This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
විප්ලවය
මා වාට්ටුවට පය තබත්ම හෙදිය බියපත් විලසින් මා ඇමතුවාය. “ගුඩ් මෝනිං සර් අමාරු ලෙඩෙක්” ඇගේ හදිසියට වැඩි අවධානයක් යොමු නොකරම ‍මම සැහැල්ලු ලෙස පිළිතුරු දුනිමි. “ඔයාට හැමදාම අමාරු ලෙඩ්ඩු ඉන්නවා.” “නැහැ ඩොක්ටර් මේ ලෙඩාට ඇත්තටම අමාරුයි. ඊයේ ඉදල සිහිමුර්ජාවෙලයි ඉන්නේ.” ඇගේ කටහඩේ දැඩ් සන්ත්‍රාසය මට දැනිණි. අනන්තවත් රෝගීන් සංවඛ්‍යාවක් සහ මිනිය නොහැකි තරම් මරණ සංඛ්‍යාවක් දැක ඇති වෛද්‍යවරුන් වන අපට මෙය කලබලවීමට තරම් හේතුවක් නොවේ. මම විහිළුවෙන් දිගටම කියාගෙන ගියෙමි. “ සිහිමුර්ජාවෙලා නම් ඒක සම්පූර්ණයෙන් නතරවෙනකම් ” මා එය විහිළුවක් ලෙස කීමට අදහස් කලත් මගේ වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉ‍ඩක් නොලැබිණි. වෛද්‍යවරයකු වුවත් පළමුවෙන් මමත් මනුෂ්‍යයෙක් වෙමි. මිනිසුන් අතර ඇති මෘදු ගුණාංග මා තුළ ද ඇත. මගේ මුහුණ වෙනස්විය ලෙඩා කොහෙද ඉන්නේ? කවුද ලෙඩා? මම විමසුවෙමි. “ඇද අංකය 12, පෙරේදා සිද්ධියෙන් අනතුරට පත්වෙච්ච කෙනෙක්” “මොන සිද්ධියෙන්ද?” සෑම දිනකම බොහෝ දේ සිදුවෙයි. මෙයත් ඒ අතරින් එක් සිද්ධියක් වන්නට ඇත. “ඇසැම්බිල් පාරේ සිද්ධිය” ඔව්. එය බරපතළ සිද්ධියකි. සෑමතැනකම සෑමකෙනෙක්ම ඒ පිළිබද කතා කරති. එහි ඇති වැරදි නිවැරදි භාවය පිළිබද වාද කරති. පෙරේදා ඉම්පාල් ආකාශවාහිනියේ සන්ධ්‍යා ප්‍රවෘත්තිවල ඒ බව නිවේදනය කළේ මෙසේ ය. “අද සන්ධ්‍යාවේ ඇසැම්බිලි පාරට එක්රැස්වූ කණ්ඩායමක් කලහකාරි ලෙස හැසිරිණි. පොලීසිය කැරලිකරුවන් මැඩීමට බැටන් ප්‍රහාරයක් එල්ල කල අතර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය. පොලිස් නිලධාරීන් ඇතුළ කිහිප දෙනෙක් තුවාල ලැබූ බව වාර්තාවේ” බාන්පාන්ති දාල්ගේ ගේ ප්‍රචාරක අවිය වන අනබුවා මංගල් පුවත්පත විශාල අකුරින් යුත් ශීර්ෂ පාඨ යොදා සිද්ධිය වාර්තා කළාය. “සාමාන්‍ය පෙළපාලිකරුවන්ට පොලීසියෙන් බැටන් ප්‍රහාරයක් - කදුළු ගෑස් ප්‍රහාරයක් - වෙඩි ප්‍රහාරයක් - පැසිස්ට් රජයේ බියකරු මුහුණුවර” පාලක පක්ෂයේ දෛනික පුවත්පත වන අඩුම්බා පාඔදම් පුවත්පතේ මෙම සිද්ධිය පිළිබද කිසිවක් සදහන් නොවෙයි. කෙසේවෙතත් එය විශාල මහජන උද්ඝෝෂණයකි. මංගල් පුවත්පතට අනුව දහතුන් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය විය. දින දෙකකට පෙර විපක්ෂය විසින් විශාල මහජන උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබීය. බඩු මිල වැඩිවීම, විරැකියාව, දූෂණය සහ ඉම්පාල් නගරයේ අතරින් පතර ඇති පොදු ඉඩම් හිතවතුන් අතර බෙදා හැරීමට එරෙහිවයි මෙම පෙළපාලිය සංවිධානය කර තිබුණේ. සටන්පාඨ සහිත පුවරු රැගත් පෙළපාලි කරුවෝ සටන් පාඨ කියමින් නගරයේ ප්‍රධාන වීදිවල සාමකාමී ලෙස ගමන් කර මන්ත්‍රණ සභා ශාලාව ඉදිරිපිටට ගොස් තව තවත් සටන් පාඨ කියන්නට වූහ. සැසිවාරයට සහභාගි වෙමින් සිටි විපක්ෂ මන්ත්‍රීවරු එය අතර මැද දී පිටතට පැමිණ පෙළපාලි කරුවන් කරන ලද