This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ගැබිණියන් මත්පැන් බීවොත් ලෙඩේ දරුවන්ටලු



ගැබිණි කාන්තාවන් මත්පැන් පානයකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවල නිරතවීමෙන් ඔවුන්ට ලැබෙන දරුවන් ගේ මොළයට හානි සිදුවෙතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන ඇතැයි ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත කියයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්මේඩ් රෝහලේ ළමා සායන පවත්වන මහාචාර්ය එළිසබෙත් එලියට් වෛද්‍යවරිය මේ බව අනාවරණය කර ඇති අතර ඕස්ට්‍රේලියා වෛද්‍ය සංගමය ගැබිණි කාන්තාවන්ට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් දී ඇත. ඔබ තරුණියක් නම් සාදයකට ගොස් ලිංගිකව එක්වීමේදී ගැබ් ගැනීම් වළක්වන ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරන ලෙස වෛද්‍යවරිය ඉල්ලා සිටියි. ඇල්කොහොල් මගින් ඩීඑන්ඒ වලට හානි වී එය අනාගතයේ කාන්තාවගේ මුණුබුරු මිණිබිරියන්ටද බලපෑම් එල්ල කරනු ඇතැයි කියති. ඕස්ට්‍රේලියා වෛද්‍ය සංගමය කියනුයේ එරට සෑම ගැබිණි කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු ගැබිණි සමයේ මත්පැන් පානය කරන බවයි. එය ඉපදීමට සිටින දරුවන්ට දුම්බීමෙන් සිදුවන හානියටත් වඩා වැඩි හානියක් සිදුකරතියි ඔවුහු පෙන්වා දෙති.

ලංකාදීප