This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
වයස 12 දී අක්කාගේ පුතා දුන් යෝගට් එක හරහා ගණිකා වෘත්තියට ඇද වැටුණු යසෝමාගේ අනුවේදනීය කතාව

null

අගනුවර අඩු ආදායම්ලාභීන් වෙසෙන කුඩා නිවසක; සරලව කිවහොත් මුඩුක්කු ප්‍රදේශයක උපන් යසෝමා ඇගේ පවු‍ලේ බාලයාය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් යසෝමාට සිටි අතර පියා ගැන මතකයක් ඇයට ඇත්තේම නැත. මව මියගියේද ඇය අවුරුදු හතරක් තරම් වයස් වූ ළමා වියේදීය. මරණය පිළිබඳ අබමල් රේණුවකවත් වැටහීමක් නොතිබූ යසෝමා ගේ මැද්දේ තබා තිබූ මවගේ දේහයට අත් දෙක තබා ‘අනේ අම්මේ නැගිටින්නකෝ මට බඩගිනී’ යනුවෙන් හැඬු හැටි ඇයට තවමත් මතකය. අම්මා කවදාවත් ආපසු නොඑන ගමනක් ගිය බව ඇය අවබෝධ කරගත්තේ පසු කාලයකය. මවට එවැනි මරණයක් අත්වීමට හේතුව සිරෝසිස් රෝගය වැළඳීම බව ඇය දැනගත්තේ තවත් අවුරුදු කිහිපයකට පසුවය. දිනපතා රාත්‍රියට අරක්කු භාගයකුත් දවස පුරා සුරුට්ටුත් බොන අම්මා එවැනි අකල් මරණයකට ලක්වීම පුදුමයක් නොවන බව යසෝමාට කියා දුන්නේ අසල්වැසි කාන්තාවක්ය. යසෝමා එබඳු කුඩා වයසක සිටියත් ඇගේ වැඩිමහල් අයියාත් අක්කාත් ඒ වන විටද විවාහ වී සිටි අතර ඔවුන්ගේ වැඩිමහල් දරුවෝ යසෝමාටත් වඩා වසර කිහිපයකින් වැඩිමහල් වූහ.

යසෝමාගේ නිවසේ ඒ වන විට ලොකු අයියාත් ඔහුගේ බිරිඳ සහ දරුවනුත් පදිංචිව සිටියහ. යසෝමාට කන්නට බොන්නට දී රැකබලා ගත්තත් ඇය පාසලකට ඇතුළු කිරීමට ලොකු අයියාට උනන්දුවක් නොතිබිණි. උපන්තේකට පාසල් නොගිය යසෝමා අදටත් මළ‍පොතේ අකුරක් දන්නේ නැත. යසෝමාගේ ලොකු අක්කා පදිංචිව සිටියේ කොළඹ නොවේ. කොළඹට නුදුරු වෙනත් ප්‍රදේශයකය. ඇයට දරුවෝ සය දෙනකු වූහ. බාලම දරුවා යසෝමාගේ වයසේ විය. එවකට යසෝමා දොළොස් හැවිරිදි දැරියකි. දිනක් අක්කාත් ඇගේ සැමියාත් වැඩිමහල් පුතු හැර අනෙකුත් දරුවෝත් දින කිහිපයකට දුර ගමනක් ගියේ ‘ලොකු පුතේ පුංචිව බලාගනින්’ යැයි කියමින් යසෝමාගේ රැකවරණය වැඩිමහල් පුතුට පවරමිනි. එවකට ඔහු අවුරුදු දහඅටක පමණ තරුණයෙකි. හැන්දෑවේ ඔහු යසෝමාට යෝගට් එකක් ගෙනැවිත් දුන්නේය. යසෝමාට මතක එපමණකි. ඉන්පසු ඇයට හරිහැටි සිහියක් තිබුණේ නැත. යසෝමා අවදි වුණේ පසු දින උදේ දහයට පමණය. නැගිට ගන්නට බැරි තරමට පිටකොන්දේ කැක්කුමක් ඇයට දැනෙන්නට විය. අමාරුවෙන් නැගිට බිම අඩිය තිබ්බත් හරි හැටි ඇවිද ගැනීමට නොහැකි තරමට කලවා ප්‍රදේශය රිදුම් දුන්නේය. ඒ අතර තම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ මොනවාදෝ ඇලෙන බවක් දැනී අත ගා බැලූ විට ඇගේ අත්‍ලේ තිබුණේ ‍ලේ ය. යසෝමා තැති ගත්තාය. තමාට මොනවා වී ඇතිදැයි ඇය දැන සිටියේ නැත. අතවර සිදුවීම, වැඩිවියට පත්වීම, ගැහැනු පිරිමි අතර සිදුවන කායික සම්බන්ධතා යන මේ කිසිවක් ගැන යසෝමාට අබමල් රේණුවක දැනීමක් නොතිබිණි. නමුත් තමාගේ ශරීරයේ සහ ඇඳ රෙද්දේ තැවරී තිබූ ‍ලේ දැක ඇය මහත් බියට පත්වූවාය. යසෝමාට එක දෙයක් තේරුම් ගත හැකි විය. එනම් අක්කාගේ පුතු තමාට නින්දේදී කිනම් හෝ අනතුරක් කර ඇති බවය. ඒ මොහොතේ ඔහු වෙනත් කාමරයක නින්දට වැටී සිටියේය. යසෝමාගේ සිතේ මොනතරම් බියක් ඇතිවිණි දැයි කිවහොත් ඇය තමන්ගේ ඇඳුම් කිහිපය ‍පොලිතින් බෑගයක දමා ගෙන මහමගට බැස්සාය.

