This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා
ෆන් ඇහැරිලා පැඟිරි විසේ ඇවිස්සෙන තරුණ කාලෙදි උඹලගේ පැණි බේරෙන හිත්වල එළකිරි ලීටර් 500යි - මී පැණි ලීටර් 600යි වගේ ආදර හැඟීම් දෝදු නැතුව මෝදු වෙන බව මම දන්නවා. මොනා වුණත් මචං මට හිතෙන විදියට ආදරේ කියලා කියන්නේ ලිංගිකත්වය කියන ස්වාභාවික ජීව විද්‍යාත්මක අවශ්‍යතාවට දාපු සංස්කෘතික සහ සදාචාරාත්මක වචනයක්. රෝමය බිඳ වැටේ මගේ ලල් හිරි වැටේ කිව්වලු. ලිංගිකත්වය / සෙක්ස් කියලා කිව්වොත් කැතයි කැතයි වගේ නිසා ඒකට ආදරය එහෙමත් නැත්නම් ලව් කියලා පැණි බේරෙන ලල් ඇහැරෙන නමක් දීලා තියෙන්නෙ. අපිට කවුරු හරි කෙනෙක් ගැන දෙල් ‍ෙදා‍ෙදාල් වන තොල් තො‍ෙ¼දාල්වෙන ආදරයක් ඇතිවනවා කියලා කියන්නේ ඒ කෙනා ගැන පට්ට සිරා සිප්පි හොරා වගේ ලිංගික හැඟීමක් ඇති වෙනවයි කියන එක. ඒත් අපි හැමෝම හිතෙන් සහ ගතෙන් අපේ සංස්කෘතියයි සදාචාරයයි එක්ක බොක්කෙන්ම සෙට් වෙලා ඉන්න නිසා අපි අපේ ආශාවට සංස්කෘතික සොමියක් සහ හැඩයක් දෙනවා. ඒ හැඩේට තමයි පිස්සු පීකුදු බොක්ක පිරිසිදු ආදරේ කියන්නෙ. වෙන කෙනෙක් ගැන අපිට හැඟීමක් ඇති වුණොත් ඒක ආදරේ කියලා තමයි අපි වටහා ගන්නේ. ඒ වැටහීම අපිට ලබා දෙන්නේ සංස්කෘතියෙන්. ලිංගිකත්වය කියන දේ ආදරය කියන දවටනයේ එතුවහම එතැන එළකිරි වගේ සදාචාරාත්මක ඩොට් කොම් තත්ත්වයක් ඇති වෙනවා. වනචාරි සත්තු සහ ශිෂ්ටසම්පන්න මිනිස්සු කියන දෙවර්ගය වෙන් වෙන්නේ අන්න එතෙන්දී. දකින දකින හැම ගෑනු / පිරිමි ශරීරත් එක්කම ආතල් පිස්සා - පාගල් මැක්සා වගේ ලිංගිකව හැසිරෙන්න කියන යෝජනාව තමයි ජීව විද්‍යාත්මක ශරීරයෙන් අපිට දෙන්නෙ. ඒත් මචං... මිනිස්සු ශිෂ්ට වෙනකොට දකින දකින කෙනත් එක්ක ලිංගිකව හැසිරීම කියන දේ අශිෂ්ට දෙයක් වෙනවා. පිපිඤ්ඤා වගෙද රතිඤ්ඤා කිව්වලු!! ඒ වෙනුවට ලිංගිකව හැසිරීම සඳහා අපිට එක ගැහැනියක්ව / පිරිමියෙක්ව නීතියෙන් ලබා දෙනවා. අපිත් කඩදාසියක අස්සන් කරලා ආතල් ඩොට් කොම් එකේ ඒ ගැහැනියව / පිරිමියාව අරගන්නවා. මේ වෙනුවෙන් අපිට විවාහ සහතිකය කියලා සහතිකේකුත් දෙනවා. අම්මා ගහයි ඩිප්ලෝමා සහතිකෙන්! විවාහය කියන්නේ දියුණු ශිෂ්ටත්වයේ සංකල්පයක්. මේක නිසා සමහරුන්ගේ ලල් බ්ලාස්ට් වෙනවත් ඇති. අපේ ශිෂ්ටසම්පන්න සදාචාරාත්මක සංස්කෘතියෙන් අපිට යෝජනා කරන්නේ අපි ආදරේ කරන සහ නීත්‍යනුකූලව අපිට දීපු කෙනා එක්ක විතරක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියලා. නීතිමය ආවරණයක් තියෙන මේ ශිෂ්ටසම්පන්න පොදු රීතිය අපි කවුරුත් පිළිගන්න ඕනෙ. එතකොට තමයි සමාජයේ ශිෂ්ට සම්පන්න බව පට්ට විදියට ආරක්ෂා වෙන්නෙ. හැබැයි මචං සංස්කෘතික සදාචාරයට අනුව මේ විවාහය කියන එක ලිංගික හැඟීම් මූලික කරගත්ත බැඳීමක් නෙවෙයිලු. ශිෂ්ටසම්පන්න සංස්කෘතියට අනුව අපි විවාහ වෙන්නේ ආදරය කියන සංස්කෘතිය සංකල්පය නිසාලු. මෙන්න මෙතෙන්දි තමයි මේ ලිංගිකත්වය වෙනුවට ආදරේ කියන ෆන්බර සොමිබර මල්බර ලල්බර වචනෙ සංස්කෘතියෙහි සදාචාරයෙන් වුවමනාවට හඳුන්වලා දෙන්නෙ. අන්න ඒ පාරේ යන කොල්ලො කෙල්ලො තමයි දෙල් ‍ෙදා‍ෙදාල් වෙන තොල් තො‍ෙ¼දාල්වෙන විදියට ලව් කරනවයි කියලා සුන්දර දෙයක් කරන්නේ. ඒත් සමහරු ලව් කරන්න ගිහිල්ලා පැඟිරි විසේ ඇවිස්සේ - විසේකාර කලන්තේ හැදිලා වගේ මොංගල් සන්නිපාතේ හදා ගන්නවා. මචං... සදාචාරය, සම්ප්‍රදාය, විවාහය වගේ මොනතරම් සදාචාරාත්මක කොටු අපේ වටේට තිබුණත් සමහර කොල්ලො කෙල්ලෝ මේ කොටුවෙන් පිට පනිනවා. කොටු පනිනවා කියන්නේ මෙන්න මේකට වෙන්න ඇති. දිමියන් ගොටු බඳී - නහයෙන් හොටු පනී - කොල්ලන් කොටු පනී - කෙල්ලන් ඇන ගනී කිව්වලු. සමහර අය තමන්ට හිමි නැති අයත් එක්ක සිතින් හෝ ගතින් අනියම් ඩොට් කොම් සම්බන්ධකම් පටන් ගන්නවා. සමහර කෙල්ලො තමන්ට හිමි නැහැයි කියලා දැන දැනම තවත් කෙනෙක්ට ආදරේ කරනවා. පුදුමේ කියන්නේ ඒ ලව් එක බොක්කෙන්ම කරන එක. තමන්ට කවදාවත් සංගක්කාරව කසාද බඳින්න බෑ කියලා දැන දැනම සමහරු සංගට පට්ට ලව්. අවුලක් නෑ ඉතිං. හැබැයි ඉතිං සමහර කෙල්ලො විවාහක තරුණයන්ට, විවාහක අංකල්ලට බොක්කෙන්ම ලව් කරනවා. ඒ විදියට හිතෙන් විතරක් කොටු පැන්නොත් මහලොකු අවුලක් නෑ. ඒත් ගතින් කොටු පැනලා මාට්ටු වුණොත් තමයි හඳට බුරපු බල්ලෝ - පාර පුරා දිව්වෝ වගේ ඛේදවාචක ඩොට් කොම් කේස් එකක් වෙන්නෙ. මෙන්න තියෙනවා සිතින් සහ ගතින් කොටුවක් පැනපු කෙල්ලෙක් කියන සින්දුවක්. සින්දුව ලිව්වේ කැමිලස් පෙරේරා. සින්දුව කියන්නේ මාලනී