🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නින්ද ඇයි නොඑන්නේ ?

නින්ද ඇයි නොඑන්නේ ?


කාන්තාවකගෙන් ඔබට හොඳින් නින්ද ගියාද ඇහුවොත් දෙන පිළිතුර "අනේ මට නින්ද යන්නේ නැහැ..." යන්නයි. යහපත් නින්දක්‌ නොලැබීම බොහෝ රෝගාබාධයන්ට මග කියන බව දැන් පර්යේෂණයන් මගින් අනාවරණය වී තිඛෙනවා. ඇතැම් කාන්තාවන් විවිධාකර රෝගාබාධ ගැන පැමිණිලි කරමින් පැමිණියද ඔවුන් තුළ කිසිදු රෝග තත්ත්වයක්‌ දැක ගන්නට නොලැබුන බවයි, ඇමරිකාවේ ලුසියානා සරසවියේ වෛද්‍ය පිළිප් . එම් ටේලර් පවසන්නේ. මෙම රෝගාබාධ තත්වයන්ට බලපා තිඛෙන ප්‍රබල සාධකය රාත්‍රි කාලයේ සුවදායක නින්දක්‌ නොලැබීම බව වග කියනවා. මේ පිළිබඳව වූ සිය අධ්‍යනයට ඔහු වයස අවුරුදු 20 සිට 86 දක්‌වා වූ කාන්තාවන් නියෑදිය ලෙස තෝරා ගත්තා. නින්ද පිළිබඳ දෛනික රටාව සටහන් කරගන්නා ලෙසට ඔවුන්ට උපදෙස්‌ දුන්නා .ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කළ විට වෛද්‍ය ටේලර්ට ලබා ගත හැකි නිගමනය වූයේ දවසකට පැය හතකට අඩු නින්දක්‌ ලබන කාන්තාවගේ විඩාබර ගතිය පැය අටකට වඩා වැඩි නින්දක්‌ ලබන කාන්තාවන්ට සාපේක්‌ෂව බලන විට පස්‌ ගුණයකින් ඉහළ බවයි. කාන්තාවන් පිරිමින්ට වඩා හොඳ නින්දක්‌ ලැබුවද, ඔවුන් නිතරම පැමිණිලි කරන්නේ තමන් නිසි පරිදි නින්දක්‌ නොලබන බවයි. මේ පිළිබඳව වූ පර්යේෂණයන් මගින් පෙන්වා දෙන්නේද කාන්තාවන් නිතරම චෝදනා කරන්නේ තමන්ට හරි හැටියට නින්දක්‌ නොලැඛෙන බවයි. ඒත් පිරිමින්ට සාපේක්‌ෂව බලන විට කාන්තාවන් පිරිමින්ට වඩා නිරෝගි අතරම පිරිමින්ට වඩා ජීවත්වීමේ වාසනාවද ලබනවා. පීටස්‌බර්ග් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව, චිකිත්සාගාර සහ පරිවර්තන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩැනියෙල් ෆෙ. බයිසි සඳහන් කරන්නේ කාන්තාවන්ගේ නින්ද ජීවිතයේ නිරෝගි පැවැත්මට ඛෙහෙවින් බලපා ඇති බවයි. ඇමරිකා එක්‌සත් ජනපදයේ "නිදි පුරුදු" වෙනුවෙන් සිදු කරන ලද ජාතික අධ්‍යනයකින්ද පෙන්වා ඇත්තේ කාන්තාවන් තදින්ම නින්දට වැටෙන අතර අවදි විමේදීත් පිරිමින්ට වඩා ඉක්‌මනින් නැගිටීමේ හැකියාවෙන් යුක්‌ත බවයි. මෙම අධ්‍යනයට පුද්ගලයන් 1506 ක්‌ සම්බන්ධ වූ අතර කාන්තාවන්ගෙන් 30% ක්‌ද, පිරිමින්ගෙන් 22% ක්‌ද සඳහන් කළේ ඔවුන් සතියේ දිනයන්හිදී පැය අටක්‌ හෝ ඊට වඩා අඩු නින්දක්‌ ලබන බවයි. ඉතා සුළු පිරිසක්‌ සඳහන් කළේ සතියේ දිනයන්හිදී තමන්ට ප්‍රමාණවත් නින්දක්‌ නොලැඛෙන බවයි. නින්ද පාලනය කරන්නේ යසචචදජ්පචමි සහ අනුමස්‌තිෂ්කය මගින් නින්දේදී ගැමා ඇමිනෝ බියුට්‌රික්‌ අම්ලය මගින් ස්‌නායු සම්ප්‍රේෂණයන් නිකුත් කරනවා. එවිට මධ්‍ය ස්‌නායු පද්ධතිය ක්‍රියාත්මක කිරීම