This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
අපට ජීවිතය කියාදී මහා නළුවා යන්නටම ගියේය



ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහයන්ගේ අභාවය යනු හුදෙක් ඔහුගේ ප්‍රාණය නිරුද්ධවීම යන සරල කාරණය පමණක් නොවේ. එය සිංහල සිනමා මහා නළු වංශයේ එක් යුගයක නිමාවය. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම යන මහා රංගධරයන් සමඟ සම අසුන් අරා සිටි රජ තුන් කට්ටුවේ අවසන් පුරුක වූයේ ටෝනි රණසිංහයන්ය.

මේ ඊයේ පෙරේදා වනතුරු අපත් සමඟ ජීවත් වූ ටෝනි අයියා ද දැන් අප අතැර ගාමිණී සහ ජෝ ඉන්නා ලෝකයටම ගොස් ඇත. එහෙත් මේ මහා නළුවන් තිදෙනාගේ අතීත මතකයන් මහා පුරා වෘත්තයන් වී පොදු ජන විඥානයේ සදාකල්හිම රැඳී තිබෙනු නිසැකය.

ටෝනි රණසිංහ යනු හුදෙක් නළුවෙක් පමණක් නොවේ. ඔහු ප්‍රඥාසම්පන්න රංගවේදියෙකි. රංගනය බුද්ධිමය කාරණාවක් ලෙස විග්‍රහ කිරීමේදී මේ ප්‍රඥාවන්තභාවය නළුවකුට සිය රංග භාවිතයේදී අත්‍යාවශ්‍ය සාධකයක් වනු නියතය. එය අධ්‍යක්ෂවරයාගේ මන දොළ සැපිරීමට මෙන්ම සමස්ත නිර්මාණයට ද වැඩි වටිනාකමක් එක් කරනා අංගයකි. ටෝනි රංගනයෙන් දායක වූ සෑම නිර්මාණයකටම එකී අමතර වාසිය ලැබිණ. දශක පහක් පුරාවට වේදිකාවේ, සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද ඔහු මුදා හැරියේ එකී ප්‍රඥාසම්පන්න රංග ප්‍රතිභාවයි.

රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා . . .

ඒ ටෝනිගේ නාමය උප්පැන්නයේ සඳහන්ව තිබූ අයුරුය. එහෙත් පාසලේ ඔහු හඳුන්වනු ලැබුවේ ඇන්තනි සිල්වා ලෙසිනි. පසුව එය ඇන්තනි රණසිංහ බවට පත් විය. ඇන්තනි, ටෝනි බවට පත්වන්නේ සිය වැඩිමල් සොයුරු රැලෙක්ස් රණසිංහ නිසාවෙනි. ටෝනිගේ වේදිකා සම්ප්‍රාප්තිය වූ ‘බෝඩිංකාරයෝ’ හි ප්‍රචාරක කටයුතු සුගතපාල සිල්වා විසින් පවරා තිබුණේ රැලෙක්ස්ටය. ඔහු ‘බෝඩිංකාරයෝ’ පෝස්ටරයට ඇන්තනි යනුවෙන් යොදා එහි සංක්ෂිප්තයක් ලෙස ටෝනි යන්න යෙදීය. ටෝනි එයට තදින් විරුද්ධ වුව ද සුගතපාල සිල්වා රැලෙක්ස්ගේ සොඳුරු උපාය අනුමත කළේය.

තමන් රඟපෑ මුල්ම චිත්‍රපට දෙකම තිරගත නොවූ අපේ සිනමාවේ එකම නළුවා ටෝනි රණසිංහ යයි මම සිතමි. ටෝනි රඟපෑ මුල්ම චිත්‍රපටය ‘පුංචි අම්මා’ය. ඔහු එහි රඟපෑවේ රාණි රණතුංග සමඟය. දෙවැන්න වූ ‘රොඩී කෙල්ල’ චිත්‍රපටයේ සන්ධ්‍යා කුමාරි සමඟ ප්‍රධාන චරිතය රඟපෑමට තෝරා ගෙන සිටියේ ද ටෝනිය. එහි දර්ශනයක් හෝ දෙකක් රූගත කළ බව මම අසා ඇත්තෙමි. එම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ සිරිසේන විමලවීරයන්ය. ටෝනි විමලවීර මාස්ටර් වෙත කැටුව ගියේ ආතර් යූ. අමරසේනයන් විසිනි. අමරසේනයන් ඒ කපුකමට සම්මාදම් වූවේ ටෝනිගේ සොයුරු රැලෙක්ස් ඔහුගේ කුළුපඟ මිතුරකු වීම නිසාය. එහෙත් එකී චිත්‍රපට දෙකෙහිම වැඩ කටයුතු අතරමඟ ඇණහිටියේ විමලවීරයන්ගේ අභාවය හේතුවෙනි.

