This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
රෑ රූ
රාත්‍රිය නිසලය. තාරක සිනා විය. පුර සඳ නැතත් පෑයූ අටවක සෞමයය. පෑ ස‍ඳේ එලියත් වීදී ලාම්පු එලියත් වැටී පුරහලේ කඩතොළු බිත්තිවල මැකී ගිය සුදු පිරියම් යන්තමින් දිස් දෙයි. දහවල පුරා නද කර තුඩ රිදවා ගත් කපුටන්, වවුලන්ට මුළු කොළඹ නගරයම දන් දී ඇතුවා සේය. ‍දවල්ට කපුටන් ද රාත්‍රියට වවුලන් ද විසින් අපවිත්‍ර කරන පුරහලේ ඉදිරි බිත්තිය බතික් ‍කරන ලද වස්ත්‍ර යක් මෙනි. මා රැඳී සිටි මගී ආවරණයේ වසා සිටි වුවුලෙකු “ක්‍රාස්” හඬ නංවමින් විදුලි වේගයෙන් පියාඹා ගියේ මාගේ හිසේ ගෑවී නොගෑවී මෙනි. මම වහා හිස පහත් කරගතිමි. පියාඹා ගිය වවුලා සමග තවත් වවුල් රෑනක් ම ඌ පසුපස හඹා ගියේ එසැනෙනි. රාත්‍රී 11 කණිසමත් ගෙවී ඇති බව වැටහුනේ පුරහලේ වේලා පුවරුවේ නාදය සවන වැකෙත්මය. අවිස්සාවේල්ල දක්වා දිවෙන අවසන් බස් රථයත් පැමිණෙන්නට තවත් විනාඩි 15 ක් ගත කළ යුතුය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සෝදු පත් බලන්නෙකු ලෙස සේවයට පැමිණී දා සිට තමන් ජයසේකර සමග පුරහල ලඟට පැමිණ බසයට ගොඩ වන්නේ රාත්‍රියට පමණී. ඇස්වාට්ටුවේ බෝඩිම් වී සිටින ජයසේකර හා මා බොහෝවිට රාත්‍රී සේවා මුරය නිම වූ පසු ඔහුගේ යතුරු පැදියෙන් ‍අවුත් “රහුමානියා” හෝටලයෙන් තේ පානය කර සිගරැට්ටුවක් දල්වා ගෙන මාහට බසයක් පැමිණෙන තුරු දොඩමළු වී සිටිමු. එකළ ඔහු තනිකඩයෙකි. කාර්යාලයේම සේවය කළ මාලනී සමග විවාහ වූ පසු ජයසේකර මාළිගාවත්තේ පිහිටි ඇගේ නිවසේම නතර වූයේය. ඔහු නැතත් පුරුද්දට මෙන් ඉඳහිට තවමත් පුරහලේ බස් නැවතුමට පැමිණීමට මගේ හිත පුරුදු වී ඇති සේය. “11.45යි” දැන් නම් අවිස්සාවේල්ල බසය නො එන බව ස්ථීරය. බදුල්ල, රත්නපුර බස් කීපයක් පැමිණීයද ඒවා එකකටවත් නොනැංගේ හෝමාගමට ටිකට් ඉල්ලු විට කොන්දොස්තරගේ කන්දොස්කිරියාවත් බසයෙන් බසින විට රියදුරුගේ විලාප ගැසීමත් අසන්නට නොහැකි නිසාය. “දැන්නම් එන එකක යන්න ඕන.” සාක්කුවෙන් ලයිටරය ගෙන තවත් සිගරට්ටුවක් පත්තු කර ගතිමි. “ක්‍රිස්.......” තමා පසු කර මීටර 100 ක් පමණ ඈතට ඇදී ගිය ‍කාර් රථයක් නැවැත් වූ අතර අවුරුදු 22 ක් පමණ යැයි කිව හැකි සුරූපී යුවතියක් එයින් බැස සංසුන් විලසින් මගී ආවරනය වෙත ඇදී ආවාය. ඇයට සමුදුන් කාර් රථය