අවම කරනවා. නින්ද කොටස්‌ තුනකින් යුක්‌තයි. REM හෙවත් ශීඝ්‍ර අක්‌ෂි චලනය NREM හෙවත් ශීඝ්‍ර නොවන අක්‌ෂි චලනය NREM නැවතත් සිදු වෙනවා මෙම ක්‍රියාවලිය විනාඩි 90 සිට 120 ක්‌ අතර කාලයේදී සිදු වෙනවා. නැවතත් 6 සිට 7 වතාවක්‌ පමණ මෙම කාර්යය සිදු වෙනවා. NREM සිදු වෙන අවස්‌ථාවේදී ඉක්‌මනින් අවදි වෙනවා. නින්ද ජීවීන්ගේ නිරෝගි ජීවිතය වෙනුවෙන් අවශ්‍යයි. යමෙක්‌ නින්දට වැටී සුවදායක නින්දක්‌ ලබා ගතහොත් පසු දිනයේදී අවදි වන්නේ ශාරීරික ලෙසින් මෙන්ම මානසික ප්‍රබෝධයෙන්ය. නින්ද වැදගත් වෙන්නේ ඇයි යන්න ඔබගෙන් ඇසුවොත් සමහර විට අපි සිතන්නේ ජෛව ක්‍රියාවලිය තුළ නින්ද අනිවාර්ය අංගයක්‌ බවයි. නමුත් නින්දෙන් මිනිසාගේ නිරෝගී පැවැත්මට ලැඛෙන පිටිවහල ඉමහත්ය. දහවල් කාලයේ අපි කරන කටයුතු නිසා ක්‌ෂය වෙන ෙසෙල කොටස්‌ නැවත ලබා ගැනීමට මෙන්ම මතකය ගබඩා කිරීමේ මෙහෙය වෙනුවෙන් නින්ද අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා. නින්දට බලපාන ප්‍රධාන සාධකයන් ගැන ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌හි නිද්‍රා ව්‍යාධින් පිළිබඳ ආයතනයේ අධ්‍යක්‌ෂ නිල් කාවේගේ විශේෂඥයාගේ අදහස මෙසේය. නින්ද පිළිබඳව වූ සාමාන්‍ය රටාවට අපට අනුගත වීමට නොහැකි තත්වයක්‌ ඇතොත් එය රෝගයක්‌ ලෙසින් හඳුන්වනවා. ෂබිදපස් ලෙසින් හැඳින්වෙන මෙම රෝගී තත්ත්වයේ ලක්‌ෂණ ලෙස නින්දට පත් වීම ඉතාම අපහසුවක්‌ ලෙස දැනෙනවා. ඇඳට ගියද ඒ මේ අත පෙරළෙමින් සිටිනවා විනා පහසුවෙන් නින්දට පත් වෙන්නේ නැහැ. ඒ වගේම මෙම රෝගීන්ට නින්ද අඛණ්‌ඩව සිදු වෙන්නේ නැහැ. නිදි පැය ගණන පුරාවට විටින් විට අවදි වෙනවා. තවත් විටෙක පැය ගණනින් ප්‍රමාණවත්ව නිදා ගත්තද, ඔවුන්ගේ නිදිමත ස්‌වරූපය පහව යන්නෙත් නැහැ. සුවදායක ලෙසින් නින්ද නොලැඛෙන Insomia රෝගීන් හිසරදය, ඇගපත වේදනාව, ආතතිය, අවපීඩනය, අමතකවීම, කේන්තිය, වැනි ශාරීරික අපහසුතාවන් පෙන්නුම් කරනවා. ඒ වගේම පුද්ගලයකුට නින්ද නොයන්නත් හේතු තිඛෙනවා. වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස අනුව හෘද රෝග, සන්ධි ආශ්‍රිත රෝග, ආහාර ජීරණ රෝග, පශ්චාත් වෛරස රෝග, ස්‌නායු ආබාධ, මොළයේ අර්බුද, මොළයේ කුටීර වහනය ගැටලු පර්යන්ත ස්‌නායු ආබාධ හේතු ලෙසට දක්‌වනවා . නින්ද නොයන සිද්ධිය රෝගයක්‌ද යන්න නිශ්චය කර ගැනීමට සිදුකරන පරීක්‌ෂණයන් PSP polysomnography නමින් හඳුන්වනවා. එම පරීක්‌ෂණය මගින් රෝග නිදානය හඳුනාගෙන මිසක නින්ද නොයන තත්ත්වයට ප්‍රතිකාර කළ යුතු නැහැ. සාමාන්‍යයෙන් බොහෝ දෙනා පුරුදුව සිටින්නේ නින්ද පිළිබඳ ගැටලු වෙනුවෙන් භාවිත කරන ඖෂධ මොළයට බලපාන නිසා දිගින් දිගටම මෙම ඖෂධ භාවිතය එතරම් සුදුසු නැහැ.

