This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ලංකාවට රූ රැජන කිරුළ ගෙනා ප්‍රථමයා මයුරීන් නීලීයා හින්ගර්ට්

1955 වසර කියන්නේ ශ්‍රී ලාංකික අපට ඉතාම සුවිශේෂී ඉතිහාසගත වසරක් වෙනවා. එයට හේතුව ප්‍රථම වරට විශ්ව රූ රැජන තරගයක තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික සුරූපිනියක් සමත් වීමයි.

මව සහ පියා
එවකට සිටි ලංකා බැංකු සභාපතිවරයකු වූ ලයනල් හින්ගර් මැතිතුමා සහ මාබෙල් ඩී.කේ. මැතිනියගේ දියණිය ලෙස 1937 ජනවාරි 09 වැනි දින කොළඹදී උපත ලැබූ මයුරින් නීලීයා හින්ගර්ට් උපතින්ම ලන්දේසි ජාතික කාන්තාවක්. මයුරින්ගේ මවුපියන් සතුව තේ වතු කිහිපයක්ද තිබූ නිසා ඔවුන් කොළඹ ප්‍රදේශයේ නමක් දිනා සිටි පොහොසතුන්ද වුණා.

මයුරීන් 1942දී කොළඹ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ අතර වයස අවුරුදු 18 දක්වා එහි අධ්‍යාපනය ලැබුවා. එහිදී ඇය ලෝක ඉතිහාසය, ඉංගී්‍රසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, හින්දි සහ දෙමළ යන භාෂා පහ පිළිබඳ හසළ දැනුමක් ලබා ගත්තා.
පසුකාලයක විද්‍යා විෂයධාරා හැදෑරූ ඇය හෙදියක ලෙසද පුහුණුව ලබා ඇති අතර, විනෝදාංශයක් ලෙස නර්තනයද හදාරා තිබෙනවා. ඉන්පසුව සිය රූමත් පෙනුම නිසාම, නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි මයුරින් 1954දී මිස් සිලෝන් කිරුළටද හිමිකම් කිව්වා. මිස් සිලෝන් කිරුළ හිමි වන යුවතියට විශ්ව රූ රැජන තරගය සඳහා සහභාගි වීමේ මහඟු, දුර්ලභ අවස්ථාව උදාවන නිසාම මයුරින් 1955 වසරේදී විශ්ව රූ රැජන තරගය සඳහා ඉදිරිපත් වුණා.

හොලිවුඩ් නිළියක්
එහිදී විශ්ව රූ රැජන තරගයේ තුන්වැනි ස්ථානය දිනාගත් මයුරීන්ගේ ජීවිතයට ප්‍රබල වෙනසක් කරන්න එම ජයග්‍රහණය සමත් වුණා. විශ්ව රූ රැජන සඳහා සහභාගි වීමට පෙර සිටම සිලෝන් චිත්‍රපට ආයතනයේ චිත්‍රපට සඳහා සහභාගි වී නිළියක ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි ඇගේ මේ ජයග්‍රහණයත් සමඟ නිළියක් වීමේ අවකාශය පුළුල් වුණා.
ඒ අනුව 20බඩ ඛ්ඥදබභපර ජ්ධය චිත්‍රපට නිෂ්පාදන සමාගම සමඟ කොන්ත්‍රාත්තුවකට අස්සන් තැබූ ඇය "ජනාදේවී" යන නමින් හොලිවුඩයේ ජනප්‍රියම නිළියක් බවටද පත්ව තිබෙනවා. 1956දී "අචථචප ධට බඩඥ බ්භදඨතඥ" රූපවාහිනි නාට්‍ය මාලාවේ කැලෑවක ජීවත් වන රැජනකගේ චරිතය නිරූපණය කළා.
එමෙන්ම ලොස් ඇන්ජලීස් හි ඉන්දියානු නර්තන ශිල්පිනියක ලෙසද මයුරින් ජනප්‍රිය වුණේ මේ කාලයේදීමයි.

සැමියා හොලිවුඩ් නළුවෙක්
එසේම 1956 වසරේ මෙක්සිකෝවේ රූපගත කෙරුණු, "කැප්ටන් ඩෙවිඩ් ගි්‍රෆ්" බි්‍රතාන්‍ය රූපවාහිනි මාලා නාටකයේ සුන්දර දකුණු අප්‍රිකානු ස්වදේශික තරුණියකගේ චරිතයට රංගනයෙන් දායක වීමටත් මයුරීන්ට අවස්ථාව ලැබුණා. මෙලෙස ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ළඟා වෙමින් සිටි මයුරින් 1958 වසරේ ජුනි මස 4 වැනි දින ස්කොට්ලන්තයේ නගරයක් වූ මොන්ට්‍රොස් හි නළුවකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි මාරියා ආර්මන්ඩ් සැම්පරේලීගේ අතගත්තා. මෙම විවාහය සිදුවන විට මාරියෝ 31 වැනි වියේ පසුවූ අතර, මයුරින් පසුවූයේ 21 වැනි වියේයි.
ඉන්පසුව නැවැත ලොස් ඇන්ජලීස් නගරයේ පදිංචියට ගිය මයුරීන්-මාරියෝ යුවළට 1959 මැයි 8 වැනි දින දියණියක් ලැබුණු අතර ඇය රේජිනා එන් නම් විය. ඉන්පසු 1964 අප්‍රේල් 13 වැනිදා මරිසා එන් නමින් මයුරීන්, මාරියෝ යුවළගේ දෙවැනි දියණියත් උපත ලැබුවා. 1967 මාර්තු 17 වැනි දින මයුරින් මාරියෝ යුවළගේ තුන්වැනි දියණිය ඉපදුණෙත් ලොස් ඇන්ජලීස් නුවරදීමයි.