එහෙත් දොළොස් හැවිරිදි ඇයට පාරක් තොටක් ගැන වැටහීමක් නොතිබිණි. සෑහෙන දුරක් ඇවිද ආ ඇයට තවදුරටත් ඇවිද යන්නට දෙපා වාරු තිබුණේ නැත. අවට බැලූ කල වසා දමා තිබූ කුඩා කඩයක් පෙනිණි. එහි එළිපත්තේ තම ඇඳුම් සහිත ‍පොලිතින් බෑගය තැබූ යසෝමා ඒ මත හිස තබාගෙන වැතිරුණාය. මඳ වෙලාවකින් ඇයට නින්ද ගොස් තිබිණි. පැයක් හමාරක් ඇය මෙසේ ගතකරන්නට ඇත. යළි බෑගය අතට ගත් යසෝමා ගමනාරම්භ කළාය. කොළඹට යා යුත්තේ කුමන පැත්තෙන්ද යන්න ගැන ඇයට යම් වැටහීමක් තිබිණි. මොනතරම් මහන්සි දැනුණත් යසෝමා අතරමග රැඳෙන්නට සිතුවේ නැත. කොළඹට ඇති දුර ප්‍රමාණය ගැන අංශු මාත්‍රයක වැටහීමක් නොතිබුණත් එය බොහෝ දුර බව ඇයට මතක තිබිණි. තම අනුමානයට අනුව පැය දහයක පමණ කාලයක් පයින් ඇවිදිමින් ඇය අවසානයේ තමාගේ උපන් ගෙදර පිහිටි ස්ථානයට එන විට බොහෝ සෙයින් රෑ බෝ වී පැවතියේය. යසෝමා ගේ දොරකඩට පැමිණෙන විට එහි දොර වසා තිබිණි. ඉදිරිපස විදුලි පහන් එළියක්වත් තිබුණේ නැත. කිලෝ මීටර් පහළොවක විස්සක තරමේ දුරක් දෙපයින් ඇවිද ඒම, කිසිදු අහරක් මුළු දවස පුරාම නොලැබිම, ගමන් මහන්සිය ඇය කායිකවත් මානසිකවත් ඔත්පල කර තිබිණි. දොරට තට්ටු කර අයියාට කතා කරන්නට තරම්වත් නිනව්වක් නොතිබූ යසෝමා පඩිය මත තම ඇඳුම් බෑගය දමා ඒ මත හිස තබා ඇලවුණාය. තමාගේ දෑස් නිලංකාර වී ගෙන එන්නාක් මෙන් මේ වන විට යසෝමාට දැනෙන්නට විය. කෙසේ හෝ ඇගේ අතක් නිවසේ දොරේ වැදී තිබුණේ අහම්බෙනි. කවුරුන් හෝ දොරට තට්ටු කළේ යැයි සිතා අයියාගේ බිරිඳ දොර විවර කළාය. ඇයට දකින්නට ලැබුණේ බිම වැටී සිටින යසෝමාය. වහාම ගෙතුළට දිව ගිය ඇය සැමියාව කැඳෙව්වාය. යසෝමාව දෑතින් ඔසවා ගත් සොහොයුරා ඇය ගෙතුළට ගත්තේ කිනම් හෝ අනතුරක් ඇයට සිදුවී ඇතැයි අනුමානයෙනි.