ඉල්ලීම් එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලැබීය. හතරයි තිහ පමණ වනවිට කලබලකාරී ලෙස හැසිරුණ තරුණ පිරිස මන්ත්‍රණ සභා ශාලාව වටා ඇති තාප‍්පයෙන් ඇතුළට පැන ගත්හ. ඔවුන්ව පලවා හැරීමට පොලීසිය බැටන් ප්‍රහාරයක් එල්ල කළේය. කෙසේවෙතත් එය ගින්නට පිදුරු දැමීමක් බදුවූ බැවින් නිමේෂයකින් කලබලය උග්‍ර අතට හැරිණි. කැරලිකරුවෝ මන්ත්‍රණ සභාවේ ගේට්ටුව කඩාගෙන ඇතුල්වූ බැවින් පොලීසියට කදුළු ගෑස් පමණක් නොව පතරොම්ද පාවිච්චි කිරීමට සිදුවිය. සෙනග සෑම පැත්තකටම දිව ගියහ. රෝහල් පිටුපස තිබූ විශාල ඉඩම අසාධාරණ ලෙස ටෙරිමාල් මෙරිලාල්ට වෙන් කර තිබූ අතර එහි ඉදිකිරීම් සිදුවන බව තරුණයන්ට දක්නට ලැබිණි. ඉදිකරමින් පවතින, ගොඩනැගිල්ල වෙත (සමහරු කියන පරිදි ඉදිරියේදී මෙම ගොඩනැගිල්ලේ මධ්‍යසාර පෙරන ස්ථානයක් පිහිටුවීමට අපේක්ෂිතය) කඩා පැන ගත් කෝපයට පත් තරුණයෝ තමන් අතට අසුවූ දේවල්, ගල් යකඩ කැබලි හෝ වෙනත් අතට අසුවන ඕනෑම දෙයකින් පහර දීම ආරම්භ කළහ. හේතුව දන්නේ දවියන් පමණි. සමහර පොලිස් නිලධාරීහු ද කලබලයට මැදිහත් වූහ. ටික වෙලාවක් යනතුරු එම ප්‍රදේශය යුද පිටියක් බදුවිය. මගේ සහායක වෛද්‍ය විනෝදා පැමිණියේය. “ගුඩ් මෝනිං තාමෝ අංක 12 ඇදේ ඉන්න ලෙඩාට හුගක් අමාරුයි. ඔබතුමා බැලුවද?” “තවම නැහැ. මම මේ දැන් ආවේ. එන්න අපි බලමු.” අපි දෙදෙනාම නැගී සිටියෙමු. ඇද ඉහපතද රැගත් හෙදිය අප පසුපස ආවාය. හිසට වෙළුම් පටි යොදා තිබූ කාන්තාව මැහැල්ලකි. ඇගේ ඇස් නින්දේ දී මෙන් පියවී නැත. මුහුණ ඉදිමී ඇත. ඇගේ හිසේ පිටුපස ඇති වෙළුම් පටි යාන්තමින් තෙත්වී ඇත. තුවාලයෙන් තවමත් ලේ ගලනවා වෙන්නට ඇත. “මම උදෑසන මෙහෙ එනකොට ඇය නොකඩවාම වේගයෙන් හිස සෙලෙව්වා. මුළු රාත්‍රිය පුරාම ඒ විදියට ගත කරපු බවයි පෙනුනේ. මම කළ යුත්තේ මොකක්ද කියල දන්නේ නෑ. බාහිර රෝගීන්ගේ අංශයේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇයට නිදි බෙහෙත් දුන්නා.” හෙදිය මා සමග කීවාය. “ඇයි මට කළින් ටැලිෆෝන් කළේ නැත්තෙ?” වැඩිදුර නොහිතාම මම විමසුවෙමි. “ඊයේ සර් ගෙ ටැලිෆෝන් එක වැඩ කළේ නැහැ.” “ඒක හරි තාමෝ” සහායක වෛද්‍ය විනෝද් තහවුරු කළේය. “අපි ඊයේ මුළු දවසෙම ඔබතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඒත් දුරකථන ක්‍රියාකරු කිව්වේ සර් ගේ දුරකථන මාර්ගය කැඩිලයි කියලා” “ඔව්. ඒ අපේ අම්මයි මගේ දරුවගේ අම්මයි තික්ෂණ බුද්ධිය යොදවල කරපු සැලැස්මක්. මගේ දරුවට බලපාල තියෙන අපල දුරු කරන්න යාගයක් කරන්න සූදානම් කර තිබුණා. ඒක උදේ පාන්දර ඉදල හිරු බැස යන තුරු පැවැත්වෙන එකක්. යාගය පවත්වන කාලය තුළ දී පවුලේ කිසි කෙනෙකුට පිටට යන්න බැහැ කියල ජ්‍යෙතිශඥයා කියල තියෙනවා. ඒක හරිම හිසරදයක්. මේ වගේ ඇදහිලි මම විශ්වාස නොකළත් මගේ දරුවගේ අම්මටත් මගේ අම්මටත් විරුද්ධ වෙන්න මට හැටියක් නැහැ” හිසෙහි ඇති තුවාලය හැරෙන්නට වෙනත් තුවාලයක් රෝගියාට නොමැති බවට සාක්ෂි ඇත. ඇයගේ ශරීර උෂ්ණත්වය වැඩි වී ඇත. හෙදිය අත තිබූ ඇද ඉහපත ගෙන බැලූ මම හදිසි රෝගීන් සදහා කරන ලද ප්‍රතිකාර දෙස බැලුවෙමි. පිටගැස්මට දෙන එන්නත, මැහුම් දැමීම, තුවාල වෙලීමට දෙන එන්නත ලබා දී ඇත. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර තුවාලයේ ස්වභාවය පරීක්ෂා කිරිමට සුදුසු බව මම කල්පනා කළෙමි. එබැවින් මගේ සහායක වෛද්‍යවරයා සහ හෙදිය ඇමතුවෙමි. “වහාම ඇගේ හිසේ එක්ස් රේ ඡායාරූපයක් අවශ්‍යයි” දෙදෙනම හිස් සැලූහ. මේ අතර සරළ ඇදුමකින් සැරසුන තරුණ යුවතියක් ඇද පාමුල සිටගෙන සිටිනු මම දුටුවෙමි. සමහරවිට මා ඇයව කොහේදී හෝ දැක ඇත. “ටයිබුන්ගෝ මගේ අම්මගේ තත්ත්වය” ඇය නතර වූවාය. ඇගේ හඩේ අව්‍යාජ බව පැහැදිළිව දක්නට ලැබිණි. “අපි උත්සාහ කරමු. අපට පුළුවන්‍ දෙයක් කරමු” මම සුපුරුදු පිළිතුරු දුනිමි. මගේ කාමරයට ගිය මම ඇද ඉහපත පරීක්ෂා කළෙමි. එහෙත් මම රෝගියාගේ නම නොවිමසුවෙමි. එය දුටු විගසම මම ගොළුවිමි. නම ඉනේ ලෙයිපාකලෙයි - පදිංචිය - තංගමෙයිබාන්ද් - වයස 55 යි - මගේ මනස නැමැති නිල් ආකාශයේ තාරකාවක් දැල්වී ක්‍රමයෙන් දීප්තියෙන් බබලන්නට විය. ඒ ඇයද? “නර්ස් අර තරුණියට කතා කරන්න” මම පෑන පැත්තකට දමමින් කලබලයෙන් කීවෙමි. මදවේලාවක් අදිමදි කළ හෙදිය අනතුරුව පිටව ගියාය. මොහොතකින් ඇය යුවතියත් ඇදගෙන ආපසු පැමිණියාය. යුවතිය සැකයෙන් සහ බියෙන් යුතුව මා ඉදිරිපිට සිට ගත්තාය. “ඉමෙම්මා ඔයාට සොයුරු සොයුරියො කී දෙනක් ඉන්නව ද?” “අපි දෙන්නයි, මල්ලියි මායි” ඇය හිස පහත් කරගෙන පිළිතුරු දුන්නාය. “ඔබගේ මල්ලිගෙ නම?” “මංගලම්, එයා ජීවන් නමින් තමයි ප්‍රසිද්ධ” පැහැදිලිවම එම පිරිම ළමයාගේ නම ජීවන්. මම මද වේලාවක් සිතිවිලිවල ගිලෙමින් සිටියෙමි. පියවි තත්ත්වයට පිවිසි විගසම යුවතිය මා ඉදිරියේ සිටගෙන සිටිනු දුටුවෙමි. “ඔයාට දැන් යන්න පුළුවන් ඉබෙම්මා” තවත් ප්‍රශ්න නොඅසාම මම ඇයට යාමට ඉඩ ඇරියෙමි. ඇය පිටව ගිය පසු මම අවශ්‍ය සටහන් යොදා ඇද ඉහපත හෙදියට දුනිමි. “මේක වහාම එක්ස් රේ දෙපාර්තමේන්තුවට යවන්න ඉක්මන් කරන්න” “ඒත් ඩොක්ටර්” ඕ අදිමදි කලාය “ඒත් මොකද?” “ඊයෙ එක්ස්රේ ෆිල්ම් තිබුනෙ නැහැ. මට ඒ ගැන කියන්න අමතක වුනා” මා තුළ කෝපයක් හට ගත්තේය. මේ රෝහලට සිදුව ඇත්තේ කුමක්ද? අද එක්ස්රේ ෆිල්ම් නැහැ. හෙට විදුලිය නැහැ. අනිත් දවසේ යන්ත්‍රය අබලන් කියයි. ඊටත් පස්සේ දවසේ? “එක්ස්රේ ෆිල්ම් තිබුනත් නැතත් මට කමක් නැහැ. ඒ අයට කියන්න මේක කෙරෙන්නම ඕනයි කියලා” ඊලග මොහොතේ මම ප්‍රකෘති තත්ත්වයට පත්විමි. රෝහලේ අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබද අසරණ හෙදියට කඩා පැන මගේ කෝපය සිට කරන්නේ ඇයි? ගිහින් බලන්න. මමකේන්ති ගත්තේ නර්ස් එක්ක නෙවෙයි. රෝහල් කළමනාකාරතිව්යේ ඉන්න කළමනාකරණ විශේෂඥයො කියල හිතාගෙන ඉන්න ලොකු මිනිස්සුත් එක්ක” මේ රෝගියා පිළිබද මගේ අති විශේෂ සැළකිල්ල දුටු වෛද්‍ය විනෝද් කුතුහලයට පත්විය. “තමෝ ඔබතුමා දන්නවද මේ වයසක ගැහැණිය ගැන?” මා පිළිතුරු දීමට පෙර හෙදිය කතා කළා. “සර්ගේ නෑදෑ කෙනෙක්ද?” “හ්ම් නෑදෑයො හ්ම්” මම එවකට ශිෂ්‍යයකු විමි. අපේ පාසල අසළ පාර අයිනේ පිදුරු සෙවිළි කළ කුඩා තේ කඩයක් විය. වෙනත් තේ කඩ නොතිබූ බැවින් එය අප නිතර ආ ගිය තැනක් බවට පත්විය. සමහර අවස්ථාවල ගුරුවරු පවා එහි පැමිණියහ. තේ කඩය පවත්වාගෙන ගිය ඉනේ ලෙයිපාකලෙයි අප කාගේත් නැන්දා විය. ඉනේ නැන්දා. ඉනේ නැන්දා තුල කලාතුරකින් ඇතිවන ගුණාංග විය. ඇය කිසිවිටෙකත් කෝප නොවූවාය. සෑම ශිෂ්‍යයෙක්ම ඉන් ප්‍රයෝජන ලැබීය. බෙරු සහ පොකාරා ආහාරයට ගෙන තේ පානය කර පිටව යන අප ඉනේ නැන්දේ අපි වෙන දවසක ගෙවන්නම් යනුවෙන් පවසමු. ඇය එවිට මෙලෙස කියන්නීය. “ඔව් ඔව් අමතක කරන්න එපා කවුරුන් ණයට ගත්තාද? ණයට ගත්තේ මොනවාද? යන සියල්ල ඇගේ මතකයේ රැදී තිබිණ. ඇගේ කාරුණික භාවය නිසා බොහෝ සිසුහු මුදල් ගෙවූහ. ඇය තමාගේ දරුවන්ට මෙන් අපට දැනමුතුකම් දුන්නාය. අපරාධකාරයෝ වගේ හැසිරෙන්න එපා. හොදට ඉගෙන ගන්න. ස්වොත්සාහයෙන් දියුණු වෙන්න බලන්න. නරක ආශ්‍රයෙන් ඈත්වෙන්න. “කෙතරම් දගකාර ශිෂ්‍යයෙකු වුවුත් ඇය ඉදිරියේ සුවච කීකරු ළමයෙක් බවට පත්වෙන්නේය. මානිපූර් දේශපාලන බල අරගලය ඉතා බලවත්ව පැවති කාලයයි ඒ. ප්‍රචාරක කටයුතු නිසා අප වැනි ශිෂ්‍ය නායකයන්ට සිරබාරයට පත්වීමට ද සිදුවිය. අපව මුදා හැරි විගසම ඉනේ නැන්දා මෙස් පැවසුවාය. “ළමයිනේ ඔබලා දේශපාලනය කළාට කමක් නැහැ. ඒත් අධ්‍යාපන කටයුතු අතපසු කරන්න එපා. හොදට ඉගෙන ගන්න. දේශපාලනය විතරක් කළොත් නුඹලාට කවුරුවත් ගරු කරන්නේ නැහැ” “ඇගේ කුඩා පුත්‍රයා කලාතුරකින් තේ කඩයට පැමිණෙයි. ඒ අවස්ථාවල මෙසේ කීවාය. ඔබලා හිතනවද මගෙ පුතා ඉගෙන ගන්න හොදයි කියලා. මම බඩගින්නේ හිටියත් මට අවශ්‍ය පුතාට ඉහළටම උගන්වන්න.” තම වයසට වඩා මේරූ කුඩා දරුවාට තම පාඨ ග්‍රන්ථවල කවි කටපාඩමින් කියවිය හැකිවිය. හේ අප ඉදිරියේ එම කවි අපූරුවට ගායනා කළේය. ප්‍රියමනාප දරුවෙක් වූ ඔහු පිළිබද අපි සියල්ලෝම දැන සිටියෙමු. තමාට දියණියක් ද සිටින බව ඉනේ නැන්දා අප සමග කීවාය. ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය. එහෙත් අපි ඇයව තේ කඩයේ දී කිසිදිනක නොදුටුවෙමු. අපේ මැට්‍රිකියුලේෂන් විභාගය සම්පූර්ණ කිරීමෙන් බොහෝ කලකට පසුද අප සහ ඉනේ නැන්දා අතර වූ බැදිම කඩා දැමිය නොහැකිවිය. නිතරම අපි එක්ව ඇගේ තේ කඩය වෙත ගියෙමු. අපි එහිදී පොකාරා පිගානක් අනුභව කොට තේ කෝප්පයක් තොලගාමින් පැය ගණන් ගත කළෙමු. විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිඵල අප අතර දුෂ්කර ගැටලු මතු කළේය. මා අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා සාර්ථක ප්‍රතිඵල මට ලැබී තිබිණි. වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම තෝරා ගැනීමට මට අවස්ථාව ලැබිණි. මගේ දෙමාපියන්ගේ කැමැත්ත වූයේ දෙවැන්නටය. එවිට මට මගේම මෝටර් රථයක් සහ ගොඩනැගිල්ලක් ඉදි කර ගත හැකිය. එහෙත් මගේ දේශපාලන අරමුණ ඊට වඩා ගැඹුරු විය. මට අවශ්‍ය වූයේ නීතිඥයකු හේ කථිකාචාර්යවරයකු වීමටයි. මේ දෙකින් එකක්වත් මගේ දේශපාලන අරමුණවලට බාධාවක් නොවේ. එක් දිනක ‍තේ පානය කරමින් සිටිය දී මම මගේ ගැටලුව ඉනේ නැන්දාට කීවෙමි. ඇය සරල විසදුමක් සතුටින් ඉදිරිපත් කළාය. “අපි ලොතරැයියක් අදිමු. ඒ අනුව තෝරා ගනිමු. එකගද?” “ අපූරු අදහසක්” අනතුරුව ලොතරැයියෙන් මා අකමැති දෙකෙන් එකක් ජයග්‍රහණය කළේය. මට වෛද්‍ය විද්‍යාව තෝරා ගැනීමට සිදුවීම තමා ලත් ජයග්‍රහණයක් ලෙස සළකමින් ඉනේ නැන්දා සතුටුවූවාය. “මම ප්‍රාර්ථනා කළ විදියටම සිද්ධ වුනා. වෛද්‍ය වෘත්තිය තමයි ඉතා හොද රෝගීන්ට සහ අසරණයන්ට සේවය කරන්න පුළවන් ඕ කීවාය. මගේ සිත් වේදනාව දකිමින් ඕ හේතු දැක්වූවාය. “මෝඩ ළමයෝ දේශපාලනය තියෙන්නේ ධනවත් සමෘදිධිමත් අයට. ඔබ දුප්පත් මිනිහෙක්ගෙ පුත්‍රයෙක්. දේශපාලනයට යොමුවෙලා බඩගින්නෙ මියැදෙන්න ද කල්පනාව” මා දෙස තත්ත්පර කීපයක් කෙළින් බලා සිටි ඕ දිගටම කියාගෙන ගියාය. “හොදයි ඔබ දේශපාලනයට සම්බන්ධවුවත් වෛද්‍යවරයකුවීම ඊට බාධාවක් නෙවෙයි. ඔබට රජයේ රස්සාවක් හොයන්න අවශ්‍ය නැහැ. ගෙදරදීම රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔබට කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැහැ.” ඉනේ ලෙයිපාකලෙයි ගේ දිරිගැන්වීම මත මම වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට ගියෙමි. ග්‍රීෂ්ම නිවාඩුවට මම ගෙදර ගිය විගසම ඉනේ ලෙයිපාකලෙයි ගේ තේ කඩය වෙත ගියෙමි. නගරයේ එම ප්‍රදේශයේ අලුත් ගොඩනැගිලි ඉදිවීමත් සමග සීග්‍රයෙන් වෙනස් වෙමින් පැවතිණ. ඉනේ නැන්දාගේ තේ කඩය බොහෝ සේ වෙනස් වී ඇත. කෙසේ වෙතත් මේ වෙනස බොහෝ අයගේ යහපතට හේතු වුවත් ඇගේ පැත්තෙන් එසේ නොවීය. ජරාවාසවූ තේ කඩය දැකීමෙන් මම කම්පනයට පත්විමි. බංකු කිලිටි සහ දූවිලි පිරුණු ඒවා විය. පාරිභෝගිකයන් ක්‍රමයෙන් අඩුවෙන බව පෙන්නුම් කරමින් අහුමුළුවල මකුළු දැල් බැදී තිබිණ. ඉනේ නැන්දා තේ කඩය පිරිසිදුව තබා ගැනීමට උනන්දු නොවන බව පැහැදිලිය. “මේ මොකද? ඉනේ නැන්දෙ?” තේ කඩයතුලට පියවර තබමින් මම විමසුවෙමි. “මොනව කරන්නද? මේ කාලෙ කැරකෙන හැටි. කාටද ඊට විරුද්ධ වෙන්න පුළුවන්.” පාර අනිත් පැත්තේ ඇති යෝධ ගොඩනැගිල්ල පෙන්වමින් ඇය කීවාය. යෝධ ගොඩනැගිල්ලේ නාම පුවරුවේ ඇති වචන ඈතට දිස්වේ. නවීන ආපන ශාලාව සහ හෝටලය, ඉනේ නැන්දාගේ තේ කඩය මෙතරම් ඉක්මනින් පරිහානියට පත්වූයේ ඇයි ද යන්න මට වටහා ගත හැකිවිය. ඊලග ග්‍රීෂ්ම නිවාඩුවේදී තේ කඩය නැරඹීමට යාමට මම අවස්ථාවක් සලසා ගතිමි. මෙවර ඉනේ නැන්දා සහ ඇගේ පුතා දහදිය පෙරාගෙන තේ කඩය කඩා බිද දමනු දක්නට ලැබිණි. ඒ වන විට ජිවන් ගැටවර වියේ පසුවූ තරුණයෙකු විය. මා දුටු ඕ වැඩ නතර කර ඉදිරියට ආවාය. “ඉබුන්ගො කවදද ගෙදර ආවෙ?” ඇය හදිසියේම මහලු වී ඇති බව මට පෙනි‍ණි. සුපුරුදු කාන්තිය විහිදුවන සිනාවේ සළකුණකුදු නොවීය. තේ කඩේ අලුතින් හදනවද? ඉනේ නැන්දේ. මේ පාර වඩා හොදට එකක් හදන්න. මම යහපත් ප්‍රාර්ථනයකින් යුතුව උපදෙස් දුනිමි. “ඒක කොයිතරම් දුරට ඇත්තවෙයිද? ඉබුන්ගෝ ඉනේ නැන්දා