This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
ජෝතිපාලට,මිල්ටන්ට, මල්ලවාරච්චිට, එම්.එස් ටගීත ලියන්න බලා සිටි මහගමසේකර....


මහගම සේකරයන් ජීවිතයෙන් සමුගෙන තව දින හතරකින් වසර 38ක් සපිරෙයි. ඔහු මියගියේ 1976 ජනවාරි 14 වැනිදාය. මේ වසරේ අප්‍රේල් 7 වැනිදාට සේකරගේ 85 වැනි ජන්ම දිනය යෙදී ඇත. මහගමගේ සමරසේකර නම් ඔහු උපත ලබන්නේ 1929 අප්‍රේල් 7 වැනිදාය. ඔහුගේ නම උප්පැන්නේ සඳහන් වන්නේ මහගම සේකර නමිනි. උප්පැන්න සහතික නිකුත් කළ නිලධාරීන්ගේ ප්‍රමාද දෝෂයකින් එය සිදුවී ඇත.


කලා ක්‍ෂේත්‍රයේ විවිධ ප්‍රතිභාවන් ප්‍රකට කළ මහගම සේකරයන්ගේ නම මට මුලින්ම හමුවූයේ මා දොළොස් හැවිරිදි වියේදී (1960 දී පමණ) පාසල් පුස්තකාලයේදීය. කුඩා කළ සිට ‍පොත් කියවීමේ නොතිත් ආසාවෙන් පසු වූ මට පුස්තකාලයේ තිබි අමුතු පිටකවරයකින් යුත් කේ. ජයතිලකගේ “පරාජිතයෝ” නවකතාව අහම්බෙන් නෙත ගැටුණි. නවකතාව කියවීමට ප්‍රථම මගේ සිත ඇදී ගියේ එහි පිටකවරයටය. මහරගම සමන් මුද්‍රණාලයේ මුද්‍රණය කර තිබූ ඒ නවකතාවේ පිටකවරයේ පිටුපස පිටුවේ “පිටකවරය - මහගම සේකර නමින් මුද්‍රණය කොට තිබුණි. එය අඩනිරුවත් ගැහැනියකගේ චිත්‍රයකි. එතෙක් මා දුටු ‍පොත් පිට කවරවලට වඩා නිර්මාණාත්මක චිත්‍රයක් සහිත ඒ ‍පොත කියවීමෙන් පසු මා මහගම සේකරගේ චිත්‍ර සහිත ‍පොත් සෙව්වේ කුහුලෙනි. කටු සහ මල්, නොමළ මල්, අප්‍රසන්න කතාවක්, ව්‍යංගා වැනි කෘතිවල පිටකවර දුටු මගේ සිත චිත්‍ර කලාවට වඩ වඩාත් යොමුවිය. පසු කලෙක ‍පොත් කවර නිර්මාණ ශිල්පියකු විමට අනුප්‍රාණය ලැබුණේ සේකරගෙනි.

මහගම සේකරයන් මා ජීවමානව දැකගැනීමට ලැබුණේ මට අවුරුදු 13ක් පමණ වියේදීය. 1961 වසරේ සිංහල අවුරුදු නිවාඩුව මා ගත කළේ ලොකු අම්මාගේ කොළොන්නාවේ මීතොටමුල්‍ලේ පිහිටි නිවසේය. මේ නිවසට අල්ලපු ගෙදර වූයේ සංගීතඥ සෝමදාස ඇල්විටිගලගේ නිවහනය. මට මේ නිවසින් නිතර අසන්නට ලැබුණේ එස්රාජ් හා වයලීන් වාද්‍ය ඛණ්ඩයි. මම ඒවා රසවිඳීමට පුරුදු වුණෙමි. ලොකු අම්මාගේ වැඩිමහල් දියණිය මොනිකා තලගල මනම්පේරි සමග මා එම නිවසට ගියේ ඇය ඇල්විටිගලයන්ගෙන් වයලීන වාදනය ඉගෙනගත් නිසාය. මොනිකා අක්කා විදුහල්පතිනියක ලෙස සේවය කොට විශ්‍රාමගෙන දැනට තලවතුගොඩ විදුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරයි. දිනක් මොනිකා අක්කාට ඇල්විටිගලයන්ගෙන් කැඳවීමක් ලැබිණ. ඒ අලුත වේදිකාගත කිරීමට නියමිත නාට්‍යයක සමූහ ගී ගැයීමට එක්වන ලෙසය. එදා එම සමූහ ගායනයට පැමිණ සිටි අය අතර, නන්දා මාලනිය වූවාය. එදින මට මහගම සේකරයන් මුල්වරට දැකගන්නට ලැබිණ. මූදූ පුත්තු නම් ඒ නාට්‍යයේ ගීත රචනා කළේ සේකරයන් බව මගේ ඥාති සොහොයුරිය කීවාය. උත්තුංග දේහධාරී මේ පුද්ගලයා බුෂ් ෂර්ට් එකකින් සැරසී අවුල් වූ කෙහෙරැළි සහිත එහෙත් චාම් සරල මිනිසකු බව මට අවබෝධ විය.

“මූදු පතුල යට ඉඳලා මුතුකැටයක නිදි කරලා”, “එපා පුතුනේ මූදු යන්නට”, “නැගෙනා බැසයන නීල රැළි බැලූ බැල්මට සතුට ගෙන එයි”, “සතර මහ සාගරය පතුලෙන්” යන ගීත පුහුණු කරන විට සේකරයන් මිදුලට පැමිණ දුම්වැටියක් උරමින් ඒ ගීත අසා සිටි අයුරු අදත් මට සිහිපත් කළ හැකිය. මම මගේ වීරයා දෙස බලා සිටියෙමි. ඔහු මා දැක සිනාසුණේය.

“මහත්තයා.... මහත්තයා ඇඳපු ‍පොත්කවර චිත්‍රවලට මම ආසයි. මම ඒවා බලාගෙන ගෙදරදී ඩේ‍රා්වින් ‍පොතේ චිත්‍ර අඳිනවා. “මේ වචන ටික ගළපාගෙන කීමට බලා සිටියත් එයට අවකාශ නොලැබුණේ කවුදෝ “සේකර” යන ඇමැතුමෙන් ඔහු දුම්වැටිය මිදු‍ලේ ගසක් යටට වීසි කොට ගේ තුළට ගිය නිසාය. මූදු පුත්තු නාට්‍යය වේදිකා ගත වූ දිනවල මම මොනිකා අක්කාගේ තනියට ගියෙමි. ඒ හැම අවස්ථාවකම සේකර සිටියේ කාර්යබහුලවය. මා “සරසවිය” පුවත්පතට පූර්ණකාලීනව සම්බන්ධ වන්නේ 1969 අග භාගයේදීය. මා නොයෙක් දෙනා හමුවී සම්මුඛ සාකච්ඡා පවත්වා විශේෂාංග ලියා ඇතත් මගේ වීරයා ගැන විශේෂාංගයක් ලිවීමේ දොළ දුකෙන් පසු වුණෙමි. සේකර තමාගේ නවකතාව ඇසුරෙන් “තුන්මංහන්දිය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන පුවත කන වැකුණු පසු මට ඔහු හමුවීමට ඇති ආසාව වැඩිවිය. සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහට මගේ ආසාව ගැන කීවෙමි. “ලකී සේකර තුන්මංහන්දිය ෆිල්ම් කරන්න යනවා. සත්‍යජිත් රේ වගේ සේකරත් හැම රූප රාමුවක් අඳිනවලු. දෙන්නම චිත්‍ර ශිල්පියෝනේ. අපිට හොඳ ෆීචර් එකක් ලියන්න පුළුවන් වේවි.” ලක්ෂ්මන්ගේ අනුමැතිය ලැබිණ. 1970 මුල් කාර්තුවයි. මම සේකරව පුද්ගලිකව නොහඳුනමි. සරසවියේ සාහිත්‍යයට සම්බන්ධ විශේෂාංග රචනා කළේ චන්ද්‍රසිරි සෙනෙවිරත්නය. ප්‍රකට ‍ලේඛකයකු වූ ඔහු අද දක්ෂ නීතිඥයකු ලෙස මහනුවර උසාවියේ කටයුතු කරයි. එදින හවස චන්ද්‍රසිරි මට මුණගැසුණි. 