තමාට කුමක් සිදුවී තිබුණේ දැයි කියන්නට යසෝමාට වැටහීමක් තිබුණේ නැත. නමුත් යෝගට් එකක් කෑමෙන් පසු සිහිය නැති වන්නට විදියක් නැතැයි යසෝමා දනී. ඒ යෝගට් එක දුන්නේ අක්කාගේ වැඩිමහල් පුතු නිසාත්, තමාගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ ‍ලේ තැවරී තිබූ නිසාත්, එම ප්‍රදේශයට අත තබන්නට බැරි තරම් වේදනාවක් දැනෙන නිසාත් ඔහු තමාට කුමක් හෝ අනතුරක් සිදුකර ඇති බව වටහාගැනීම ඇයට අපහසු නොවිණි. ඒ සියලු විස්තර අයියාට කිව නොහැකි නිසා ඇය නෑණා හමුවේ සියල්ල හෙළිකර සිටියාය. මේ සිද්ධිය අසා දැඩි සේ කෝපාවිෂ්ඨ වූ සොහොයුරා ඇයත් කැටුව එවේ‍ලේම ‍පොලීසියට ගොස් පැමිණිල්ලක් කළේය. නමුත් මේ නඩුව දිගින් දිගටම ගෙන යාමට හැකි වූයේ නැත. එයට හේතුව නඩු දිනවලදී ඇතැම් අවස්ථාවල යසෝමා මෙන්ම ඇගේ සොයුරාත් නොපැමිණීම වැනි කාරණාය. කෙසේ වුවද යසෝමාගේ භාරකාරත්වය යළි ඇගේ සොයුරාටම හිමි වුවත් ඇයට ගෙදර ඉන්නට සිත දුන්නේ නැත. මෙයට විසඳුමක් ලෙස යසෝමාට පෙනුණේ එකම දෙයකි. ඇය සුදුසු වෙලාවක් බලා ඇඳුම් ටික යළිත් බෑගයකට දමා ගෙන කාටත් නොදැනෙන සේ පාරට බැස්සාය.

බස් එකක බෝඩ් එකක් කියවා ගන්නට ඇය අකුරු දැන සිටියේද නැත. හදිසියේ ඇතිවූ අදහසක් මත යසෝමා ගාලුමුවදොර පිට්ටනියට පැමිණියාය. එහි එක් පසෙක ඇති බණ්ඩාරනායක පිළිරුව අභියසට ඇය ගියේ ඒ අසල තවත් කාන්තාවන් දෙතුන් දෙනකු ගැවසෙනු දුටු නිසාය. මේ කියන කාල වකවානුවේ ගාලුමුවදොර පිටිය නවීකරණයට ලක්ව නොතිබූ අතර එහි ඕනෑම තැනක ගැවසෙන්නට කාටවත් බාධාවක්ද නොවිණි. යසෝමා බණ්ඩාරනායක පිළිරුව අභියසට ගොස් බිම වාඩි වූයේ මෙතනින් එහාට කුමක් කරන්නද යන තීරණයක් නැතිවය. ඇය අත රුපියලක තරම්වත් මුදලක් හෝ නොතිබිණි. යසෝමා කල්පනා කරමින් සිටින අතරතුරදී ඇය අසල සිටි කාන්තාවන් දෙතුන් දෙනාගෙන් එක් අයකු ඇයට කතා කළාය. “ඇයි මෙතන? කාත් එක්කද ආවෙ?” එම කාන්තාව එසේ විමසන විට සිතේ තිබූ පීඩනය වක්කඩ කැඩුවාක් මෙන් පිටතට දොර ගලන්නට විය. ඇය තමාට අත්වූ ඉරණම පිළිබඳව අකුරක් නෑර කියා සිටියාය. “දුක් වෙන්න එපා. මෙතන ඉඳන් සල්ලි හොයන හැටි අපි කියල දෙන්නම්.” ඒ කාන්තාව යසෝමාව සැනසුවේ එලෙසිනි. ඉන්පසු ඔවුන් විසින් හඳුන්වා දුන් පිරිමියකු සමග හෝටල් කාමරයක යහන්ගත වීමට යසෝමාට සිදුවිය. කායික සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධ අල්ප මාත්‍ර වැටහීමක් යසෝමාට තිබුණේ නැත. නමුත් ඇය ඒ පිරිමියාට අවනත වූවාය. යසෝමා ගණිකා වෘත්තියට පිවිසියේ එලෙසිනි. එයින් ඇයට මුදල් ලැබිණි. විශේෂයෙන් අවුරුදු දහතුනක් වැනි කුඩා වයසක සිටි ඇයට පිරිමින් වෙතින් වැඩි ඉල්ලුමක් පැවැතියේය.  යසෝමා සිය සොයුරියගේ පුතු අතින් අතවරයකට ලක්වන විට දොළොස් හැවිරිදිව සිටියත් ඒ වන විට වැඩිවියට පත්ව තිබුණේ නැත. ඉන්පසු ගණිකා වෘත්තියට එළඹුණු ඇය පිරිමින් සමග කායික සම්බන්ධතා පැවැත්වූවා විනා තමා කවදා කෙසේ වැඩිවිය පත්වූවාද යන්න දැන නොසිටියාය. අදටත් යසෝමාට ඒ පිළිබඳ වැටහීමක් නැත. නමුත් කවදා හෝ එය සිදුවී ඇති බව පමණක් ඇය දනී. ඒ දැනුම ඇය තුළ පවතින්නේ සෑහෙන කාලයකට පසු මාසික ඔසප් වීම ආරම්භ වූ බැවිනි. මෙසේ යම් කාලයක් මෙම වෘත්තියේ යෙදී සිටි යසෝමා දිනක් ‍පොලීිසියට හසු විය. ඉන්පසු ඇය පුනරුත්ථාපනය සඳහා ගංගොඩවිල නිවර්තන නිවාසයට යොමු කෙරිණි. එහිදී ඇයව ලිංගාශ්‍රිත රෝග සායනයකට ඉදිරිපත් කරනු ලදුව ලිංගාශ්‍රිත රෝගයක් නැති බව සනාථ විය. නමුත් ඇය ගැබ්ගෙන තිබිණි. කවදා කෙලෙස කවුරු නිසා තමා ගැබ් ගත්තාද යන්න ගැන යසෝමා දැන සිටියේ නැත. දරුවා බිහිකිරීම සඳහා රෝහල් ගතකරන ලද යසෝමාට නැවත නිවර්තන නිවාසයට යාමට අදහසක් නොතිබිණි. ඇය රෝහ‍ලේදී පුතකු බිහි කළාය. පසු දින නොව ඊටත් පසු දිනයේ යසෝමාගේ ටිකට් කපන්නට නියමිත විය. යළි නිවර්තන නිවාසයට යාමේ අදහසක් නොතිබූ යසෝමා දරුවාත් රැගෙන කාටත් නොදැනෙන සේ රෝහලින් පිටවූවාය. 

