🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිරුර නිරෝගී නම් කෙට්ටුවීම ගැන පසුතැවෙන්න එපා

සිරුර නිරෝගී නම් කෙට්ටුවීම ගැන පසුතැවෙන්න එපා

බාහිර පෙනුම ගැන සැලකිලිමත් වන විට අධික තරබාරු බව, සිහින් බව හෝ සමේ අඳුරු පැහැය බොහෝ දෙනා පීඩා විඳින කාරණාවන්ය. මෙවන් අපහසුතා මඟහරවා ගනිමින් සොඳුරු රුවක හිමිකාරියක් වන්නට නම් මෙම කාරණා බොහෝ සෙයින් ඔබටත් ඉවහල් වනු ඇත.

සිහින් යුවතියක්

ඔබ වඩා සිහින් සිරුරක් හිමි යුවතියක් නම් බාහිර සුන්දරත්වය පිළිබඳ යම් පසුතැවීමක් ඔබට ඇතිවන්නට පුළුවන්. එහෙත් නිරෝගී සිරුරක් ඔබ සතු නම් සිහින් බව පිළිබඳ එතරම් තැකීමක් කළ යුතු නැත. මන්ද සිහින් සිරුරක් වුවත් විලාසිතා නිසි ලෙස ගළපා ගනිමින් නියම සුන්දරත්වයක් ඉස්මතු කරගත හැකි බැවිනි.මෙහිදී ඔබ භාවිත කරන ඇඳුම් විලාසිතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුමයි. ඇඳුම් තෝරා ගැනීමේදී සිරුරේ සිහින් බව නොපෙනෙන විලාසිතාවන්ට යොමුවීමට අවධානය යොමු කරන්න. එපමණක්ද නොව ඒ සමඟ ගළපා ගන්නා පාවහන් හා ආභරණ ආදියද මෙහිදී වැදගත් වේ. සිහින් උස යුවතියකට නම් අඩි උස පාවහන් නොගැළපෙන බවක් ගෙන දෙයි. බ්ලවුසයක අත සිහින් හා දිග ස්වභාවයෙන් ඔබට නොගැළපෙන්නේ එය ඔබේ සිරුරට තවත් සිහින් බවක් ගෙන දෙන බැවිනි. සාය විලාසිතාවලට යොමු වන විට වඩා දිගු හා කෙටි ඇඳුම්වලින් ඈත්ව මධ්‍යම ප්‍රමාණයේ විලාසිතා තෝරා ගැනීම වඩාත් සුදුසු වේ. 

Make up : විලාසිතාවලට මේකප් මඟින් ගෙන එන්නේ වැඩි ඔපයකි. එමඟින් ඔබේ සිරුරේ හැඩයට නව පෙනුමක් ලබා දෙයි. එනම් විශේෂයෙන් ඉකමියැර වලින් සිදු කරනුයේ එලෙස මුහුණේ හැඩය සිහින් කර පෙන්වීමකි. එහිදී සිහින් බව මඟහරවා ගැනීමට හැකි ආකාරයට මේකප් කිරීමට වග බලා ගන්න. 

ආහාර ගැනීම : බොහෝ යුවතියන් තම ශරීරයේ සිහින් බව නිසාම සිත් තැවුලට පත්ව සිටිනවා. ඔබ සමබල ආහාර වේලක් ලබාගෙන නිරෝගීව සිටින අයකු නම් ඒ ගැන එතරම් සිතිය යුතු නැත. නමුත් වෙළෙඳපොළේ ඇති විවිධ පෝෂණ පෙති (විටමින්) හිතුමතේ බීම නම් ඔබේ සෞඛ්‍යයට හිතකර නොවේ. පෝෂණීය ආහාර ලබාගෙන නිසි උපදෙස් මත ව්‍යායාමවල නිරත වන්නේ නම් හා හොඳින් ජලය පානය කර මානසික සුවයෙන් පසුවන්නේ නම් ඔබට පිරිපුන් සිරුරක් හිමි කරගත හැකිය. 

ස්ථුල සිරුරකට

වඩා සිහින් බව මෙන්ම අධික තරබාරු බවත් ඔබේ සිත් තැවුලට හේතුවන්නක් බව අපි දන්නවා. එහෙත් ඒ ගැන නොතැවී ආහාර නිසි ලෙස පාලනය කර ගතහොත් සුන්දර සිරුරක හිමිකාරියක් වෙන්න ඔබටත් හැකිවේවි.

ආහාර ගැනීම : නමුත් බොහෝ දෙනා හිතුමතේට ආහාර පාලනය කිරීමෙන් තමාගේ සෞඛ්‍යයත් පිරිහෙනවා. එය පසුව ගැස්ට්‍රයිටීස් ආදී රෝගලට අතවැනීමක් වනු ඇත. ආහාර ගත් පසු මඳ රස්නය ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීමත් සිරුරේ මේදය දහනය කිරීමට ඉවහල් වන්නකි. 

විලාසිතා : තරබාරු සිරුරක් වුවත් සුන්දර කරගැනීමට විලාසිතා ගෙන දෙන්නේ වැඩි ඔපයකි. ඇඳුම් පැලඳුම් භාවිතයේදී පමණක් නොව කොණ්ඩ විලාසිතා කිරීමේදී ද සිරුරට හැඩයක් ලැඛෙන බව ඔබ දන්නවාද? එය ඔබේ සිරුරට සිහින් බවක්ද ලබාදෙයි. දිගු ස්වභාවයකින් යුත් ආභරණ භාවිතයද තරබාරු බව අඩු කර පෙන්වීමට හැකි තවත් අංගයකි. 

Make up : මුහුණේ සුන්දරත්වය ඔප්නංවන මේකප් මඟින් ඔබේ විලාසිතාවට වැඩි අලංකාරිත්වයක් ගෙන දෙයි. විශේෂයෙන්ම ඇහිබැමේ හැඩයෙන් පවා මුහුණට සිහින් බවක් ගෙනදීමට හැකිය. 

තලෙළු සම 

ආසියානු ජාතිකයන් වන අපට බොහෝ විට උරුම වන්නේ තලෙළු සමකි. මේ අතරින් බොහෝ දෙනෙක් සුදුවීමට උත්සාහ කරන්නේ අනිසි ක්‍රමවලිනි. එම නිසාම විවිධ ආලේපන භාවිත කරමින් තම සමට හානි සිදු කරගන්නා අවස්ථා බොහෝය. මෙලෙස බ්ලීචින් අඩංගු ප්‍රමිතිගත නොවූ ආලේපන ගැල්වීමෙන් සමේ මෙලනින් වර්ණක පුලුස්සමින් අවපැහැ ස්වභාවයක් ඇතිවීමට වුවද පුළුවන. එය නිරෝගී පැහැයක් නොවන බැවින් පසුව සමට අතුරු ආබාධ වුවද ඇති කිරීමට හැකිය. එම නිසා සම පැහැපත් කරන ආලේපන ගැල්වීමෙන් වළකින්න. මේ සඳහා අවශ්‍ය වන්නේ සම පිරිසුදුව හා පැහැපත්ව තබා ගැනීම පමණි. ඒ එලෙස නිවැරැදි ත‍්ජස්ක හා ගැළපෙන Face wash cleanser භාවිත කර ඔබේ සම පැහැපත් කර ගත හැකිය. 

ආභරණ : තලෙළු සමට වැඩි ආලෝකයක් ගෙනදිය හැකි වන්නේ රන් ආභරණ පැලඳීමෙනි. ආසියානු කාන්තාවන් වැඩි වශයෙන් රන් ආභරණ පලඳින්නේද මේ හේතුවෙනි. නවීන විලාසිතාවට අනුගත වෙමින් දැන් බොහෝ දෙනා රිදී ආභරණ පැලඳුවද ඔබේ සමට වැඩි පැහැපත් බවක් ගෙනදිය හැකි වන්නේ රන් ආභරණයන්ට පමණි. 

Make up : තලෙළු සමට වැඩි පැහැපත් බවක් ලබා ගත හැකි වන්නේ මේකප් මඟිනි. එපමණක්ද නොව ඔබ අඳින පලඳින විලාසිතාවල වර්ණද සමේ පැහැයට වැඩි ආලෝකයක් ලබා දීමට සමත් වේ. 

ශාලිකා රංගනී සමරදිවාකර

උපුටා ගැනීම මව්බිම