This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
මරියාගේ රමණය රඟහලට එපාලු



මරියාගේ රමණය’ මේ දවස්වල වේදිකාවට පැමිණි නවතම වේදිකා නාට්‍යය වෙයි. නදීකා බණ්ඩාරගේ අධ්‍යක්ෂණයෙන් ඔබ හමුවට පැමිණෙන මේ වේදිකා නාට්‍යය ඇගේ පළමු අධ්‍යක්ෂණයයි. නවමු මානයක් ඔස්සේ සමාජය දකින මේ නාට්‍යය පිළිබඳ ඇය සමඟ සරසවිය කළ කතාබහකි.

බොහෝ විට අප දැක ඇත්තේ වැඩිහියන්ට පමණයි ලේබලය යටතේ සමාජ ගත වන්නේ සිනමාපට බවයි. නමුත් වේදිකා නාට්‍යයකට මේ වචන පෙළ යොදා ගන්න බලපෑ මූලික හේතුව කුමක්ද?

වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය දමන්න හේතුව වෙන්නේ මේ නිර්මාණය නාට්‍යයක් විදිය ගොඩනගන විට එහි තිබෙන යම් ජවනිකා ගැන ගැටලුවක් ඇති ඇතිවිය හැකි නිසයි. ඒ කියන්නේ ‘මරියාගේ රමණය’ ළමයි සමඟ නොබැලිය යුතු නාට්‍යයක් නිසයි. බොහෝවිට ලංකාවේ නිර්මාණ පවුලේ සැමට නැරැඹිය හැකි තීම් එකකයි නිර්මාණය වෙන්නේ. එහෙම නම් වැඩිහිටියාත් ළමයෙක් විය යුතුයි. මා නම් අදහස් කරන්නේ එහෙම නොවිය යුතු බවයි. වැඩිහිටියන්ගේ තීම්ස් වෙනයි. ළමයින්ගේ තීම්ස් වෙනයි. මේවා අප විසින් බෙදා වෙන්කර ගත යුතු වෙනවා. මගේ නාට්‍යයේදී මා එය සිදුකළා.

මේ සඳහා ඔබට රුඟුම් පාලක මණ්ඩලයෙන් අවසර හිමිවුණාද?

ඔව්. නාට්‍ය කියන්නේ දෙබස් මූලිකකර ගන්නා නිර්මාණයක් නිසා ඔවුන්ගේ අවධානය යොමු වන්නේ නාට්‍යය පිටපතේ තිබෙන දෙබස් සඳහායි. එහිදි සිදු වන්නේ ඔවුන් ඉලක්ක කරන දෙබස්වල යම් යම් කපා හැරීමයි. ඒ තත්ත්වය මගේ ‘ගොවි රජ්ජුරුවෝ කියන නිර්මාණයට වුණා. එහිදි මා ලියා තිබූ සමහර දෙබස් කපා හැරුණා. මේ සම්බන්ධයෙන් මගේ අදහස නම් මේ මණ්ඩලය කළ යුතුව ඇත්තේ නිර්මාණ වර්ගීකරණයට ලක්කිරීමයි. එහෙත් මම හිතන විදියට අලුතෙන් පත්වුණු මණ්ඩලය මේ අලුත් අදහසේ සිටින බවක් පෙනෙනවා. කලාව නියම විදියට දියුණූ වීමට නම් වර්ගීකරණයක් ඇතුළේ කටයුතු කළ යුතුව ඇතිවා මිසක් වෙන මාවතක් පෙනෙන්නට නැහැ. මා පැවසූ තැනට රැඟුම් පාලක මණ්ඩලය ඇවිත් තියෙනවා නම් ඇත්තටම ඒක සතුටට කරුණක්. ඔවුන් එහෙම අවසරය ලබා දුන්නත් සමහර රඟහලවලින් අපට නීති පනවන තත්ත්වයක් තමයි අද උදාවෙලා තියෙන්නේ.

ඔවුන් ඔබට නීති පනවන්නේ කුමන හේතුවක් මතද ?

