🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගබ්සා කාරකයක් වන සතකුප්ප වෙළඳපොලේ සූදුරුවලට මුසු කරලා

ගබ්සා කාරකයක් වන සතකුප්ප වෙළඳපොලේ සූදුරුවලට මුසු කරලා

ගබ්සා කාරකයක් වන සතකුප්ප වෙළඳපොලේ සූදුරුවලට මුසු කරලා


සූදුරු සහ සතකුප්ප ස්වරූපයෙන් බොහෝ දුරට එක හා සමානය. නමුත් සතකුප්ප දිගින් අඩුය. මහතින් වැඩිය. තිත්ත රසයෙන් යුක්තය. සතකුප්ප යනු ආයුර්වේදයේ භාවිත වන ඖෂධයක් වුවද ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව නොගන්නා ලෙසත්, විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට මෙය අහිතකර බවත් ආයුර්වේද වෛද්‍යවරු උපදෙස් දී තිබේ. ඒ කාන්තාවන් වඳභාවයට පත්වන්නට ඇති ඉහළ හැකියාව නිසාය. සිංහල කාන්තාවන් වඳ බවට පත් කරන්නට එක්තරා ආගමික අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරනු ලබන කුමන්ත්‍රණයක එක් පියවරක් ලෙස ද මෙය තවත් පිරිසක් හඳුන්වා Sathakuppaතිබේ. මේ අතර ගැබ් ගැනීම වළක්වනු පිණිස භාවිතා වන ඩි‍පෝ‍ප්‍රොවේරා නම් එන්නත් වර්ගයද පාකිස්තානයෙන් නීති විරෝධී ලෙස ආනයනය කෙට තිබියදී රේගුවේ භාරයට ගනු ලැබිණි. නමුදු එක ජනවර්ගයක් පමණක් ඉලක්ක කරගනිමින් කුළුබඩු වැනි පාරිභෝගික ද්‍රව්‍යයක් අලෙවි කරන්නේ කෙසේදැයි ඇතැමෙක් ප්‍රශ්න කරති. තවත් පිරිසක් පවසන්නේ මෙවැනි කුමන්ත්‍රණකාරී සැලසුම් ඔස්සේ එසේ බෙදාහැරීම් පවා කළ හැකි බවය.

කෙසේ වෙතත් සූදුරු සහ සතකුප්ප පිළිබඳ දැනුවත්ව සිටීම අප කාටත් ප්‍රයෝජනවත්ය. අප මුලින්ම මේ ශාක දෙකෙහි උද්භිද විද්‍යාත්මක සමාන අසමානකම් පිළිබඳ සලකා බලමු.