විදුලි වේගයෙන් රෝහල් චතුරශ්‍රය දෙසට ඇදී ගියේ ය. බැලූ බැල්මට පියකරු යුවතියක් වූවද තරමක වෙහෙස ගතියක් ඇගේ මුහුණින් පිළිබිඹු වූවාය. රත් පැහැ දෙතොලතින් මුව සරසා ගත් ඈ අඳුන් තැවරූ නෙතින් යුතුව පැරිස් විලවුනින් ගත තෙමා ගෙන උන්නාය. බැලූ බැල්මට ඇය වීදීයේ මස් විකුණන වෙලෙන්දියක් වග තේරුම් ගියෙන් ඇය පිළිබඳ ගණනට නොගෙන සිටීමට වග බලා ගතිමි. “එක්ස්කියුස්මී.............. වෙලාව කීයද” “11.50” තනි වචනයෙන් පිළිතුරු සැපයීමී. “අයියා කො‍හාට යන්නද” “හෝමාගමට” “මාත් එන්නද?” කොළඹ නගරය පුරා හැසිරෙන මෙබඳු යුවතියන් පිළිබඳ මිතුරන් සමග පැය ගණන් කියවා ඇතත් එබඳු කාන්තාවක් මුණ ගැසුනු පළමු වතාව මෙය විය. මේ තරම් ලාබාල යුවතියක් මෙම තත්වයට පත්වූයේ කෙලෙසකද යන්න සිතා ගත නොහැක. “ඔයා බයද.... කොළඹට ආවේ ළඟදිද?” ඇය පිළිබඳ අනුකූලතාවයක් නොදැක්වීමෙන් තමන් ගොඩයෙකු වන්න‍ට ඇතැයි ඇය සිතන්නට ඇත. පාළු රාත්‍රියේ අඳුරු මුල්ලක් හෝ පාළු වීදියකට හෝ ගාළු මුවදොර පිටියට හෝ තමන් සමග එන්නැයි ආරාධනා කරන තරුණිය කෙරෙහි අනුකම්පාවකට වඩා එහා ගිය දෙයක් මට නොදැනිනි. මා එන තුරු නිදි නොලබා බලා සිටින මල්ලිකා සිහි වෙත්ම මැය සමග කතා කිරීම පිළිබඳ අපුලක් දැනිනි. මල්ලිකා සමග විවාහ වන්නට පෙර ඩග්ලස් සමග ‍බෝඩිම් කාමරයේ සිටි කාලයේ තමන් සිල්වියා අක්කා නිසා කදිම පාඩමක් ඉගෙන ගත් ආකරය සිහිවිය. අප්පච්චි අවුත් සිල්වියාගේ බෝඩිමෙන් තමන් ඉවත් නොකර ගන්නට මේවනවිටත් මා සමාජ රෝගියෙකි. එසේත් නැතිනම් සිඳගනන් සොය සොයා ඉබාගාතේ යන නිශාචරයෙකු වනු ඇත. වාසනාවකට මා ඉන් ගැලවුනෙමි. අම්මා‍ගේ අක්ෂි ශල්‍යකර්මයට අග නුවරට ආ අප්පච්චි එදින රාත්‍රී මා නවාතැන්‍ ‍‍‍‍ගෙන සිටි කාමරයට පැමිණි‍යේ පසුදින උදෑසන ද අම්මා බලා යනු රිසි‍යෙනි. එදින සිල්වියා ඇන්ටි මාලඟට නෑවිත් අප්පච්චි ලඟට ‍ ‍ගොස් තිබිනි. සිල්වියා තබා ලෝක රූ රැජින ආවද අම්මා අමතක නොකරන අප්පච්චී සිල්වියාට ‍ලුණු ඇඹුල් ඇතිව කියා දී ඇති බව මා දන්නේ එම සිදුවීමෙන් දින කීපයකට පසුය. පසුදා උදෑසන අප්පච්චි නවාතැනෙන් පිටවූයේ බෝඩිම් කාමරයට හැකි ඉක්මණින් ආ‍යුබෝවන් කියන ලෙස මා වෙත පළමු වෙඩි මුරය දල්වමිනි. “මොනවද මහත්තයෝ ඔය තරම් කල්පනා කරන්නේ යන්න තැනක් නැත්නම් ටවුන් හෝල් ටොයිලට් එක ලඟට එන්න පොඩි ආතල් එකක්වත් ගමු. අදනම් කීයක් හම්බ උනත් ඇති.