පැවසුවාය. ඔහෙට ආරංචි නැද්ද මට මේ ඉඩමෙන් පිටවෙන්න කියපු ආරංචිය. ඒකයි මේ තේ කඩය කඩල බිදල දමන්නෙ” “ඒත් ඇයි?” එහෙනම් ඔහෙ දන්නේ නැහැ. ඉබුන්ගෝ. ආණ්ඩුව කියනව නගරය අලංකාර ලෙස සංවර්ධනය කරන්න ඕනලු. ඒ නිසා ඒ අය පාර අයිනෙ තියෙන සේරම ඉඩම් කට්ටි සාප්පු දමන්න පුළුවන් අයට බෙදල දීල. ඒකයි අපට මේ ඉඩමෙන් පිටවෙන්න සිද්ධවුනේ. වරක් නීතිඥයන් පිරිසක් සමග සිටිය දී මට අසන්නට ලැබුන කරුණු කීපයක් මම ඉනේ නැන්දාට කීවෙමි. “ඇයි ඉනේ නැන්දා ඉඩම් කෑල්ලක් අල්ලගන්නේ නැත්තෙ. අවුරුදු දහයක් පහළොවක් හිටපු ඉඩමට අයිතිවාසිකම් කියන්න නැන්දට සම්පූර්ණ අයිතිය තියෙනවා මේ ඉඩමට වෙන කාටවත් එච්චර අයිතියික් නැහැ” මගේ අවුරුදු දහය පහළොව අමතක කරල දාන්න ඔහෙ දන්නවද? ඉනම්මා ඉබේචා, පසුගිය අවුරුදු විස්සක් විසිපහක් විතර කාලක් නුග ගහ මුල හිටපු ඉනම්මා ඉබචා. ඇයවත් එතනින් එලවල දමලා. ඒක එහෙම තමයි බෙන්ගෝ. ඒ අයගේ ප්‍රාර්ථනාව දුප්පත්කම තුරන් කිරීමලු. මද විරාමයකින් පසු ඕ නැවතත් කතා කළාය. රුපියල් දහදහසක් දෙනවයි කියනවා. කල්පනා කරල බලන්න දහදාහක්.” දිග සුසුමක් ඇගේ තොලගින් ගිලිහිණි. ඉනේ ලෙයිපාකලෙයිට සිදුව ඇති පීඩාව වෙනුවෙන් සුසුම් හෙලීම හැරන්නට මට කළ හැකි කිසිවක් නොවීය. මේ රජයේ සංවර්ධන වැඩවල ස්වභාවයයි. දුප්පත්කම තුරන්කරලීමේ වැඩවල ස්වභාවයයි. සතියකට හෝ දෙකකට පමණ පසු ඉනේ නැන්දා පාඕනා කඩවීදියේ සමුපකාර තොග ගබඩාව ඉදිරියේ අනෙක් කාන්තාවන් සහ ළමයින් සමග පෝලිමේ සිටිනු මම දුටුවෙමි. හිරි පොද වැටේ. එහෙත් ඒ පිළිබද කිසවෙක් නොතකති. රජයේ පාලන මිලට සීනි කිලෝ එකක් හෝ දෙකක් ලබා ගැනීම සදහා ගෙන යන නොනවතින අරගලයයි ඒ. ඔවුන්ගේ පෝලිම වැස්සට කඩා දැමිය නොහැකිවා‍ මෙන්ම දැඩි හිරු රැස්වලටද නතර කළ නොහැකි ය. හැන්දෑව හතර පහ වන විට ඔව්හු තමන් ලබාගත් සීනි කිලෝ කිහිපය විශාල සාප්පු හෝ වෙළදුන්ට විකුණා රුපියල් කිහිපයක ලාභයක් ලබති. අනතුරුව රුපියල් දෙක තුනක සහල් මිලිට ගෙන රාත්‍රිය ගත කිරිමට නිවෙස් බලා යති. මගේ නිවාඩුව අවසානයේ එක්දිනක් මට ඉනේ නැන්දා මහපාරේ දී මුණ ගැසිණි. ඇය හිස මත පෙට්ටියක් තබාගෙන යයි. බයිසිකලය නතර කළ මම ඇය සමග කතා කළෙමි. “ඉනේ නැන්දේ මොනවද උස්සගෙන යන්නේ?” ඕ නතර වූවාය. “හා මේ ඔහෙද? මම මේ හිස් බෝතල් එකතු කරනවා ඒත් ඔහෙ කොහෙද ගියෙ? මා වෙත එල්ල කළ ප්‍රශ්නයට පිළිතුරු නොදී මම ඇගේ තොරතුරු විමසීමට උනන්දුවිමි. “සීනි ගන්න සමුපකාරෙට යන එක නතර කළා ද?” මම විමසුවෙමු. “නැහැ ඉබුන්ගෝ. මං වගෙ නාකි ගෑණියෙකුට ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක තරුණ ගෑනුන්ගෙ වැඩක්” මට වටහාගත හැකිවිය. සීනි සළාක ක්‍රමයට බෙදා හැරීමේදී සිදුවන අක්‍රමිකතා සහ අයථා ගනුදෙනු පිළිබද මිනිසුන් අතර කෙරෙන කතා බහ සහ ඒ පිළිබද පුවත්පත්වල පළවූ වාර්තා ද මගේ මතකයට නැගිණි. එහෙත් මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය එම මහජන පැමිණිලිවල රජය කන්දිය යුතු වුවත් ඔවුන් නෑසූ කනින් සිටීමයි. අප