“සෙනෙවි, මචං. මට උඹෙන් උදව්වක් ඕනෑ. මට සේකරයි, තුන්මංහන්දියයි ගැන ලියන්න ඕනෑ. මම සේකරගේ අඳුනන්නේ නෑ. උඹට පුළුවන්ද සේකර ගම්පහ ගෙදර යන්න එන්න. “ඕකත් අහන්න ඕනෑ. අදම යමු ගම්පහ. සේකර හවස ගෙදර ඇති.”

චන්ද්‍රසිරි පත්‍ර කලා ලෝයේ හිත හොඳ මිතුරෙකි. අපි එදින සවස ගම්පහ ශ්‍රී බෝධි පාරේ සේකරගේ නිවසට ගියෙමු. එදා රාත්‍රියේ හොඳට හඳ පායා තිබූ හැටි මට අද මෙන් මතකය. චන්ද්‍රසිරි සේකරට මා හඳුන්වා දුන්නේය. වසර 10කට පෙර මා දුටු සේකරගේ වෙනසක් නැත. අව්‍යාජ හිනාව. සරල චාම්කම. ඉහවහා යන මානව දයාව දෝර ගලයි.

“මට සේකර මහත්තයා චිත්‍රපටයට ඇඳපු රූප රාමු ටිකක් ගන්න පුළුවන්ද?”
“ඒ රූප රාමු නේද? හිටින්න අපි තේ කෝප්පයක් බිලා ඉඳිමු. සේකර ගේ තුළට ගියේය. ඔහු පැමිණියේ තුන්මංහන්දියේ තිරනාටකය රැගෙනය.
“ඕකේ බලන්න මම කුරුටුගාපු චිත්‍ර වගයක් ඇති. ඕනෑ නම් තෝරාගන්න.”

තිර නාටකයේ ගැලවුණු පිටු අතරින් සේකර විසින් අඳින ලද අබිලිං මාමාගේ සමීප රූපයක්, කඩදාසි කැටයමක සමීප රූපයක් සහිත රූප රාමු කිහිපයක් ගලවා ගතිමි. මගේ විශේෂාංගයත් ඒ රූප රාමුත් දුටු නියෝජ්‍ය කතුවර ලක්ෂ්මන් එය මැද පිටු දෙකේ විශේෂ තැනක් දී පළ කර දුන්නේය. සේකරයන් හා මා අතර සමීප සම්බන්ධතාවයකට මුල පිරුණේ ඉන් පසුවය. ඉන් පසු මම සේකරයන් ගැන විශේෂාංග රැසක් ලිව්වෙමි. මේ අතර, මහගම සේකරයන් රජයේ කලායතනයේ (අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විදුහල්පති ධුරයට පත්විය. මේ නිසා සතියකට වරක් දෙවරක් මම එහි යාමට පුරුද්දකොට ගත්තෙමි. දිනක් මාත් සරසවියේ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් වෙනත් වැඩකට යන අතරවාරේ කලායතනයට ගොඩ වැදුණෙමු.

අප යන විට උදෑසන නවයට පමණ ඇත. සේකරයන් ගේ මේසය අසල තිබූ ජනේලයෙන් හිරු රශ්මිය කාමරය පුරා පැතිර ගියේ සතුට දෝර ගලමිනි. සේකරයන්ගේ ඡායාරූප ‍ලේක් හවුස් පුස්තකාලයේ තිබුණේ ස්වල්පයකි. එයද වසර 10කට වඩා පැරණිය.