මොකද දැන් මාව බස්සලා ගිය කස්ටයා මට හොඳට ගෙව්වා. ඒ උනාට කිසි ආතල් එකක් නෑ” ඇයට ඊට එහා දෙයක් පවසන්නට පෙර බදුල්ල බස් රථයක් පැමිණි අතර බස් රථය නවතන්නට පෙර ඇය වහා එතැනින් ඉවත් වූවාය. එය නම් පුදුමයකි. මා සිතුවේ ඇය මා පසු පසින් පැමිණ බස් රථයටත් නඟිනු ඇති බවයි. සාමාන්‍ය සේවා බස් රථයක් වූ බැවින් දොරටු දෙකම හැර තිබු බැවින් ‍හා කොන්දොස්තරගේ කෑ ගැසීම නිසා ඉදිරිපසින්ම බසයට ගොඩවීමී. සතියේ දිනක් බැවින් බස් රථයේ සෙනගද නැත. වාඩි වීමට ද නොසිතේ. වාඩි වුනොත් නින්ද යෑමට ඉඩ තිබේ. වැඩ අධික දිනයක මේ බස් රථයේ වාඩි වී නින්ද යෑම නිසා අවිස්සාවේල්ලටම යෑමට සිදුවූ පෙර සිදුවීමක් මතක් වීමෙන් සිනා යෑමට ආවද ආයාසයෙන් වලකා ගතිමි. “මහත්තයා සීට් තියෙනවා වාඩි වෙන්න.” කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨය හා නීති පීඨය නැවැතුමේදී සරසවියේ ක්‍රීඩා ඇඳුමින් සැරසුණු සිසුන් බසයට ගොඩවීමත් සමග බස් රථයේ තද බදය වැඩි වූ නිසා පිටුපස හරියේ තිබූ ආසනයක අසුන් ගතිමි. “මොනවා ඔයා‍...” “ඇයි පුදුම හිතුනද ඔයා ඉස්සරහින් නගිනකොට මං පිටිපස්සේ දොරෙන් නැග්ගා” වහා එම අසුනින් නැගී සිටින්නට හැදුවා පමණි. ටිකට් කඩා අවසන් වූයෙන් බස් රථයේ විදුලියද නිවා දැමිණි. සාමාන්‍යයෙන් දුර ගමන් බස් රථ ගමන් කරන්නේ විදුලිය නිවා දමාය. “ඇයි නැගිටින්න හදන්නේ මං ආවේ ඔයා නිසා. මං ඔයාට කැමැතියි. මට සල්ලි එපා රත්තරං. මගේ මේ ගින්දර නිවා දාන්න...” ඈ මගේ දෙකලවා අතරින් සුරත තබන ගමන් කෙඳිරුවාය. “නංගී මං කැමැති නෑ පින් සිද්ධ වෙයි වෙන කවුරුහරි අල්ල ගන්න” “අනේ එහෙම කියන්න එපා මට ඔයාට ආශා හිතුනා” යි පවසමින් මගේ දෙකලවා මත ඇගේ මුහුණ ද හොවා ගත්තේ අතින් වලක්වන්නට හැදූ මගේ උත්සහය ව්යර්ථ කරමිනි. තමා තාපසයෙක් නොවේ. මැය සමග වැඩි දුර ගියහොත් කුමකින් කුමක් සිදුවේදැයි යන අනියත බියකින් පෙළෙන්නට වීමි. සැලෙන හදවතට වඩා ක්ෂ්ණයකින් ආගන්තුක ජේත්තුකාරිය අවුස්සාලන්නට තැත් දරන හැඟීම් නැමැති ගින්නෙන් දැවෙන්නටද සිදු වන බව ඉවෙන් මෙන් දැනුනත් ඒ බව නගර ශෝබනියට නොදැනෙන්නට ශරීරය සකස් කර ගෙන ඇයගේ හිස වහා තල්ලු කර දැමීමි. දෙවියනේ සිදු වූයේ නොසිතූ දෙයකි. තල්ලු කරන ලද වේගය වැඩි වන්නට ඇත. වහා