🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අලුත් රටේ මුල්ම චිත්‍රපටය හොඳම චිත්‍රපටය වෙයි

ඉන්දියානු 44 වැනි අන්තර් ජාතික සිනමා උළෙල ලෝකයේ ලාබාලතම රාජ්‍යය ලෙස සැළකෙන ටිමෝරයට සිය ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් පසුගිය තිස් වැනි දින නිමාවට පත් විය. ඒ දැනට දෙවසරකට පෙර ඉන්දුනීසියාව දෙකට බෙදී බිහි වුණ ටිමොරයේ නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය වන බියට්‍රිස් වෝර් චිත්‍රපටය ඉන්දියානු සිනමා උළෙලෙ හොදම චිත්‍රපටයට හිමි සම්මානය වන රණ මයුර සම්මානය දිනා ගැනීමෙනි. එය බෙටී රෙයිස් සහ ලුගී අගුස්තෝ ගේ සම අධ්‍යක්ෂණයකි. අතුරුදහන් වූ සැමියා සොයා ගිය බිරිදක් වටා ගෙතුන මෙම චිත්‍රපටයට සම්මාන දිනූ පසු එහි ප්‍රධාන නිළය අයිරිම් ටොලෙන්ටිනෝ මෙන්ම අධ්‍යක්ෂවරුන් සහ නිස්පාදක ද වේදිකාවේ හැසිරුණු හැඟීම් බර ආකාරය රැස්ව සිටි ලොව පුරා සිනමා කරුවන්ගේ පවා නෙතට කඳුළක් උපන්නට සමත් විය. ක්‍රයිංචිං ටයිගර් හිචින් ඩ්‍රැගන්,වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට රුසක රඟපෑ හොංකොං නිළි මිෂෙල් යෝ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම සිනමා උළෙල සදහා ඉනදියානු ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමැති මෙන්ම ප්‍රවීණ නිළි ආශා පරේක් ද සහභාගි වූවාය. ජනප්‍රිය රෙගේ ගායකයක් වූ රෙමෝ ෆර්නැන්ඩස් විසින් සය මයිකෝවේව් පපඩම් සංගීත කණ්ඩායම සමග පැය භාගයකට අදික කාලයක් එහි සිටි සියල්ල බදවා තබා ගන්නා ගීත සහ වාධ්‍ය ප්‍රසංගයකින් පමණක් උළෙල අලංකාර විය. උළෙලේ හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය බෙංගාල චිත්‍රපටයක් වන අපූර් පංචාලි චිත්‍රපටය නිර්මාණය කළ කෞශික් ගංගුලිට හිමි විය. ඉතාම දුර්ලභ ගධයේ මානව හැගීම් ගොඩ නැගුණ චිත්‍රපටයක් ලෙස අපූර්ව පංචාලි විචාරකයන්ගේ අගැයුමට ලක් විය. උෆලෆල් හොදම නිළියට හිමි සම්මානය පොල්න්ත ජාතික නිළි බොක්සැර්ස්කා මග්දලේනාට හිමි වවූයේ අය චරිත නිරූපනය කළ ඉන් හිඩිංග් චිත්‍රපටය වෙනුවෙනි. ඉතා සියුම් රංගනයක යෙදුන ඇය ද මෙවර උළෙ ලේ බොහෝ දෙනාගේ කතාවට බඳුන් විය. හොඳම නළුවාට හිමි සම්මානය පිරි නැමුණේ ඊශ්‍රායල් චිත්‍රපටයක් වන අ ප්ලේස් ඉන් හෙවන් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ඇලොන් මානි අබුතෝල් ටය. එමෙන්ම ජූරියේ විශේෂ සම්මානය තුර්කියේ තෝ ගිල්ඩ්'ස්ට් දි එවන් චිත්‍රපටය නිර්මාණය කළ ඔනූර් උන්ලු සිනමාකරුට හිමි විය. ඉන්දියානු පැනෝරාමාව සදහා ඉද්රිපත් කළ චිත්‍රපට අතරින් තෝරා ගැණුන මෙග ධක තාරා චිත්‍රපටයට ඉන්දියානු සිනමාවේ සයවස් සම්මානය නම් විශේෂ සම්මානය පිරි නැමිණ. කමගල්ශ්වර් මුඛර්ජි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය බෙංගාල සිනමාවේ මහා සිනමා කරුවකු වූ රිට්වික් ඝටක් ගේ ජීවිතය පිළිබඳ කදිම විවරණයක යෙදුණ කළු සුදු චිත්‍රපටයක් විය. මෙම චිත්‍රපටයයේ නම ද ඝටක් විසින් නිර්මාණය කරන ලද විශිෂටතම චිත්‍රපටයේ නාමයමය. අරුණ ගුණරත්න ගෝවේ සිට

උපුටා ගැනීම සරසවිය පුවත්පත