🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්

නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්

ග්‍රීක දාර්ශනියකයකු විද්‍යාඥයෙකු සහ ප්‍රායෝගික අධ්‍යාපන සංකල්පයන් පිළිබඳ නිර්මාතෘවරයෙකු ලෙසින් ඇරිස්‌ටෝටල්ගේ (384 - 322 BC). කාර්යභාරය පුළුල් පරාසයක පැතිරි ගියද ඔහුගේ ඉගැන්වීම් පිළිබඳව අප දන්නේ අල්පයක්‌ පමණි. ප්ලේටෝගේ ගෝලයෙක්‌ වූ ඇරිස්‌ටෝටල් මහා ඇලෙක්‌සැන්ඩර් රජතුමාගේ ගුරුවරයා වුයේය. මහා ඇලෙක්‌සැන්ඩර් මැසිඩෝනියාවේ අධිරාජ්‍යයා බවට පත් විමත් සමග ඇරිස්‌ටෝටල් ඇතැන්ස්‌ නගරයේ ලයිසියම් නම් සිය පුද්ගලික පාසල ආරම්භ කළේය. එතැන් පටන් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක්‌ කළ ද ඇරිස්‌ටෝටල් රචිත ශාස්‌ත්‍රීය නිබන්ධන සහ දේශන සටහන් අතර නොනැසී ශේෂව ඇත්තේ කිහිපයක්‌ පමණි. නමුත් ඇරිස්‌ටෝටල් යනු සුවිශේaෂී චරිතයක්‌ යන්න කිසිදු සැකයකින් තොරව පිළිගන්නා තැනට මෙම ශේෂ වුණ සටහන් ප්‍රමාණවත්ය.

ඔහු වෙහෙස නොදැනෙන ප්‍රාඥයෙකි. ඇරිස්‌ටෝටල්ගේ විද්‍යාත්මක සහ දාර්ශනික උපකල්පනයන් පුළුල් පරාසයක පැතිරී ගිය අතර ඒ සියල්ල ගැඹුරු වු විචක්‌ෂණ බුද්ධියෙන් විමසීමට ලක්‌ විය. ගුරුවරයකු ලෙසින් ශිෂ්‍ය පරම්පරාවක්‌ බිහි කළ අතර නොහික්‌මුනු සමාජ රටාවක ඇරිස්‌ටෝටල් සංවාදශීලි චරිතයක්‌ වුයේය. ඔහු පුරාතන යුගයේ බුද්ධිමත් බව වෙනුවෙන් වූ මහා ප්‍රතිමාවකි.ඔහුට පෙරාතුව කිසිවෙකුදු ඉගෙනීම වෙනුවෙන් මෙතරම් දායකත්වයක්‌ ලබා දුන්නේ නැත. එසේම ඔහුගෙන් පසුව කිසිවකුත් ඇරිස්‌ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සංකල්පයන් ප්‍රතිවිරුද්ධ අදහස්‌ ඉදිරිපත් කරමින් පැවති සත්‍ය නිශේaධනය කිරීමට සමතන් වුයේද නැත.

ඇරිස්‌ටෝටල්ගේ අධ්‍යාපනය පිළිබඳ භුමිකාවේ නොනැසි පවතින සුන්බුන් අතරින් ඔහුගේ අධ්‍යාපනික සංකල්පයන් පිළිබඳව චිත්‍රයක්‌ අපට මවා ගත හැක. අධ්‍යාපනය මධ්‍යගත කරමින් මිනිසාගේ සම්පුර්ණත්වය ඇරිස්‌ටෝටල් අපේක්‌ෂා කළේය. ඉගෙනුම යනු පංතිකාමරයට සිමාවුන විධිමත් අධ්‍යාපනය පමණක්‌ නොවන බව ඇරිස්‌ටෝටල්ගේ අදහස විය. මිනිසකු සම්පුර්ණත්වයට පත්වීමට විධිමත් අධ්‍යාපනයෙන් ඔබ්බට ඇති ශක්‍යතාවය ඇරිස්‌ටෝටල් අවධාරණය කළේය. මේ නිසා නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳව ඇරිස්‌ටෝටල්ගේ සංකල්පයන් සමාජගත විය. නව සහස්‍ර්‍රය තුළ පිළිගත් සංකල්පයක්‌ බවට පත් නොවිධිමත් අධ්‍යාපනය තුළ ඇරිස්‌ටෝටල්ගේ න්‍යායන් මහත් සේ සම්භාවනාවට පාත්‍රව ඇත.

