🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දරුවො නිසා දැන් රඟපාන්නෙ නැහැ - Kajol

දරුවො නිසා දැන් රඟපාන්නෙ නැහැ - Kajol

අජේ දේව්ගන් සෑහෙන්න වෙනස් චරිතයක්. කාජල් කියන්නේ අජේට වඩා දස ගුණයකින් වෙනස් චරිතයක්. අහස පොළොව එකතු වෙන සිතිජ ඉම වගේ විවාහ බන්ධනයෙන් අජේ සහ කාජල් යුවළ එකිනෙකාට පෑහුණා. දෙවියන්ගේ ආශීිර්වාදයත් එක්ක අහසට පොළොව එකට එක් වුණා. ඒ 1999 අවුරුද්දේ.

අජේ - කාජල් යුවළ එකිනෙකාට මුණගැහුණේ ඩ්භතජඩභත චිත්‍රපටය අතරතුර. සිනමා කැමරා කාච මත බොහෝ ප්‍රේමාන්විත කතා පුවතක් රඟ දැක්වෙද්දී තිරයෙන් පිටුපස අජේ තමන්ගේ ජීවිත කතාවේ ඉතිරි කොටස ලිව්වා. ඒ පළමු බැල්මෙන්ම අජේගේ හිතේ ලැගුම් ගත්ත හරි අහිංසක සරල යුවතිය එක්ක. අන්තිමේදී කැමරාව පිටිපස්සට වෙලා ආදර ගීත ගැයුව මේ ආදර බර කුරුලු ජෝඩුව ජීවිතයේ යුග ගීතය ගයන්න සූදානම් වුණා. මහාරාෂ්ට්‍ර සම්ප්‍රදායානුකූලව ළඟම ඥාතීන් විතරක්ම එක්වුණු හරි සරල විවාහ උත්සවයකදී අජේගේ නමින් කාජල්ගේ නළලත සින්දූර ගැල්වුණා.


පළමු දරුවා නැතිවෙලා
විවාහයත් එක්ක අජේ කාජල් යුවළ මාස දෙකක් තරම් දිගු මධුසමයක් ගත කළේ යුරෝපා රටවල් ආශි්‍රතව. වැඩි කලක් නොගිහින්ම 2001 අවුරුද්දේ කාජල් මවක් වෙන ලකුණු පහළ වුණේ මුළු දේව්ගන් පවුලම සතුටේ ගිල්වමින්. ඒත් කොහේදෝ තිබුණු අවාසනාවක් කාජල් දිහාට තල්ලු වෙලා ආවේ කාජල්ගේ දරු ගැබට මාස හයක් පිරෙද්දී. මේ අවසනාවන්ත කුණාටුව කාජල්ගේ කුසේ ලොකු මහත් වුණු අජේගේ ලේ කැටිය සදහටම උදුරාගෙන ගියා. මේ සිද්ධියෙන් කාජල් හොඳටම කඩා වැටුණා. දරුවෙක් කුස දරාගත්ත අම්මා කෙනකුගෙන් දරුවා බලහත්කාරයෙන්ම උදුරාගෙන ගිය දුක කාජල්ව ගිනි ගොඩකට ඇද දැම්මා.

දුවයි පුතයි
ඒත් කාලයාගේ ඇවෑමෙන් අවුරුදු දෙකකට පස්සේ අජේ - කාජල් කැදැල්ලට සතුට අරගෙන ව්රඵච ඉපදුණා. ඊටත් අවුරුදු හතකට පස්සේ ඉපදුණු කධඨ මේ පවුල සම්පූර්ණ කළා. එතැනින් එහාට කාජල්ගේ මුළු ලෝකයම බවට පත්වුණේ දරුවෝ දෙන්නා. ඒ නිසා බොලිවුඩයේ තාරකාවිය දවසින් දවස බොලිවුඩයෙන් අෑතට ගියා. අසීමිත ලෙස දරුවන්ට ආදරය කරන්න කාජල් පුරුදු වුණා. ඒ නිසා කාජල්ගේ දුර්වලකම දරුවෝ බවට පත්වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. "මම හැම වෙලේම වගේ විවේචනාත්මකයි. ඒ අතින් ගත්තාම අජේ මට වඩා හුඟක් හොඳයි. හැම මොහොතක් ගැනම සංවේදී වීම ඒ තරම් පහසු නැහැ. ඔහු නියම මහත්මා ගති ගුණ ඇති අයෙක්. අපි අතර ඇතිවන මතභේද තව තවත් ශක්තිමත් කරවනවා. සම්පූර්ණත්වයට පත් කරවනවා."
වරක් කාජල් මාධ්‍ය සාකච්ඡාවකදී ඒ වගේ අදහසක් දක්වලා තිබුණා.

