🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඉක්මනට කෙට්ටු වෙන්න ආයුර්වේදයෙන් ප්‍රතිකාර

ඉක්මනට කෙට්ටු වෙන්න ආයුර්වේදයෙන් ප්‍රතිකාර

ස්ථුලභාවට හේතු

සහජ කරුණු වගේම වෙනත් කායික රෝග නිසාත්, සමහර රෝග සඳහා නිර්දේශිත යම් යම් ඖෂධ වර්ග නිසාත් යමෙකුගේ ශරීර බර වැඩිවෙන්න පුළුවන්. එහෙත් මෙහිදී අප කතාකරන්නේ එවැනි හේතුවලින් තොරව ස්ථුලභාවයට පත්වන පුද්ගලයන් පිළිබඳයි. මේ අනුව අපට හමුවන තරබාරු සියලුදෙනාටම වාගේ බලපාන ප්‍රධාන හේතුව වන්නේ ඔවුනගේ ආහාර සමඟ ජීවන රටාව සම්බන්ධ කරුණුයි. විශේෂයෙන්ම අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලැඛෙන තෙල් බහුල විවිධ ආහාර වර්ගත් පරිභෝජනය කිරීම ව්‍යායාමවලින් තොරව අක්‍රියශීලී දිවි පෙවෙතක් ගත කිරීම තමයි තරබාරු බවට හේතුවන එවැනි ආහාර රටාවක් අනුගමනය කරන කෙනකුගේ ශරීරයට වැඩිපුර, එනම් දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ලැඛෙනවා පමණක් නොව, ව්‍යායාම නොකිරීම තුළින් එම වැඩිපුර කැලරි වැයවීමට තිඛෙන අවස්ථාවන් අහුරනව. එම නිසා ස්ථුල බව නැති කරගැනීමට කුමන ආකාරයක ප්‍රතිකාර ගත්තද ඒ සියලු ප්‍රතිකාර ක්‍රම එල්ල විය යුත්තේ දෛනිකව ආහාරපාන මඟින් ශරීරයට ලැඛෙන කැලරි ප්‍රමාණය අඩු කිරීමත් දැනටමත් එසේ ඇති අතිරික්ක කැලරි දහනය කිරීමත් යන මූලික කරුණු දෙක කෙරෙහිය.

ලෙඩ ගොඩකට හේතුවක්

අධික තරබාරු බව බොහෝ රෝග ගණනාවකටම හේතුකාරකයකි. දියවැඩියාව, හෘද රෝග, සන්ධි රෝග ආඝාතය අධි රුධිර පීඩනය වැනි බරපතළ රෝග ගණනාවක් ඇතිවීමේ අනාගත අවදානමක් ස්ථුල පුද්ගලයන්ට ඇතිවේ. එපමණක් නොවේ ස්ථුල බව අකල් මරණයටද හේතුවෙන්න පුළුවන්. දෛනික කටයුතුවලට ස්ථුල බව බාධාවක් වෙනව පමණක් නොව කාන්තාවන්ගේ මඳ සරු බවට කෙරෙහිද, ඔසප් දෝෂ කෙරෙහිද එය හේතුවක් වෙන්න ඉඩ තිඛෙනවා. ආයුර්වේදයට අනුව ස්ථුල බව යමෙකුගේ ලිංගික ශක්‍යතාව කෙරෙහිද බලපාන බව දැක්වෙනවා. ඒ වගේම ශරීර අවයව, විශේෂයෙන්ම උදරය, තට්ටම් හා පියයුරු එල්ලා වැටෙන ස්වභාවයක් ගන්නා බවද සඳහන් වේ. මේ නිසා ආයුර්වේදයට අනුව "ස්ථුල" බවට වඩා "කෘශ"බව හෙවත් කෙට්ටු බව සම්පතක් බව පිළිගැනීමයි.