ඒ රඟහලේ අපි පළමුවෙන්ම මේ නාට්‍යය වේදිකා ගත කළා. දෙවැනි අවස්ථාවේ රඟහල වෙන්කර ගන්න ගියාට පස්සෙයි අපට මේ ගැටලුව පැන නැඟුණේ. ඔවුන් පවසන්නේ මේ නාට්‍යය නැරැඹුව ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙක් මේ වගේ නාට්‍යයක් රඟහලේ පෙන්වන්න දුන්නේ ඇයි කියලා ප්‍රශ්න කළ නිසා නැවතත් අපේ නාට්‍යය එහි පෙන්වන්න ඉඩදිය නොහැකි බවයි. එහි නාට්‍යය වේදිකා ගත කරන්නට අප ඉඩ නොදෙන එකම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ එයයි. රැඟුම් පාලක මණ්ඩලයේ අනුමත වී තිබිලත් මෙවන් තත්ත්වයක් උද්ගත වීම කනගාටුවට කරුණක්. මින් පෙනෙන්නේ අපට නොතේරෙන විදියට සමාජයේ සදාචාරය සම්බන්ධයෙන් තියෙන නීතිය ක්‍රියාත්මක වන ආකාරයයි. මගේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ කියන පොතටත් මට මේ වගේම විරෝධයක් පැන නැඟුණා. ඊට මහජන පුස්තකාලයෙන් ආව චෝදනාව වුණේ මේ පොත ළමයින්ට කියවන්න බැහැ කියලයි. කොහොමත් ඒ පොත මා ලිව්වේ ළමයින්ට කියවන්න නොවෙයි. ඉන් පෙනෙන්නේ පුස්තකාලයක තිබිය යුතු වර්ගීකරණයක් ඔවුන් සතුව නොමැති බවයි. අඩුම ගණනේ එහෙම අලුත් පොතක් එනවිට ඔවුන් ඒ වර්ගීකරණයට සූදානම් විය යුතුයි පරණ රාක්ක නඩත්තු කරන්නේ නැතිව.

වේදිකාවට ඔබගේ සිත යොමුවන්නේ පාසල් කාලයේ පටන්ම ද?

මගේ ගම කුරුණෑගල. මම පළමුව පාසල් ගියේ මාවතගම මධ්‍ය මහ විද්‍යාලයටයි. ඊට පස්සේ ඉබ්බාගමුව මධ්‍ය මහ විද්‍යාලයටත් ගියා. පුංචි කාලයේ පටන් මම වේදිකාවට බොහොම ආදරය කළ කෙනෙක්. එය වඩාත් වර්ධනය වන්න පටන් ගන්නේ ඉබ්බාගමුව ඉස්කෝලයෙන්. ඒ පාසලේ නාට්‍ය සංස්කෘතියක් තිබුණා. ඒ වගේම ළමා සමාජ තිබුණා. ඒ ඔස්සේ නාට්‍ය කෙරුණා. මේ හරහා නාට්‍යවලට තිබුණූ කැමැත්ත වර්ධනය වුණා. කොළඹ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මම ඉගෙන ගත්තේ වානිජවේදී විෂය ධාරාවක් වුණත් නාට්‍ය පිළිබඳ වෙනමම ඉගෙන ගත්තා. උපාධිය වෙනම විෂයයක් ඔස්සේ තිබුණත් වෘත්තිය විදියට මා නාට්‍ය කියන අංශය තෝරා ගත්තා.

මේ වනවිට ඔබ වෘත්තීය නාට්‍ය ශිල්පිනියක් බවට පත්වෙලා?

