🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මුහුණ තරමටම ලස්සන විය යුතු දෑත්

මුහුණ තරමටම ලස්සන විය යුතු දෑත්

දෙඅත් හා දෙපාවල නිරෝගී බව මෙන්ම පැහැපත් බවද කාන්තාවකගේ රුව තවත් වැඩිකිරීමට හේතු වෙනවා. දෑත හෝ දෙපය අපගේ ශරීරයේ ඉතාම කාර්යබහුල අවයවයක් තමයි නිය. ඒ නිසාම විවිධ පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට සෘජුවම භාජනය වෙනවා. මේ නිසා මේවා ඉක්මනින් අපිරිසුදුවීමට වගේම රෝගාබාධවලට ලක්වීමටත් හේතු වෙනවා. නිය සමේම කොටසකි. කැල්සියම් හා ප්‍රෝටීනවලින් නිර්මාණය වී ඇති කෙරටීනවලින් නිය සමන්විත වෙනවා. දෙඅත්වල නිය මාස තුනකට සෙන්ටිමීටර් එකක් පමණ වැඩෙනවා. පාදවල නිය එතරම් ඉක්මණින් වැඩෙන්නේ නැහැ. නිය නිරෝගීව අලංකාර තබා ගැනීම ඉතාම අවශ්‍ය දෙයක්. ඒ තුළින් ඔබේ දෙඅත්, දෙපාවලට මනා පෙනුමකුත් ලැඛෙනවා. 

විවිධ රෝග නිසා නිය අවලස්සන වෙනවා. විශේෂයෙන්ම දෑතේ නිය විවිධ දේ සමඟ නිතරම ගැටෙනවා. රෙදි සේදීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය මෙන්ම අත් සේදීමට භාවිත කරන සබන් හා වෙනත් දෑවල ඇති හානිකර රසායනික ද්‍රව්‍යවලින්ද අත්වල සමට සම්බන්ධ නියවලටත් හානිවෙනව.මීට අමතර යකඩ, සින්ක්, විටමින් ඒ හා ඩී යන ඒවා නියවල නිර්මාණයටත් ඒවායේ නිරෝගී බවටත් අවශ්‍ය වෙනවා. ඉහත පෝෂණ සංඝටක ආහාරයෙන් නොලැබී යෑමෙන් නිය ඉක්මනින් කැඩීයෑමටත් ඒවා සුදුමැලි වීමටත් දුර්වර්ණ වීමටත් හේතුවෙනවා.සාමාන්‍යයෙන් නිරෝගී නිය රෝස පැහැයෙන්ද, මෘදු බවෙන්ද යුක්ත වෙනව. එසේම මනා හැඩයකින් යුක්ත වෙනවා. සමහර බරපතළ අක්මා රෝගවලදී නිය කහපාට වෙන්න පුළුවන්. එසේම එවැනි හෘද රෝගවලදී නිය මත නිල් පැහැයට හුරුබවක් ඇතිවෙනව වගේම නියවල හැඩයද වෙනස් වෙන්න පුළුවන්. ලේවල යකඩ අඩු වුණාම නියපොතු සුදුමැලි පාට වෙනව විතරක් නොවේ. නියපොතු මැදින් ඇතුළට නෙරා යන්නත් ඉඩ තියෙනව. ඒ විතරක් නොවේ පොතු කබර (Psoriasis) දද (Eczema) හා විවිධ පුස්වර්ග ආසාදනය නිසාත් නිය විකෘති වෙනව. එබැවින් නිය ආශ්‍රිතව යම් වෙනස්වීමක් දක්නට ලැඛෙනවා නම් ඒ ගැන විමසිලිමත් වීම වටිනවා. 

රූපලාවණ්‍යයේදී නිය මලට කරනු ලබන සත්කාරය : දෙඅත් දෙපාවල සමට මෙන්ම නියවලටද විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පෝෂණ ඌනතාවක් හේතු කොටගෙන නිය පහසුවෙන් කැඩීයන්නේ නම් එමෙන්ම නිය දුර්වල වී ඇත්නම් එම පෝෂණ ඌනතාව නිවැරැදි කළ යුතුය. ප්‍රෝටීන, කැල්සියම්, විටමින් ඒ හා ඩී අඩංගු ආහාර කිරි, බිත්තර කොළ එළවළු වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම අවශ්‍ය වෙනවා. 

නිය පිරිසුදුව තබාගැනීම වැදගත් : පළමුව නිය පිරිසිදු කළ යුතුය. මේ සඳහා යොදා ඇති නිය ආලේපන ඉවත් කළ යුතුය. පසුව මඳ උණුසුම් ජලයේ දෙඅත් ගිල්වා විනාඩි කීපයකට පසුව ඉවතට ගෙන නිය කොටට කපා ගත යුතුය. පසුව කැපූ නියවල කෙළවර සුමට කරගත යුතුයි. නැවැත විනාඩි කීපයක් මඳ රස්නය ඇති ජලයේ ඇඟිලි පොඟවා (Cuticle) Orange stick එකකින් නියමල සකසා ගත යුතුය. එමෙන්ම නියමල කෙළවර යට පැත්තද පිරිසුදු කර ගත යුතුය. ඉන් අනතුරුව Nail brush එකකින් නිය හොඳින් පිසදා ගන්න. නැවැත වතුරින් සෝදා පිරිසුදු කර වියළීමෙන් පසුව සුදුසු Top Code එකක් ගැල්විය හැකිය. නිය ආලේපන ගැල්වීමෙන් පසුව නැවැත ඔදච ක‍දාැ ආලේප කළ හැකිය. 

නිය ශක්තිමත් කිරීමට : තලතෙල් ආලේප කර නිය සම්බාහනය කිරීමෙන් ඉතා සුන්දර රෝස පැහැති නිය ඇතිවේ. එසේම දෙඅත් හා දෙපාවලද තලතෙල් ආලේප කර පිරිමැදීමෙන් ඒවායේ සමද ඉතා පැහැපත් වී නිරෝගී පෙනුමක් ලබාදෙයි. දෙඅත් වැළමිට දක්වා එළකිරිවල ගිල්වා තබා පසුව තෙත මාත්තු කර තලතෙල් ආලේප කර සම්බාහනය කිරීමෙන් නිය හොඳින් පැහැපත් වේ. 

නිය පැහැපත් කිරීමට : සතියකට වරක් මඳ උණුසුම් ජලයට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍රකර දෙඅත් එම වතුරේ ගිල්වා තබන්න. විනාඩි කිහිපයකට පසුව Nail brush එකකින් පිසදා නැවැත ඇඟිලි ඉහත ජලයෙන් සෝදා තලතෙල් ආලේප කර පිරිමදින්න. එවිට නිය පැහැපත් වෙනවා. තලතෙල්වලටම Almond oil බින්දු කිහිපයක් මිශ්‍ර කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

නියපොතු කැඩීයෑම වැළැක්වීමට : මඳ උණුසුම් ජලයට ලුණුවතුර බින්දු කිහිපයක් දමා විනාඩි කීපයක් ඇඟිලි එහි පොඟවන්න. මෙය සතියකට දෙවරක් පමණ කරන්නේ නම් එමඟින් නිය කැඩීයෑම වළකී. නැතහොත් නියවලට ඔලිව් තෙල් ආලේප කර සම්බාහනය කිරීමෙන් නිය කැඩීයෑම හා වියැළීම වළකී. නියපොතුවලට විවිධ වර්ණ ගැන්වීම් හෝ හැඩ ගැන්වීම් කරනවාට වඩා ස්වාභාවිකව නිය නිරෝගීව හා පැහැපත්ව තබාගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා නිය නිරෝගී තබා ගැනීමට ඉවහල් වන ආහාරපාන ගැනීම අවශ්‍ය වෙනවා. සරල ස්වාභාවික ක්‍රම භාවිත කිරීමෙන් නිය අලංකාරව තබාගන්න පුළුවනි. 

උපුටා ගැනීම මව්බිම