🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

බඳින හැටි හා ලිහන හැටි

බඳින හැටි හා ලිහන හැටි

විවාහයක් සිදු වීමෙන් දෙදෙනෙකු අතර ඇති වන අන්තර් සම්බන්ධතාවය මෙන්ම බොහෝ නෛතික ප්‍රතිඵල බිහිවීම ද සිදු වේ. එමෙන්ම යම් විවාහයකින් සමාජය කෙරේද විවිධ ප්‍රතිඵල ඇති වීම සිදු වේ. විවාහ පොරොන්දුවක්, යනු විවාහයකට එළඹීමට පොරොන්දුවක් දීම පොරොන්දුවකට පිවිසීමයි. වලංගු විවාහ පොරොන්දුවකට එළඹීමට හැක්කේ ඒ සඳහා නෛතික සුදුසුකම් ලැබූ අයට පමණි. අවුරුදු 21 ට අඩු බාලයන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ හෝ අධිකරණයෙන් ලබාගන්නා අවසරයකින් තොරව වලංගු විවාහ ගිවිසුමකට ඇතුල් විය නොහැක.

චන්ද්‍රසේනට එරෙහිව කරුණාවතී නඩුවේදී මව්පියන්ගේ අනුමැතිය නොමැතිව කරනා විවාහ ගිවිසුමකින් බාලයකු බැඬෙන්නේ නැති බව තීරණය විය. එසේ වුවද පෝදික් සිංඤෝට එරෙහිව හරමානිස් අප්පුහාමි නඩුවේ තීරණය වුයේ පාර්ශ්වයන්ගේ කැමැත්ත සහිතව මව්පියන්ට බාලයන් වෙනුවෙන් වලංගු විවාහ ගිවිසුමකට එළඹිය හැකි බවයි. විවාහ පොරොන්දු දිය නොහැකි තවත් අය නම් වලංගු නීතියානුකූල විවාහයකින් බැඳී සිටිනා තැනැත්තෙකි. අප රටේ විවාහ නීතිය අනුව ද්වි විවාහය හෝ බහු විවාහය තහනම් වේ. එම නිසා විවාහයකින් බැඳී සිටිනා අයෙකුට තවත් අයෙකුට විවාහ පොරොන්දුවක් ලබා දීම කළ නොහැක. එසේ වුවද, මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිිරිමියෙකුට කාන්තාවන් සිව් දෙනෙක් සමග විවාහ විය හැකි නිසා, විවාහ පොරොන්දු 4 ක් දීමේ හැකියාව ඇත. තවද උමතු පුද්ගලයෙකු දෙන විවාහ පොරොන්දුවක් බලාත්මක නොවේ. අසාධ්‍ය ඛෙලහීනතාවයෙන් පෙළෙන අයකුගේ විවාහ පොරොන්දුවක්ද බල රහිත කරවා ගත හැකි බව පෙනේ. ස්ත්‍රියකට වුවද පිරිමියෙක් වෙත විවාහ පොරොන්දුවක් ලබා දිය හැකිය. ඇය විසින් එම විවාහ පොරොන්දුව කඩ කළහොත් ඇයට එරෙහිව නඩු පැවරිය හැකිය. විවාහ පොරොන්දු සම්බන්ධ නීතිය සාමාන්‍ය විවාහ ලියා පදිංචි කිරීමේ ආඥා පනතේ 20 වන වගන්තියේ සඳහන් වේ. එහිදී දැක්වෙන පරිදි කිසියම් විවාහ පොරොන්දුවක්රෑ නීතිය ඉදිරියේ වලංගු එකක් බවට පිළිගත යුතු වීමට එය ලලිත එකක් විය යුතු බව දැක්වේ. විවිධ නඩු තීන්දු වලදී දුන් විනිශ්චයන් සැසඳන විට ලිත යන්නෙහි අර්ථය ලෙස මුලින් වාචිකව දුන් පොරොන්දුවක් භාරගෙන එය පසු අවස්රෑථාවක ලිපියකින් ව්‍යංගයෙන් ප්‍රකාශ වීමද ඇතුළත් වන බවයි. වත්මන් සමාජයේ නම් ලිපියක් යන්නට විද්‍යුත් තැපෑලක් (e-mail ) හෝ දුරකතන කෙටි පණිවුඩයක්රෑ (SMS ) මගින් වන සන්නිවේදනයක්රෑ ඇතුළත් විය හැක. 

ජයසිංහට එරෙහිව පෙරේරා නඩුවේදී මුලින් වචනයෙන් දුන් පොරොන්දුවක්රෑ පසුව විත්තිකරු විසින් එවන ලද ලිපි 2 කින් සනාථ කරන ලදී. මෙය වලංගු විවාහ පොරොන්දුවක්රෑ සේ පිළිගන්නා ලදී. විවාහ පොරොන්දුවක් කඩ කළ බව ඔප්පු කිරීමේදී, පහත සඳහන් ආකාරයන්ට එසේ සිදු වුවා යෑයි සැලකිය හැක.

  • ප්‍රකාශිතව කඩ කිරීම.
  • එනම් විවාහය සිදු කරන දිනයේ නොපැමිණ සිටීමයි.
  • වටහාගත හැකි ලෙස කඩ කිරීම
  • එනම් කෙනෙකුට විවාහ පොරොන්දුවක් දී තිබියදී, තවත් අයෙකුටද පොරොන්දුවක් දීමයි.
  • හැසිරීම අනුව. එනම් හැසිරීමෙන් පොරොන්දුව නිෂ්ප්‍රභා වන බව පෙන්වීමයි.

සාමාන්‍ය විවාහ ලියා පදිංචි කිරීමේ ආඥා පනතට අනුව විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් ලබා ගත හැකි එකම පිළියම වන්දියක් ලබා ගැනීම පමණි. විවාහ වන මෙන් බල කිරීමේ බලයක් අධිකරණය සතුව නැත. පැමිණිල්ල විසින් දරණ ලද මුදල් හෝ වාණිජ්‍යමය අලාභය සහ මතුවට (පොරොන්දුව කඩවීම නිසා) සිදු විය හැකි අලාභය සලකා බලා වන්දිය නියම කරනු ලබයි. තවද පැමිණිල්ලට නැවත විවාහයක් කර ගැනීමට ඇති වන බාධා, සිත් පීඩාව හා ලැඡ්ජාව සහ සමාජ තත්ත්වය පහළ වැටීම යන හේතු සාධකද වන්දි ලබා ගැනීමේදී සැලකිල්ලට ගනී. පැමිණිල්ල විසින් විවාහ පොරොන්දුව කඩ කළ පාර්ශ්වයට දුන් තෑගි, චංචල මෙන්ම නිශ්චල දේපළද නැවත ලබාගත හැකිය.