ඉන්පසු ත්‍රිරෝද රථයකින් ඇය පැමිණියේ දෙහිවල දුම්රියපළටය. කොහේ යන්න දැයි නිනව්වක් නොතිබුණත් දුම්රියේ නැගී කොතනකින් හෝ බැසීම ඇගේ අරමුණ විය. මේ අතර ඇය සමීපයට පැමිණි තරුණයකු ඇයට කතා කළේය. හිස ඔසවා බැලූ යසෝමාට පුදුම සිතිනි. ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ අයකු වූ අතර යසෝමා සමග කායික සම්බන්ධතා පවත්වා ඇය දැන හඳුනාගෙන සිටි අයකුද විය. යසෝමා ඒ මොහොතේ තමාට අත්වී ඇති ඉරණම පිළිබඳ සියලු විස්තර ඔහු ඉදිරියේ පවසා සිටියාය. ඔහුට යසෝමා ගැනත්, ඇගේ තුරුලෙහි සුව නින්දක වැටි සිටි බිලිඳා ගැනත් මහත් කම්පාවක් ඇති විය. “ඔයා යමු අපේ ගෙදර. මං ඔයාවයි දරුවවයි භාරගන්නම්. අපේ ගෙදර ඉන්නෙ අම්මයි නැන්දයි විතරයි. ඒ දෙන්නට මං කියන්නම් මේ මගෙ දරුවා කියල.”