මගේ පළමු නිර්මාණය වෙන්නේ ‘ගොවි රජ්ජුරුවෝ’. ඒ නිර්මාණය මගේ අතින් ලියැවෙන්නේ නවකතාවක් ඇසුරෙන්. එය අධ්‍යක්ෂණය කරන්නේ ජගත් ජයසේකරයි. මම එහි රඟපෑවා. මේ නිර්මාණයට අපි නළු නිළියන් තෝරා ගත්තේ වේදිකාව ගැන නොදන්න පිරිසක්. දීර්ඝ කාලයක් අපි ඔවුන් සමඟ වැඩ කළා. ඒ අවුරුදු දහයක් ගෙවිලා අද බලන විට සම්පූර්ණයෙන්ම ක්ෂේත්‍රය වෙනස්. ඉගෙන ගනිමින් යන කොටස ගැන තියෙන විශ්වාසය අඩුයි. ඒ වෙනුවට රූපවාහිනිය හරහා තිබෙන ස්ටාර් වැඩසටහන් හරහා වෙනම පිරිසක් බිහිවීමක් දකින්නට හැකියි. ඒ පවතින අර්බුදය නිසා මාක්ස් ප්‍රොඩක්ෂන්වලට යන්නේ නැතිව කිහිපදෙනෙක් සහභාගි කරගෙන කරන වැඩකට මුල පිරීමක් කරන්නටයි අපට සිදුවී තිබෙන්නේ. ඒ අනුව මා මගේ පළමු අධ්‍යක්ෂණය ‘මරියාගේ රමණය’ වේදිකාවට රැගෙන ආවා. ඊට පෙර මා ‘භාව විරේක’ හා ‘රෝමියෝ ජුලියට්’ නාට්‍ය දෙකේ කෝඩ් ඩිරෙක්ටින් කළා.

‘මරියාගේ රමණය’ ඔබගේ අතින් ප්‍රති නිර්මාණය වන්නේ කොහොමද ?

ජීවත් වීම ඇතුළෙයි ඒක සිද්ධ වෙන්නේ. ගැහැනු ළමයෙක් විදියට, ඊට පස්සේ විවාහ වෙලා අවුරුදු ගණනාවක් ගැහැනු කියන භාවයේ ජීවත්වීම දක්වා ඇතුළේදියි මේ පිටපත ලියැවෙන්නේ. ඒ වගේම එහි සිටින විට වැඩ කිරීමේදී ලැබූ අත්දැකීම් මේ පිටපත ලියන්නට බලපෑවා.

මේ නාට්‍යයෙන් ඔබ කාන්තාවන් පිළිබඳ කතාබහක් ද ගොඩ නගන්න උත්සාහ කරන්නේ ?

ස්ත්‍රියක් තමයි මෙහි මූලික වෙන්නේ. ප්‍රශ්න කරන්නේ මේ පවතින සමාජය ඇතුළේ තිබෙන මිනිස් සබඳතා පිළිබඳයි. ඒ සඳහා ස්ත්‍රියක් මූලික කර ගැනීම සිදුවුණා. ‘ඩෝල්ස් හවුස්’වල නෝරා කියන කාන්තාව එළියට බැහැලා යනවා. ඇය එතැනදි ප්‍රශ්න කරන්නේ පවතින පවුල් සංස්ථාවයි. ඒ ඇතුළේ තිබෙන ස්ත්‍රියකගේ භූමිකාවයි. මේ නිර්මාණයේ ගැහැනියත් නෝරා මෙන් ප්‍රශ්න කරනවා. ඒ ඒ වෙලාවේ සමාජයේ පැවතුණු සමාජ, ආර්ථික තත්ත්වයත් එක්කයි. නෝරා මෙන් මැයත් පිට වී යනවා. ඒ යන්නේ ඇගේ ගෘහයත්, ඊට පරිබාහිරව පවත්වන ආදර සම්බන්ධයත් කියන දෙකෙන්මයි.

සමහරෙක් කියන්න පුළුවන් මේ නාට්‍යයෙන් කෙරෙන්නේ ස්ත්‍රීවාදිත්වය ගැන කතා කරන එකයි කියලා ?

