This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
පියාඹන පීරිසි රහස් පිරුණු ඇමෙරිකාවේ නිල් පොත
සුප‍්‍රකට ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවක් වන ‘එක්ස් ෆයිල්ස්’ ජනපි‍්‍රය වූයේ ද පිටසක්වළ ජීවීන්ගේ රහස් සහ ඇමෙරිකා රජයේ කුමන්ත‍්‍රණ ඊට පාදක වීම නිසාය. ‘එක්ස් ෆයිල්ස්’ නිෂ්පාදනය කළේ ෆොක්ස් රූපවාහිනී නාලිකාවය. දැන් යළිත් වරක් එෆ්.බී.අයි. පරීක්ෂකයන් වන මෝල්ඩර් සහ ස්කලීගේ වික‍්‍රම ඇතුළත් නවතම එක්ස් ෆයිල් කතා මාලාවක් නිර්මාණයට ෆොක්ස් නාලිකාව සූදානම් වන බව ද පැවැසෙයි.    මේ වනවිට බොලිවුඩයේ වාර්තා පිහිටුවමින් මුළු ලොවේ අවධානය දිනාගත් අමීර් ඛාන් ප‍්‍රධාන චරිත නිරූපණය කරන ‘පීකේ’ චිත‍්‍රපටයට ද පාදක වන්නේ ඉන්දියාවට පැමිණෙන පිටසක්වළ ජීවියකු ගැන වෙනස් විදියේ කතාවකි. පසුගිය සතියේ ඇමෙරිකන් රජය, එරට ගුවන් හමුදාව විසින් එක් රැුස් කරගන්නා ලද රහස් වාර්තා, ඡායාරූප සහ වීඩියෝ 12,000 ක් ප‍්‍රසිද්ධියට පත් කළේය. ඒ, අන්තර් ජාලය ඔස්සේ ය. 1947 සිට 1969 තෙක් කාලයේ දකින්නට ලැබුණු ‘හඳුනා නොගත් ආකාශ වස්තු’ ගැන විස්තර මෙම රහස් වාර්තාවලට ඇතුළත් වෙයි. හඳුනා නොගත් ආකාශ වස්තු, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා මවිතයට පත් කිරීමට මෙම විස්තර සහ ඡායාරූප සමත් වී ඇතැයි ද පැවැසෙයි. අන්තර් ජාලයට එක් කෙරුණු මේ විස්තර සහ ඡායාරූපවලින් බොහොමයක් ඇමෙරිකන් රජයේ සහ ගුවන් හමුදාවේ රහස් ඇතුළත් වන ‘බ්ලූ බුක්’ හෙවත් ‘නිල් පොත’ ට අයත් ඒවාය. අතීතයේ රහසක් වූ මේ විස්තර දැන්  ඕනෑම කෙනකුට අන්තර් ජාලය හරහා නැරැඹිය හැකිය. හඳුනා නොගත් ආකාශ වස්තූන්(Unidentified Flying Objects - UFO) සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය සහ එරට ගුවන් හමුදාව උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇත්තේ 1945 වසරේදීය. 1947 දී සහ 1949 දී හඳුනා නොගත් ආකාශ වස්තූන් ගැන සොයා බැලීම සම්බන්ධයෙන් ව්‍යාපෘති දෙකක් කි‍්‍රයාවට නැංවිණි. ඒ, ‘සයින්’ සහ ‘ග‍්‍රජ්’ නමැති ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති අවසන් වීමෙන් පසු ‘බ්ලූ බුක්’ ඇරැඹිණි ඒ, 1952 දීය.  ‘බ්ලූ බුක්’ ව්‍යාපෘතිය නිමාවට පත් කිරීමට අණ කෙරුණේ 1969 දීය. එය මුලූමනින්ම අවසන් වූයේ 1970 දීය. බ්ලූ බුක් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු දෙකක් තිබුණි. ඉන් පළමු වැන්න නම්, හඳුනා නොගත් ආකාශ වස්තූන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද නැද්ද යන්න සෙවීමය. දෙවැනි