විසි වී ගිය යුවතියගේ හිස උස් ආසනයේ ඇන්ඳේ වැදී ආපසු තම උකුල මතම ඇද වැටුණි. වෙව්ලන දෑතින් යුතුව ඇයගේ හිසට අත තබා බැලීමි. සිහිය නැත. දැන් කුමක් කළ යුතුද? කාගෙන් අසන්න ද. ඇගේ හිසෙන් ලේ ද ගලයි. ගලා ගිය ලේ කැටියක් තම දෑතේ ද ගෑවී ඇත. බස් රථය පසු කලේ විශ්කම් මැදුර හන්දිය බව නිවී නිවී දැල්වෙන නාම පුවරුවෙන් යාන්තම් හඳුනාගත හැකි විය. ඊලඟ බස් නැවැතුම කිරුළපණ නගරයට සේන්දු වනු ඇත. මෙකළ දුර ගමන් බස් රථ සියල්ලම පාහේ කිරුළපණ යුධ හමුදා කඳවුර අසළ සෝදිසී මෙහෙයුම් කෙරේ. නැවත වතාවක් ඇගේ හිසට අත තබා බැලීමී. මැරිලා නෑ. ඇති යාන්තම්. අහක යන මරාලයක් මගේ හිස මත වැටෙන්නයි යන්නේ. මල්ලිකාගේ මුහුණ මතක් වෙනකොට තවත් බය හිතෙනවා. දැන් කළ යුතු දෙයක් නැත. මැය අසුනේම ඉන්නට හැර පිටුපස්සේ දොරෙන් බැහැ ගන්න ඕන. කිරුළපණ පෝස්ට් එකෙන් චෙක් කලොත් තමා ට කුමකින් කුමක් සිදු වේදැයි සිතා ගත නොහැක. එසේ සිතමින් හෙමින් සීරුවේ යුවතිය අසුනට බර කර නැගිටින්නට උත්සහ කළෙමි. දැන් කළ යුත්තේ මැය මෙතැනම දමා පලා යාම පමණි. එහෙත් හයිලෙවල් මාර්ගයේ ධාවනය වන බස් රථ බෙල් ගැසු ගැසූ තැන නවතන්නේ නැත. ඊටත් මේ දුර ගමන් බස් රථයකි. කළ යුත්තේ බසයෙන් පැනීම පමණි. ඉදිරියෙන් ඇති වංගුවේදී බස් රථය මඳගාමී වනවිට පැන ගත යුතුය. එහෙත්, උත්සහය ව්යපර්ථ විය. “ඔයාට දුක නැද්ද මහත්තයෝ මාව තුවාල කරලා පැනලා යන්න” “ඔයා හොඳින් නේද නංගී. මං හිතලා කරපු දෙයක් නෙවේ. සොරි. ඔයාට අමාරුද?” “ලේ එනවා. මං හිතන්නේ ඔලුව පැලිලා වෙන්න ඇති. ” “කමක් නෑ රත්තරං මට මොනා වුනත් කමක් නෑ මාව දාලා යන්න එපා ප්ලීස්....අයියා..” දැන්නම් මැයගෙන් ගැලවීමක් නැත. ඇයගේ හිසෙන් ගලන ලේ දහනය එන්න එන්නම වැඩිවී ඇත. ගලා ගිය ලේ දහරින් මගේ මුළු සිරුරම නැහැවී ඇත. ප්‍රථම වතාවට මගේ සිතේ ඈ කෙරෙහි අනුකම්පාවක් ඉපිදවිණි. ලේ ගලන ඇගේ හිස මා උරහිස මත හොවා ගතිමි. වැඩි දුරක් යෑමට ලැබුනේ නැත. කිරුලපන පොලිසිය අසළින් බස් රථය නවත්වන විට මගේ සයොලඟම දැවී ගොස් ක්ලාන්ත වන බවක් දැනිනි. තදින් දෙනෙත් පියා ගතිමි. “බස් එක ගන්න” බස් රථය පිරික්සීමෙන් අනතුරුව හමුදා නිලධාරියාගේ අණ ලැබිණි. සිදු වූ දෙයක් නැත. තදින් දෙනෙත් පියාගෙන සිටි මා අසළට හමුදා නිලධාරියෙක් පැමිණෙන අයුරුත් මාගේ මුහුණට විදුලි පන්දම එල්ල කර කමිස සාක්කුවට අත දමා ජාතික හැඳුනුම්පත පරික්ෂා කරනතුරුත් මා තද නින්දේ මෙන් නිසොල්මන් වීමි. දෙවියනේ මා අසළ උන් ඇය නැත. ඇගේ හිසෙන් වහනය වූ ලේ ද නැත. හීන් දාඩිය දැම්මේ දැන්ය. මං හීනයක්වත් දැක්කද. නෑ..