අප මේ ගත කරමින් ඉන්නේ පශ්චාත් ස්ත්‍රීවාදී සමයක්. ඒක ඇතුළේ මේ කතා කරන්නේ ස්ත්‍රී -පුරුෂ සමාජ භාවය කියන කාරණයයි. ඒක පොඩි කෝවක්. ඒ නිසා ඒක ඇතුළේ කලා කෘතියක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. එහෙම කළොත් ඒක ප්‍රචාරණාත්මක නිර්මාණයක් බවට පත්වෙනවා. ස්ත්‍රීවාදී ලක්ෂණ මේ නිර්මාණයේ තියෙනවා වෙන්න පුළුවන්. මේ නිර්මාණය හුදෙක් ප්‍රචාරණාත්මකව ස්ත්‍රියගේ කාන්තා විමුක්තියේ දෝංකාරය වගේ වැඩක් නම් නොවෙයි. එතැනින් බැලුවොත් ස්ත්‍රීවාදීන් වුණත් මේ නිර්මාණය ප්‍රතික්ෂේප කරනවා. ඒ අයටත් විරෝධය පළ කරන්න පුළුවන් දේවල් මේ නාට්‍යය ඇතුළේ තිබෙනවා. නමුත් කලාකාරිනියක් විදියට මා බැලුවේ මෙහි තිබෙන ප්‍රතිවිරෝධාත්මක දේවල් පිළිබඳයි. හැබැයි මේ නාට්‍යය ඇතුළේ ස්ත්‍රියගේ නිදහස සම්බන්ධයෙන් දැඩිව සාකච්ඡා කරනවා.

අතීතයේ සිටිය ස්ත්‍රියට වඩා වර්තමාන සමාජයේ සිටින ස්ත්‍රියට නිදහසක් උරුම වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එහෙම පෙනෙන්නට තිබුණත් ඒ නිදහස සම්පූර්ණයෙන්ම ඇහිරිලා ඇති බවද ඔබ පවසන්නේ ?

ගොඩක් වෙලාවට සමාජය පැවතුණේ ස්ත්‍රිය පාලනය කරලා. ලෝකයේම තිබෙන්නේ පුරුෂ මූලික සමාජයක්. පුරුෂ චින්තාවන්. ඇත්තටම භාෂාව පවා ස්ත්‍රියගේ නොවෙයි. අපි දන්නේ නැහැ ස්ත්‍රියගේ භාෂාව පවා මොකක්ද කියලා. අපි නිතරම හිතන්නේ භාෂාවකින් නේ. එතැනදි සමාජය නිර්මාණය වී තිබෙන්නේම පුරුෂ මූලිකත්වයෙන්. ඒ නිසා බොහොම අමාරුයි මේක තේරුම් ගන්න. ලෝකයේ කාන්තා නිදහස සම්බන්ධයෙන් ස්ත්‍රී විමුක්තිකාමීන් එකතුවෙලා කළ යම් යම් ව්‍යාපාර තිබුණා. ඒ දේවල්වල ප්‍රතිඵලයි අද අපි මේ භුක්ති විඳීන්නේ. මේ විදියට අපි එළියට ඇවිත් ඇවිදින්නේ ඒ නිසයි. පැරැණි ස්ත්‍රී පරමාදර්ශයන් බිඳ වැටෙන්නේ ඒවා හරහායි. එහෙත් පසු පරම්පරාව අද තමන් මේ භුක්ති විඳීන නිදහස කොහෙන්ද ආවේ කියලවත් දන්නේ නැහැ. එතැනින් ලංකාව සමාජයට ආවොත්, ඉස්සර යටත් විජිතයක් වීමට පෙර තිබුණු සමාජය අධ්‍යයනය කරන විට පෙනෙන දෙයක් තියෙනවා. එනම් මේ අද දකින වික්ටෝරියානු ආකෘතිය නොවෙයි එකල තිබුණේ. බහු පුරුෂ සම්බන්ධතා, එකගෙයි කෑම වැනි යම් නිදහසක් ඒ සමාජයේ තිබුණා. ඔවුන්ට ඕනෑනම් සම්බන්ධය දිගටම තියා ගත්තා. නැත්නම් නැවැත්තුවා. එහෙත් ඉහළ කුලවල තිබුණු තත්ත්වය වෙනස් බවක් පෙනෙනවා. නමුත් මේ ක්‍රමවේදය සමතලා වී ගොස් එක් පුරුෂයෙක් හා එක් ගැහැනියක් කියන සංකල්පය අපේ රටවල නිර්මාණය වෙනවා. ඒත් සමඟ කන්‍යාභාවය කියන කාරණය ඉදිරියට පිවිසෙනවා. ඉන් පස්සේ සියලුම ස්ත්‍රීන් ලිංගික සංකේතයක් විදියටයි පවත්වා ගෙන යන්නේ. නමුත් මෙතැනදි ලෝක කන්‍යාභාවය කියන අදහස වෙනස් වුණත් අපේ සමාජයේ අදහස් වෙනස් වන්නේ නැහැ.