අනියම් සම්බන්ධයක්
අජේ - කාජල් යුග දිවිය තුළ හැල හැප්පීම් බොහොමයක් තිබුණා. වරක් අජේ කන්ගනා රනවුන් සමඟ හොර රහසේම සම්බන්ධයක් ගොඩනඟා ගෙන තිබුණා. ඒ නිසාම අජේගේ නිර්දේශ මත කන්ගනාට චිත්‍රපට කිහිපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා. හදිසියේම පටන් ගත්ත සම්බන්ධයට ඒ තරම් ආයුෂ තිබුණේ නැහැ. මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණේ අජේ සහ කාජල් වෙන් වෙන පුවතයි. ඒත් අජේ සහ කාජල් යුවළ වෙන් වෙන ලකුණු පහළ වුණේ නැහැ.


විවාහයේ රහස
කාජල් නිතරම වගේ නවකතා කියවන්න හුරු වුණු කෙනෙක්. අජේ නම් කියන්නේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය පැවැතුණු අවුරුදු හතරක කාල සීමාවේදී අජේ පුරුද්දට වගේ කාජල් මම ඔයාට ආදරෙයි කියලත් වත්, විවාහය ගැන සැලසුම් කරලා වත් නැහැලු. කාජල් වැඩිපුරම කරන්නේ කතා කරන එක. අජේ අනෙක් පැත්තේ. අජේ වැඩිය කතා බහ නොකෙරුවට හොඳ සවන් දෙන්නෙක්. අජේ කියන්නේ මේ දෙන්නාගේ විවාහයේ රහසත් ඒකලු. කාජල් හුඟක් කතා කරන නිසා අජේ කට වහගෙන ඒ දේවල් අහගෙන ඉන්නවලු.

විමර්ශනය කරනවා
කාජල්ට චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණාම ඒ ගැන හුඟක් හොයන කෙනෙක්. ආවාට ගියාට කිසිම චිත්‍රපටයකට කාජල් එයාගෙ රංගන දායකත්වය ලබා දෙන්නේ නැහැ. එයා හැමදේම වාගේ තෝරනවා. කාජල් මොනවා නැතත් නිතරම වගේ වෙළෙඳපොළේ තියෙන අලුත් විටමින් වර්ග, ඛනිජ ලව අඩංගු නිෂ්පාදන ගැන වගේම වේදනා නාශක උපක්‍රම ගැනත් හොයලා බලනවා. වෙළෙඳ පොළට ගියාම ඇඳුම් ගන්නවටත් වඩා කාජල් වැඩිපුර කරන්නේ ඔෟෂධ අලෙවි සල්වලට ගොඩවදින එක.


ලෝකයම දරුවො
දරුවෝ ලැබුණාට පස්සේ කාජල්ගේ ජීවිතය හුඟක් වෙනස් වුණා. රංගනය දවසින් දවස අෑතට යද්දී කාජල්ගේ මුළු ලෝකයම බවට පත්වුණේ දරුවෝ දෙන්නා. ඉස්සර හුඟක් හොඳ යාළුවෝ දෙන්නෙක් වෙලා හිටිය අජේ - කාජල්ගේ ජීවිතයේ තීරණාත්මක සාධක බවට පත්වෙන්න යනවා කියලා දැනගත්ත වෙලාවේ කාජල්ට පුදුම හිතිලා.
"මම චිත්‍රපටවල රඟපාන්නේ නැති එකම හේතුව මගේ දරුවෝ. මගේ දරුවන්ට මගේ අවධානය අවශ්‍යයි. ඔවුන්ට රැකවරණය සලසන එක මගේ රාජකාරියයි. මම ඔවුන්ට උපත ලබා දුන්නේ නැත්නම් ඔවුන් ගැන හිතන්නෙවත් නැතිව මගේ වැඩ කටයුතු කරගන්න තිබුණා. ඒත් මම ඒ වගේ කෙනකු නොවේ. අනෙක මගේ සැමියාට හුඟක් වැඩ තියෙනවා. ඔහුට ගෙදර රැඳෙන්න ඒ තරම් කාලයක් නැති තරම්. ඒ නිසාම මගේ දවසින් වැඩි කාලයක් ගතවෙන්නේ දරුවෝ එක්ක." කාජල් එහෙම කියනවා.
ජීවිතේ ගත වුණු අවුරුදු කිහිපය ගැන කාජල් හුඟක් ආඩම්බර වෙනවලු. ඒ දවස්වල හිටියට වඩා දැන් කාජල් හුඟක් ලස්සනයි කියලා දැනෙනවලු. කොහොම වුණත් අවුරුදු දහසයක කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ නම් නැති වුණත් අවුරුදු දාසයක කෙල්ලෙක් වගේ කාජල් ලස්සනයි.

සවනි ශේෂාධි
මව්බිම