නෑ... ගණිකාවක් මගේ ලගට ආවා මට මතකයි. ටවුන්හෝල් බස් නැවතුමේ සිට කිරුළපන හන්දිය දක්වා ඈ මා සමග පැමිණියා නේද? මා අතින් ඈ තුවාල වුනා. ඒත් දෙවියනේ....දැන් ඈ කොහි ගියාද? මෙයනම් පුදුමයකි. අනපේකෂිතව සිදුවූ දෙයින් අධික තැති ගැන්මට පත්ව සිටිනවිට බස් රථය හෝමාගමට ද පැමිණ තිබිණි. “හෝමාගම බහින්න... හෝමාගම.... ටවුන්හෝල් එකෙන් නැග්ග මහත්තයා බහින්න...” කොන්දොස්තවරයාගේ මතකය පිළිබඳ පුදුම විය යුතු නැත. බස් රථයට නගින බස් රථයෙන් බහින මගීන් පිළිබඳ උකුසු ඇසක් ඔවුන් සතුය. එහෙත් මා සමග බස් රථයට නගින ලද යුවතිය පිළිබඳ ඔහුට නිනව් නැති හැටියකි. “මොකද සර් නින්ද ගියාද?” “හ්ම්...” “මිනිහා අද අඩියක් ගහලා වගේ” දින කීපයක් බස් රථයේ ගොස් දැන හැඳින ගෙන සිටි බැවින් කොන්දොස්තරවරයා රියදුරුට කියනු මට ඇසිණි. “මම ගහපු අඩියක් නෑ යකෝ” කීමට සිත් වුවද කඩිමුඩියේ බසයෙන් බැස ගතිමි. හෝමාගම නගරයෙන් බහිනවිටම සිහින් සිරිපොද වැස්සක් කඩා හැලෙන්නට විය. මුළු නගරයම නින්දට ගොසිනි. නිවසට යෑමට දුම්රියපොල පාරේ කිලෝ මීටරයක් දුර යා යුතුය. ‍ ත්‍රී රෝද රථගාලේ ත්‍රී රෝද රථයක්වත් නැත. ඔර්ලෝසු කණුවේ වේලාවද නොපෙනේ. පෙනුනත් එහි ‍වේලාව වැරදිය. අවුරුදු ගණනාවක්ම එහි වෙලාව පෙ.ව. 9.30යි. ‍ජංගම දුරකතනයක් ගන්නා ‍මල්ලිකා කොතෙක් කීවද ජංගම ඒ පිළිබඳ මේ වන තෙක් සිතක් පහළ නොවීම පිළිබඳව මටම දොස් පවරා ගතිමි. ජංගම දුරකතනයක් තිබුනේ නම් වෙලාව ද බලා ගැනීමට ලැබෙන අතර රාත්‍රී කාලයේ නිවසට පයින් යන දුර එහි විදුලි එලියෙන් යා හැකිව තිබිණි. නැති දෙයක් ගැන කල්පනා කිරීමෙන් පලක් නැත. වැස්ස පායන පාටක් නැත. ගමන් බෑගය නොතිබුනානම් තෙමි තෙමි හරි යායුතුව තිබුනා. සිගරට් එකක්වත් බොන්න තිබුනානම් හොඳයි. ගෙදර ගිහින් බත් කාලා බොන්න තියා ගෙන හිටිය අවසන් සිගරට්ටුවත් දල්වා ගතිමි. සිගරට්ටුවේ අවසන් දුම් වඩිය පිට කර පායමින් තිබූ මඳ වැස්සේම පාරට බැස්සේමි. “තවත් හිටියත් අඩු වෙන පාටක් නෑ” දුම්රියපල පාරට පිවිස දුම්රියපොල