නමුත් ටෝනිගේ ‘නළු සිහිනය’ බිඳ වැටුණේ ඊටත් පෙරාතුවය. ඒ පිළිබඳ ටෝනි අයියා සිය මතකය අවධි කළේ ‘ටෝනි රඟ සොබා’ උපහාර උළෙල නිමිත්තෙන් මා ඔහු සමඟ කළ සංවාදයකදීය. ඔහුගේම වදනින් මම එය මෙසේ ලියා තැබුවෙමි.

1958 අවුරුද්දේ ඩේලිනිවුස් පත්තරේ දැන්වීමක් පළ කර තිබුණා අලුතෙන් නිෂ්පාදනය කරන සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා නළුවකු අවශ්‍යයි කියලා. මම එතකොට විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ලඝු ලේඛකයෙක් විදිහටයි සේවය කළේ. ඒ දවස්වල මටත් නළු පිස්සුව ඔළුවට ගහලනේ තිබුණේ. ඉතින් මම තීරණය කළා මේ සම්මුඛ පරීක්ෂණයට යන්න. බ්‍රිස්ටල් වීදියේ තැනක තමයි මේ ඉන්ටර්වීව් එක තිබ්බේ. නියමිත දවසේ කෑම පැයේදී මම කාටවත් නොකියා ඔෆිස් එකෙන් ආවා. මට තවම මතකයි සුදු ෂර්ට් එකයි, කලිසමයි මම ඇඳගෙන හිටියේ. ටයි එකකුත් හොරෙන් සාක්කුවේ දමාගෙන ගියා. ඔන්න කොහොම හරි තැනට ගියා කියමුකෝ. එතන මහ විශාල පෝලිමක්. කොන්ඩේ බම්ප් තියපු, ටී ෂර්ට් ඇඳ ගත්තු, තරුණයෝ රාශියක් එතැන හිටියා. මට හිතුණා මේ වැඩේ හරි යන එකක් නෑ කියලා. මගේ ධෛර්යය ටිකෙන් ටික නැති වේගෙන වේගෙන යනවා වගේ මට දැනුණා. පස්සේ එතනින්ම ගියා නොරිස් රෝඩ් එකේ තිබුණ කොලෝනියල් බාර් එකට. ගිහින් ස්ටවුට් භාගයක් බිව්වා. දැන් හිතට ටිකක් ෆිට්. ඔන්න ඉතිං පුරුෂ ධෛර්යය වඩාගෙන අර තැනට ආවයි කියමුකෝ. අර කලින් හිටපු සෙනඟ කවුරුත් නෑ. එතකොට මම දැක්කා එතන දොරකඩ හිටපු සෝමසේකරන් මහත්තයව. මාව දැකපු ගමන් ඔහු ඇහුවා ‘ආ යූ ෆෝදි ඉන්ටර්වීව්’ කියලා. මම ‘යර්ස් සර්’ කිව්වා. පස්සේ ඔහු උඩ තට්ටුවකට මාව එක්කරගෙන ගියා. එතන හිටිියේ ඩේවිඩ් ධර්මකීර්ති, ඩග්ලස් කොතලාවල සහ කිංස්ලි රාජපක්ෂ. ඔවුන් මට ඩයලොග් ෂීට් එකක් දීලා දෙබස් කියන්න කිව්වා. මගේ සහායට දෙබස් කිව්වේ ඩේවිඩ් ධර්මකීර්ති. ඇත්තටම මම එතකොට රඟපෑම ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑනේ. නිකං කොලේ බලං කිව්වා එච්චරයි.

