🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ලොවටම ‍හිතැති ඕසෝන් ‍වියන සුරකිමු

ලොවටම ‍හිතැති ඕසෝන් ‍වියන සුරකිමු


සැප්තැම්බර් 16 වැනිදාට යෙදෙන ජගත් ඕසෝන් දිනය නිමිත්තෙනි. පෘථිවිය බිහිවූ කාලයත් එය මත ජීවය ඇතිවූ කාලයත් පිළිබඳව සිතන විට පෘථිවිය මත මිනිසා පහළ වී ගත වී ඇත්තේ ඉතා සුළු කාලයක් බව පෙනී යයි. පෘථිවිය මත ජීවයක් ඇතිවීමට එම ජීවය ව්‍යාප්තවීමට අතිවිශාල දායකත්වයක් ලබාදුන් දෙයකි අපගේ පෘථිවි ගෝලය වටා ඇති වායුගෝලයේ තිඛෙන ඕසෝන් වායු වියන. වියනක් ලෙස මෙය හැඳින්වුව ද මෙය ඕසෝන් (O3) නම් වායුවෙන් සමන්විත වූ වායුමය ස්තරයකි. පෘථිවි වායුගෝලයේ ස්ථර ගෝලයත් සීත ගෝලයත් අතර ඕසෝන් ස්තරය පිහිටා ඇත. සූර්යාගෙන් පෘථිවිය මතට වැටෙන සූර්ය කිරණ පෘථිවිය මතට වැටෙන්නේ මෙම ඕසෝන් වියන හරහා ය. අධික රශ්මියෙන් යුතු සූර්ය කිරණවල තිඛෙන ජීවීන්ට අහිතකර පාරජම්බුල කිරණ මෙන් ම අල්ට්‍රාවයලට් කිරණ ද පෘථිවිය මතට වැටීම වැළැක්වීමට මෙම ‍ඕසෝන් වියනට හැකියාව ඇත. මෙම ඕසෝන් ස්තරය අපගේ වායුගෝලය තුළ නොමැති නම්, මිනිසාට පමණක් නොව කිසිම ජීවියකුට පෘථිවිය මත ජීවත්වීමේ හැකියාව නොමැත.‍ ඒ තරමටම පෘථිවිය මහ ඇති ජීවය සහ ‍ඕසෝන් වියන අතර සම්බන්ධය ඉතා ප්‍රබලය. මෙම අගනා ඕසෝන් වියන මිනිසාගේ ම විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වන්නට පටන් ගන්නේ මීට වසර 50 කටත් පෙර පටන් ය. ඕසෝන් වියනේ ඝනත්වය ඉතාම ශීඝ්‍රයෙන් අඩුවන බව විද්‍යාත්මකව හෙළි වූයේ 70 දශකයේදී ය. ඒ සදහා ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ක්ලෝරො ෆ්ලුවරො කාබන් ක‍ත‍ක‍බවද මෙහිදී හෙළිවිය.මෙම ක‍ත‍ක‍ නිශ්ක්‍රීය වායුවක් නොවන අතර උපරිම ලෙස වැඩ කළ හැකි වායුවකි. එසේ ම මෙම වායුව වසර 100 කට අධික කාලයක් විනාශ නොවී පවතී. වඩාත් ම වැදත් කරුණ වන්නේ මෙම වායුව සමඟ වැඩ කිර‍ීමෙන් හෝ මෙම වායුව ආග්‍රාණය වීමෙන් මිනිසා ඇතුළු ජීවීනට කිසිදු හානියක් සිදුනොවීම ය. මෙම හේතූන් නිසා එම අවදියේ දී ක‍ත‍ක‍ වායුව හැදින්වූයේ දෙවියන් දුන් ත්‍යාගයක් ලෙසය. මීට අමතරව තවත් රසායන ද්‍රව්‍ය, වායුන් 96 ක් ඕසෝන් වියනේ විනාශයට මුල්වන බව හෙළිවිය. හේලෝන්, කාබන් ට්‍රටොක්ලෝරයිඩ්, මෙතිල් ක්ලෝරො‍ෆෝම්, මෙතිල් බ්‍රෝමයිඩ් වැනි රසායන ඒ අතරින් ප්‍රමුඛය. 70 දශකයේදී විද්‍යාඥයින් පළ කළ ඉතා වැදගත් මතයක් වූයේ පැවති