ස්ථුල බව වළක්වා ගැනීම

ස්ථුල බවට ප්‍රතිකාර කරනවාට වඩා වළක්වා ගැනීම ඉතා පහසුය. අවශ්‍ය වන්නේ ස්ථුල බව නිසා ඇතිවන විපාක කෙරෙහි මොහොතක් සිතා බැලීම පමණි. තමාගේ දෛනික දිවි පෙවෙත සෞඛ්‍යවත්ව ගෙවීමට පුරුදුවීමත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදුවීමත් කළ යුතුය. මහත අය තම බර අඩුකර ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දේවලින් හැකිතාක් වැළකීමට උත්සාහ කරන්න. පැණි රස, ඇඹුල් රස හා ලුණු රස බහුල ආහාර පාන හැකිතාක් සීමා කරගන්න. සිසිල් ජලය, සීත කළ බීම වර්ග, කිරි, යෝගට්, අයිස් ක්‍රීම්, කේක් වැනි ආහාර පානවලින් ඈත් වන්න. අලුත අස්වැන්න නෙළුෑ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. දවල් නිදා ගැනීම - විශේෂයෙන්ම කාන්තාවන් කෙරෙහි බලපාන මෙය ඉතා වැදගත් කාරණයක්. දිවා ආහාරයෙන් පසු, නිවෙස්වල සිටින කාන්තාවන් පැයක් දෙකක් නිදාගැනීම සිරිතක් කරගත් අය ඉන්නවා. ඒත් ඔබේ මහත අඩු කරගැනීමට අවශ්‍ය නම් එසේ කිරීමෙන් වළකින්න.

ඉක්මනින් බර අඩුකර ගැනීමට උපදෙස්

මෙම උපදෙස් ඉක්මනින් බර අඩුකර ගැනීමට අපේක්‍ෂා කරන අයට වැදගත් වේවි. මේවා අනුගමනය කිරීමෙන් ඉක්මනින් මෙන්ම ස්ථාවරව යමකුගේ බර අඩු කරගැනීමට පුළුවන්. උදෑසන කිරි තේ කෝපය වෙනුවට හිස් බඩ හොඳින් උණුසුම් වතුර වීදුරුවක් දිනපතා පානය කරන්න. පැරැණි මී පැණි (වසරකට වඩා පැරණි) තේ හැදි 02ක් පමණ උදේ හිස්බඩ මඳ රස්නය ඇති (උණුවතුර නොවේ) වතුර වීදුරුවකට මිශ්‍රකර එයටම දෙහි ඇඹුල් ස්වල්පයක් දමා බොන්න. ගොරක සහ සුදුලූනු සමව ගෙන තම්බා එයින් වතුර අඬු කෝප්ප භාගයක් පමණ ආහාර වේලකට පැය භාගයකට පමණ පෙර බොන්න. දිය නෑමට පෙර අබතෙල් ඇඟේ ආලේප කර හොඳින් සම්බාහනය කර ඉන්පසු උණුසුම් ජලයෙන් ස්නානය කරන්න. මෙසේ සතියකට දෙතුන් වරක් කරන්න. පැරැණි ධාන්‍ය (වසරකට වඩා පැරැණි) වලින් පිළියෙල කරන ආහාර, ඇවිදීම තිත්ත හා කහට රසැති ආහාරපාන ත්‍රිපලා, මීකිරිවලින් සාදාගන්නා තක්‍ර, ගුගුල්, සහ ශිලාජතු යන ඖෂධ වර්ගද ඉක්මණිනින් බර අඩු කරගැනීමට අවශ්‍ය විශේෂ ඖෂධ වේ.

ඉක්මනින් බර අඩු කරගැනීමක් සඳහා විශේෂ ඖෂධ

සිරුරට හානිකර නොවන පරිදි ඉක්මනින් බර අඩු කර ගැනීමට භාවිත කරන විශේෂ ඖෂධ කිහිපයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරනව. එහෙත් මේවා මනා සුපරීක්‍ෂණයක් සහිතව භාවිත කළයුතු අතර වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

  • ශුද්ධ ශිලාජතු සමඟ හීන් මිදි මුල් කසාය සමඟ
  • අමෘතාදී ගුගුල් ත්‍රිපලා කසාය සමඟ
  • ආරෝග්‍ය වර්ධන වටී මහා මංෂ්ඨාදී කසාය සමඟ
  • ඛෙහෙත් එරඬු කොළ පිලිස්සූ භෂ්ම පෙරුම්කායම් සමඟ
  • පංචකර්ම ප්‍රතිකාරවල සඳහන් ලේඛන වස්ති කර්ම

මෙහි සඳහන් කළ ප්‍රතිකාර ක්‍රම ක්‍රමානුකූලව යෙදීමෙන් මෙන්ම තවත් එවැනි සාර්ථක ප්‍රතිකාර ක්‍රම ක්‍රමානුකූලව යෙදීමෙන් මෙන්ම තවත් එවැනි සාර්ථක ප්‍රතිකාරවලින් ස්ථුලතාව ඉක්මනින් අඩුකර ගැනීමට හැකිය.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය 

කැලණිය විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම මව්බිම පුවත්පත