අරමුණ, හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධ දත්ත විද්‍යාත්මක විශ්ලේෂණය කිරීමය. ඒ අනුව, ඇමෙරිකාවේ නන්දෙසින් හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් විස්තර, ඡායාරූප සහ වීඩියෝ දසුන් දස දහස් ගණනක් එක් රැස් කෙරුණි. එයින් බොහොමයක් සාමාන්‍ය වැසියන් ඡුායාරූප ගත කළ ඒවාය. ඇමෙරිකන් ගුවන් හමුදා නියමුවන් කිහිප දෙනකුට ද අවස්ථා ගණනකදී හඳුනා නොගත් ආකාශ වස්තූන් හමුවුණු බව වාර්තා වී ඇත. 1968 දී, බ්ලූ බුක් ව්‍යාපෘතිය සම්බන්ධ රහස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් විය. එදා එනම් 60 දශකයේ වඩාත් ප‍්‍රබල සන්නිවේදන මාධ්‍ය වූයේ රූපවාහිනිය, පුවත්පත් සහ ගුවන් විදුලියයි. අද මෙන් විශ්ව ගම්මානයකට අප යා කරන අන්තර් ජාලයක් නොතිබුණි. බ්ලූ බුක් ව්‍යාපෘතියේ රහස් අනාවරණය වූයේ ‘කොන්ඩොන්’ නමැති වාර්තාව ඔස්සේය. 1969 දී බ්ලූ බුක් තහනම් කිරීමට හේතු වූයේ එම හෙළිදරව්වය. ඒ අනුව, බ්ලූබුක් ව්‍යාපෘතිය තහනම් කරමින්, ඇමෙරිකන් ගුවන් හමුදාව මෙසේ නිගමන ද ඉදිරිපත් කළේය. ගුවන් හමුදාව පරීක්ෂාවට ලක් කළ කිසිදු හඳුනා නොගත් ආකාශ වස්තුවක් රටේ ආරක්ෂාවට එසේත් නැතිනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ. හඳුනා නොගත් ආකාශ වස්තූ යැයි කී බොහොමයක් නව තාක්ෂණයෙන් නිපදවූ ආකාශ යානා වන අතර, නූතන විද්‍යා පරයා ගිය දෙයක් නොවේ. හඳුනා නොගත් ආකාශ වස්තූන් පිටසක්වළින් පැමිණෙන යානා නොවේ. බ්ලූ බුක් ව්‍යාපෘතිය අවසන් වෙද්දී හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ වාර්තා 12,618 ඊට ඇතුළත් විය. හඳුනා නොගත් ආකාශ වස්තූන් යැයි කී බොහෝ දේ අසාමාන්‍ය කාලගුණ විපර්යාස බව අනාවරණය විය. (උදාහරණයක් ලෙස වලාකුළු සහ තරු වැනි) බ්ලූ බුක් වාර්තා අතරට එක් වී ඇති ‘ලූබ්බොක් එළි’ සිද්ධිය ඉතා ප‍්‍රසිද්ධය. එය සිදුවූයේ 1951 වසරේ අගෝස්තු 30 වැනිදා ය. සිද්ධිය වාර්තා වන්නේ ටෙක්සාස් ජනපදයෙනි. සිද්ධිය දුටුවේ මහාචාර්යවරුන් තිදෙනෙකි. සැන්දෑවේ 7 ට පමණ එම මහාචාර්යවරු තිදෙනා යහළුවකුගේ නිවෙසේ ගෙවත්තේ අසුන් ගෙන සතුටු සාමීචියේ යෙදෙන්න වූහ. සීතල සුළඟකින් ඔවුන්ගේ සිරුරු කිළිපොළා යද්දී ඈත අහසේ විදුලි ආලෝක 20ක් හෝ 30 ක් දිස්විණි. එක් මහාචාර්යවරයකු පවසා ඇත්තේ, පීරිසියක් තරමට ලොකු එළි කිහිපයක් තමන්ට ඉහළින් පියඹා ගිය බවය. කොළ මිශ‍්‍ර නිල් පැහැයක් එම එළියේ දකින්න ලැබුණු බවත් එය ඉතා දීප්තිමත් නිල් පැහැයක් බවත් මහාචාර්යවරයා පැවැසීය.     ‘ඒ වෙලාවේ හොඳට සඳ පායා තිබුණා. අපට දීප්තිමක් එළි 15 ක් පමණ පැහැදිලිව දකින්න ලැබුණා. ඒවා හරියටම වෘත්තාකාරයි. ඒවා අපට ඉහළින් ඇදී යද්දී මගේ කොඳු ඇට පෙළ සීතල වුණා දැණුනා’ යැයි ඔහු පවසා ඇත. මෙම එළි සම්බන්ධයෙන් ඇමෙරිකන් ගුවන් හමුදාව කළ පරීක්ෂණ සහ විමර්ශන අවසන් වූයේ අපූරු නිගමනයක් ද සමඟය. එනම්, එසේ දීප්තිමත්ව පෙනෙන්න ඇත්තේ ප්ලෝවර්ස් නමැති කුරුල්ලන් යැයි ගුවන් හමුදාව පවසා ඇත. එම අවස්ථාවේදී සඳ රැස් හොඳින් වැටී තිබුණු හෙයින් කුරුල්ලන්ගේ දීප්තිමත් නිල් සහ කොළ වර්ණ දකින්න ලැබෙන්න ඇතැයි ද ඇමෙරිකන් ගුවන් හමුදාව වැඩි දුරටත් කීවේය. බ්ලූ බුක් වාර්තා අතරට ‘වින්ටර් 1951’ යනුවෙන් නම් කළ ඡුායාරූපයක් ද ඇතුළත්ය. එහි දිස්වන්නේ පියාඹන පීරිසියක් යැයි කියමින් ඡායාරූප ශිල්පියකු ලබා ගත් ඡායාරූපයකි. එම ඡායාරූපයට පැහැදිලි කිරීමක් එක් කරමින් විද්‍යාඥයන් පවසන්නේ එය අසාමාන්‍ය හැඩයෙන් යුත් වලාකුළක් කියාය. උෂ්ණත්වයේ වෙනස්වීම් සහ වායු පීඩනයේ වෙනස් වීම් හේතුවෙන් විවිධාකාරයේ හැඩයන්ගෙන් යුත් වලාකුළු නිර්මාණය වන බව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. සැඬ සුළං පවතිද්දී මෙම වළාකුළු ගමන් ගනී. එවිට එය ආකාශ වස්තුවක් යැයි සිතෙන බව ද ඔවුහු පැහැදිලි කරති.  බ්ලූ බුක් තහනම් කිරීමෙන් පසු, 1974 වසරේදී රොස්වෙල්හි සිදුවූ කිසියම් ආකාශ වස්තුවක් අනතුරට පත්වී කඩා වැටුණි. කඩා වැටුණේ පිටසක්වළ යානයක් එසේත් නැතිනම් පියාඹන පීරිසියක් යැයි පැවැසෙයි. එහෙත් ඒ බව මෙතෙක් තහවුරු වී නැත. බ්ලූ බුක් ව්‍යාපෘතියට සම්බන්ධ සහ ඊට පසු සිදුවුණු රහස් තොරතුරු එක් කර ගැනීම් පවා අපට වාර්තා වී ඇත. මීට වසර කිහිපයකට පෙර, ජුලියන් ඇසෙන්ජ් පරිගණකකරුගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය හරහා ඇමෙරිකාවේ රාජ්‍ය රහස් ලොවට හෙළි විය. ඇමෙරිකාවේ එම රහස් අතර පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධ රහස් ද ඇතුළත් විය. ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ රොස්වෙල්, පිටසක්වළ ජීවීන් නිසා මේ වනවිට සංචාරක ආකර්ෂණයක් වී හමාරය. එපමණක් නොව, ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාරය මැද ඇතැයි පැවැසෙන ‘ඒරියා 51’ නමැති කලාපය ද අභිරහසකි. අභිරහසක් යැයි කීවත් ‘ඒරියා 51’ අධි ආරක්ෂක කලාපයේ ඇත්තේ ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරකි. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් මෙම කලාපයේ රඳවාගෙන සිටිනවා යැයි පැවැසෙන කටකතා ඔප්පු කිරීමට තවමත් කිසිවකුට හැකියාව ලැබී නැහැ. එම ‘කටකතා’ උලූප්පා දක්වන්නේ විද්‍යා ප‍්‍රබන්ධ කතා නිර්මාණකරුවන් සහ සිනමාකරුවන් පමණි.     උපුටා ගැන්ම - ලංකාදීප පුවත්පත