ආකාරයෙන් ඕසෝන් වියන තවදුරටත් විනාශ වුවහොත්, 1970 සිට වසර 60 ක් ඇතුළත (එනම් 2030 වනවිට) මේ මුළු පෘථිවියෙන් ම ජීවීන් තුරන් වන බව ය. ඕසෝන් වියනේ විනාශය මිනිසාට මෙන්ම පෘථිවියේ වෙසෙන සෑම ජීවියකුට ම ඍජුව ම බලපාන්නට විය. ලොව පුරා සමේ පිළිකාවන්ට ගොදුරුවන පිරිස ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. මිනිසාගේ ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවය ද ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. එසේ ම ගහකොළ වලට ඍජුවම බලපෑම් එල්ලවීම නිසා ඵලදාව ශීඝ්‍රයෙන් පහත වැටී ලොව පුරා ආහාර හිඟයක් ඇතිවන්නට විය. ඕසෝන් ‍උයනේ විනාශය පරිසරයේ විනාශයට ද තදින් ම බලපෑවේ ය. කාලගුණය ඉතාම දරුණු ලෙස ආන්තික වෙනසකට ලක්විය. වැසි වැටෙන විට ගංවතුර ඇතිවී මහා විපත් සිදුවන තෙක් ම වැස්සේ ය. පායන විට ඇළදොළ සිදී මහපොළොව ඉරිතලා යන ආකාරයට පායන්නට විය. ගං වතුර මෙන් ම නායයාම්, සුළි සුළං වැනි ස්වාභාවික විපත් වලට ද ඕසෝන් වියනේ විනාශය ඍජු ලෙසම බලපෑම් කළේ ය. මේ අනුව පෘථිවියේ සෑම අංශයකටම ඕසෝන් වියනේ විනාශය බලපෑම් එල්ල කරන්නට විය. තවදුරටත් පෘථිවිය මත ජීවය පැවතීමට නම්, ඕසෝන් වියන ආරක්ෂා කළයුතු බව විද්‍යාඥයින්ට අවබෝධ වීමත් සමඟම, 1985 දී ඕස්ට්‍රේලියාවේ වියානා නුවරට රැස්වූ රටවල් 50 ක නායකයින් ඕසෝන් වියන සහ පරිසරය සුරැකීමේ සම්මුතියකට එළඹියේ ය. වියානා සම්මුතිය ලෙස හැඳින්වූයේ මෙම සම්මුතියයි. මෙම සම්මුතිය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 1987 දී ඕසෝන් වියන සුරැකීමට නීතිමය රාමුවක් සකසන ලදී. මොන්ට්‍රියල් සන්ධානය ලෙස හඳුන්වනු ලැබුවේ එයයි. ලෝකයේ සෑම රටක් ම මෙම සන්ධානයට ඇතුළත් කරගත යුතු බව 1987 දී තීරණය විය. මොන්ට්‍රියල් සන්ධානයේ ප්‍රගතිය නිසා මේ වනවිට ඕසෝන් වියනට අහිතකර වන රසායනික ද්‍රව්‍ය ලොව භාවිතා වන්නේ 42 ක් පමණි. එම රසායන ද්‍රව්‍ය භාවිතය 2030 වනවිට නතර කිරීමට මොන්ට්‍රියල් සන්ධානයට අයත් රටවල් බැඳී සිටී. ඕසෝන් වියන සුරැකීමේ වැඩකටයුතුවලට දායක වීමට ලොව වෙසෙන සෑම අයකුටම විශාල වගකීමක් ඇත. ශීතකරණ වායු සමීකරණ යන්ත්‍ර සඳහා භාවිතා කරන ඕසෝන් විනාශ කාරක වායුන්ගෙන් මිදී සාමාන්‍ය හයිඩ්‍රො කාබන්, ඇමෝනියා, ජලය වැනි ස්වභාවික ශීත කාරක භාවිතයට හුරුවීම වැදගත් ය. නවීන තාක්ෂණයෙන් යුතු ඕසෝන් හිතකර වායුන් සහිත වායු සමීකරණ යන්ත්‍ර සහ ශීතකරණ භාවිතයට ගැනීම ඉතා වැදගත් ය. එය අපගේ යුතුකමක් හා වගකීමකි. ඕසෝන් වියන සුරැකීමේදී ශ්‍රී ලංකාව කරන කාර්යභාරය අතිවිශාල ය. දැනට වසර කීපයක සිට අපේ රටට අලුත් පුරුද්දක් පුරුදු වෙමින් තිබේ.