This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
වයසට යනකොට කාපු බීපු බවත් අමතක වෙනවා නම්
වැඩිහිටි වියේ දී ඇතිවන රෝග අතරින් ඩිමෙන්ෂියාව හෙවත් ඇල්ෂයිමර්ස් ඩීසීස් දැන් බහුල රෝගයක් බවට පත් වෙලා. මෙම රෝගවලින් සිදුවන්නේ මොළයේ ෙසෙල මිය යාමෙන් මෑත මතකය නැති වී යාමයි. ඇල්ෂයිමර්ස් සහ ඩිමෙන්ෂියා යන රෝග ලක්ෂණ බොහෝ සෙයින් එකිනෙකට සමානයි. ඩිමෙන්ෂියා තත්ත්වය රෝගයේ මුල් අවධියේ ලක්ෂණ ඇල්ෂයිමර්ස් ඩිසීස් රෝගය තරමක් වැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම රෝග දෙකම වෘද්ධ භාවයත් සමග එන රෝග. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ පහළ වෙන්නේ අවුරුදු පනහ හැට ඉක්මවූ අයට. වයස 70 - 80 වන විට මෙම රෝග ලක්ෂණ ක්‍රමයෙන් වැඩිවීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඇතැම් විට වයස අවුරුදු 40 - 50 අතර පුද්ගලයන්ටත් මෙම රෝග ලක්ෂණ පහළ වෙන්නට පුළුවන්. ඒවා රෝගයේ මුල් අවධියේ ලක්ෂණ ලෙස සලකා වෛද්‍ය උපදෙස් ලබාගත් විට රෝගය වර්ධනය වීම පාලනය කරගන්නට පුළුවන්. මොළයට අවශ්‍ය තරම් රුධිර සංසරණය නොවීමෙන් මොළයේ සෛල ක්‍රම ක්‍රමයෙන් මිය යනවා. ස්මරණය ඇති කරන සෛලවලට මේ තත්ත්වය බලපෑමෙන් මතකය ක්‍රමයෙන් හීන වී යනවා. ර්‍ණවයසට යනකොට ඔහොම තමයි” කියලා රෝග ලක්ෂණ පහළ වූ මුල් කාලයේ පටන්ම නොසලකා හැරිය විට රෝගය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ සඳහා මේ රෝගයේ මූලික ලක්ෂණ හඳුනා ගැනීම වැදගත්. බොහෝ විට රෝගීන් ලෙස හමුවන විට ප්‍රමාද වැඩියි. මෙම රෝගයේ මූලික ලක්ෂණ මොනවා ද? ප්‍රධාන රෝග ලක්ෂණය අමතක වීම. නම් ගම්, බඩු මුට්ටු තියපු තැන්, කාපු බීපු බව, ගනුදෙනු ආදි සරල කරුණු අමතක වීම. මේවා දෛනික ජීවිතයේ ඕනෑම පුද්ගලයකුට සිදු විය හැකි නිසා බොහෝ විට රෝගයක ලක්ෂණයක් ලෙස ගණන් ගන්නේ නෑ. එම තත්ත්වය කාලයක් තිස්සේ පවතින විට රෝගය උත්සන්න වූ විට වෛද්‍ය ප්‍රතිකාර පැතුවාට රෝගය සුව කිරීමට අපහසුයි. බරපතළ රෝග ලක්ෂණ මොනවා ද? තමා කරන්නේ කුමක් ද ඉන්නේ කොතැන ද කියාවත් ඇතැමුන්ට කල්පනාවක් නෑ. වැසිකිළියට ගිය බව සිතා තමා සිටින තැනම මල මුත්‍රා කරගන්නවා. ගින්දරට පිච්චෙන බව නොදැන ගින්දරට අත දානවා. උයන පිහන වළං රත්වූ බව අමතක වී රස්නෙ පිටින්ම ළිපෙන් බාන්නට යනවා. මෙවැනි දේවල් මාරාන්තික අනතුරු දක්වා දිවෙන්නට පුළුවන්. මෙම රෝගය ඇතිවීමට හේතුව කුමක් ද? විශේෂ හේතුවක් තවමත් සොයා ගෙන නෑ. මෙය ජානගත රෝගයක් ද? ජානගත රෝගයක්ම කියලා වෛද්‍ය විද්‍යානුකූලව ඔප්පු කරලා නෑ. ඒත් බොහෝ විට පරම්පරාවේ කීප දෙනකුට රෝගය තියෙන්නට පුළුවන්. මෙයට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හා කොලෙස්ටරෝල් වැඩි වීම බලපානවා ද? එම රෝග නිසා ඩිමෙන්ෂියාව වැල‍ඬෙන බවක් විද්‍යානුකූලව සනාථ කරලා නෑ. ඒත් ඩිමෙන්ෂියාවෙන් පෙළෙන බොහෝ දෙනකු මේ රෝගවලින් පෙළෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගත් විට කළ යුත්තේ මොනවා ද? මෙය ස්නායු හා මනසට සම්බන්ධ රෝගයක් වන