🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

Now You See Me

Now You See Me

මායාව යනු කුමක්ද? මායාව කියන්නේ මුලා කිරීම, නමුත් මුලා කිරීමේ අභිප්‍රාය වන්නේ සොම්නස, විනෝදය ඇති කිරීම, ප්‍රබෝධවත් කිරීමයි. මායාව තිබෙනුයේ විශ්වාස කරන්නයි. ඇදහිල්ල, විශ්වාසය යන ගතිගුණ නොවෙන්න මායාව මේ වෙනකොටත් මිහිමත නැතිව ගිය කලාවක්. නමුත් මොකද වෙන්නේ ඒ ගුණාංග ඒවායේ අරමුණු වෙනුවෙන් භාවිතා නොකළහොත්, ඇත්තෙන්ම එය රැවටීමට, බොරුවට, පුද්ගලික ලාභය හෝ ලොභකමට යොදාගත් සැනින්ම එය තව දුරටත් මායාවක් නොවෙයි. එය අපරාධයක්. වීදි මායාවෙහි නියුතු එතරම් ප්‍රසිධියක් නොඋසුලන මායාකරුවන් හතර දෙනෙකුට ඇරයුමක් ලැබේ. ඒ මාර්තු 29 වන දින වෙලාව පස්වරු 4.44 වන විට නිව්යෝක් හි නැගෙනහිර වීදියෙහි 45 වන තැනට පැමිණෙන ලෙසයි. යම පල්ලා, උතුම් පුජකවරිය, මල්සරා සහ තාපසයා ලෙසින් ඔවුන්ව නම් කොට තිබූ එතැනින් Now You See Me ඇරඹෙයි. Louis Leterrier විසින් අධ්‍යක්ෂිත French Amarican Caper Thriller Films සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන Now You See Me චිත්‍රපටය මිනිත්තු 125ක් පුරා දිග හැරෙයි. 2013 මැයි 21 දින නිව්යෝක් හිදී තිරගතවීම ඇරඹුණු Now You See Me චිත්‍රපටය Studio K/O Paper Product චිත්‍රාගාරය තුල නිමවූවකි. Brian Tyler අතින් සංගීතවත් වූ මෙහි Boa Yakinz සහ Edward Ricourt විසින් රචිත තිරපිටපතකි. අසරුවන් හතර දෙනා වන ඩැනියෙල් ඇට්ලස් ලෙසින් ජේස් එයිසින්බග්, හෙයිලි රීව්ස් ලෙස ඉස්ලා ෆිෂර්, ජැක් වයිල්ඩර් ලෙස ඩේව් ෆ්‍රෑන්කෝ, ඩිලන් රෝඩ්ස් ලෙස මාර්ක් රුෆ්ලෝ රංගනයෙන් දායක වේ. එසේම වූඩි හාරෙල්සන්, මෙරිට් මැකිනි ලෙසින්ද, මෝගන් ෆ්‍රිමන්, තඩේන්ස් බ්‍රැඩ්ලි ලෙසින්ද රඟ දක්වයි. මායාව හා සම්බන්ධව පුරාවෘතාන්තමය රහස් ගොන්නක් තිබේ. පුරාණ ඊජිප්තියානුවන් එයට කීවේ ‘ඇස’ කියලයි. මායාව ඉදරියට ගෙනයාමට පුරෝගාමී වූ අසරුවන් පස් දෙනෙකු. ඇත්තෙන්ම ඔවුන් පුරාවෘතයෙහි එන අසරුවන්මද, ඔවුන් සිව් දෙනාට පස් වන අසරුවා මුණ ගැසේවිද, මායාව ඔවුන් කුමකට යෝදාගනිවිද? නෙත්මි