දවසක් මට කෝල් එකක් ආවා කිංස්ලි රාජපක්ෂගෙන්. ඔහු කිව්වා මාව චිත්‍රපටයට තෝරා ගෙන තියෙනවා, ඇවිත් හම්බ වෙන්න කියලා. ඔවුන් නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටයේ ක්ලැරිස් ද සිල්වා එක්ක ප්‍රධාන චරිතයට තෝරා ගත්තා කිව්වට අනේ ඒ චරිත රඟපෑවේ මමවත්, ක්ලැරිස්වත් නෙවෙයි. කිත්සිරි පෙරේරායි, සන්ධ්‍යා කුමාරියි.

ටෝනි, අසංක දේවමිත්‍ර සමඟ

ආරම්භයේ පටන්ම නළුවකු වීමේ සිහිනයට එසේ විවිධ බාධක, අභියෝග එල්ල වුව ද හේ සිය අධිෂ්ඨානය අත් හැරියේ නැත. කෙසේ වුව ද ටෝනි අයියා මුලින්ම රංගනයට පිවිසෙන්නේ වේදිකාවෙනි. ඒ සුගතපාල සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ හි ‘සිරිසෝම’ ලෙසිනි. ඒ 1962 වසෙර්ය. ඉන් පසු ‘තට්ටු ගෙවල්, රන්තෝඩු, හරිම බඩු හයක්, නිල් කට්රොල් මල්, විරූපි රූප, වගුරු බිම, ජුලියස් සීසර්, ගිම්හානේ රැයක සිහිනියක්’ වේදිකා නාට්‍යවලට ඔහු රංගනයෙන් දායක විය.

ටෝනි සිය සිනමා රංග චාරිකාව ආරම්භ කරන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ ‘බලදාස’ ලෙසිනි. එතැන් පටන් ඔහු මෙරට කලාත්මක සහ ජනප්‍රිය සිනමා ධාරාවන් හරහා විවිධ විචිත්‍රවත් භූමිකාවන් රැසක් නිරූපණය කළේය.

එදා මෙදාතුර අපේ සිනමාවේ බිහි වූ වඩාත් කඩවසම් නළුවා ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ටෝනිය. තිරයේ තමා දුටු හොඳම ප්‍රේමවන්තයා ටෝනි රණසිංහ බව නිළි රැජන මාලිනිය කිහිප අවස්ථාවකදීම මා හා ප්‍රකාශ කළාය. මේ ඇයගේ වදන්ය.

අපේ පාසල් වියේදී ටෝනි රණසිංහ කියන්නේ පුදුමාකාර විදිහට ගැහැනු ළමයින්ගේ ආදරයට පාත්‍ර වූ නළුවෙක්. ඇත්තටම ඔහු අපේ සිහින කුමාරයා කිව්වොත් හරි. ටෝනිගේ ඡායාරූපයක් පෙන්න පෙන්නා මම ඒ දවස්වල මගේ යෙහෙළියන්ට කියනවලු ‘ඔන්න බලාපල්ලා මම කවදා හරි මෙන්න මෙයත් එක්ක රඟපානවා’ කියලා. යාළුවෝ අදටත් ඒක මතක් කරනවා. කොහොම හරි ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයෙන් ඒ සිහිනය සැබෑ වුණා. ඇත්තටම මම අපේ සිනමාවේ දැකපු හොඳම ආදරවන්තයා ඔහුයි.

රැළි කොණ්ඩය, ගිනිකූරු කට් එක සහිත නළුවන් ජනප්‍රිය සිනමාවේ ප්‍රේමණීය සංකේත බවට නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් විසින් පත් කර තිබූ යුගයක ටෝනි අයියා සිය සුකුමාර, අවිහිංසක භාව හාව රංග ලීලාවන් හරහා මෙරට සුවහසක් තරුණියන්ගේ ආදරය දිනාගන්නට සමත් විය. එකල ඇතැමුන්ගේ මතය වූයේ පෝල් නිව්මන්, මාලන් බ්‍රැන්ඩෝ වැනි නළුවන් අනුකරණය කරන්නට ටෝනි උත්සාහ කළ බවකි.

නැහැ. ඇත්තටම මම ඔවුන් අනුකරණය කළේ නෑ. නමුත් ඔවුන් මගේ ප්‍රියතම නළුවන් දෙපළක්. ඒ විතරක් නෙවේනේ. ඇයි ගාමිණී ෆොන්සේකා, හෙන්රි ජයසේන දෙන්නවත් අනුකරණය කරන්න හදනවා කියලා සමහරු මට ඒ කාලේ කිව්වනේ. ගාමිණීගෙන් සහ හෙන්රිගෙන් මට යම් ආභාසයක් ලැබෙන්න ඇති. ඔවුන් මගේ සමකාලීන ඒ වගේම මම ඉතා ප්‍රිය කළ නළුවන් දෙන්නෙක්. නමුත් මට පුළුවන් වුණා මගේම රංගන ශෛලියක් ගොඩ නඟා ගන්න.