ටෙලිනාට්‍ය
මයුරින් විශ්ව රූ රැජන කිරුළේ තැන්වැනි ස්ථානය ලබා ගත්තේ එම තරගය සඳහා දෙවතාවක් සහභාගි වීමෙන් අනතුරුව වීමත් විශේෂත්වයක්. 20බඩ ඛ්ඥදබභපර ජ්ධය චිත්‍රපට සමාගම සමඟ මයුරීන්, ද කිංග් ඇන්ඩ් අයි, පොර්ට් බෝවී, ගන් ෆීවර්, ද ඇඩ්වෙන්චර් ඔෆ් හිරාම් හොලිඩේ, මොරොක්කෝ හල්ක් මොත්, පිලර්ස් ඔෆ්ද ස්කයි, ඩෙන්ජරස් සර්ච්, ගන්මෑන් ෆෝර් ලරේඩෝ, ද රෝව් හයිඩ් ටෙලි නාට්‍ය මාලාව, ආදී චිත්‍රපට සහ ටෙලි නාට්‍යමාලා රැසකටත් ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.
මයුරීන් 1970 වසරේදී මාරියෝගෙන් නීතියෙන් වෙන්ව විලියම් ජේ. බැලර්ඩ් නම් පුද්ගලයකු සමඟ විවාහ වී ඇති අතර, ඉන් පසුවත් ජීවත්ව ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයේයි.

තනාපති තනතුරක්
මෙහි ඇති විශේෂත්වය වන්නේ එකල එනම් 1955 වර්ෂය යනු සීලෝන් දීපය හෙවත් ශ්‍රී ලංකාව ලොව ප්‍රචලිත වී නොතිබීමයි. මයුරින් විශ්ව රූ රැජන කිරුළ දිනා ගැනීම ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රචලිත වීමට එය හේතුවක් වූයේද එබැවිනි. කෙසේ වෙතත් අපේ පුංචි රට ලෝකයට ගෙන යෑමේ ගෞරවය වෙනුවෙන් මයුරින් නීලියා හෙයිටන්ට තානාපති තනතුරක් ද හිමි වුණා.

ලෝක රූ රැජන සහ විශ්ව රූ රැජන
විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙහි එකම වෙනස වන්නේ මෙම තරග දෙක අනුග්‍රාහක සමාගම් දෙකක් මඟින් පැවැත්වීමයි. ඊරජධධද ච්ධදචතඤ ඊපභථන චදඤ ව්ඕඛ් නම් සමාගම විසින පවත්වනු ලබන විශ්ව රූ රැජන තරගය මේ වසරේත් ජුනි මාසයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රූ රැජන තරග ද්විත්වය පවත්වනු ලබන්නේත්, ඉතාම තරගකාරී සමාගම් දෙකක් විසිනුයි. ඒ නිසාම තමන්ගේ ප්‍රතිරූප ලෝකයට විදහා දක්වන්න, ප්‍රසිද්ධිය ලබාගන්න මේ තරග දෙක යොදාගැනීමට ඔවුන් පසුබට වන්නේ නැහැ.

ආරම්භය
විශ්ව රූ රැජන තේරීමේ තරගය ආරම්භ වුණේ 1952 වසරේදී. ඒ හරියටම ලෝක රූ රැජන තරගය ආරම්භ වී වසර 2කට පසුව වීමද විශේෂත්වයක්. එසේම ලෝක රූ රැජන හා විශ්ව රූ රැජන තරග දෙක අතර පවතින ප්‍රධාතම වෙනස්කමක් ලෙස ද එය හැඳින්විය හැකියි.
නාන ඇඳුමට ප්‍රචාරය
අන්තර්ජාලයේ සඳහන් වන පරිදි ලෝක රූ රැජන තරගයේ, ආරම්භයේදී ප්‍රධානම ඇඳුම වූයේ බිකිනියයි. එහි ප්‍රධානම පරමාර්ථය වී ඇත්තේ නාන ඇඳුම් විලාසිතා පිළිබඳ ප්‍රචාරයක් ලබා දීම බව සඳහන් වනවා.

විශ්ව රූ රැජන තරගයේ අයිතියේ අතීතය පිළිබඳ කතා කරන විට එය ෆැසිපික් මිලර්ස් නම් ඇඳුම් නිර්මාණ ශිල්පි ආයතනයක් විසින් ආරම්භ කර තිබෙනවා. පසු කාලයක එහි අයිතිය ඊරජධධද ච්ධදචතඤ ඊපභථන චදඤ ව්ඕඛ් ආයතන හිමි කරගත්තා.
ශිරන්ති සහ රමණී
1973 වර්ෂයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ජනාධිපති බිරිය ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ විශ්ව රූ රැජන තරගය සඳහා සහභාගි වූ අතර එහිදී ඇයට කිසිදු ස්ථානයක් හිමි වුණේ නැහැ. 1985 දී රමණී බර්තලමියුස් විශ්ව රූ රැජන තරගය සඳහා සහභාගි වූ නමුත් ස්ථානයක් හිමි වුණේ නැහැ.

හංසි ආටිගල
මව්බිම