🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...

පාදවල රෝම ඉවත් කිරීමේදී ඔබ අතින්ද සිදුවිය හැකි වැරැදි...

නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම : උදෑසන කටයුතු කිරීමේදී ස්නානය කරමින් පිරිසුදු වන ඔබ මුලින්ම කරන්නේ පාදයේ රෝම ඉවත් කිරීම නම් මෙය වැරැදි ක්‍රියාවකි. ඇඟ සේදීම හෝ ස්නානය කිරීමට ගොස් විනාඩි 15ක් පමණ ගත වන තෙක් රෝම ඉවත් කිරීම සිදු නොකරන්න. මඳ වේලාවක් ජලයෙන් සම තෙත් වන විට රෝම කූපවල කුහර විවර වෙමින් ඒවා මෘදු වන නිසා එය ඉවත් කිරීම පහසුවෙන්ම කළ හැකිය. තවද එමඟින් ඔබේ සමේ ඇතිවන රළු ස්වභාවය වළක්වා මෘදු බව ආරක්‍ෂා කර ගැනීමට හැකිවේ. 

රාත්‍රියේදී රෝම ඉවත් කිරීම සුදුසුද? ඔබ රාත්‍රි වැඩ නිමා කර පිරිසුදු වන විට පාදයේ රෝම ඉවත් කිරීමට පුරුදුව සිටිය හැකිය. නමුත් එමඟින් ඔබේ පාදයේ මෘදු බව වියැකී යන බව ඔබ දන්නවාද? රාත්‍රි නින්දෙදී පාද තරමක් ඉදිමීමට ලක්වන නිසා ඒ සඳහා යම් සත්කාරයක් කිරීමට ඔබට සිදුවනු ඇත. මේ නිසා පාදයේ රෝම ඉවත් කිරීමට වඩාත් සුදුසු වන්නේ උදේ කාලයයි.

රෝම ඉවත් කිරීමට සබන් භාවිත නොකරන්න. බොහෝදෙනා පහසුවට රෝම ඉවත් කිරීමට භාවිත කරන්නේ සබන් වර්ගයකි. නමුත් සබන් මඟින් සම වියැළෙන නිසාත්, පාදය මත රේසරය ලිස්සා යෑම එතරම් පහසු නොවන නිසාත් මෙම ක්‍රමය එතරම් සුදුසු නොවේ. මේ වෙනුවට පාදයේ තෙතමනය ආරක්‍ෂා වන shaving cream එකක් භාවිත කරන්න. එහි ලිස්සනසුලු බව නිසා පාදයේ මෘදු බව ආරක්‍ෂා වන අතරම රෝම ඉවත් කර ගැනීමටද පහසුවක් සලසයි. 

රේසරය භාවිතය : තල කිහිපයක් සහිත රේසරයක් ඔබ භාවිත කරන්නේ නම් එමඟින් ඔබේ පාදවල සමේ මෘදු බව ආරක්‍ෂා කරයි. වළලුකර හා දණහිස වැනි ස්ථානවල රෝම ඉවත් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තනි තලයේ රේසරයකි. ඔබ මෙම තල කලක් භාවිත කර ඉවත් කිරීමටත් සිහි තබාගත යුතුය. 

නිසි කාලයේදී තල ඉවත් කරන්න : ඔබ අලුතින් මිලදී ගන්නා රේසරයක් 10 වරක් පමණ භාවිත කළ පසු ඉවත් කළ යුතුය. ඔබේ සම අවපැහැගැන්වීම හා විසබීජ පැතිරී යෑම වළක්වා ගැනීමට නම් රේසරය වරින්වර අලුත් කර ගත යුතුය. 

රෝම ඉවත් කිරීම : ඔබේ පාදවල රෝම ඉවත් කළ යුතු වන්නේ මුලින්ම රෝම වැවෙන දෙසටය. ඔබට ඇත්තේ ඉතාම සංවේදී, මෘදු සමක් නම් කිසි විටෙකත් පහළ සිට ඉහළට රෝම ඉවත් නොකරන්න. කෙටි රෝම ඇති විට shaving cream එකක් ගල්වා රෝම ඉවත් කිරීම වඩාත් පහසුය. 

උපුටා ගැනීම මව්බිම