ටෝනි අයියා එකී අනුකරණ කතාව පිළිබඳ වරෙක මා සමඟ පවසා සිටියේ එවැන්නකි.

දෙලොවක් අතර, පරසතු මල්, හන්තානේ කතාව, දුහුළු මලක්, හුලවාලි, අහසින් පොළොවට, රෑ මනමාලි, මායා, සප්ත කන්‍යා, පවුරු වළලු ටෝනි රණසිංහයන් සිය ප්‍රතිභාත්වික රංගනයන් වඩාත් ස්ඵුට කළ චිත්‍රපට සේ හැඳින්විය හැකිය.

සැනසුම කොතැනද, හීන හතක්, මනමාලයෝ, හැංගි හොරා, ප්‍රවේශම්වන්න වැනි චිත්‍රපට හරහා ටෝනි ‘තරුවක්’ බවට පත් වූයේ සිනමා ප්‍රේක්ෂකාගාරයට නවමු අත්දැකීමක් ලබා දෙමිනි. එහෙත් ඔහු සිය ජනප්‍රිය ප්‍රතිරූපය බිඳ වැටෙතැයි සිතා රළු, පරළු චරිත රඟපෑම ප්‍රතික්ෂේප කළේ නැත. රන් සළු, හොඳයි නරකයි, ශීලා, කෝකිලයෝ, බැද්දේගම, කෝකිලා, තරණය, අනුරාගයේ අනන්තය වැනි චිත්‍රපටවල ඔහු නිරූපණය කළේ ප්‍රතිවීර චරිතයන්ය. සටන් හා නැටුම් ආදියට ඔහු එතරම්ම දක්ෂතා නොදැක්වුව ද එය ඔහුගේ සිනමා ගමනට මහා බාධකයක් වූයේ ද නැත.

දකුණු ආසියානු කලාපයේ සිනමාව බොහෝ විට පුරුෂ කේන්ද්‍රීය ස්වභාවයක් උසුලයි. එවන් පසුබිමක ආසියානු නළුවන් පිරිමියකුගේ ආත්මීය වේදනාව තිරය මත ප්‍රතිනිර්මාණය කිරීම සලකනු ලැබුවේ පිරිමිකමට නිගාවක් ලෙසිනි. එහෙත් ටෝනි ‘හන්තානේ කතාව‘, ‘දෙලොවක් අතර’, ‘දුහුළු මලක්’ වැනි චිත්‍රපට හරහා පිරිමියාගේ ආත්මීය වේදනාව සහ බිඳ වැටුණු චරිත ලක්ෂණයන් ඉතා සංවේදීව හා නිර්භයව ඉදිරිපත් කළ නළුවෙකි.

ඔය කියපු චරිත සියල්ල මම රඟපෑවේ ස්වයං අධ්‍යයනයකින් යුතුව. මම හිතන විදිහට නළුවකුට යම් චරිතයක් සඳහා ගැහැනු ගතියක් හෝ පෞරුෂය බිඳ වැටීමක් නිරූපණය කරන්න අවශ්‍ය නම් එය නොපැකිලව කළ යුතුයි. එය පිරිමිකමට නිිග්‍රහයක් නෙවෙයි. මම කියන කාරණය සර් ලෝරන්ස් ඔලිවියර් පවා පැවසූවක්. ‘ඔතෙලෝ’ වැනි නාට්‍යවලදී මහා පෞරුෂයක් ඇති චරිත පවා අඬන දර්ශන තිබුණා. මානුෂීය හැඟීම්වලට ගැහැනු පිරිමි බේදයක් නෑ. චරිතයකදී බොළඳ වීම නළුවකුට හානියක් නෙවෙයි.

