🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මම්තා දැන් දෙවියන් යදී

මම්තා දැන් දෙවියන් යදී අනූව දශකයේ දී ගිනි සිළුවක් ලෙස තම රංගන රටාවන් මුදා හළ මම්තා කුල්කර්නි ඔබට මතකද? 1992 දී තිරගත වූ ‘ටිරන්ගා’ චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පා තැබූ ඇය එවක හැඳින්වුණේ අනුරාගික සංකේතයක් හැටියට. මේ වන විට හතළිස් එක්වැනි වියෙහි පසුවන මම්තා, සිනමාවෙන් ඈත්ව සිටිනවා. ඇය සිනමාවෙන් ඉවත් වී දශකයකටත් වැඩි කාලයක් ගතවෙලා. එදා අනුරාගික චරිත නිරූපණය කළ ඇය, අද පූජකවරියක (සන්‍යාසිනියක) ලෙස වෙනස් වෙලා. තමන් දැන් කැපවී සිටින්නේ දෙවියන් වෙනුවෙන් බවයි, මම්තා පවසන්නේ. පසුගියදා ඉන්දීය මාධ්‍යයට අදහස් දැක්වූ ඇය පැවසුවේ තමන් දැන් රැඳී සිටින්නේ කොහිදැයි මවුපියන් හෝ ඥාතීන් කිසිවෙකු නොදන්නා බවයි. “සමහරු මේ ලෝකෙට එන්නෙ ලෝකයේ කිසියම් හේතුවක් නිසා. තවත් සමහරු දෙවියන් නිසා මේ ලෝකෙට එනවා. මම අයිති වෙන්නෙ දෙවනුව කියපු පිරිසටයි. අවුරුදු දහතුනක් තිස්සෙ මම ඉන්නෙ කොහෙද කියල මගේ පවුලෙ අයවත් දන්නෙ නැහැ. දැන් මම, දවසේ පැය දහඅටක්ම ගතකරන්නෙ දෙවියන් වෙනුවෙන්. ගතවෙච්ච අවුරුදු දහතුන ඇතුළත මම කිසිම මේක්අප් එකක් කර ගත්තෙ නැහැ. බියුටි පාලර් එකකට ගියේ නැහැ. අවුරුදු දහතුනකින් කණ්ණාඩියකින් මගේ මූණවත් බැලුවෙ නැහැ. මේ කාලෙදි චිත්‍රපටයක්වත් බැලුවෙ නැහැ” මම්තා එලෙස කීවද ඇය සිටින්නේ කොහේදැයි අනාවරණය කළේ නැහැ. මීට මාස කිහිපයකට පෙර පැතිරී ගිය ආරංචියක සඳහන් වුණේ ඇය විකී ගොස්වාමි නමැත්තෙකු සමඟ විවාහ වී සිටින බවයි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ද පැවසුණා. එහෙත් මම්තා පැවසුවේ තමන් කිසිදාක විවාහ ජීවිතයක් ගත නොකළ බවයි. “මං හිතන්නෙ මගේ ජීවිතය වන්දි ගෙවපු කාලෙ ඉවරයි කියලයි. විකී දැන් නිදහස් වෙලා. එයා දන්නවා මම දැන් දෙවියන් වෙනුවෙන් කැපවෙලා ඉන්නවා කියලා” මම්තා පැවසුවා. මැදියම් රැයේ දිගහැරෙන තවත් ආදර අන්දරයක් බොලිවුඩ් සිනමාවත් ක්‍රිකට් ලෝකයත් එකට එකතු කළ කතන්දර දශක ගණනක් තිස්සේ කොයිතරම් ගෙතී තියෙනවද? සිනමා නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෙම් බැඳුම් විවරණය කෙරෙන ඒ විචිත්‍රවත් අන්දර අතරට තවත් පෙම් යුවළක් එකතු වෙලා. මේ අලුත් පෙම් කතාවේ පෙම්වතා, සුපුරුදු පරිදි සුපිරි ක්‍රිකට් තරුවක්. ඔහු, විරාට් කෝලි. ඔහුට සමීපව සිටින සුරූපී බොලිවුඩ් තරුව, අනුශ්කා ශර්මා. විරාට් - අනුශ්කා ප්‍රේම වෘත්තාන්තය පටන් ගන්නේ එක්තරා ෂැම්පු වර්ගයක් වෙනුවෙන් නිර්මාණය