නිසා ස්නායු පිළිබඳ වෛද්‍යවරයකුට මෙන්ම මානසික වෛද්‍යවරයකුට ද පෙන්වා උපදෙස් ලබා ගත යුතුයි. රෝගය ඖෂධවලින් සුව කළ හැකි ද? නිට්ටාවටම සුව කළ නොහැකියි. ඒත් හොඳින් පාලනය කළ හැකියි. මෙවැනි රෝගීන්ට ඛෙහෙත්වලට වඩා අවශ්‍ය වන්නේ හෙදකමයි. එයින් අදහස් කළේ කුමක් ද? මෙම රෝගීන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන අය ඔවුන් දූ දරුවන් හෝ ඥාතින්ගේ රැකවරණය යටතේ ජීවත් වෙනවා. දූ දරුවන් රැකී රක්ෂාවලට පිටත්ව ගියාම ඔවුන් නිවෙස්වල තනි වෙනවා. කලක් ඛෙහෙවින් කාර්යශීලී දිවියක් ගත කළ ඔවුන් ජීවිතයේ සැඳෑ සමයේ දී අවලංගු කාසි බවට පත් වෙනවා. කාංසිය තනිකම වැනි දේ සමග ඔවුන් සතුටු වෙන්නේ අතීතය සිහි කරමින්. බොහෝ විට වේලාවට කන්න, බොන්න, නාන්න, ඛෙහෙත් ටික බොන්න ඔවුන්ට අමතක වෙනවා. කන්න දුන්නත් ඒ බව අමතක වී ර්‍ණනෑ” කියනවා. මුලින් මෙය රෝගයක ලක්ෂණයක් බව දරුවන් හඳනා නොගැනීමෙන් නිවෙස්වල ගැටුම් පවා ඇති වෙනවා. එහෙයින් මෙම රෝගය ඇති වැඩිහිටියන් හඳුනාගෙන ඔවුන්ට අවධානය යොමු කිරීමෙන් මුලින්ම හඳුනා ගන්නට පුළුවන්. රෝගය හඳුනා ගත් විට රෝගීන් නොසලකා හැරීමෙන් තත්ත්වය උග්‍ර වෙනවා. ඇතැම් දූ දරුවන් මවුපියන්ගේ මෙම රෝගය තමන්ගේ තත්ත්වයට ලජ්ජාවක් යැයි සිතනවා. රෝගී මවුපියන් සමාජයෙන් හංගනවා. අමුත්තන් හමුවට එන්න දෙන්නේ නෑ. ඔවුන්ට කාරුණිකව සලකන්නේ නෑ. අමතක වීමෙන් වැඩිහිටියන් අතින් සිදුවන වැරදීම් හිතා මතා තමන්ට ලජ්ජා කරන්නට, ඊර්ෂ්‍යාවට හෝ පළිගන්නට කරනු ලබන දේ යැයි සිතා රෝගීන්ට දොස් පවරනවා. මෙයින් රෝගීන් තව තවත් මානසිකව පීඩාවට පත් වෙනවා. එවිට රෝගය උග්‍ර වෙනවා. රෝගය උත්සන්න වූ විට ඔවුන් රැක බලා ගැනීම ඉතාම අපහසු කාරියක්. රෝගීන් තනි නොකළ පමණින් රෝගය මර්දනය වෙනවා ද? නෑ. ඔවුන්ට කලට වේලාවට ඛෙහෙත් දෙන්න ඕනෑ. නාන්න කෑම කන්නට දෙන්න ඕනෑ. ඔවුන්ගේ වයසට හා අනෙකුත් රෝග තත්ත්වයනට ඔරොත්තු දෙන තරමට ව්‍යායාමවල යොදවන්න ඕනෑ. දයාව සෙනෙහස පාන්නට ඕනෑ. එසේ වූ විට ඇතැම් විට කතා කිරීමට බැරිව සිටි රෝගීන් කතා කිරීමට පටන් ගත් අවස්ථා, ඇවිද යාමට නොහැකිව සිටි රෝගීන් ඇවිද යන තත්ත්වයට පත්වූ අවස්ථා තිඛෙනවා. මෙවැනි රෝගීන් නඩත්තුවට ලොකු වියදමක් යනවා නේද? ඔව්. මේ රෝගීන් තනිව තබා යෑම ඉතාම අවදානම්. රෝගය උග්‍ර වූ විට ඇවිදින්න, කතා කරන්න, කටින් ආහාර ගන්න කිසිවක් බැරි වෙනවා. රැකියාවට, පාසලට හෝ වෙනත් කටයුතු සඳහා බැහැර යන විට රෝගියා රැකබලා ගැනීමට උපස්ථායකයකු යොදවන්නට සිදු වුණොත් ලොකු වියදමක් යනවා. බේත් හේත්වලට වඩා වියදම් යන්නේ මෙම රෝගීන් රැකබලා ගැනීමටයි. ඒ සඳහා ඇති විසඳුම කුමක් ද? රෝගය උග්‍ර වන්නට පෙර පිළියම් යෙදීම. රෝග ලක්ෂණ පහළ වූ මුල් අවදියේම වෛද්‍යවරයකුට පෙන්වා ඖෂධ හා උපදෙස් ලබා ගැනීම. රෝගියා ගේ තත්ත්වය වටහා ගෙන ඔහුට ආදරයෙන් කරුණාවෙන් සැලකීම හා රෝගියා කොන් කිරීමෙන් වැළකීම. ප්‍රජා සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල සාගරිකා දිසානායක ජයසිංහ උපුටා ගැනීම සිළුමිණ පුවත් පත