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා විවිධ සමාජ අඩවිවල ගැවසෙමින් මිනිස් ජීවිතය ස්පර්ශ කළ ටෝනි අයියා තම ව්‍යුත්පත්තිය හරහා ඒවා සිනමාව වෙත දායාද කරන්නේ නළුවකු ලෙස පමණක් නොවේ. ඔහු තිරකතා රචකයකු ලෙස ද සිනමාවට සිය දායකත්වය ලබා දෙන්නේ එහෙයිනි. කොටි වළිගය, අවරගිර, දුවට මවක මිස, තරණය, පවුරු වළලු වැනි චිත්‍රපටවල තිර රචකයා ඔහුය.

ටෙලි නාට්‍යය නිර්මාණයන්හි රඟපෑම අනුචිත දෙයකැයි ඇතැම් නළුවන් සලකන්නේ එයින් තම නළු ප්‍රතිරූපයට අවැඩක් සිදු වේ යැයි යන බියෙන් විය යුතුය. එහෙත් ටෝනි අයියා එවන් පටු සීමාවක සිර වූයේ නැක. එනිසාවෙන්ම ඔහු ටෙලි නාට්‍යය රාශියකට තම රංගන ප්‍රතිභාව අවධි කළේ පොදු ප්‍රේක්ෂකයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමනි. ‘ආවර්ජනා, සුදු පරෙවියෝ, නත්තල් සාදය, මහ මෙර පාමුල, සුවඳ කැකුළු, හිමි අහිමි, රයිගම් යාළුවෝ, පස්, එකට ගැටුම, හතේ වසම, මනෝකාය, රන් දළඹුවෝ’ ඇතුළු ටෙලි නාට්‍යය ඒ අතරින් කිහිපයකි.

ටෝනි අයියා සතු සිංහල, ඉංග්‍රීසි භාෂා දැනුම ඔහුට පුළුල් ලෝකයක් විවර කර දුන්නේය. ජීවිතයේ අවසන් කාලය ඔහු ගත කළේ නිවසට වී සාහිත්‍යමය කටයුතුවල යෙදෙමිනි. පොත පත ඇසුරෙන් ලත් මහා ඥාන සම්භාරයක් හා ලෝකය විනිවිද දකින අපූර්ව මනසක් ඔහුට තිබූ නිසාවෙන්ම ටෝනි අයියා හුදෙකලාවේ සිටියද ඔහුට තනිකමක් දැනෙන්නට නැත.

සිනමාව, වේදිකාව හැරුණු කොට ටෝනි අයියා වඩාත්ම ඇළුම් කළ විෂයය සාහිත්‍යය විය යුතු යැයි මම අනුමාන කරමි. ඔහු මුලින්ම පාඨකයා හමුවට පැමිණෙන්නේ නවකතා රචකයකු විලසිනි. ඒ හැටේ දසකයේ අග භාගයේය. ‘ආදරණීය අයිරා’ සහ ‘ජෝගි හමාරයි’ නවකතාවන් ඔහු රචනා කරනු ලබන්නේ එකී අවධියේදීය. ‘ජුලියස් සීසර්’ ඇතුළු විලියම් ශේක්ස්පියර්ගේ කෘති කිහිපයක්ම සිංහල බසට පරිවර්ථනය කළ ටෝනි බනී රූබන් ලියූ ‘දිලිප් කුමාර්’ කෘතිය ද සිංහලට නැඟීය. නමුදු ඔහු තම සාහිත්‍යමය කටයුතු පිළිබඳ කිසියම් අන්දමක අවතක්සේරුවකින් පසු වූවාදැයි සිතෙන්නේ ඔහු ඒ සම්බන්ධව වරෙක පුවත්පතකට මෙවන් ප්‍රකාශයක් කර තිබූ නිසාය. ඇතැම් විට එය ටෝනි නම් වූ සැබෑ මනුෂ්‍යයාගේ අවංක, නිහතමානී ප්‍රකාශයක් ද විය හැකිය.

‘ඔබ සාහිත්‍යකරුවකු යැයි හඳුන්වනවාට අකැමැති ඇයි’ යනුවෙන් එම ලියුම්කරු විමසා සිටි අවස්ථාවේ ටෝනි ඊට දෙන පිළිතුර මෙසේය.

