🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නන්නාදුනන රුව

නෙතු දකින නන්නාදුනන රුව
හිත එක්ක නොහික්මුනු කතාවක
රටා පාට නැති දෙවොලක අතරමංව
කියනවා නෙත් හිතට ආල කතාන්දර
හිතනවා නුඹ කාගේ කවුද
නාටකේ මොන චරිතයද ළඟ ඉන්න
මේ මොහොතේ දැනෙනවා හිතට ලෙන්ගතුව
මොහොතක් කල්පයක් වගේ
කෙතටත් නිල්ලක් නැහැ වගේ
හිතටත් නිවනක් නැහැ දැනේ
නුඹගෙත් මුව සිනා අඩුවක් නැතේ
නන්නාදුනන නුඹ හමු වීම
අහඹුවේ දකිනා සිහිනෙකි
සිහිනයෙන් අවදි වී මසිත
සමුගනිමි නන්නාදුනන සේ

(රස්තියාදු හිත)