පසුකරන්නවත් ලැබුනේ නැත. “අයියා...” “ඔයා...” “එන්න රත්තරං මගේ ලඟට...” අනපේක්ෂිතව බස් රථයට පැමිණ හිත ගැස්සෙන ලෙස හොල්මන් කර පැන ගිය නගර සෝබනිය මා අබියසය. එහෙත් මෙතෙක් වේලා බියෙන් තැති ගත් මසිතට එවැනි තැගැස්මත් ඇති නොවුණි. පුදුමයකි. ඈ පෙරටත් වඩා රූමත්ව උන්නාය. පෙර හැඳ සිටි ඇඳුමෙන්ම සිටියත් පෙර නොවූ අපූරු සුවඳක් මාගේ නැහැය පමණක් නොව හදවතද කිති කවන ලදැයි මට සිතේ. පෙර මෙන් පලා යන්නට සිතක් පහළ නොවීම අරුමයකි. මල්ලිකා විසින් බන්ධනය කරන ලද සත්‍ය ප්‍රේමයේ නිකැලැල් බව මහදෙන් දුරස් වන්නට යනවාදෝ යි සැකයක් මසිතට නැගේ. මද වැස්සෙන් තෙමෙන ලද කමිසය පුපුවට ඇලී ඇත. මටත් හොරා සීත වැස්සේ සිරුර ගිනි ගෙන ඇත. “ඇයි රත්තරන් කල්පනා කරන්නේ” පාළු දුම්රියපොලේ කම්පට ගැසූ බලු නාම්බෙක් සරදම් කර පලා ගියේය. මසිත උමතු විය. සිරුර ප්‍රාණවත් විය. මා අන්ද විය. “දැන් කවුරුත් නෑ.... එන්නකෝ ඉතිං” “ම්...ම්...” “ආ..හ්...” “ආසයි ද....” “ඔව් රත්තරං.....ම්...ආ....ඔයා කවුද” “ඔන්න එහෙනම් බලා ගන්නකෝ මං කවුද කියලා” සිහිය ලබනවිට මා වටා විසි තිස් දෙනෙකුවත් රොක්ව සිටින්නට ඇත. මගේ බෙල්ල වටා කහ නූලක් පළඳවමින් සේතුපාල ගුරුන්නාන්සේ මාමා සිටිනු ඡායාවකින් වගේ පෙනී නොපෙනී ගියේය. දත් විළිස්සා ගත් ලේ පෙරා ගෙන මස් කන රාස්සියක් ආයෙත් මගේ ගෙල දෑතින් සිර කරන්නට විය. “එපා...එපා...” “ලේසි වෙන්නේ නෑ සේපාල මහත්තයා පස්සෙන් චන්ද්‍රමෝහිණි ඇවිත් තියෙන්නේ. මතකනේ ගිය මාසේ 10 ත් ගොඩගම පැත්තේ මහත්තයෙක් පස්සෙනුත් ඔකි ආවනේ. ඔය චන්ද්‍රමෝහිණී මරලා දාලා තියෙන්නේ ටවුන් හෝල් බස් හෝල්ට් එකේනේ. කතා දෙකක් නෑ සේපාල මහත්තයා පස්සෙන් එන්න ඇත්තේ ටවුන් හෝල් එක ලඟ ඉඳන්ම තමයි. හොඳ වෙලාවට ස්ටේෂන් එක ලඟට ආවේ. මුර කාරයා නොදැක්කනම් ඉවරයි...හ්ම්.. මන්තර අහන්නේ නැති පාටයි. බිම්බාරාමේට ගිහින් නායක හාමුදුරුවෝ අවදි කර ගෙන පිරිත් ටිකක් කියන්න වෙයි මේකි පලවා හරින්න.” (චන්ද්‍රමෝහිණි යනු අප දන්නා මෝහිණි නොව කොටුව, පිටකොටුවේ, ටවුන්හෝල්, මරදාන, බොරැල්ල ප්‍රදේශ ගණනාවක රෑ මනමාලියකව හිඳ පාතාල නායකයෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකින් දිවි පිඳු ගණිකාවකි.) \"ස්වර්ණ පන්හිඳ\" කේ. එම්. එස්. කුමාර සංස්කෘතික නිලධාරී කතරගම.