සුවදායක නින්දක්‌ ලැබීම

ක්‍රමවත් නිදි පිළිවෙතක්‌

නින්ද පිළිබඳ විශේෂඥ ෆෙම්ස්‌ වොල්ස්‌ සඳහන් කරන්නේ සුවදායක ලෙසින් නින්දක්‌ ලබන්නට නම් නින්ද පිළිබඳව රටාවක්‌ ගොඩ නගා ගැනීම අවශ්‍ය බවයි. මිනිස්‌ සිරුරෙහි වූ ජෛව ඔරලෝසුවද, රිද්මානුකූල බවක්‌ අපේක්‍ෂා කරන බැවින් සාමාන්‍ය ජීවිතය තුළින් නින්දටද රටාවක්‌ ගොඩ නගා ගැනීම අවශ්‍ය වෙනවා .


නිදන කාමරයේ ක්‍රියාකාරකම් අඩු කිරීම

නිදන කාමරය ඔබගේ මනසට වෙහෙසක්‌ නොවන ලෙසින් තබා ගැනීම අවශ්‍යය. පරිගණකය, රූපවාහනිය නිදන කාමරයෙන් දුරස්‌ථ වීම අවශ්‍ය වෙනවා. මනෝ විද්‍යාඥ චාල්ස්‌ මොරින් සඳහන් කරන්නේ දිවා කාලයේ වෙහෙසකර බවෙන් මිදෙන්නට ඔබ නින්දක්‌ ලබන්නේ නම් ඊට ගැළපෙන පරිද්දෙන් වූ සන්සුන් බව නිදන කාමරයේ තිබීම අවශ්‍යම බවයි.


දිවා කාලයේ නින්දට යොමු නොවීම

දිවා කාලයේ නින්දට යොමු වන අයටත් රාත්‍රියේදී ලබන නින්ද ඉතා අසීරු වන්නේ ඔවුන් දෛනික නිදි අවශ්‍යතාවයන් කොටසක්‌ ලබා සිටින නිසයි. ඇතැමුන් රාත්‍රි ආහාරය සමගින් අත පය සෝදා ගෙන ඇඳට යන්නේ නිදි සුවය වෙනුවෙන්ය. නමුත් රාත්‍රි කාලයේදී ආහාර දිරවීම අපහසුයි. ආහාර ගත් විට සිරුර රත් වෙන අතර හෘදය වස්‌තුවේ ක්‍රියාකාරිත්වය ඉහළ යයි. මේ නිසා රාත්‍රි ආහාරය නින්දට පැය දෙකකට කලින් ලබා ගැනීම වැදගත්.

විවේකය

එක්‌ දිගටම වැඩට යොමු වීම නිසා ඇති වෙන අධික වෙහෙසකර තත්ත්වයද නින්දට බාධාවක්‌. වැඩ කටයුතු බහුල වීමත් ඇති වෙනනසට වූ කාර්යබහුලත්වයද නින්දට බාධාවක්‌.


ආහාර

කැෆෙන්, ටැනින් අඩංගු පාන වර්ග මෙන්ම කෝලා වීමද නින්දට තිඛෙන උනන්දුව නැති කරනවා. අනවශ්‍ය ලෙසින් බඩ පිරෙන්නට ආහාර ගැනීමට වඩා සමබල වූද පෝෂ්‍යදායි ආහාර රටාවක්‌ සැපවත් නින්දට මග කියනවා.


ව්‍යායාම

සිරුරට අධික ලෙසින් විවේකය ලබා ගැනීමද නින්දට බාධාවක්‌. මේ නිසා කය වෙහෙසෙන පරිදි ශරීරයේ ක්‍රියාකාරිත්වයත් මනස නිරවුල් කරවන පරිදි ආගමික වතාවත්වලින් අනතුරුව නින්දට යොමු වීමත් සුවදායක නින්දට මග කියනු ඇත. ඒ වගේම අධික ලෙසින් නිදිමත ගතියද රෝග ලක්‌ෂණයක්‌ බව අමතක කළ යුතු නැහැ. ඇතැම් උදවිය රාත්‍රි, දවල් වෙනසක්‌ නැතුව නිදිබර ගතියෙන් පසුවෙන අන්දම ගැන අපටද අත්දැකීම් ඇත. මේ අන්දමට අධික නිදිමත ගතියෙන් පසුවෙන්නේ නිරක්‌තිය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසා බැව් අමතක කළ යුතු නැහැ. ඒ නිසා සුවදායක ලෙසින් නින්දක්‌ නොලැබීමත් වගේම අධික ලෙසින් නිදිමත දැනීමත් රෝග තත්ත්වයක්‌ බැව් අමතක කළ යුතු නැහැ. මේ නිසා නින්ද ඇතුවත් බැරි නැතුවත් බැරි තැනක සිටිනවා කිව්වොත් නිවැරැදියි නේද? කියන තැන ඔබටත් නවතින්න පුළුවනි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

උපුටා ගැනීම දිවයින පුවත් පත