ඇරිස්‌ටෝටල් සඳහන් කරන අන්දමට ශික්‌ෂණයෙකු ලෙසින් මිනිසාගේ සිතුවිලි සහ ප්‍රායෝගික හැසිරීම තුළින් ජීවිතයේ පැහැදිලි දර්ශනයක්‌ ඉස්‌aමතු වෙනු ඇත. මේ නිසාම ආචාර ධර්ම සහ දේශපාලනය පිළිබඳව දැක්‌විය යුත්තේ විශේaෂ අවධානයක්‌ බව ඇරිස්‌ටෝටල්ගේ අදහස වුයේය. අපි නිරන්තරව ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇත. එනම් මිනිසා තමන්ගේ සමෘද්ධිය වෙනුවෙන් කළ යුත්තේ කුමක්‌ද යන්න පිළිබඳවයි. නිවරැදි දෙයට වඩා හොඳ හෝ සාධාරණය යන සංකල්පයන් මුල් කර ගෙන කටයුතු කිරීම වඩාත් ප්‍රායෝගික බව ඇරිස්‌ටෝටල්ගේ අදහස වූයේය. මේ යුගයේ සිටි ප්ලේටෝ සහ සොක්‍රටීස්‌ගේ අදහස වූයේ ඉගෙනුම පුද්ගලයාගේ සහ සමාජයේ සතුට වෙනුවෙන් හේතු සාධකයක්‌ බවයි. නමුත් ඇරිස්‌ටෝටල් අධ්‍යාපනය දුටුවේ ඊට ඔබ්බට ගිය සිද්ධිදාමයක්‌ ලෙසින්ය. ඇරිස්‌ටෝටල් කියා සිටියේ අධ්‍යාපනය යනු දැනුම පමණක්‌ නොව ජිවිතයේ "හොඳ" පිළිබඳව වූ සංකල්පයක්‌ බවයි.

ඔහු "හොඳ" කොටස්‌ දෙකකට බෙදා දක්‌වන ලද අතර බුද්ධිය හා චරිතය සමග බද්ධ වෙන බැව් පෙන්වා දුන්නේය. පුහුණුව හා අත්දැක්‌ම් පාදක කර ගෙන ලබන ඉගෙනුම පසුකලෙක හොඳ පුරුදු ලෙස සංස්‌තානය වෙන බැව් පෙන්වා දුන්නේය. ඇරිස්‌ටෝටල් සමබර ජීවිතයක අවශ්‍යතාවය බෙහෙවි අගය කලේය. ශික්‌ෂණලාභීයා හොඳින් සංවර්ධනය විය යුතුය. මෙම සංවර්ධනය විශ්ව දැණුම පමණක්‌ නොව ක්‍රීඩාව, ශාරීරික අභ්‍යාස, සංගිතය, විවාද සමග විද්‍යාව සහ දර්ශනය පිළිබඳව ලබන අධ්‍යාපයත් සමග වූ සුසංයෝගය අගය කරන ලදී. ජීවිතයේ සමබරතාවය රැඳී ඇත්තේ මේ සකල කලාවන් සමග වු අවියෝජනීය සහසම්බන්ධතාවය මත බැව් ඇරිස්‌ටාaටල් අවධාරණයෙන්ම සඳහන් කරන ලදී. ඔහුගේ මෙම අදහස සියවස්‌ ගණනාවක්‌ ගෙවුනද තවමත් නිශේධනය වී නැත. ඇමරිකාවේ ළමා වෛද්‍යවේදින්ගේ බාල චිකිත්සක ඇකඩමියේ නිල සඟරාව ප්‍රකාශ කරන්නේ ශාරීරික ක්‍රියාකාරිත්වය වෙනුවෙන්ද ඉගෙණුම් කාර්යට සමාන වැදගත්කමත් දැක්‌විය යුතු බවයි. සිරුර, මනස සහ ආත්මීය ශික්‌ෂණය වෙනුවෙන් ප්ලේටෝ විසින් ද මෙම න්‍යාය ඇරිස්‌ටෝටල්ට පෙරාතුව ඉදිරිපත් කර තිබුණි. ප්ලේටෝ සඳහන් කළ අන්දමට මිනිසා ජීවිතයේ විවිධ වයස්‌ පරාසයන්හිදී විවිධාකර ලෙසින් ඉගෙනුම ලබනු ඇත.

