමට වෙහෙසිය යුතු භික්‍ෂුව ප්‍රත්‍යූපකාර වශයෙන් ගෘහස්‌ථන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම යෝග්‍යවේ. විහාරවාසි ස්‌වාමින් වහන්සේලා සතර පේරුවේ ගෘහස්‌ථයන් යන උභය පක්‍ෂයටම පරම නිෂ්ටාවට ප්‍රවේශ වීමට වස්‌සාන කාලය තරම් එකසේ මහෝපකාරීවන කාලයක්‌ නොමැති තරම්ය. වර්තමානය වන විට කඨින පින්කමට අතැම් විවිධාංගයන් එක්‌ වීමෙන් අනුචිත නානා විප්‍රකාර නවතාවන්ටද ලක්‌ වී ඇති නමුත්, කඨින දුස්‌ස පූජා, පෙරහැර කප්රුක ආදි සංසිද්ධි සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ සිත්වල ඇත්තේ අපරිමිත ගෞරව විශ්වාසයකි. ශ්‍රද්ධාධ්‍යාශයකි. කඨින පුණ්‍ය මහොත්සව සාසන චිරස්‌තිථියට හේතුවන විනයානුකූල ක්‍රමවේදයකින් සකස්‌ වූවක්‌ බැවින් ලාංකේය ජන විඤ්ඤාණයට ප්‍රජානනය කරවීම අවශ්‍යතාවකි. වත්මන් බාල තරුණල මහළු බහුතරයක්‌ චීවරයක්‌ සකස්‌ කරගැනීමේ ක්‍රමෝපායයන් දැක, දැන, කළ පුරුදු ඇත්තෝ නොවෙති. එබැවින් දුරාතීතයේ මෙන් නූතනයටද සාධාරණ වන පඬු පෙවීම් ආදි පෞරාණික විධික්‍රම භාවිතය අත් නොහළ යුතුබවත් චීවර මාසයේ කඨින විනය කර්මය වඩාත් අර්ථවත් විය යුතු බවත් අවධාරණය කරමින් තත් කාර්යයේ උත්සහවත් වීම බෞද්ධ සමාජයේම අද දවසේ කාර්ය භාරයයි. ගිහි පැවිදි සබඳතාව තීව්‍රකරවන කඨින පින්කම ගම පන්සල ඒකාත්මික කරවන විස්‌මිත පින්කමක්‌ ලෙස සැලකීමට පුලුවනි. එබැවින්ම කඨින පුනයෝත්සවය ආදී බෞද්ධ සංස්‌කෘතික බද්ධ ආගමික උරුමය කියාපාන්නකි. විහාස්‌ථාන කේන්ද්‍රගතවීම සංවිධනශීලීත්වයද මෙයින් විද්‍යමාන වන වැදගත් සංලක්‍ෂණයකි. මෙම පූජෝත්සව සමයේ සිරිලක එදා මෙන් වැවත් දාගැබත් දිස්‌වෙන නිල් ගොයමින් පීදෙන ගමත් රටත් යා කෙරෙන කාසාය වතින් සුදිලෙන පන්සල් ඇති යම් පින් බිමක්‌ වේද එය දහම් දීපයක්‌ කරවීමට හැකි බවම කියාපන්නේ නොවේද? එසේනම් අද මෙන් හෙටත් මේ සබැඳියාවන් ගසට පොත්ත මෙන් අනොන්‍ය පූතිබද්ධ විය යුතු හෙයින්ම නිතර දෙසන අසන බණ පහන් මනසින් දැන ප්‍රායෝගික කිරීමට මේ යෝග්‍යම කාලයයිග කඨින පින්කම් මාලාව එයට කදිම උපයෝගිතාවයකි. රජකීය පණ්‌ඩිතලශාස්‌ත්‍රපති පූජ්‍ය වැහිගල සාරද හිමි උපුටා ගැනීම දිවයින පුවත්පත