🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කොටි වෙස් ගත් බූරුවා

එක්තරා ගමක හම් පදම් කරන මිනිහෙක් හිටියා. එයා හැම තිස්සෙම අනුන්ගේ වියදමෙන් හැම වැඩක්ම කරගන්න බලපු තක්කඩියෙක් මේ මිනිහා ළඟ බූරුවෙක් හිටියා. මේ බුරුවාට කෑම දෙන එක අනුන් ලවා අනුන්ගේ වියදමෙන් කරගන්න හිතාගත් මිනිහා ඌට කොටි හමක් පොරවලා හැම අතින්ම කොටියෙක් විදියට පෙන්න සරසලා අලූයමින් අසල වාසීන්ගේ කුඹුරු වලට යැව්වා. උදෑසන කොටියෙක් තමන්ගේ කුඹුරු වල ගොයම් ගස් අස්සේ ඉන්නවා දකින ගොවියෝ පන බයේ පැනලා දුවන්න වුනා. බුරුවා හිතේ හැටියට ගොයම් කකා බොහොම සුවසේ ටික දිනක් වාසය කළා. කලින් ඌ කුඹුරේ ඉන්නවා දැක්කම ගහල එලවපු මිනිස්සු දැන් ඌ දැක්කාමබයේ දුවනවා, තමන්ට ලැබුණු අලූත් තත්වය ගැන ඌට හරිම ආඩම්බරකමක් සතුටක් දැනුනා. ඌ ගෙදර යන්නෙත් නැතුවම කුඹුරේ තැනකම වාසය කරන්න පටන් ගත්තා. මිනිස්සුන්ට මේක හරිම වදයක් වුනා. මොකද දැන් කොටියා මුළු දවසෙම කුඹුරේ නොවැ. මේ ගමේ හිටිය තවත් අමාරුකාර මිනිහෙක්, ගහක් උඩට නැගලා කීප දිනකම කුඹුරේ ඉන්න කොටියා ගැන සිදිසි කළා. "ගොයම් කන මූ නම් කොටියෙක් වෙන්න බෑ. ගමන බිමනත් බූරුවෙක් වගෙයි." දවසක් මේ මිනිහා බූරු දෙනකගේ හමක් පොරව ගෙන ලොකු මුගුරකුත් හංගා ගෙන කුඹුර පැත්තට ගියා. බූරු දෙන දැකපු කොටි - බූරුවා බොහොම සන්තෝෂයෙන් හඩක් නගා ගෙන ඇය ලගට දුවගෙන ගියා. සතා මොකාද කියා දැනගත් මිනිහා පොරවාගෙන හිටිය හැම ඉවතට විසිකර දමා දෙපයින් නැගිටලා, කොටි - බූරුවට හොදටම මුගුරෙන් පහර දී කුඹුරෙන් එලියට ඇදගෙන ගියා. "කොටි හම පොරවා ගත් බූරුවාගේ රගපෑම අපූරුයි. බූරුහම පොරවා ගත් මිනිහාගේ රගපෑම ඊටත් අපුරුයි." මෙය දුටු මිනිස්සු කිව්වා. ඊසොප්