This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
දැන්ම කියන්ඩ බැහැ
කඳු නගින්නන් දෙදෙනෙක් දින පහක් තිස්සේ කන්දක් තරණය කරමින් සිටියෝය. ඔවුන් දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඉතා අසීරුවෙන් කඳු මුදුනට ආසන්න වෙමින් සිටියදී ඉන් එක් අයෙකු හදිස්සියේම කඳු ශිඛරයේ වූ පැල්මක් තුළින් පතුලක් නොපෙනෙන අගාධයකට ඇද වැටුණේය. භීතියෙන් ගල් ගැසුණු අනෙකා වහා සිහි එළවාගෙන පරෙස්සමින් පැල්ම වෙත නැඹුරුව කෑ ගසා මෙසේ ඇසීය. ‘උඹට තුවාල ද?’ සැණෙකින් දෝංකාර දෙමින් අඳුරු විවරය තුළින් පිළිතුරු හඬක් නැඟී ආවේය. ‘දන්නෙ නෑ. තවම මම වැටෙනවා.’ ඔක්කොම සවුත්තුයි ‘කොහොමද ළමයො, විභාගෙ ප්‍රතිඵල ?'අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බැලීම පිණීස පාසල වෙත ගොස් පැමිණි දාස ගෙන් එමිනෝනා විමසුවාය. ‘වැඩ දෙකක් සවුත්තුයි අම්මේ.’ දාස කමිසයේ බොත්තම් ගලවමින් කීවේය. ‘එතකොට ඉතුරු වැඩ හය ?’ එමිනෝනා ඇසුවේ වැඩී එන කුහුලෙනි. ඒ හයත් සවුත්තුයි අම්මේ.’ දාස හිස කසමින් පිළිතුරු දුන්නේය.