This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
යෝග කියන්නේ ෆැෂන් එකක් නෙවෙයි විද්‍යාවක්...

යෝග කියන්නේ අනෝජා වීරසිංහ කියන විශිෂ්ට සිනමා නිළියගේ කලකිරීම් පක්‍ෂයද? එහෙමත් නැත්නම් සංතෘෂ්ටියද?
මම යෝග කෙරෙහි නැඹුරු වූ ආකාරය තමයි මේ ප්‍රශ්නයට තියෙන හොඳම පිළිතුර. ඉස්සෙල්ලාම යෝග ඉගෙන ගැනීමේ අවස්ථාව මට උදාවෙන්නේ කේමදාස මාස්ටර් නිසයි. මාස්ටර්ගේ මානසවිල ඔපෙරාවට සම්බන්ධ වෙලා ඉන්න කාලේ එතුමා අපිව වීඩා කෙනමන් මහත්මිය ළඟට යෝග ඉගෙනගන්න යොමු කරනවා. නමුත් යෝග අභ්‍යාසවල වටිනාකම එතැනදිත් මට අවබෝධ වෙන්නෙ නැහැ. ඊට පස්සේ ආයෙත් මම යෝගවලට යොමු වෙන්නේ දණහිසේ ඇතිවුණ ආබාධයක් නිසා. එතැනදි මගේ කරාටේ ගුරුවරයා වුණ ශිහාන් නන්ද සිරිවර්ධනගේ යෝග පන්තියට සහභාගි වුණත් අතරමඟ ඒ ගමනත් ඇනහිටියා. මේ අතර දණහිසේ ආබාධය නොණ්ඩියක් දක්වාම වර්ධනය වෙනවා. 2004 සුනාමි ව්‍යසනය වෙලාවේ අපේ අභින කණ්ඩායම විපතට පත් අයට මානසික සුවය ලබාගන්න වැඩමුළු පවත්වනවා. ත්‍රිකුණාමලය වැඩමුළුවෙදි මුරුගදාස්ගෙන් යළිත් යෝග ඉගෙනගන්න ලැබෙනවා. ඊටත් පස්සේ මාධ්‍යවේදී නිශානි දිසානායක මිතුරියගේ මඟපෙන්වීමට මම ඉන්දියානු ආශ්‍රමයක යෝග ඉගෙන ගන්න යනවා. මම ජීවිතයේ සංතෘෂ්ටිය භුක්ති විඳින්න පටන්ගන්නේ එතැන් සිටයි.

ලංකාවෙදි හරියටම වටිනාකම අවබෝධ කරගන්න බැරිවුණත් ඔබ ඉන්දියානු ආශ්‍රමයක ඉතාම කැමැත්තෙන් යෝග ඉගෙන ගන්නවා?
ජාත්‍යන්තර කීර්තියට පත් "සිවානන්ද යෝග වේදාන්ත ධන්වන්තරී ආශ්‍රමයෙන්" තමයි මම යෝග ඉගෙනගන්නේ. මුලදි මුලදි නම් ආස හිතුණේ නෑ. පළමු දවසේ රාත්‍රි ආහාරය ගනිද්දි මට කඳුළු ආවා. දෙවැනි තුන්වැනි දවස් වෙද්දි මම පුදුම ආසාවකින් ඒ දේවල්වලට සම්බන්ධ වුණා. දින 10ක් ආශ්‍රමයේ ඉඳල ලංකාවට ආවේ හරිම සතුටින්.

එතකොට දණහිසේ තිබුණ වේදනාවට මොකද වුණේ?
ආශ්‍රමයේ දින 5ක් ගතවෙද්දිම දණහිසේ වේදනාවත් තිබුණට වඩා අඩු වුණා. ඊට පසුවත් දිගින් දිගටම යෝග අභ්‍යාසවල නිරත වුණ නිසා ක්‍රම ක්‍රමයෙන් දණහිසේ අමාරුව අඩු වුණා. ගොඩක් වෙලාවට දණහිසේ වේදනාව තදින්ම දැනෙන්නේ මගේ හිතට කෝපයක් ආවාම. අවුරුදු ගණනාවක් තිස්සේ මගේ දණහිසේ ආබාධය වෛද්‍යවරුන්ට සුව කරන්න බැරි වුණේ භාවමය වශයෙන් ඇතිවුණ පීඩනයක ප්‍රතිඵලයක් නිසා කියලා පසුව මම තේරුම් ගත්තා.