‍ ඒ‍∙ ජපානය ඇමෙරිකාව එංගලන්තය වැනි දියුණු රටවල භාවිතයෙන් ඉවත දැමූ විදුලි උපකරණ තොග වශයෙන් කන්ටේනර් පිටින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒම ය. මෙයින් සිදුවන්නේ බටහිර රටවල කුණු බක්කිය බවට අපේ රට පත්වීම ය. ජපානයේ සිට කන්ටේනරයකින් භාවිතයෙන් ඉවත දැමූ මෙම ශීතකරණ 100 ක් රැගෙන ආවොත් ගැනුම්කරුවන්ට ඉදිරිපත් කරන්නේ ඉන් සියයට 50 කි. එයට හේතුවන්නේ ක්‍රියාත්මක නොවන උපකරණ සඳහා වෙනත් උපකරණයක කොටස් භාවිත කිරීම ය. මෙම ක්‍රියාවලියේදී ඊයම් රසදිය වැනි මිනිසාට ඉතා අහිතකර වන රසායන ද්‍රව්‍ය මහා පරිමාණයෙන් පරි‍සරයට එක්වේ. මිනිසාට පමණක් නොව මෙම රසායන ද්‍රව්‍ය සෑම ජීවියකුටම අහිතකර ය. බටහිර රටවලින් ඉවත ලන විදුලි උපකරණ පිළිබඳව අපට ඇත්තේ ඉතාම වැරදි සහගත මතයකි∙ චිත්‍රයකි. අපට පෙනෙන්නේ මෙම උපකරණ මිලදී ගන්නා විට ගෙවිය යුතු මුදල නවීන උපකරණ මිලදී ගන්නා විට ගෙවීමට සිදුවන මුදලට වඩා ඉතා අඩුබව පවසති. මෙය ඉතාම වැරදි මතයකි. පිටරටවලින් අපේ රටට කන්ටේනර් පිටින් ගෙන එන ඉවත දැමූ විදුලි උපකරණවල ආයු කාලය අවසන් වී ඇත. එම නිසා උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කිරීමේ හැකියාව එම විදුලි උපකරණවලට නැත. එම උපකරණ ක්‍රියාත්මක කිරීමට අධික විදුලි බලයක් වැය කළ යුතුවේ. පැරණි තාක්ෂණයෙන් වැඩකරන ඕනෑම විදුලි උපකරණයක් ක්‍රියාත්මක කිරීමට අධික අමතර ශක්තියක් වැයවේ. ඒ සමඟම මේ සමඟ එන ශීතකරණවල ඇත්තේ ඕසෝන් වියනට වින කරන වායූන්ය. නවීන විදුලි උපකරණවලට වඩා ‍ඉතා ම අඩු මුදලට තරමක් භාවිත කළ විදුලි උපකරණ තිඛෙන බවට වර්තමානයේදි වෙළෙඳ ප්‍රචාරයන් ගෙන යනු දැකිය හැකි ය. මිලදී ගන්නා විට ගෙවන්නේ තරමක අඩු මුදලක් වුවත් ඔබ එවැනි උපකරණයක් මිලදී ගන්නේ නම් ඔබ නිවසට ගෙන එන්නේ විදුලිය කා දමන උපකරණයකි∙ පරිසරයට ඉතා අහිතකර ඕසෝන් පටලයට වින කරන විදුලි උපකරණයි. මෙවැනි දේ මිලදී ගැනීම වැලකිය යුතු ය. එය අපගේ යුතුකමකි. වගකීමකි. එසේ නොවුණහොත් සිදුවන්නේ අපගේ දරුවන්ට ජීවත්වීමට තිඛෙන මේ සුන්දර ලෝකය අපගේ අතින් ම විනාශ වීම ය. 

උපුටා ගැනීම සිළුමිණ