ඇරිස්‌ටෝටල්ගේ දර්ශනයට අනුව විධිමත් අධ්‍යාපනයට පෙරාතුව වූ පුර්ව ළමාවියේදී දරුවා ඉගෙනුම ලබන්නේ මවූපිය ඇසුරේය. එතැනින් නික්‌මෙන දරුවා රාජ්‍ය අනුග්‍රහය යටතේ විධිමත් පාසලක අධ්‍යාපනය ලබනු ඇත. නමුත් මව්පියන්ට දරුවාගේ පිළිබඳ වගකීමෙන් මිදෙන්නට අවසර නැත. පාසල පාදක කර ගෙන දරුවා ඉගෙනුම ලබන අතර ඔවුන්ගේ සදාචාර වර්ධනය වෙනුවෙන් වු වගකීම දෙමව්පියන්ගෙන් දුරස්‌ථ නොවන බැව් ඇරිස්‌ටෝටල් සඳහන් කළේය. ඇරිස්‌ටෝටල් අධ්‍යාපනය බුද්ධිය සහ හැසිරීම යන ද්විත්ව සංකල්පයන් ඔස්‌සේ අර්ථකථනය කරන ලදි. පසුකාලයකදී මෙම සංකල්පය ක්‍රියාවෙන් අවබෝධය ලෙසින් සංවර්ධනය විය.ඉගෙනුම බුද්ධියේ අනුපුරකයක්‌ ලෙසින් ඇරිස්‌ටෝටල් සඳහන් කරන ලදී.සාධාරණත්වය යන්න වචනයට සීමා කිරීමට වඩා මිනිසාගේ කටයුතු තුළ සාධාරණත්වය ප්‍රායෝගික විය යුතුය. මධ්‍යස්‌ථබව හඳුනා ගන්නේ මධ්‍යස්‌ථ තත්ත්වයන් තුළ ජිවිතය හැසිරවීමෙන් පමණි. (Aristotle Niconachean Ethics,Book II, p.91). නිර්භීත බව හඳුනා ගන්නේa නිර්භීත කටයුතු වෙනුවෙන් ලබන අත්දැකීම් පාදක කරගෙන පමණි. ඉගැන්වීම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය පිළිබඳව අවබෝධ ඥානය ලබා දීම සමග බද්ධව ඇත. මෑතකාලයේ වූ අධ්‍යාපන සිද්ධාන්තයන් සමග ඇරිස්‌ටෝටල්ගේ දර්ශනයේ ප්‍රත්‍යාවර්තනයන් සහ න්‍යායන් අතර මනා සම්බන්ධතාවයක්‌ දක්‌නට ඇත.

ඇරිස්‌ටෝටල්ගේ විෂය වර්ගීකරණය කරනු ලැබුවේ න්‍යාය , ප්‍රායෝගිකත්වය සහ තාක්‌ෂණය යන සංකල්පයන් පාදක කර ගෙනය. අධ්‍යාපනය වෙනුවෙන්ම වු අඛණ්‌ඩ අවධාරනය නිසාම විවිධ අවස්‌ථාවන්හි අප දුර්මුඛ වී ඇත. ඇරිස්‌ටෝටල් අධ්‍යාපනයේ අවලෝකනය සමග මානව ක්‍රියාකාරිත්වය වෙත විශේෂ අවධානයක්‌ දක්‌වන ලදී. බොහෝ ලේඛකයන් විසින් ඇරිස්‌ටෝටල් විසින් ප්‍රායෝගිකත්වය සහ ප්‍රායෝගික අපෝහනය වෙනුවෙන් දක්‌වන ලද සංකල්පයන් වෙත යොමු වුහ. ඇරිස්‌ටෝටල්ගේ අධ්‍යාපන දර්ශනය නොවිසඳිය හැකි න්‍යායක්‌ නොවීය. ඔහුගේ සංකල්පයන් සමග එකග විය නොහැකි අයෙකු වූයේ නම් ඔවුන්ට එයින් බැහැරව නිදහස්‌ව සිතන්නට අවසරය අවශ්‍ය පරිදි විය. නමුත් ඇරිස්‌ටෝටල්ගේ ඉගෙණුම් සංකල්ප තුළින් ලද චින්තනය බොහෝ අධ්‍යාපනඥයනට විශාල පිටුවහලක්‌ විය. උදාහරණයක්‌ ලෙස Carr සහ Kemmis (1986), Grundy (1987) වැනි අධ්‍යාපනඥයන් ඇරිස්‌ටෝටලගේ නිදර්ශක පාදක අධ්‍යාපනය සහ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳව සංවාදාත්මක අදහස්‌ ගොඩ නගමින් තර්ක විතර්ක ඉදිරිපත් කළහ. Jeffs and Smith (1990 1994, 1996). වැනි අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ලේඛකයන්ට නොවිධිමත් අධ්‍යාපනය නැවත සුත්‍රායනය reformulation කිරීමෙහි ඇරිස්‌ටෝටල්ගේ ඉගැන්වීම් සුවිශේෂී සිද්ධාන්තයක්‌ විය.

ඇරිස්‌ටෝටල්ගේ අධ්‍යාපන සංකල්ප තුළ නොවිසඳුන උපකල්පනයන් නොවීය. නමුත් සමකාලීන ඇතැම් අප්‍රධාන කණ්‌ඩායම් ඇරිස්‌ටෝටල්ගේ සංකල්පයන්ගෙන් නිසි ප්‍රයෝජන උපයා නොගත් නමුදු බොහෝ අධ්‍යාපනඥයින් වෙනුවෙන් ඇරිස්‌ටෝටල්ගේ සංකල්ප ඔවුන්ගේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වූ මෙහෙවර සඳහා විශිෂ්ට මග පෙන්වීමක්‌ විය.

පුන්‍යා චාන්දනී ද සිල්වා
උපුටා ගැනීම දිවයින