උද්භිද විද්‍යාත්මකව සලකා බලන විට සූදුරු සහ සතකුප්ප අතර වෙනස්කම ඇත්තේ ගණයෙන් පමණක් බැව් ඔබට මෙහිදී පැහැදිලි වනු ඇත. ශාකයේ බාහිර පෙනුම අතින් මෙහි පැහැදිලි වෙනසක් දක්නට නැත. සතකුප්ප පිළිබඳ තොරතුරු සොයා යාමේදී අපට දැනගන්නට ලැබෙන්නේ එය ද ආහාර රසවත් කිරීමට භාවිත කරන කුළු බඩු විශේෂයක් සහ ඖෂධයක් ලෙස විදෙස් රටවල භාවිත වන බවය. වියළන ලද හා අමු සතකුප්ප කොළ ජර්මනිය, ග්‍රීසිය, ‍පෝලන්තය, නෝර්වේ, බෝල්ටික් රටවල්, රුසියාව හා මධ්‍යම ආසියාවේ ඖෂධයක් ලෙස භාවිත කෙරේ. එමෙන්ම මෙහි ඇති සුවඳවත් බව නිසා ඇතැම් ආහාර වර්ග සඳහාද සතකුප්ප මිශ්‍ර කෙරේ. සතකුප්ප ආහාරවලට මිශ්‍ර කළ යුත්තේ අමුවෙන් බවත්, වියැලුණු පසු එහි රසවත් බව අඩුවන බවත් බටහිර සූපවේදයේ සඳහන්ව තිබේ. මාළු පිළියෙළ කිරීමේදී විශේෂයෙන්ම සතකුප්ප මිශ්‍ර කෙරේ. එහෙත් අප රටේ ආහාර පිළියෙළ කිරීමේදී මෙය භාවිතා වන බවක් දැන ගැනීමට නැත. ලොව ඇතැම් රටවල මුස්ලිම් ජාතිකයන් අතර සතකුප්ප මිශ්‍රකොට ආහාර සකස් කෙරෙන බැව් දක්නට ලැබේ. සතකුප්ප මිශ්‍රකොට සකස් කරන බත් වර්ගයක්ද ඔවුන් අතර ප්‍රසිද්ධය. එම වට්ටෝරුවට අනුව ඔවුහු එය සතකුප්ප මේස හැන්දක් පමණ මිශ්‍රකරති. මේ නිසා ඇතැම් විට සූදුරුවලට සතකුප්ප මිශ්‍ර කරන්නට ඇත්තේ ලාබ ලැබිමේ අපේක්ෂාවෙන් වන්නට පුළුවන. කෙසේ නමුත් සතකුප්ප මිශ්‍රකොට ආහාර පිළියෙළ කිරීමේදී නිවසේ ගර්භණී කාන්තාවන් සිටීදැයි සැලකිලිමත්වන ලෙස බටහිර රටවල මේ සම්බන්ධව ඇති විවිධ වබේ අඩවිවල සඳහන්ව තිබිම ද විශේෂත්වයකි. ගර්භණී කාන්තාවන් සතකුප්ප සහිත ආහාරවලට විශේෂ කැමැත්තක් දක්වන බවත්, එසේ Suduruවුවද මේවා ආහාරවලට මිශ්‍ර කළ යුත්තේ සාමාන්‍ය මට්ටමින් හෙවත් අඩු මාත්‍රාවකින් බවද එම වබේ අඩවිවල සඳහන් වේ. මේවා අධික වශයෙන් ගෙන ශරීරයේ තැන්පත් වුවහොත් එය ප්‍රබල ගබ්සා කාරකයක් ලෙස ක්‍රියාත්මක වන බැව් ඒවායේ සඳහන් වේ. එමෙන්ම පුරුද්දක් ලෙස සතකුප්ප ආහාරයට ගැනීම නිසා ගැබ්ගැනීම් වැළකෙන බැව් ද සඳහන්ව තිබේ. මේ තත්ත්වය කුමක් වුවත් ඔබ සූදුරු මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු බැව් දැන් පැහැදිලිය. වෙන්කොට හඳුනාගත නොහැකි වුවද දැන් ඔබ මේ පිළිබඳ දන්නා නිසා වෙනසක් ඇත්නම් එය සොයාගන්නට අපහසු නොවනු ඇත. ඔබ වෙළෙඳපළින් මිලදී ගන්නා සූදුරුවල යම් වෙනසක් සුවඳක් හෝ ඇටයක් සැපූ විට වෙනත් රසයක් ඇති බව දැනේ නම් එය වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දිය යුතුය. ඔබට ගමන් පහසුකම් ඇත්නම් එය පිහිටා ඇත්තේ කොළඹ 02 වොක්ෂෝල් මාවතේ අංක 27 දරන ස්ථානයේ පිහිටි සතොස මහ ‍ලේකම් කාර්යාල ගොඩනැගිල්‍ලේ පළමු හා දෙවැනි මහ‍ලේය. ෆැක්ස් මගින් පැමිණිල්ලක් කරන්නේ නම් 011 2 299148 හෝ 011 2 432253 ඔස්සේ ද, දුරකථනයෙන් දැනුම් දෙන්නේ නම් 011 2445897, 011 242253 හෝ 011 7755464 යන අංක ඔස්සේ ද සම්බන්ධ කොට ගත හැකිය.

