🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඩයට් කිරිම තරබාරුවට පිළියමක් නොවේ

ඩයට් කිරිම තරබාරුවට පිළියමක් නොවේ

නිරෝගීව මෙලොවට බිහිවන අයකු වැරැදි ආහාර පුරුදු නිසා රෝගි වන බව ඔබ මොහොතකටවත් හිතුවාද?ඉපැරැණි ආයුර්වේද ග‍්‍රන්ථවල පවා අන්තර්ගත නොවූ අලුත් රෝග ගැන අද අසන්නට ලැබේ.මුතුන් මිත්තන් අත් නොවිඳි රෝගී තත්ත්වයන්ට අද අප ගොදුරු වීමට හේතුව කුමක්ද? ඔවුන් එදා එතරම් නිරෝගීව සිටීමට හේතු වූයේ කුමන හේතු ද යන්න විමසා බැලිය යුතු ය. රබාරුව ඇතිවීමට අධික ලෙස පෝෂණයෙන් හා තෛල පදාර්ථයන් ගෙන් යුතු ආහාර ගෙන කය නොවෙහෙසා සිටීම, මස් මාංශ බහුල ආහාර ගැනීම ප‍්‍රධාන ආහාරවේල තුනට අමතරව ‘පොඩි බඩගිනි’ සඳහා වරින් වර ආහාර ගැනීම හේතු කාරක වේ.නාගරිකයන් අතර දක්නට ලැබුණු තරබාරුව දැන් ගමට ද බෝ වී තිබේ. තරබාරුවට ස්තී‍්‍ර පුරුෂ වයස් බේදයක් නැත. තරබාරුව ස්ථානීය වශයෙන් වැළඳිම මෙන් ම සර්වාංගයට ම වැළඳීම සිදුවේ.අවශ්‍ය පමණට වඩා ආහාර ගැනීමට සහ අධික පෝෂණ යෙන් යුතු ආහාර ගෙන ඒ ගන්නා ලද ආහාර ප‍්‍රමාණයට සරිලන සේ ඇග පත නොවෙහෙසීමට ලැඛෙන අපූරු දඬුවම තරබාරුවයි.ස්ති‍්‍ර පක්ෂය ගේ දොර කටයුතු යන්ත‍්‍රවලට මෙන් ම සේවකයනට පවරා විවේකිව සිටීමට ලැඛෙන්නා වූ දඬුවමත් මෙයයි.අලසව සිටීමෙන් ඇති වන තරබාරුකම අඩුකර ගැනීමට ‘ඩයට්’ කිරීමට යාමෙන් වෙනත් රෝගවලට මුහුණ දීමට ද සිදු විය හැකි ය.කුසගින්නේ තරමට සමබර ආහාර වේලක් ගෙන ගේ දොර වත්ත පිටියේ වැඩ ඔබ ම කරගන්නට පෙළඹෙන්නේ නම් තරබාරුවෙන් මෙන් ම ව්‍යායාම සඳහා මුදල් වැය වීම ද වළකා කාලය ඉතිරි කොටගත හැකි වෙයි.එදා අපි වෙහෙස විය යුතු අවස්ථාවේ වෙහෙසීමට ද විවේකය ලැබිය යුතු මොහොතේ විවේකීව සිටීමට ද හුරු වී සිටියෙමු.

නිතර නිතර ආහාර ගැනීම නිසා පරි වචන ව්‍යුහයේ කි‍්‍රයාකාරිත්වයේ විකෘති ඇතිවේ.ඉන් අන්තඞ ශ‍්‍රාවීය පද්ධතියේ විකෘතිය මෙන් ම මුත‍්‍ර වාහිනී පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය නිසි පරිදි සිදු නොවීම නිසා රක්ත පාරිශුද්ධිය ඇන සිටී. මේ නිසා ඇඟ පුරවා දමයි.තරුණ වියෙහි අධික ලෙස වෙහෙසීම සහ නිති පතා ව්‍යායාම කර පසුව ව්‍යායාම අත හැර දැමීම නිසා ශරීරයේ ආහාර පැසවීමේ කි‍්‍රයාකාරිත්වයෙහි වෙනස් කම් ඇති වේ. ඉන් ස්නායු දුබලකම හෘද කි‍්‍රයාකාරිත්වයේ දුර්වලවීම අඩු රුධිර පීඩනය ඇතිවිය හැකි ය.ශරීරයේ අනෙක් ස්ථානයන්ට වඩා උදර ප‍්‍රදේශයේ මේදය තැන්පතී වී ඇති බැවින් තරබාරු අයට බොහෝ උදර රෝග වැළදීමේ ඉඩකඩ වැඩි ය.චරක ආචාර්ය මතයට අනුව ආහාර ගැනීමේ දී තම දේශයට ගැළපෙන හා සුදුසු ආහාර ගැනීමේදී තම දේශයට ගැළපෙන හා සුදුසු ආහාර ගැනීමට ද, විලම්භීත බවින් තොර ආහාර ගැනීමට ද කතා කිරීමෙන් නැතිව තමා පිළිබඳ හොඳින් සලකා ආහාර ගැනීමට ද කළ යුතු බව දක්වා තිබේ.එවිට ගන්නා ලද ආහාරයේ කිසි විටෙකත් වරදක් නොවේ. ශරීරයේ කි‍්‍රයාකාරිත්වයට ආහාර ප‍්‍රධාන නිසා නිසි ආහාර පරිභෝජනයෙන් නිරෝග බව ඇතිවේ.අධික තරබාරුවෙන් වැළැකී සිටීමට අනුගමනය කළ යුතු කි‍්‍රයා මාර්ග කිහිපයක් වෙයි. පළමුවැන්න අධික පෝෂණයෙන් හා අධික තෛල පදාර්ථයන් ගෙන් යුත් ආහාර සීමා කිරීමයි.මෙහිදී ආහාර සීමා කිරීම ලෙස දක්වන්නේ වර්තමාන ‘ඩයට්’ කිරීම නොවේ.දෙවැන්න ව්‍යායාමයයි. පෝෂදායි ආහාර හැකි පමණ ගෙන දවස පුරා විවේකීව සිට සවසට දිවීම ඇවිදිම හෝ ඇදිරි වැටී ගෙන එනවිට සංගීත රිද්මයට අනුව වායු සමනය කරන ලද කුටිවලට වී ශාරීරික අභ්‍යාස කිරීම නොවේ. තම ගේ දොර වතු පිටිවල ඇති වැඩ (ඇඳුම් සේදීම, මැදීම වතු පිටිවල ඇති වැඩ) ඇඳුම් සේදීම, මැදීම, කාම පිසීම, ගේ දොර අතුගෑම සිරුරට අවශ්‍ය ව්‍යායාම ය ලැබේ. සීනි අධික ආහාර භාවිතයෙන් වැළකී සීනි වෙනුවට මී පැණි භාවිතය ද තේ කේපි වෙනුවට රණවරා, පොල්පලා, ඛෙලි මල් තැම්බූ වතුර පානය ද උචිත වේ.