කාලයක් ඔබ හිස මුඩු කරන්නේ යෝග අභ්‍යාසවල ප්‍රතිඵලයක් විදියටද? නැත්නම් මානසික කලකිරීමක ප්‍රතිඵලයක් නිසාද?
යෝග ආසන පුහුණුවීම් කරද්දි දිග කොණ්ඩය හරිම වදයක්. සිවානන්ද ආශ්‍රමයේ හිස බූ ගෑ බටහිර රටවල කාන්තාවන් හුඟදෙනෙක් හිටියා. ඔවුන් තුළ මම දැක්කේ නිවුණු සැනසුණු බවක්. මේ වෙද්දි මගේ පෞද්ගලික ජීවිතයෙත් වෙනස්කම් ඇතිවී තිබුණා. දේශපාලන පළිගැනීමක් නිසා මගේ නිවෙස ගිනිබත් වුණා. ඉතිරි වුණේ ගිනිබත් වුණ බිත්තියක එල්ලෙමින් තිබුණු බුදු රූපය විතරයි. බුදු රූපය දිහා බලාගෙන ඉන්නකෙට මගේ හිතට දැනුණේ හරිම සැනසීමක්. භෞතික දේවල්වලට තිබුණු ඇල්ම එදා මගේ හිතෙන් බොහෝදුරට ඉවත් වුණා. ඊටත් පස්සේ සුනාමිය ආවම ඒ සිතිවිල්ල නැවැතත් අලුත් වුණා. ඒ නිසා මම තීරණයක් ගත්තා. අතහැරීම පුරුදු කරන්න හොඳම දේ කොණ්ඩය බූගාන එක කියලා මම තේරුම් ගත්තා. මගේ කොණ්ඩයෙන් හැඩ වැඩ දාපු රමණි ප්‍රනාන්දුට මම මේ තීරණය කිව්වම ඇය පුදුම වුණා. කොණ්ඩය කපන්න එකඟ වුණේම නැහැ. ගෙදර ආවම මගේ දුව දිල්කි මාව දැකලා හොල්මනක් දැක්කා වගේ බයවෙලා ගෙට දුවනවා. දින ගාණක් මාත් එක්ක කතා නොකර ඉන්නවා. බොහෝදෙනා බොහෝ දේවල් කිව්වා. අනෝජාට ඔල්මාදේ, අනෝජාට කැන්සර්, අනෝජාට සසර කලකිරිලා, කොණ්ඩේ කපලා අනෝජා ජනප්‍රිය වෙන්න හදනවා. ඒ සියලු විවේචන අතරේ මම දිගටම මගේ පුහුණුවීම් කරගෙන යනවා. මට කිසිම තරහක් ඇතිවුණේ නෑ.

පසුගිය 27 වැනිදා පදනම් ආයතනයේදී පැවැත්වුණු සම්මන්ත්‍රණය ගැන කිව්වොත්?
මගේ අත්දැකීම්වලට අනුව ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ගත්තත් යෝග කියන්නේ බොහෝදෙනෙක්ට මෝස්තරයක්. හැමෝටම ඕනේ යෝග ගුරුවරයෙක් වෙන්න. මම මේ කියන්නේ හරි විදියට උගන්වන යෝග ගුරුවරු නෑ කියලා නෙවෙයි. නමුත් බහුතරයකට මේක ආදායම් මාර්ගයක් සහ ෆැෂන් එකක්. යෝගා කියන්නේ හරිම පරිපූර්ණ විද්‍යාවක්. නමුත් බොහෝදෙනෙක් අවධානය යොමු කරන්නේ යෝග නිසා ඇතිවන ශාරීරික ප්‍රතිඵල කෙරෙහි විතරයි. වඩා පරිපූර්ණව යෝග අධ්‍යයනය කරන්නේ කොහොමද කියන එක ලංකාවේ අයට හඳුන්වාදීම තමයි මගේ පරමාර්ථය. මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයට සිවානන්ද යෝග වේදාන්ත ධන්වන්තරී ආශ්‍රමයේ සම අධ්‍යක්‍ෂවරුන් වන නටරාජා මහතා සහ කල්‍යාණි මහත්මිය සහභාගි වුණා. ඊට අමතරව ජේ‍යෂ්ඨ ගුරුවරයෙක් වන රාජේශ් මහතා සහ මනෝ වෛද්‍ය විශේෂඥවරුන් වන කපිල රණසිංහ, නීල් ප්‍රනාන්දු යන අයත්, ආමි කමාන්ඩර් දයා රත්නායකත් සහභාගි වුණා. ආයුර්වේද වෛද්‍ය ගීතා කරඬවලත් දේශන සඳහා සහභාගි වුණා.

කොයි තරම් සම්මන්ත්‍රණ තිබුණත් යෝග කෙරෙහි ලංකාවේ මිනිස්සුන්ට ලොකු උනන්දුවක් නැහැ නේද?
ලංකාවේ වඩාත් පරිපූර්ණව යෝග උගන්වන්නේ නැති තරම්. ඒකයි ප්‍රධාන ගැටලුව. සමහරු හිතනවා යෝග වැඩිහිටි අයට ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම එකක් නැහැ. මම ඒක ඔප්පු කරපු කෙනෙක්. අදාළ යෝග උගන්වන ගුරුවරයාට හැකියාව තියෙන්න ඕන වයස් පරිමාවට අනුව යෝග අධ්‍යයනයක් ලබාදෙන්න. අපිට යම් අදහසක් තියෙනවා යෝග අභ්‍යාස සම්බන්ධයෙන් පාසල් මට්ටමෙන් දැනුවත් කිරීම් කරන්න. යෝග කියන්නේ ශාරීරික, මානසික, ආධ්‍යාත්මික සහ සමාජීය කියන සිව්වැදෑරුම් අංශයන්ගෙන්ම සහනය සලසන ඉගැන්වීමක්. හැබැයි යෝගවලින් විතරක් ලෙඩ සනීප කරන්න පුළුවන් කියන එක නම් මම ප්‍රතික්‍ෂේප කරනවා. රෝග වැළැක්වීමට යෝගා කියන්නේ හොඳ ප්‍රතිශක්තියක්. හරියටම කියනවා නම් රෝගී තත්ත්වයන් කළමනාකරණය කරන්න යෝගවලට හැකියාව තියෙනවා.

මව්බිම