🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

උදා වූ අසිරිමත් නත්තල

ලොව පුරා සිටින කිතුණු බැතිමතුන් සමරන අසිරිමත් නත්තල ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකර සමරනු ලබනවා. ඒ වගේම වර්ථමානයේදී ක්‍රිස්තියානි භක්තිකයන් පමණක් නොව අන්‍යාගමිකයන් පවා මෙම උත්සවය පාරම්පරික සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලබනවා. මෙලෙස නත්තල සැමරීම ආරම්භ කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 350 දී පළමුවන ජුලියස් පාප් වහන්සේගේ කාලයේදී. ඉන්පසු වාර්ෂිකව නත්තල් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට ලෝක වාසීන් සිදු කරනවා. නත්තල් සීයා යන සංකල්පය බිහිවෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් ශතක දෙකහමාරකට පමණ පසුවයි. එනම් ක්‍රි.ව 270දී. අනුන්ට සරණක් වූ පරිත්‍යාගශිලී මුණිවරයෙකු වූ ශාන්ත නිකලස්තුමා තමාට දෙමව්පියන්ගෙන් උරුම වුනු වස්තුවෙන් නත්තල් දිනයේදී දිළිදු දරුවන්ට තෑගි බෝග බෙදා දී ඔවුන් සතුටට පත් කිරීමට කටයුතු කිරීම පසු කාලයේ නත්තල් සියා යන සංකල්පය බිහි වී තිබෙනවා. නත්තල් සීයාගේ කරත්තය ඇදගෙන යන්න ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්සන්, කොමට්, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්සන් සහ රුඩොල්ෆ් යනුවෙන් පිනිමුවන් නව දෙනෙක් ඉන්නවා. මේ පිනිමුවන්ගෙන් රු‍ඩොල්ෆ් පිණිමුවා වි‍ශේෂ වන අතර එයට හේතුව වන්නේ ඒ පිණිමුවාගේ නාසය රෝස පැහැ වීමයි. විද්‍යාඥයින් පවසන්නේ එයට විශේෂ හේතුවක් නොමැති බවත් රු‍ඩොල්ෆ්ට ස්වසන අපහසුතා ඇති බවයි. අසිරිමත් නත්තල හා බැදුනු තවත් සංකල්ප කිහිපයක් සදහන් වෙනවා. තන්නල් ගහ, ගවලෙන,‍දේවදූතයෝ, තාරකාව, සීනුව, ඉටිපහන්, හෝලි අතු, සදාහරිත රවුම, සීනි කෙවිට, කැරොල් ගීත මෙන්ම පරණ මේස් එකද නත්තලට නැතුවම බැරි දේවල්. මේ හැම දේටම හේතුවක් මෙන්ම අතීතයක් ද තිබෙනවා. ඇමෙරිකාවෙ පමණක් වසරකට නත්තල් ගස් සඳහා වගා කරන ශාක සංඛ්‍යාව 21000ට අධිකයි.ඒය ලොව වටා මිලියන 45ක් පමණ වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් නත්තල් ගසකට යොදා ගන්නා පයින් හෝ සයිප්‍රස් ගසක වයස අවුරුදු 4ට වැඩි විය යුතු අතර අවුරුදු 7ට අඩුවිය යුතු බවට සම්මතයයි. ප්‍රථමයෙන්ම නත්තල් සුභ පැතුම්පතක් සකසා ඇත්තේ 1843 දී බ්‍රිතාන්‍ය ජාතික ජේ.සි. හොර්ස්ලි විසින්. මේ පළමු කාඩ් පතේ පිටපත් දහසක් පමණ අලවී ඇති බව සදහන්. ලොව විශාලතම නත්තල් ත්‍යාගය හුවමුරු වී ඇත්තේ 1886 දී ප්‍රංශය විසින් ඇමරිකා එක්සත් ජනපදයට ලබා දුන් ටොන් 225ක් බරැති ලිබර්ටි ප්‍රතිමාවයි. ලොව පුරා නත්තල් සතිය තුළ සියදිවි හානි කිර ගැනීම් හා පුද්ගල ඝාතන ඉතාමත් අල්ප වීම විශේෂත්වයක්. ජේසු ස්වාමින්ගේ අනුකම්පාව, දයාව ආදරය ලොවට එක සේ බෙදෙන අසිරිමත් නත්තල සාමය සතුට සහජීවනය මෙන්ම සාමුහිකත්වය ද වර්ධනය කරනවා මෙන්ම ලොව පුරා සිටින ක්‍රිස්තියානි භක්තිකයන් මෙන්ම ලෝකවාසී සියලු දෙනාම ‍නත්තලේ පණිවුඩය සිහිකිරීම නත්තල් දිනයේ දී සිදු වෙනවා. ඔබ සැමට සුභ නත්තලක්!! තිළිණි මීගහපල