ඔහුගේ උපන් ගම දකුණු පළාතේය. දරුවා සමගින් යසෝමාව ඔහු තම නිවසට කැඳවාගෙන ගියේය. යසෝමාගේ බිලිඳාට පියා ලෙසින් උප්පැන්නය දුන්නේද ඔහුය. ඔහුගේ මව සහ නැන්දාද යසෝමාවත් දරුවාවත් ආදරයෙන් පිළිගෙන හදා වඩා ගන්නට ඉදිරිපත්වීම ඇයට මහත් සහනයක් විණි. මෙසේ කාලයක් ගත විය. දැන් පුතු දුව පැන ඇවිදින වයසේය. යසෝමාගේ සැමියා ඒ වන විට සිටියේ උතුරු පළාතේය. එවකට රටේ යුද්ධය පැවැතියේය. ඔහුට යසෝමා දකින්නට එන්නට ලැබුණේ මාස දෙක තුනකට වරකි. සැමියාට නිවසේ හිඳින්නට අවකාශ නොතිබිම නිසාත්, ඔහු පැමිණි දිනෙකවත් ඒ කුඩා නිවසේ ඔහු සමග රිසිසේ සතුටින් හිඳින්නට අවස්ථාව නොතිබිම නිසාත් යසෝමාට ඒ ජීවිතය එපා විය. ඇය දරුවා සැමියාගේ මවට සහ නැන්දාට භාර කර කොළඹට පැමිණියේ පුරුදු රස්සාවේ යෙදෙන්නටය. නමුත් ඇය හැමදා සවස ආපසු ගෙදර ගියාය. දිනක් ඔහු නිවසට එන විට යසෝමා නොසිටි අතර ඔහුගේ මව කීවේ ඇය කොළඹ රැකියාවකට යන බවයි. රැකියාව කුමක්දැයි කීමට ඔවුන්ට දැනීමක් නොතිබිණි. නමුත් ඔහු තුළ ඒ පිළිබඳ අනුමානයක් ඇති විය. එදින හැන්දෑවේ පුරුදු ලෙස ඇය ගෙදර පැමිණියාය. සැමියා දුටු ඇගේ පපුව ගැහෙන්නට විය. ඔහුට ඇත්තම පවසා ඉන්පසු එළඹෙන කවර හෝ තත්ත්වයකට මුහුණ දෙන්නට ඇය සිත හදා ගත්තාය.

මේ තැනැත්තා තුළ යසෝමා කෙරෙහි නොනැසෙන ආදරයක් පැවැතිනි. එනිසාම ඇය ප්‍රතික්‍ෂේප කිරීමට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත. තමාට ඇය හා රැඳෙන්නට අවකාශ නොමැති බැවින් අවසානයේ ඇයට කැමති දෙයක් කරන්නට ඔහු ඉඩ දුන්නේය. එපමණකින් නොනැවතී යසෝමා පතන පරිදි නිවාඩු ලැබුණු දිනකදී හෝ ඇය සමග නිදහසේ ගතකිරීම සඳහා අගනුවරින් කුඩා කාමරයක් කුලියට ගැනීමට තරම් හෙතෙම කාරුණික විය. දරුවා සැමියාගේ මවට භාරදී යසෝමා ඔහු හා කොළඹ නතර වූවාය. ඉන්පසු සැමියා උතුරේ හිඳින කාලය තුළ ඇය ගණිකා වෘත්තියේ යෙදී මුදල් ඉපයුවාය. දැන් යසෝමාගේ සැමියා විශ්‍රාම යාමට ආසන්නය. ඇගේ දරුවාද තරුණයෙකි. හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදුනු ඔහු දැන් රැකියාවක් කරයි. පුතුගේ වයස කීයද, ඔහුගේ උපන් දිනය කවදාද කියන්නට යසෝමාට දැනුමක් නැත. දරුවාගේ වයස කීයදැයි ඇසූ විට යසෝමා දෙන පිළිතුර වනුයේ ‘එයා දැන් ලොකුයි. රස්සාවක් කරනවා’ යනුවෙනි. අකුරු ඉලක්කම් කිසිවක් නොහඳුනන යසෝමා ජංගම දුරකතනයක් භාවිතා කරයි. ඒ සැමියාට සහ පුතුට කතා කරන්නටත් ඇයට එන ඇමතුම් ලබාගැනීමටත්ය. සැමියාගේ සහ පුතුගේ දුරකථන අංකත් තමාගේ අංකයත් ඇය ඔවුන් ලවා කුඩා කඩදාසි කැබැල්ලක ලියවා ගෙන මුදල් පසුම්බියේ දමාගෙන හිඳියි. ඒ අංකවල ස්වරූපය අනුව ජංගම දුරකථනයේ අංක ඔබා ඇය ඔවුන්ට අමතන්නීය. 

යසෝමාගේ ගරා වැටුණු ජීවිතයට තිබෙන එකම ආලෝකය ඇගේ සැමියා පමණි. ඔහු කවදාවත් ඇය ප්‍රතික්‍ෂේප කළේ නැත. ළඟදීම විශ්‍රාම යාමට නියමිත ඔහු ඉන්පසු යසෝමාත් සමග දුර පළාතකින් නිවසක් ගෙන පදිංචිවීමට කැමතිය. එය ඉත සිතින් පිළිගෙන හිඳින යසෝමා ඉන්පසු මේ ජීවිතයෙන් සදහටම සමුගෙන ඔහු හා මිය යනතුරු යහපත් බිරිඳක් ලෙස එක වහලක් යට ජීවත්වීමට පෙරුම් පුරමින් හිඳින්නීය.

ඉන්දු පෙරේරා

උපුටා ගැනිම ලක්බිම පුවත්පත