This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
අව්වට ඉහළන්න හොඳ මොන පාට කුඩද?

“හතර වටේන් කළු කරගෙන වහින වෙලාවේ, මට මුවා වෙන්නට ගසකුත් තිබුණේ නැති සැදෑවක ඔබ මාව කුඩේ යටින් රැගෙන ගොස් ඇරලුදා මට අද වාගේ මතකයි.” මේ වගේ සිදුවීම් ඉතිං කොයි වේලාවක මොන විදිහට වෙනවද කියලා කියන්න කාටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි මේ වගේ සිදුවීම්වලට බොහෝ වෙලාවට හේතු වෙන්නේ අපට හිමිවෙලා තිබෙන දෛවය. ඇත්තටම මේ, දෛවය කියන දේ එක් එක්කෙනාට විවිධ විදිහට බලපෑම් ඇති කළාට සමහර වෙලාවට ඊට එරෙහිව යන්නට අපට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙම හිතලා බලනකොට නම් දෛවය කියලා කියන්නේ මහා පුදුමකාර දෙයක්. ඇත්තටම කුඩේකට කෙනෙකුගේ දෛවය වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? පෙර සඳහන් කළ සිදුවීමත් ඒ වගේ දෙයක් තමයි. නමුත් සමහර වෙලාවටට අපි ඒ තරම් හිතලා නොබැලුවාට අද සමාජයේ ඉන්න බොහෝදෙනෙක් පාවිච්චි කරන කුඩ නිසා බොහෝ දෙනෙක්ගේ සෞඛ්‍යයට නම් එතරම් හොඳක් සිද්ධ වෙන්නේ නැති බවයි වෛද්‍ය මතය වෙලා තියෙන්නේ. පාට පාට කුඩ, මල් මල් කුඩ, විවිධ රටා වලට, විවිධ හැඩතලවලට, දැඩි අලංකාරය නිසා ඇස් නිලංකාර වේලා යන මට්ටමට කුඩ වර්ග මිලදී ගන්න අපි කවුරුත් කැමතියිනේ. ඒ වුණත් කෝකටත් හොඳයි, කුණු ගෑවෙන්නෙත් නෑනේ කියලා තවත් සමහර අය කළු කුඩ විතරක්ම පාවිච්චි කරනවා. මේ එක එක ජාතියේ කුඩ වර්ග අතරේ ඔබ වඩාත් කැමති කුමන කුඩයකට වුණත් වැස්ස වහින වෙලාවට වඩා අව්ව පායන කොට නම් කුඩයක් ඉහළන කොට තරමක් පරිස්සම් වුණොත් හොඳයි. ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන කුඩවල රෙද්ද බොහෝ වෙලාවට තුනී නිසා ඒ හරහා අහිතකර සූර්ය කිරණ එහෙමත් නැත්නම් පාරජම්බුල කිරන ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා අපේ සමට එවැනි අහිතකර සූර්ය කිරණවලින් තර්ජනයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් මොන විදිහට ද අපි කුඩයක් තෝරා ගන්න ඕන කියලා ඊළඟට ඔබට හිතෙනවා ඇති. ඇත්තටම කුඩයක් ගන්න කොට ඒ කුඩ පාරජම්බුල කිරණ පරාවර්තනය කරන ඒවාද නැද්ද කියලා හොඳට හොයලා බලන්න ඕන. හිරු කිරණ පරාවර්තනය කරන්නට පුළුවන් මේ කුඩවල රෙද්ද හොඳ ඝනකමින් යුක්ත වෙනවා. ඒ විතරක්ම නෙමෙයි මතුපිට අළු පාටින් ද කුඩය අතුල් පැත්ත කළු පාටින් ද යුක්ත නිසා ඒවා හොයාගන්න අමාරු වෙන එකකක් නෑ. ඒ හින්දා මීට පස්සේ නම් කුඩයක් පාවිච්චි කරන කොට කුඩේ තියෙන ලස්සන විතරක් නෙමෙයි. සෞඛ්‍යටත් හිතකරද කියලා බලන්නත් මතක තියාගන්නත් ඕන. 

උපුටා ගැනීම දිනමිණ