සතකුප්ප : 

ගබ්සා කාරකයක් වන සතකුප්ප වෙළඳපොලේ සූදුරුවලට මුසු කරලා

සූදුරු : 


ගබ්සා කාරකයක් වන සතකුප්ප වෙළඳපොලේ සූදුරුවලට මුසු කරලා


සතකුප්ප මුසු සූදුරු භාවිතයෙන් කතුන් වඳ බවට හා ගබ්සාවන්ට ලක්වේද?

සතකුප්ප යනු ගබ්සා වීමටත්, කාන්තාවන් වදභාවයට පත් කරන්නටත් හේතු වන ඖෂධයක් බවට ආයුර්වේදයේ ප්‍රචලිත මතයක් ඇතැයි අපි අසා ඇත්තෙමු. එබැවින් මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය මතය දැනගනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය ආයතනයේ ප්‍රසූති තන්ත්‍ර සහ කෞමාර භෘත්‍ය අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ 08, බොරැල්ල ආයුර්වේද මහ (ශික්ෂණ) රෝහ‍ලේ සහකාර උපදේශක කාන්තා රෝග සහ ප්‍රසව තන්ත්‍ර විශේෂඥ කෞමදි කරුණාගොඩ මහත්මියගෙන් කරුණු විමසා සිටියෙමු.

‘සතකුප්ප, සූදුරු, මහදුරු, දෙව්දුරු හා කලුදුරු කියන්නේ එකම කුලයකට අයත් ශාක වර්ග. මේවා වැවෙන්නේ කුඩා පැළෑටි හැටියට; ආහාර හා ඖෂධ වශයෙන් මේවායේ බිජ යොදා ගැනෙනවා. අදින් අවුරුදු 6000කට පමණ පෙර ලියැවුණු ආයුර්වේද ග්‍රන්ථවල මේවා පිළිබඳ කරුණු සඳහන් වෙනවා. ආයුර්වේද ග්‍රන්ථවල සූදුරු ‘ශ්වේත ජීරක’ වශයෙනුත්, කලුදුරු ‘කෘෂ්ණ ජීරක’ වශයෙනුත් හැඳින්වෙනවා. සතකුප්ප හැඳින්වෙන්නේ ‘ශතපුෂ්ප’ නමින්. Suduru2පැරණි ආයුර්වේද ග්‍රන්ථවල සතකුප්ප ගැන පැහැදිලි විස්තර අඩංගු වෙනවා. සතකුප්පවල ඖෂධීය ප්‍රයෝජනයන් පහත ආකාරයට සඳහන් කළ හැකියි.

  • පුරුෂ හා කාන්තා භේදයකින් තොරව ආහාර මාර්ග පද්ධතියේ ඇති වන විවිධ රෝග සඳහා.
  • විශේෂයෙන් කාන්තා රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙසද සතකුප්ප යොදා ගන්නවා. යම්කිසි කාන්තාවකගේ ඔසප් ක්‍රියාවලිය අක්‍රමවත් නම්, ඒ සඳහා ප්‍රතිකාරයක් ලෙස සතකුප්ප යොදා ගැනෙනවා. ඒ වාගේම වඳභාවයට පත්වූ කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදීද සතකුප්ප යොදා ගන්නවා.
  • ගර්භාෂයේ මාංශ පේෂී සංකෝචනය කිරීම සඳහා සතකුප්ප මගින් කෙරෙන විශේෂ කාර්යභාරයක් ඉටු කෙරෙනවා.
  • සතකුප්පවලින් ඖෂධ භාවිතයේදී චූර්ණ, නස්න, කෂාය, වස්ති ආදී වශයෙන් පිළියෙළ කරගනු ලබනවා.
  • සතකුප්ප ඖෂධය මගින් කාන්තාවන්ගේ ආර්ථවය, එහෙමත් නැත්නම් මාසික ඔසප්වීම පිළිබඳ යම් යම් වෙනස්කම් ඇති කරන නිසා මෙය ගැබ්ගත් කාන්තාවන් සඳහා ආයුර්වේදයේදී නිර්දේශ කරන්නේ නැහැ. එයට හේතුව සතකුප්ප නිසා ගැබ් හෙළීම, එහෙත් නැත්නම් ගබ්සාවක් සිදුවන්නට ඇති හැකියාවයි.