“සේකර මහත්තයා අද කාමරය හොඳට ආලෝකමත් වෙලා. ගනිමුද පින්තූරයක්. මම ඇසීමි.
සේකරයන් තම අතේ රැඳි සිගරට්ටුවෙන් උගුරු කිහිපයක් ඇද්දේය.
“සතුටු නම් ගම්මු.....” ඔහු තෙපළේය.
“අද හොඳ දවස ගන්න ගන්න. “කලායතනයේ රෙජිස්ට්‍රාර් වූ එස්.ඒ. ප්‍රේමරත්න කීවේය. රතු හැට්ටකාරි නාට්‍යයේ නිෂ්පාදකවරයා වූ ඔහු පරසතුරෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද විය. කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර පින්තූරය ගත්තේය. සේකරයන් තම මේසයට බර දී අසල ජනේලයෙන් ඇතුළට එන අව් රශ්මියට මුවාවී සිටියේය. මගේ මතකයට ආවේ ග්‍රීක ප්‍රතිමාවකි. කාල වර්ණ උත්තුංග දේහයකින් යුතු සේකරයන්ගේ උඩුකය දක්ෂ මූර්ති ශිල්පියකු විසින් ඉතා සියුම්ව සංයමයෙන් නිමවුණු ග්‍රීක ප්‍රතිමාවක් වැනි අපූරු සමීප රූපයක් තම කැමරාවට හසුකර ගත්තේය. මෙහි පළවෙන්නේ ඒ ඡායාරූපයයි.

එදා සේකරයන් වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

“දැන් මට කිසිම ආසාවක් නැහැ. මං කැමති භාවනා කරන්න. විවිධ ආගම් කතුවරයන්ගේ ‍පොත් කියවන්න. නිසොල්මනේ විවේකීව කුරුල්ලන්ගේ හඬ අහන්න. ගලන දොළේ ශබ්ද තරංග අහන්න.” තමාට ගීත රචනා කිරීමට නොහැකි වූ ගායකයන් හතරදෙනෙක් ගැන සේකරයන් කතා කළේ දොම්නසිනි. “එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, එම්.එස්. ප්‍රනාන්දුට ගීත ලීවීමට මම ලොකු ආසාවකින් ඉන්නේ. මේ හතරදෙනා අසමාන දක්ෂතා ඇති ගායකයෝ. මේ දක්ෂ ගායකයින්ට හොඳ ගීත ලියා දී හොඳ සංගීත නිර්මාණ සපයා දී ඔවුන්ගේ ගීත උසස් තලයකට ගෙන යාමට මට ලොකු ආසාවක් තියෙනවා. මිල්ටන් පෙරේරා මා රචනා කළ “සිරි සාර බුලත්විට කාලාබලන්” චිත්‍රපට ගීතය ගයා ඇතත්, ඊට වඩා පුළුල් පරාසයක ගීත රචනා දෙන්න මම කැමැතියි. සේකරයන් සංවේදී ස්වරයෙන් එදා කතා කළේය. මේ වන විට “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පිටවී නොතිබිණ. තමා ලියූ ඒ ‍පොතේ අත්පිටපත ගෙන අපට කවියක් දෙකක් කීවේය. මේ කවි ‍පොත මම චිත්‍රපට ගත කරන්න හිතන් ඉන්නේ. ඔහු සිනාසෙමින් කීවේය. 

“මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව” ගීතය ලිවීමට හිතුණේ ඇයි දැයි අප ඇසූ පැනයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

තුන්මංහන්දිය චිත්‍රපටය බලලා මට හුඟදෙනෙක් සතුට පළකරලා අගය කරලා ලිපි එවලා තිබුණා. මේ ලිපි නන්නාඳුනන අයගේ. මේ ලිපි කියවලා මම හිතුවා මගේ කවි, ගීත අහලා අගය කරන කී දෙනෙක් නං ලංකාවේ කොහේහරි ඉන්නවා නේද කියලා. ඒ ගැන හිතලා මම මේ කවිය ලිව්වා. දවසක් සිරිල් වික්‍රමගේ මේක කවිය අහම්බෙන් වගේ දැක්කා. සිරිල් මේ අතට අරන් සේකර මට මේක මගේ චිත්‍රපටයට අපූරුවට ගැළපෙනවා. කියලා අතට ගත්තා. සිරිල් වික්‍රමගේ මේ ගේය පද රචනය සෝමදාස ඇල්විටිගල ලවා තනුව නිර්මාණය කොට අමරදේවයන් ලවා ගායනාකොට සිහින ලොවක් චිත්‍රපටයට ඇතුළත් කළේය.

