🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මීයාගෙන් බේරන්න සබන් කැටය ශීතකරණයට දාලා

මෙම නිවසේ කාලයක සිට මීයෙකු ගැවසෙන්නට විය. නිවැසියන්ගෙන් ඌට කරදරයක් නොවූ නිසා මීයාගෙන්ද කරදරයක් නොවීය. මීයා රාත්‍රී කාලයේදී නිවස තුළ දිව්වත් නිවසේ පියා මව සහ කුඩා දියණිය ඌ දෙස බලා සිටියා විනා හිරිහැර කළේ නැත. දිනක් ඥාති පුත්‍රයා දින කිහිපයක් ගතකිරීම සඳහා නිවසට පැමිණියේය. මීයා ඔහු ඉදිරියේද රැඟුම් දක්වන්නට විය. ඥාති පුතාට මීයාව දිරෙව්වේ නැත. හෙතෙම පොලූ කැබැල්ලක් රැගෙන කාමරයේ ගමන් කළ මීයාට පහරක් ගැසීය. පහර කෑ මීයා කෑ ගසමින් නොපෙනී ගිය අතර එදා සිට නිවැසියන්ට හිරිහැර කරන්නට විය.

නිවසට ගෙනෙනා පලතුරු වර්ග කමින්, සහල් මලූ ඉරා දමමින් එපමණක් නොව ඔවුන්ගේ නින්දට බාධා වනසේ යම්යම් දේ පෙරළමින් සහ ශබ්ද කරමින් හැසිරෙන්ට විය. මියා සබන් වර්ග ද ලෑටි ගෑම නිසා ඒවා ඉවත දැමීමට සිදු වූ වාර අනන්තය. ඥාති පුත්‍රයාට කොතෙකුත් එපා කීවත් ඔහු මාර පුත්‍රයා නිදි මරාගෙන මීයා ඝාතන මෙහෙයුම ක්‍රියාත්මක කළත් සාර්ථක වූයේ නැත. දිනක් ගෙහිමියා මුහුණ සෝදා ගැනීම සඳහා සබන් කැටය සෙවූ විට දියණිය පැවසුවේ මීයාගෙන් ආරක්ෂා කිරීම සඳහා සබන් පෙට්ටිය ශීතකරණයේ තැබූ බවය. සබන් සුවඳ යැවීම සඳහා ශීතකරණය පිරිසිදු කොට දොර විවෘතව තැබීමටද එනිසා සිදුවිය. ඥාති පුත්‍රයා එදිනම තම ගම්බිම් බලා පිටව ගිය අතර මීයාගේ කරදරයද එදා සිට නැවතී ගියේය.