This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
මට ගැළපෙන කෙනා තවම ලැබුණේ නෑ - සුබෝධනී කරුණානායක
නිවේදිකාවක්, වැඩසටහන් නිෂ්පාදිකාවක්, නිරූපිකාවක් ආදී ක්‍ෂේත්‍ර ගණනාවකින් ඊඍ දෙරණ තුළ දස්කම් පාන සුබෝධනී කරුණානායකට අද අපේ ඉඩ වෙන් කරන්න හිතුවා. ඒත් මේ නම දෙරණේ අයට නම් වැඩිය හුරු නැහැ. හැමදෙනෙක්ම වගේ මෙයාව හඳුන්වන්නේ "සුබා" කියලා.

ටී.වී. දෙරණට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2006 අවුරුද්දේ සහය නිෂ්පාදිකාවක් විදියට තමයි දෙරණ ආයතනයට සම්බන්ධ වෙන්නේ. ලාල් හේමන්ත මාවලගේ ගුරුවරයා යටතේ ජනමාධ්‍ය පිළිබඳ හැදෑරුවා. විවිධ වැඩමුළුවලට සහභාගි වුණා. ඒ හරහා තමයි දෙරණට සම්බන්ධ වෙන්නේ.

එදා සහය නිෂ්පාදිකාවට අද වෙද්දි උසස් වීම් ලැබිලා නේද?

ඔව්. දැන් මම ජේ‍යෂ්ඨ නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා.

සහය නිෂ්පාදිකාව, ජේ‍යෂ්ඨ නිෂ්පාදිකාවක් බවට පත්වීම අතරතුර කාලය කොහොමද දැනුණේ?

සෑහෙන්න අභියෝග තිබුණා. මේ රැකියාව අමාරුයි කියලා හිතුණු අවස්ථා තිබුණා. තවත් වෙලාවක හිතුණා මේක තරම් සුන්දර රැකියාවක් තවත් නැහැ කියලා. හරිම සුන්දර මිනිස්සු වගේම කකුලෙන් ඇදලා පහළට දාන මිනිස්සුත් හමුවුණා.

නිෂ්පාදිකාවක් වීම හිතන තරම් ලේසි නැහැ නේද?

ඇත්තටම හරිම අමාරුයි. නිෂ්පාදිකාව අසාර්ථකයි නම් වැඩසටහනත් අසාර්ථකයි. අද වෙද්දි ථඪඵඵ ඉපඪ ඹ්චදඬච, ච්ඥතත ඉබභඤඪධ, අවුරුදු කුමරි වගේ වැඩසටහන් මං නිෂ්පාදනය කරනවා. අලුතෙන් රංගන ශිල්පීන් එක්ක "පිට පිට බාගෙට" කියලා අලුත් වැඩසටහනකුත් පටන් ගත්තා. වැඩසටහන් කිහිපයක් මෙහෙයවද්දි නිවාඩුවක් නැති තරමට වැඩ කරන්න සිද්ධ වෙනවා.

වැඩ ගොඩක් එක්ක පෞද්ගලික ජීවිතය මඟහැරෙනවා නේද?

සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. පෞද්ගලික ජීවිතයක් නැති තරම්. එක වැඩසටහනක් නැවතුණාම ආයෙත් අලුතෙන් වැඩසටහනක් පටන් ගන්නවා. එක ළඟ වැඩ ගොඩක් කරද්දි පෞද්ගලික ජීවිතයට දක්වන්න අවධානයක් නැති තරම්. හැම වෙලේම මගේ උපරිමය වැඩසටහන වෙනුවෙන් යොදවනවා. අසනීපයක් වුණත් හිතෙන්නෙම වැඩසටහන ගැන තමයි.

පෞද්ගලික ජීවිතයක් ගැන හිතන්නෙවත් නැතිව ඔය තරම් වැඩ කරද්දි අම්මා බනින්නේ නැද්ද?

මුලදි නම් තාත්තා පොඩ්ඩක්වත් මම මේ ක්‍ෂේත්‍රය තෝර ගන්නවට කැමැති වුණේ නැහැ. වැරැදි වටහා ගැනීම්, ක්‍ෂේත්‍රය ගැන තිබුණු කටකතා ඊට බලපෑවා. ඒත් කාලයක් යද්දි ගෙදර අය තේරුම් ගත්තා. මම කැමැති නිසා සහ දක්‍ෂ නිසා මම තෝර ගත්ත දේට ගෙදරින් විරුද්ධ වුණේ නැහැ. මම රෑ කීයට හරි ගෙදර එනකල් අම්මයි තාත්තයි කන්නෙත් නැතිව බලාගෙන ඉන්නවා.

අම්මයි තාත්තයි විතරද ඔයා ගෙදර එනකල් බලාගෙන ඉන්නේ? නැත්නම් තව කවුරු හරි බලාගෙන ඉන්නවද?

තාම නම් අම්මයි තාත්තයි විතරයි.

අම්ම කියන්නේ නැද්ද තනියට තව කවුරු හරි හොයා ගන්න කියලා?

ඇත්තටම කියනවා. මට හරියන කෙනා තාම මුණගැහුණේ නැහැ. මමත් මේ බලාගෙන ඉන්නේ ඒ වාසනාවන්තයා කවුද කියලා දැනගන්න.

නිවාඩු පාඩුවේ ඉද්දි මොනවද කරන්නේ?

වෙනසකටත් එක්ක අවස්ථාවක් ලැබුණොත් නිරූපණ කටයුතු කරනවා.

පවුලේ තව කවුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි. අයිය නම් දැනට විදේශගත වෙලා ඉන්නේ.

කොහෙන්ද ඉගෙන ගත්තේ?

මගේ අම්මට හොඳට මහන්න පුළුවන්. මම පුංචි කාලෙ එක එක විදිහේ ඇඳුම් කොළවල ඇඳලා මට මේ විදිහේ ඇඳුමක් ඕනෙ කියල අම්මට කියල මහ ගන්නවා. අනෙක මම කැමැති නැහැ කවුරුත් අඳින ඇඳුම් අඳින්න. ඒ නිසාම පෞද්ගලික ආයතනයකින් ඒ ගැන ඉගෙන ගත්තා.

නිෂ්පාදිකාවක්, නිවේදිකාවක්, නිරූපිකාවක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක් කියන චරිත අතරින් වැඩිපුරම කැමැති කාටද?

මම හිතන්නේ නිෂ්පාදිකාව කියන චරිතයට ආසයි. පුංචි කාලේ මගේ ලොකු ආසාවක් තිබ්බා චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න. මම කවදාහරි ඒ හීනය සැබෑ කර ගන්නවා. ඒ නිසා තමයි මම වැඩිපුර නිෂ්පාදන කටයුතු කරන්න කැමැති.

මේ ක්‍ෂේත්‍රය ඇතුළේ කවුද උදවු කළේ?

මගේ ලෝකය තියෙන්නේ අම්මයි, තාත්තා, අයියා සහ මල්ලි ළඟ. ටී.වී. දෙරණ ආයතනයේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා, වැඩසටහන් අධ්‍යක්‍ෂිකා ෂර්මිලා ධර්මරාසා, මාධව මඩවල සහ මගේ හිත මිතුරන්ගෙන් මට ලොකු සහයක් ලැබෙනවා. උපුටා ගැනීම මව්බිම