මහගම සේකරයන් සමග මා කළ පිළිසඳරේ කොටස් කිහිපයකි මේ. “සතුටු සාමිචිය” නම් සතිපතා මා ලියූ විශේෂාංගය යටතේ 1975 ඔක්තෝබර් 17 වැනිදා සරසවිය පුවත්පතේ මේ ලිපිය පළ විය. ලිපිය පළ වී මාස තුනක් යන්නට මත්තෙන් ඔහු මියගියේය. අර පින්තූරයට මම කැමැතිය. කරදරයක් නැත්තන් මට කොපියක් දෙන්න. හැමෝම කිව්වා අර ලිපිය බලලා සේකර ළඟදී මහණ වෙනවද කියලා. ලිපිය පළ වී ටික දිනකින් ගුවන් විදුලියේ කැන්ටිමේදී හමුවී ඔහු කීවේය.
සේකරයන් කොතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණ කළත් තද ලැජ්ජාකාරයෙකි. ඔහු කවි, ගීත, නවකතා පරිවර්තන ලියා තිබුණත් කෙටිකතා ලියා නොතිබුණි. දිනක් දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත නාට්‍ය පුහුණුවන සුදර්ශියේ හමු වූ සේකරයන් මට මෙසේ කීවේය.

“මම බඩුවක් ලිව්වා. ගෙදර ගිහින් බලලා හොඳ නම් නවයුගය පත්‍රයේ පළ කරන්න. රංජිත්ම මේකට චිත්‍රයක් අඳින්න. ඔහු ලජ්ජාවෙන් කීවේය. මම ගෙදර ගොස් කුතුහලයෙන් යුතුව ඔහු ලියූ කෙටි කතාව කියවීමි. එය සේකරයන් කියූ ලෙස ඔහුගේ ප්‍රථම කෙටිකතාවය. පීතර නම් ඒ කෙටිකතාව නව යුගය කර්තෘ විමලසිරි පෙරේරා මහතාට දුනිමි. “ෂා” සේකර කෙටිකතාවක් ලියලා. නැගලා යනවා. අපි මේක සිළුමිණේ එනවුන්ස් කරමු. ලබන සතියේ සේකරගේ පීතර නම් කෙටිකතාව නව යුගයේ පළවෙනවා කියලා. විමලසිරි මහතා අපට කීවේය. “පීතර” නම් කෙටිකතාව නව යුගයේ පළවූයේ මගේ චිත්‍රයක් සමගය. පුංචි කාලයේ මගේ වීරයා වූ මහගම සේකරයන් අනුගමනය කොට චිත්‍ර අඳින ලද මා ඔහුගේ කෙටිකතාවට චිත්‍රයක් ඇඳීම මට රටක් රාජ්ජයක් ලැබිමක් වැනිය. අනෙක ඔහු උපන්නේ අප්‍රේල් 7 වැනිදාවකය. මා උපන්නේ ඔහු ඉපදී වසර 18 පසු අප්‍රේල් 7 වැනිදාවකය.

මේ නිසා සේකරයන් කිසිදා මට අමතක නොවේ. සේකරයන් මියගිය පසු සතියේ මේ පින්තූරය සරසවිය මුල් පිටුවේ පළවිය. එදා සරසවිය එක් ලක්ෂ පහළොස්දාහක පමණ අළෙවියක් තිබිණ.

ඒ.ඩි.රංජිත් කුමාර
උපුටා ගැනීම ලක්බිම