එවැනි සමාජයකටයි විවෘත ආර්ථිකය පැමිණෙන්නේ?

මේ පැමිණෙන පරිභෝජනවාදයට , විනෝදාස්වාද කර්මාන්ත පවත්වා ගැනීමට නම් ඔවුන්ට ගැහැනියව උවමනා වෙනවා. ගැහැනිය තමයි පරිභෝජනය ඉල්ලන්නේ. එයාගේ තමයි ආශාව. එයාගේ ආශාව සංතෘප්ත කරන්නයි පිරිමියා පැමිණෙන්නේ. එවිටයි මේ ධනවාදී සිස්ටම් එක පවත්වා ගෙන යා හැක්කේ. ඒ හරහා ලැබුණු නිදහසක් ගැහැනියට තිබෙන බව ඇත්තයි. ඒත් ඒ නිදහස නිශේධනාත්මකයි කියලා මම කියන්නේ නැහැ. ඒක සාධනීයයි. ඒ වගේම මේ ඔස්සේ යම් නිදහසක් ගැහැනිය අත්වින්ඳත් එය වියවුල් සහගතයි. එයා දෙමුහුන් සත්ත්වයෙක් විදියටයි පවතින්නේ. එකක් අර කන්‍යාභාවය කියන ඒ වියවුලේ ඉන්නවා. ඊට අමතරව එතැනින් පරිබාහිර වූ නිදහසක් යෝජනා කරනවා. මේක ඇතුළේ තමයි ඇය ගමන් කරන්නේ. ස්ත්‍රී දූෂණ ඇතුළු මෑතක අසන්නට ලැබුණු බොහෝ දේවල් අසන්නට ලැබෙන්නෙත් ඒ හරහායි. පරිභෝජනවාදයෙන් කරන්නෙත් ඇත්තටම ලිංගික සංකේතයක් විදියට ඇයව පවත්වා ගෙන යන එකයි. වැඩබිමට ගියත් ඇයව දකින්නේ ලිංගික සාධකයක් විදියටයි. පාරේ ගමන් කළත් ඒ තත්ත්වය එහෙමමයි. මේ වගේ වියවුලකයි ගැහැනිය ඉන්නේ. ඇයට රාත්‍රි ජීවිතය අහිමි වී තිබෙනවා. ඒක ආර්ථික සාධකයක් තියෙන ගැහැනිය හමුවේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ඇයට සංස්කෘතික ජීවිතයක් ඇත්තේ නැහැ. ආදරය වෙනුවට ලිංගිකත්වය මූලික වුණු තත්වයකටයි සමාජය ගමන් කරලා තියෙන්නේ. ඒ ඇතුළේ අපි ආදරය සොයා ගන්නේ කොහොමද කියන බොහෝ කාරණා ‘මරියාගේ රමණය’ නාට්‍යයෙන් කතාබහට ලක් කරනවා.

ඔය කියන අදහස වේදිකා ගත කිරීමට ඔබ යම් විශේෂ විධි කුමයක් භාවිත කළා ද?

දැනට වේදිකාවේ භාවිත නොකරන ප්‍රචණ්ඩකාරී දේවල් මා වේදිකාවේදී පාවිච්චි කළා. එහිදි යම් තිගැස්මක්, පීඩනයක් ප්‍රේක්ෂකයාට එල්ල වන නාට්‍ය රීතියක් තමයි මා භාවිත කළේ. වේදිකාවේ මෙතෙක් පැමිණි නාට්‍ය ධාරාවේ යම් යම් කැඩිලා වෙන්වෙන තැන් මේ නාට්‍ය යේ දකින්න පුළුවන් බවත් මා සිතනවා. ඇවිත් මේ වෙනස අත්විඳීන්න කියලා අවසාන වශයෙන් මා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.