This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
මානසික ආතතිය නිසා හිසකෙස් ගැලවේ


දිනපතාම නෑමේදී හෝ හිසකෙස් පීරීමේදී හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවීයැම රෝගී තත්ත්වයක් ද?

කොතරම් කෙස් ගසට සත්කාර කළත් හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණ කොටස් අඩංගු ආහාර, ආහාරවේල සඳහා එක්කර ගත්තත් හිසකෙස් ගැලවීයැම ගැටලුවක්. හිසකෙස් ගැලවීයැමට බොහෝ කරුණු බලපාන්නට පුළුවනි. ජානමය සාධක, මානසික ආතතිය, භාවිත කරන ශැම්පු වර්ග, වෙනත් රෝගවල අතුරු ආබාධ, ඖෂධ වැනි දේ පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් හිසකෙස් පීරීමේදී හෝ නෑමේදී දවසකට කෙස් ගස් සියයකට ආසන්න ප්‍රමාණයක් ගැලවී යයි. මෙය ජීවත්වන පරිසරය, භාවිත කරන වතුර අනුව වෙනස් වෙයි. මෙය රෝගී තත්ත්වයක් ලෙස අනුමාන කළ නොහැකියි. නමුත් කෙනෙකුගේ මානසික පීඩනය නිසා කොණ්ඩය ගැලවී යනවා නම් එය රෝග තත්ත්වයකි. එවැනි කෙනෙකුගේ කොණ්ඩය හැමතැනින්ම එකලෙස ගැලවී යයි. මෙවැනි කෙනෙකු මුලින්ම කළ යුත්තේ මානසික පීඩනය ඇතිවීමට බලපාන සාධකයෙන් ඉවත්වීමයි. මානසික පීඩනය නිසා හිසකෙස් ගැලවීයැම පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩියි.

වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් ලෙස හඳුන්වන්නේ මොනවාද? මේවා රූපලාවණ්‍ය කටයුතුවලදී ඉවත් කිරීම සිදුකරයි. එසේ කිරීම සුදුසුද?

ටෙස්ටෙස්ටෙරෝන් නැමැති ලිංගික හෝමෝනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපගේ ශරීරයේ විශාලම ඉන‍ද්‍රිය වන සමේ තෙල් සාදන ග්‍රන්ථිවලින් තෙල් ස්‍රාවයවීම ඉහළයයි. වැඩියෙන් නිපදවෙන තෙල් ස්නේහස්‍රාවී ග්‍රන්ථි තුළ තැන්පත්වීමට පටන් ගනී. එසේ වීමෙන් සිදුවන්නේ සම මතුපිටට විවරවන ස්නේහස්‍රාවී ග්‍රන්ථි විවරයන් අවහිරවීමයි. මෙසේ තැන්පත් වන ස්නේහය හෙවත් තෙල් ඝනවීමට පත්වේ. එම ඝන වූ කොටස් මුල් අවස්ථාවේදී සුදු පාටටත්, පරිසර තත්ත්වයන්ට නිරාවරණය වී ටික දවසකින් කළු පාටටත් පත් වේ. ඒවා අපි බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් යනුවෙන් හඳුන්වයි. මෙය කුරුළෑවල මූලික අවදියක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ කුරුළෑ කොස්ස ලෙස හඳුන්වා ඉවත් කිරීමට යන්නේ වයිට් හෙඩ්ස් හෝ බ්ලැක් හෙඩ්ස් යන තත්ත්වයයි. මේවා රූපලාවණ්‍ය ශිල්පීන් විසින් මුහුණට කරන ප්‍රතිකාරවලදී එක්ට්‍රැක්ටර් නැමැති උපකරණය යොදා ඉවත් කිරීමට පෙළඹේ. එසේ කිරීමෙන් ඇතැම් විට සංවේදී සම තුවාල වේ. නමුත් ඔබ මතක තබාගත යුත්තේ වයිට් හෙඩ්ස් හෝ බ්ලැක් හෙඩ්ස් උපකරණ යොදා අපහසුවෙන් ඉවත් කිරීමක් අවශ්‍ය නොවන බවයි. ඒවා කාලයත් සමග ඉබේම ඉවත් වේ. එවිට සමේ වෙනත් තුවාල ඇති නොවේ.

පරිසරයේ ඇති කුණු දූවිලි විවිධ වායු වර්ග ඇත්තටම සමට අහිතකරද? ආසාදන ඇති කරනවාද?

තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුවත් සමග පරිසර දූෂණය වැඩි වී තිබේ. පරිසර දූෂණය හේතුවෙන් කාලගුණ විපර්යාසයන් පවා සිදුවේ. කුණු දූවිලි වායුවලින් තොරව අපට අද ජීවත්වීමට නොහැකිය. මේ සියල්ල නිසා සමට බලපෑම් ඇති වේ. මේවා සියල්ල මුලින්ම තැන්පත් වන්නේ බාහිරට නිරාවරණය වන සම මතයි. මේවා සමට ගැළපෙන සේදුම්කාරකයක් හෝ සබන් වර්ගයක් යොදා සෝදා ඉවත් කළ යුතුමයි. අඩුම වශයෙන් දවසකට දෙපාරක් හෝ සම පිරිසිදු කළ යුතු වේ. සම පිරිසිදු කිරීමෙන් පසු තෙත මාත්තු කර පෝෂ්‍යදායී මොයිස්චර් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම සුදුසුයි. හිරු එළියට නිරාවරණය වන විට ිෙ ීඡත‍ ැෙ අගය 24 ට වඩා වැඩි හිරු ආවරණ ආලේපන භාවිත කිරීම කළ යුතුය.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාස
උපුටා ගැනීම නවලිය පුවත් පත ඇසුරෙනි Save

Save