This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
ආදරය ලබන්න කවුද අකැමැති? - තිරාෂා සෙව්වන්දි
තිරාෂා සෙව්වන්දි මේ දිනවල කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී සිටින්නේ දෙරණ නාළිකාවෙන් විකාශය වන “City of dance” වැඩසටහනින් ඇය ඉදිරිපත් කරන මනරම් නර්තන නිසාය. තිරාෂා දක්ෂ නර්තන ශිල්පිනියක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි.

තිරාෂා ඔබ කොහොමද ‍කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2005 අවුරුද්දේ. නර්තනය හරහා කලාවට ආවා කිව්වොත් නිවැරදියි. මගේ පවුලේවත් පවුලට සම්බන්ධ අය අතරවත් ප්‍රසිද්ධ කලාවට සම්බන්ධ අය නැහැ. හැබැයි කලා හැකියාව පවුලේ ගොඩක් දෙනෙකුට තියෙනවා. මම මුලින්ම සම්බන්ධ වුණේ ලක්ෂ්මන් පුෂ්පකුමාර අයියගෙ ‘නිසල විල්තෙර’ ටෙලි නාට්‍යයේ කුඩා චරිතයකට. මම පුංචි කාලෙ ඉඳලම ආශා කළේ නර්තනයට. රංගනයෙන් ඉදිරියට එන්න ලැබෙයි කියල හිතුවේ නෑ.

ඔබේ පාසල් කාලය ගතවුණේ කොහොමද?

මගෙ ගම ජාඇළ. පාසල් ගියේ ගම්පහ සිරිකුරුස විදුහලට සහ කඳාන මැසනඩ් විදුහලට. පාසල් කාලෙ නැටුම්වලට වැඩියෙන් යොමුවෙලා ඉන්න විට අම්ම කිව්ව ඉස්සරවෙලා ඉගෙනීමට තැන දෙන්න කියල. ඒ නිසා මම අධ්‍යාපන කටයුතුවලට වැඩියෙන් යොමුවුණා.

එතකොට දැන් ඔබ...?

මම උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධියත්, ජර්මන් භාෂාවත් හදාරනවා. දැන් මම දෙවැනි වසරේ. විශ්වවිද්‍යාල කටයුතුත් නර්තන රංගන කටයුතුත් සමබරව කරගෙන යනවා.

ඔබට මතකද මුලින්ම කැමරාවට මුහුණ දුන් දවස?

ඔව් අද වගේ මතකයි. මට මුලින්ම රඟපාන්න ලැබුණේ අනුරුද්ධිකා පාදුක්කත් එක්ක. එදා මට එයා කිව්ව “නංගි රැල්ලට යන නිළියක් වෙන්න උත්සාහ කරන්න එපා. හොඳ නිළියක් වෙන්න උත්සාහ කරන්න කියල” මම හිතනව මම අද ඒ මඟ යනව කියල.

මේ වන විට ඔබ දායක වෙලා තියෙන නිර්මාණ...?

මංජුලා කුමාරිගෙ නිර්මාණ කීපයකටම දායන වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් ‘අහස සේ නුඹ අනන්තයි’ ටෙලි නාට්‍යය විශේෂයි. ‘සසර බැඳි බැමි’, ‘ඉසුරු භවන’, ‘ඉතිං ඊට පස්සෙ’, ‘රන් සමනලයෝ’, ‘ඉඳුවරී’, ‘දියමත ලියමි’, ‘පිපෙන මල්’, ‘අරුන්දතී’, ‘සැළමුතු පෙම’, ‘ඔබ කවුද’ වගේ ටෙලිනාට්‍ය ඒ අතරින් විශේෂයි. ‘අරුන්දතී’ ටෙලි නාට්‍යයේ ‘සෙත්මිණී’ කියන චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒ ටෙලි නාට්‍යයේ මම කළේ ප්‍රධාන චරිතය.

මේ දවස්වල ඔබ මොනවද කරන්නේ?

මේ දවස්වල වැඩියෙන්ම මහන්සි වෙන්නේ දෙරණ ‘City of dance’ තරගයට. ඊට අමතරව ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලටත් දායක වෙනවා.

දෙරණ ‘City of dance’ ඔබේ නර්තනවලට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවාද?

ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ මට නර්තනය පුළුවන් කියල. පාසල් කාලෙ මම කුලසිරි බුදවත්ත සර්ගෙනුත් නැටුම් ඉගෙනගත්තා පාසලෙන් ඉගෙනගන්නවාට අමතරව. අරුන්දතී ටෙලි නාට්‍යයේ මම ‍කළේ නර්තන ගුරුවරියකගේ චරිතයක්. එහි මම කළ නර්තනය දැකල වෙන්න ඕන දෙරණ City of dance එකට මට කතාකළේ. මේ වැඩසටහනට මුලින්ම 25 දෙනෙක් සහභාගි වුණා. ඒ අතරින් අන්තිම කීපදෙනා අතරට එන්න ලැබීම භාග්‍යයක්. මේ මගේ පළමු රියලිටි අත්දැකීම. මේ තරගයෙන් දක්ෂ කෙනාට ඉදිරියට එන්න හැකියාව තියෙනවා. මෙහි විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ නර්තනය කියන විෂයට ලංකාවේ ඉහළින්ම ඉන්න තුන්දෙනෙක්. ඔවුන් පෙන්වාදෙන අපේ අඩුපාඩු හඳුනගෙන අපිට අපේ දක්ෂතාව පෙන්වන්න හැකිවෙලා තියෙනව.

ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නේ නර්තනය හෝ රංගනය නෙමෙයි, වෙනත් විෂයක්. අනාගතයේ ඔබ තෝරාගන්නේ කලාවද නැතිනම් වෙනත් රැකියාවක්ද?

කලාවට සම්බන්ධ වෙන්න පුංචි කාලෙ ඉඳලම තිබුණේ පුදුම ආශාවක්. ඒවගේම ඉගෙනීමටත් මම හරියට ආශා කළා. ඒ දෙකෙන්ම මම අද ඉදිරියට ඇවිත් තියෙනවා. විශ්වවිද්‍යාලයේදි මම හදාරන ‘ජාත්‍යන්තර අධ්‍යයනය’ කියන විෂය ඉතා වටිනා එකක් උපාධිය අවසන් කරල ගැළපෙන රැකියාවකින් ඉදිරියට යන ගමන් කලා කටයුතුවලත් රැ‍ඳෙන්න හිතාගෙන ඉන්නවා.

තවම චිත්‍රපටයකට අවස්ථාව ලැබුණේ නැතිද?

මේ වන විට චිත්‍රපට කීපයකම පුංචි චරිතවලට සහභාගිවෙලා තියෙනවා. මෑතදී ප්‍රධාන මට්ටමේ චරිත කීපයකට කතාකළා. නමුත් තාම ඒව පටන්ගත්තේ නැහැනේ. රංගනයේ උපරිමය තියෙන්නේ සිනමාවේනේ. මම හරිම කැමැතියි හොඳ චිත්‍රපටවලට දායක වෙන්න.

ජනප්‍රිය නිළියක් වීම විශ්වවිද්‍යාලයෙදි ඔබට දැනෙන්නේ කොහොමද?

මම නිළියක් කියල හිතන්නෙ, මට දැනෙන්නෙ රඟපාන විට පමණයි. විශ්වවිද්‍යාලෙ යාළුවො අතර ඉන්න විට මට ඒ බව දැනෙන්නෙම නෑ. මම එහෙම හැසිරෙන්නෙත් නෑ. විශ්වවිද්‍යාලයට මම යන්නෙ ඉතාම සරලව. කැම්පස් යන විට මම මේකප් එකක්වත් දාන්නෙ නෑ. අධ්‍යයන කටයුතුවලදි මට මගෙ යාළුවො ගොඩක් උදව් කරනවා.

නිළියක් නිසා සමාජයෙන් ලැබෙන ආදරයට ආකර්ෂණයට ඔබ කැමැතිද?

සමාජයේ ආදරය ලබන්න කවුද අකැමැති. මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මෙහි රැඳිල ඉන්නේ ඒ ආදරය ආකර්ෂණය නිසා කියලයි මම හිතන්නේ. සමාජයක ආදරය ලැබීම ලොකු දෙයක්. ඒක හැමෝටම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඔබේ පවුලේ කවුද ඉන්නේ?

ම‍ෙග් පවුලේ එකම ගෑනු ළමයා මම. අයියල දෙන්නයි මල්ලියි අම්මයි තාත්තයි තමයි අපේ පවුලේ අය. සමහර අයියලා අකැමැතියිනෙ නංගි රඟපානවට. අපේ පවුලේ එහෙම නෑ. අම්මයි තාත්තයි අයියලයි මල්ලියි මට පුදුම සහයෝගයක් දක්වනවා. අම්ම තමයි මගේ ළඟින්ම ඉන්නේ.

යොවුන් ඔබට පෙම්වතෙක් නොඉන්න බැහැනෙ?

නැහැ. එහෙම කෙනෙක් තවම නෑ. තිරාෂා සෙව්වන්දිගේ ජායාරුප එකතුවට මේ ලින්කුවෙන් එන්න... Click Here උපුටා ගැනීම සිළුමිණ