බුලත්සිංහල. හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහිව වෙලා කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අප වෙත යොමු වී කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතේ අත්තටු නැතිද මැවී වරම් නොවේ මට ඔබ හමුවන්නට අෑතින් ඉඳ හිනැහෙනු මැනවී මේ සින්දුවේ ඉන්න තරුණිය හොඳටම දන්නවා මේ තරුණයාව තමන්ට හිමි නෑ කියලා. ඒත් මේ තරුණිය හිතින් කොටුවක් පනිනවා. හිතින් ඒ තරුණයට ලව් කරනවා. මේක අසම්මත ඩොට් කොම් ප්‍රේමයක්. තමන්ට අයිති නැති ඒ තරුණයා ගැන හිත හිත මේ තරුණිය ඉකිබිඳ හඬනවා. අඳුර ගැලුවා - පැදුර තෙමුණා - පඳුර පෙරළන් කඳුළු ගැලුවා කිව්වලු! කෙල්ලන්ගේ හිත් බොළඳ වුණහම එහෙම තමයි. වාසනාවකට වගේ මේ තරුණියට ඒක තේරෙනවා. හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට සිත මගේ බොළඳවෙලා කියලා තමන්ගේ හිතේ තියෙන බොළඳකම් මේ තරුණිය තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි.... අන්සතු හදකට පෙම් කිරීම වරදක් කියලත් මේ කෙල්ල තේරුම් ගන්නවා. ඒත් සමහර කෙල්ලොන්ට මේ බොළඳකම සහ අන්සතු හදකට පෙම් කිරීම වරදක් කියලා මේ සම්මජ්ජාතියේදී තේරෙන්නෙ නෑ. මේ සින්දුවේ ඉන්න තරුණියට අන්සතු තරුණයව මුණගැහිලා කියන්න දේවල් දහසක් තියෙනවා. ඒත් සදාචාරත්මක සමාජයෙ ඉන්න මිනිස්සුන්ගේ ඇස් දහසක් මේ අසම්මත ප්‍රේමයට යොමු වෙලා තියෙන නිසා මේ තරුණයව හම්බවෙලා කතා කරන්න මේ තරුණියට අවස්ථාවක් නෑ. මේ තරුණියට තරුණයා ළඟට පියාඹලා යන්න ආසයි. ඒත් මේ සමාජ සම්මතයන් කියන කඩුවෙන් තරුණියගේ හදවතේ අත්තටු කපලා දාලා. ඒ නිසා තරුණයා ළඟට පියාඹලා යන්න වරම් නෑ. ඒ නිසා වරම් නොවේ මට ඔබ හමුවන්නට කියලා තරුණිය කියනවා. තරුණිය සමාජ සම්මතයන් බිඳින්නේ නැතිව, ඒ කියන්නේ කොටු පනින්නේ නැතිව තරුණයාව හමු නොවී තරුණයට ළං නොවී ඉන්නවා. අන්තිමේදී තරුණිය තරුණයාට යෝජනාවක් කරනවා. ඒ යෝජනාව හරිම අහිංසක, සුන්දර සහ අපේ යං ජෙනරේෂන් එකට පට්ට ආදර්ශයක් ගන්න පුළුවන් සදාචාරාත්මක උතුම් යෝජනාවක්. ඒ යෝජනාවත් එක්කම උඹලට හිතන්න යමක් ඉතුරු කරලා මගේ ලව් සික් එකෙන් අදට සමුගන්නවා. "වරම් නොවේ මට ඔබ හමුවන්නට - අෑතින් ඉඳ හිනැහෙනු මැනවී" ලක්මිණ රණසිංහ උපුටා ගැනීම මව්බිම