බටහිර හෝ ආයුර්වේද හෝ මේ කුමන ඖෂධයක් වුවත්, ඒවා ලබා ගන්නා යම්කිසි නිශ්චිත මාත්‍රාවක් තිබෙනවා. ආයුර්වේදයේදී සතකුප්ප සඳහා නියම කරන මාත්‍රාව අනෙක් ඖෂධවලට සාපේක්ෂව වැඩි බව සඳහන් කළ හැකියි. ආයුර්වේදයට අනුව සතකුප්ප ‘නැළියක්’ දක්වා ගැනීමට නියම කරනු ලබන අවස්ථාත් තිබෙනවා. නැළියක් යන්න වර්තමාන ඒකකයකට පරිවර්තනය කළොත් අපට එය ගැලුම් කාලක් හෝ ලීටර් 1.1ක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. සතකුප්ප ගැන සාමාන්‍ය ජනතාව කතා කරන්නට පටන් ගත්තේ මෑතකදී. ඒ ඒවා සූදුරු සමග මිශ්‍රකොට අලෙවි කරන්නට තිබිම නිසයි. කෙසේ නමුත් සූදුරුවලට විශාල ප්‍රමාණයකින් සතකුප්ප මිශ්‍ර කරන්නට හැකියාවක් නැහැ. දැන් සොයාගෙන ඇති ආකාරයට අප රටට ගෙනැවිත් ඇති සූදුරුවල 15ක් පමණ සතකුප්ප ඇති බව සොයාගෙන තිබෙනවා. අනෙක සතකුප්පවල රසයද සූදුරුවලට වඩා වෙනස් නිසා මිශ්‍ර කළ හැක්කේද සුළු ප්‍රමාණයන්ගෙන් පමණයි. අප නිවෙස්වල සූදුරු බොහෝ විට භාවිත වන්නේ කුළු බඩුවක් ලෙසටයි. සාමාන්‍යයෙන් ආහාරපාන සඳහා කුළුබඩු අධික ලෙස යොදා ගන්නේද නැහැ. ඇතැම් පුද්ගලයන් සූදුරු භාවිත කරන්නේම නැති තරම්. මේ සුළු ප්‍රමාණය තුළ අඩංගු සතකුප්පවලින් සිරුරට යම්කිසි අහිතකර බලපෑමක් එල්ල වන්නට ඉඩ ඇත්තේ නැහැ. අනෙක අප ගන්නා වෙනයම් ආහාරවලද ගබ්සාකාරක රසායන යම් යම් මාත්‍රාවන්ගෙන් තිබිය හැකියි. නමුත් එවැනි ආහාර වර්ග පරිභෝජනය කළ පමණින්ම කාන්තාවක් ගබ්සා වන්නේ නැහැ. සූදුරුවලට මිශ්‍රකොට ඇත්තේද ඉතාම ස්වල්පයක් වූ සතකුප්ප ප්‍රමාණයක් නිසා ප්‍රායෝගික ලෙස කල්පනා කළොත් එයින් කිසිසේත්ම ගබ්සාවක් ඇතිවන්නට ඉඩක් නැහැ. නමුත් සූදුරුවලට සතකුප්ප මිශ්‍රකිරීම යනු නීති විරෝධී ක්‍රියාවක්. එබැවින් මෙම ක්‍රියාවට අදළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හැරුණු විට මේ ආකාරයෙන් සුළු මාත්‍රාවක් සූදුරු සමග මිශ්‍ර කළ සතකුප්ප ආහාරයට ගැනීමෙන් දරු ගැබක් විනාශ වේ යැයි ආයුර්වේදයට අනුව සඳහන් කළ නොහැකියි.

උපුටා ගැනීම ලක්බිම පුවත්පත