වූ රූපවාහිනී වෙළෙඳ දැන්වීමකින්. මෙහි නිරූපණයට එක්වුණේ අනුශ්කා සහ විරාට්. පෙම්වතුන් යුවළක් ලෙසින් එහි රඟපෑ මේ දෙදෙනා ගැන‍ නොයෙකුත් විසිතුරු ආරංචි පැතිරී ගියේ ක්‍රිකට් පිටියේ හතරේ, හයේ පහරවල් පරදවමින්. පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දීය මාධ්‍යයක පළවී තිබුණේ අනුශ්කා සහ විරාට් එක්තරා රාත්‍රියක දී වාහනයක නැඟී කොහේදෝ ඉගිලී යනු ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි කිහිප දෙනකු දුටුවාය කියලයි. ඒ ආරංචියෙහි තවදුරටත් සටහන්ව තිබුණේ අනුශ්කා තමන්ගේ කළු පැහැති නවීනතම රේන්ජ් රෝවර් රථය පදවාගෙන ගොස් අරම් නගර් නම් වූ ප්‍රදේශයේ කිසියම් ස්ථානයක නැවැත්වූ බවයි. විනාඩි කිහිපයක් එම ස්ථානයෙහි නවත්වා තිබූ මෝටර් රථය තුළ අනුශ්කා සහ කැප් තොප්පියක් පැලඳ සිටි අයෙකු සිටි බව තමන් දුටුවේ යැයි එක් අයෙකු ප්‍රකාශ කර තිබෙනවා. ඒ මොහොතේ රේන්ජ් රෝවර් මෝටර් රථය පසුකරමින් ගමන් කළ තවත් අයෙකු පවසා ඇත්තේ කැප් තොප්පියක් පැලඳගෙන සිටියේ වෙන කවුරුන්වත් නොව, විරාට් කෝලි බවයි. ඔහු කැප් එකක් දමාගෙන සිටියේ වටපිට සිටින අය තමන්ව හඳුනාගනීවිය යන සැකයෙන් විය හැකි බවත් මේ මඟියා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මෝටර් රථය පසුකර ගිය තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර ඇත්තේ එහි සිටියේ අනුශ්කා සහ විරාට් බව කාටත් හඳුනාගන්නට හැකිවූ බවයි. විනාඩි කිහිපයක් නවත්වා තිබූ මෝටර් රථය ඉන්පසුව අනුශ්කා වෙසෙන නිවාස සංකීර්ණය පිහිටි යාරි මාවතේ ගමන් කර ඇති බවත් පැවසෙනවා. මේ සිදුවීමෙන්පසුව පසුගිය ඉරිදා රාත්‍රියේ ද විරාට් සහ අනුශ්කා මුණගැසී තිබෙනවා. ඒ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයට පිටත්වන දිනයට කලින් දිනයේදී. එදින රාත්‍රි 10.45ට පමණ අනුශ්කා හමුවන්නට විරාට් තම මෝටර් රථයෙන් පැමිණ තිබෙනවා. රථයෙන් බැසගත් විරාට්, අනුශ්කා ගේ නි‍ෙවසට ගොස් විනාඩි කිහිපයකින් නැවතත් පිටතට පැමිණ ඇත්තේ ඇයත් එක්කයි. ඉන්පසුව අනුශ්කාව සිප වැලඳගත් විරාට්, තම මෝටර් රථයට නැඟී ඇයට අත වනමින් පිටත්ව ගිය බව වටාපිටාවෙහි රැඳී සිටි කිහිප දෙනෙකු දැක තිබෙනවා.මේ දෙදෙනාගේ ගමන් බිමන් වෙත උකුසු ඇස් යොමාගෙන සිටි තවත් සමහරු ප්‍රකාශ කළේ විරාට්, මුම්බායි නුවරට පැමිණි ඕනෑම මොහොතක අනුශ්කාව බලන්න ඇගේ නවාතැනට පැමිණීමට අමතක නොකරන බවයි. විරාට් මීට පෙර ද රුවැති යුවතියකට පෙම් කළා. ඇය, බ්‍රසීලයේ මෝස්තර නිරූපිකාවක වන ඉසබෙල් ලීට්. සුජීව තේවහෙට්ටිගේ උපුටා ගැනීම සිළුමිණ