මා එසේ පිළිගැනීමට අකැමැති මා සාහිත්‍යකරුවෙක් නොවන නිසා. මේ ජීවිත කාලයේ අඩකටත් වඩා මා ගත කළේ කැමරාව ඉදිරිපිට. මම නැති කාලයක මා ගැන කිසිවකු හැඳින්වීමක් කළත් කරන්නේ නළුවකු හැටියට. සාහිත්‍යයෙන් කීර්තියට පත් විය හැකි කෘතියක් මා රචනා කර නෑ. මතුවට ලියන්නට ආශාවකුත් නෑ. ජුලියර් සීසර් කෘතිය මම ලිව්වේ දශක තුනක පමණ කාලයක් තිස්සේ හැදෑරීම් කළ නිසයි. කොහොම වුණත් සාහිත්‍යකරුවෙක් කියා ගන්නට තරම් මම සුදුස්සෙක් නෙවෙයි.

ටෝනි රණසිංහයන් උපහාස කතා කීමෙහි, බිනීමෙහි අති දක්ෂයෙකි. සදය උපහාසය මුසු වූ ඔහුගේ ඕපාදූප කතා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට අමුත්තක් නොවේ. ලණු දීම ද ටෝනි අයියාගේ ප්‍රියතම විනෝදාංශයකි. ඔහුගේ දිරච්ච ලණු නොකෑ අයකු සිනමා ක්ෂේත්‍රයේ නොමැති තරම්ය.

බොහෝ කලාකරුවන් මෙන් ටෝනි අයියා නොදන්නා දේශපාලනය කරන්නට ගොස් හත්පොලේ ගා ගත්තේ නැත. ඔහු කිසියම් දේශපාලන ස්ථාවරයක් දැරූව ද කිසිදා එය ප්‍රදර්ශනය කරන්නට හෝ දේශපාලනඥයන්ට ආවඩන්නට කටයුතු කළේ නැත. ටෝනි අයියා දේශපාලනය කරපින්නා ගත් අපේ ඇතැම් කලාකරුවන්ට ඉතිරි කර ගිය පාඩම එයයි.

කෙතරම් ප්‍රතාපවත් පුද්ගලයකු වුව ද ටෝනි අයියා තුළ සරල, සුන්දර මිනිසකු ජීවත් වූ බව ඔහු ඇසුරු කළ සැවොම දන්නා කරුණකි. ඇතැම් විට සහේතුකව හෝ අහේතුකව කෙනෙකු නිර්දය ලෙස විවේචනය කිරීමට ඔහු පෙළඹේ. එය මා ටෝනි අයියා වෙතින් දුටු යම් දුර්වලතාවයකි. මේ පුරුද්ද නිසා ක්ෂේත්‍රයේම ඇතැමුන් පවා ටෝනි අයියා සමඟ එතරම් ඇයි හොඳයියක් පවත්වන්නට කල්පනා කළේ නැත. කෙසේ වුව ද පෘතග්ජන මිනිසුන් වූ අප කා තුළත් එබඳු යම්, යම් අඩුපාඩු තිබීම සාමාන්‍ය දෙයකි.

මා මෙයින් දස වසරකට පමණ පෙරාතුව ටෝනි රණසිංහයන් සමඟ පළමු සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේ ඔහු මට ආමන්ත්‍රණය කළේ ‘අසංක පුතා’ යනුවෙනි. මගේ පියා සහ බාප්පා ඔහුගේ මිතුරන් වීම ඊට හේතු වූවා විය යුතු යැයි මම එවේලේ උපකල්පනය කළෙමි. එහෙත් මද වෙලාවකින් ‘මචං දේවමිත්‍ර, ඕක කවද පත්තරේද බං යන්නේ’ යනුවෙන් ඔහු මගෙන් විමසුවේ මට ද පෞද්ගලික චූන් එකක් ලබා දෙමිනි. ටෝනි රණසිංහ වැනි දැවැන්තයකු එසේ ‘මචං’ යැයි පැවසීම එවෙලේ මගේ සිතට ගෙන ආවේ සියුම් ආඩම්බරයකි. ඒ ටෝනි අයියාගේ සරල, අව්‍යාජ ජීවිතයේ හැටිය. දැන් ඒ ජීවිතයට සමු දී ඔහු නික්ම ගොසිනි. සැඳෑ කළුවරට ඉඩ දී සැඟව යන්නට තතනන හිරුගේ අවසන් රැස් දහර දෙස නෙත් යොමමින් මම මෙසේ ප්‍රාර්ථනා කරමි.

වේදිකාව හා සලරුව මත 
අපේ ජීවිතය සිත්තම් කළ 
මහා නළුවාණෙනි....
ඔබට මොක් සුව...!