කතා කරමින් සිටින අතර කොහේදෝ සිට පැමිණි මෝටර් සයිකලයක් ඉනේ නැන්දාගේ ඇගේ ගෑවෙමින් නොගෑවෙමින් පසුකර ගියේය. වාසානාවකට මෙන් මම ඇයව අල්ලාගත් බැවින් ඇයට කරදරයක් නොවීය. එහෙත් ඇය එකතු කර තිබූ බෝතල් සියල්ල කුඩු පට්ටම් වී කොන්ක්‍රීට් පාරේ විසිර ගොස් ඇත. මෝටර් බයිසිකලයේ ගමන් කළ තරුණයෝ තිදෙනා ආපසු හැරී බැලීමටවත් උනන්දුවක් නොදක්වා පැමිණි වේගයෙන්ම යන්නට ගියහ. කෝපය සහ අසරණකමමට ද දැනිණ. එම තරුණයන්ගේ අප නොදන්නා දෙමාපියන්ට සාප කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදීම හැරෙන්නට මට කල හැකි දෙයක් නොවීය. ඉනේ නැන්දාට ඇගේ මූල ධනයත් ලාභයත් දෙකම අහිමිවිය. එම සිද්ධියෙන් පසු බොහෝ කාලයක්ම මට ඉනේ නැන්දා හමුනොවීය. එහෙත් මීට වසර ගණනාවකට පෙර මා ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදීරීම සදහා පිටරට යාමට සූදානමින් සිටි අවස්ථාවක මට අහම්බෙන් ඇය මුණ ගැසිණ. ඒ අවස්ථාවේ ඇය ලම්පාල් වෛද්‍ය විද්‍යලායේ අලුතින් ඉදිකරන ගොඩනැගිලි පරිශ්‍රයේ ගල් ඇදීමේ කම්කරු ලියක ලෙස සේවය කරමින් සිටියාය. මට ක්වරම ඇයව හදුනාගත නොහැකි විය. ඇය බෙහෙවින් වෙනස් වී ඇත. ඇගේ කම්මුල් වල ගැසී ඇති මුහුණ රැලි වැටී ඇත. යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී කර පටියක් ද පැළද සිටින මා දැක්මෙන් ඇය තිගැස්සිණි. මා හදුනාගත් විගස ඇය දුබල සිනාවක් පාමින් කතා කළාය. “ඔව් ඒ මම තමයි. ඔහෙ ඉබුන්ගෝ, දැන් වැඩ කරනවද?” “ඔව් මට රස්සාවක් ලැබුනා මෙහෙ” “මට හරිම සතුටුයි. ඔහෙ මෙහෙ වැඩ කරන නිසා මට අසනීපයක් වුවත් බයක් නැහැ. ඇත්තටම මට හරි සතුටුයි” ඇගේ මුහුණ ආලෝකමත් වූ අතර බොහෝ කලකට පසු කෙටි වෙලාවකට හෝ ඇය සතුටුවනු පෙනිණි. එක්ස් රේ ඡායාරූපය මගේ සැකය තහවුරු කළේය. මහජන කෝපයට හේතුවන පරිදි තුවාල තුළ ගල් සහ වීදුරු කැබලි තිබිය දී මැහුම් දමා ඇති වෛද්‍යවරු මේ අන්දමින් නොසැළකිල්ලෙන් කටයුතු කර ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. වෛද්‍යවරු වන අපි අමුතුම කොටසක් වෙමු. අසනීපයෙන් පසුවන සහ තුවාල ලබන අය අචේතනික වස්තූන් ලෙස සලකන්නේ ඇයි? මම වහාම ඉනේ නැන්දාව ශල්‍යාගාරය තුළට ගතිමි. මම මැහුම් කපා තුවාලය නැවත විවෘත කළෙමි. කුඩා ගල් කැබලි දෙකක් ඉවතට ගෙන යළි මැහුම් දැමුවෙමි. මට ඇය ගැන කණගාටුවක් ඇතිවිය. පෙළපාලිකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමේදී මේ අහිංසක කාන්තාව තුවාල ලබා ඇත. ඇය ටෙරිමාල් මෙරිලාල් ඉදිකිරීම් වැඩ බිමේ සේවය කරමින් සිටින්නට ඇත. එම අවස්ථාවේ කලබල ඇතිවූ බව වටහාගෙන එම ස්ථානයෙන් පලා නොගියේ ඇයි? ඇයට ඒ සදහා ප්‍රමාණවත් කාලයක් නොතිබිණි ද? ඉනේ නැන්දා කෙරෙහි මා දැක්වූ දැඩි උනන්දුව නිසා අනෙකුත් වෛද්‍යවරු සහ‍ හෙදියන් ද ඇයට ප්‍රතිකාර කිරීමට උනන්දු වූහ. ඔව්හු ඇයට ලබාදීමට වැඩි වටිනාකමින් යුත් බෙහෙත් වර්ග සොයා දුන්හ. සමාන්‍යයෙන් වෛද්‍යවරු එවැනි බෙහෙත් වර්ග රෝහලේ නැති බව අනෙක් රෝගීන්ට පවසති. මේ සාමූහික ප්‍රයත්නය නිසා ඉනේ නැන්දා ඉක්මනින් සුවපත් විය. ඇයට කතා කිරිමට හැකි තරම් සුවපත් වූ පසු මම ඇයට මෙලෙස කීවෙමි. “මීට පස්සේ පෙළපාලියක සද්දේ ඇහෙනකොට එතනින් පැනල දුවන්න” “ඇයි?” ඇය මවිතයෙන් විමසුවාය. ඔල්මාදංකාරයො පෙළපාලියෙ යනවා. ඔබලා වගේ අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනවා. ඔබතුමාල වගේ අයට ඈත්වෙලා ඉන්න පුළුවන්. ඒත් අපට බැහැ. මටත් පෙළපාලියට සම්බන්ධවෙලා ඉදිරියට යන්න සිද්ධ වුනා. මේ වෙස්වන තත්ත්වය හමුවේ අපට ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ. භාණ්ඩ මිල රොකට් එකක වේගෙන් ඉහළ යනවා. ජිවත්වෙන්න තියෙන ක්‍රම සීමාවෙලා. කාගෙ හරි සපත්තු ලොවකෑව නම් අපටත් රුපියල් පන්දහක් දහදහක් හම්බ කර ගත්ත හැකි. දුප්පත් අපි ජීවත්වෙන්නේ කොහොම ද? බඩගින්න මරණය නම් අපිත් ඒ පෙළපාලියට එකතුවෙනවා.” ඉනේ නැන්දාගේ වචන අපේක්ෂා භංගත්වයට පත්වූ කෙනකුගේ හඩකි. ඇගේ කටහඩ වරින්වර බිදෙන්නට විය. එතරම් බරපතල කාරණා ඉනේ නැන්දා සරල අන්දමින් විස්තර කරන අයුරු දැක මම මවිත විමි. ඇය කෙතරම් වෙනස්වී සිටි ද? එය සිදුවූයේ කෙසේ ද? මාතෘකාව වෙනස් කිරීමේ අරමුණින් මම ඇගෙන් මෙලෙස විමසුවෙමි. “මම දැක්කෙ නැහැ ජීවන් ඔබව බලන්න එකපාරක්වත් ආවා? එයා කොහෙද?” “හිරගෙදර එදා සිද්ධියට හිරේට ගත්ත අය අතර එයත් එක්කෙනක්” ඇය කිසිදු කණගාටුවකින් තොරව ඒ වෙනුවට ආඩම්බරයකින් යුතුව කීවාය. “එයා අධ්‍යාපනය නතර කෙරුවද?” “ඇති වැඩේ මොකක්ද? බොහොම දුක් විදල සමහර දවස්වල බඩගින්නේ ඉදල බී ඒ උපාධිය නම් සම්පූර්ණ කළා. අවුරුදු තුන හතරක් ම පුංචි රස්සාවක්වත් හොයා ගන්න උත්සාහ කළා. ඇමැතිවරුන්ට දොළ පිදේනි දෙන්නේ නැතිව කිසිම වැඩක් කරගන්න බැහැ. පන්දාහ දහදාහ දෙන්න ඕනි. මම කොහෙන්ද සල්ලි හොයන්නේ ඇය හිස සොලවමින් දිගටම කතා කළාය. ඔහෙ දන්නවද මේ ආණ්ඩුව තියෙන්නේ ධනවතුන්ට, ධනවතුන්ගේ දේපල ආරක්ෂා කරන්න ධනවතුන්ට තව තවත් හම්බකරගන්න ඉඩ සලස්වන්න. ඒත් ඒක හුග කලක් පවතින එකක් නැහැ. දුප්පත් මහජනතාව නැගි සිටීවි. ඒ දවස වැඩි ඈතක නෙවෙයි. එය ප්‍රත්‍යක්ෂව පෙනිණි. ග්‍රීෂ්ම සෘතුවේ දැඩි උණුසුම නොතකා ලෙයිපාකලෙයි මල් පිපෙනු ඇත. තවදුරටත් ඔවුන්ව පාගාගෙන සිටීමට නොහැකිවනු ඇත. එය හෙට විය හැකිය. ඊට පසුදිනක විය හැකිය. එහෙත් එය පෙති විහිදා පුබුදනු ඇත. “ඩොක්ටර් කෝල් එකක්” හෙදිය මා වෙත පැමිණ කීවාය අඩනින්දේ සිහින දකිමින් සිටි මම දුරකථනය වෙත ගොස් එය ගතිමි. වෛද්‍ය අධිකාරිවරයා ඔහු හමුවට පැමිණෙන ලෙස මට දැන්විය. මම ඔහුගේ කාමරයට ගියෙමි. පොලිස් නිලධාරියෙකු අසුන් ගෙන සිටි මා වාඩිගත් විගසම වෛද්‍ය අධිකාරිවරයා මා ඇමතුවේය. “ඩොක්ටර්ගේ වාට්ටුවේ ඉන්න ඉනේ ලෙයිපාකලෙයි කියන ලෙඩාව නිදහස් කරන්න පුලුවන්ද?” “ඒත් ඇය තවත් දවස් කීපයක් හිටියොත් හොදයි සර්. ඇයට ශක්තිය ලැබෙන තුරු” මම අහිංසක ලෙස කීවෙමි. “අපි ඇයව නිදහස් කරමු. ඇයට විරුද්ධව වරෙන්තුවක් තියෙනවා. මේ ඇවිත් ඉන්නෙ පොලිසියෙන්” පොලිස් නිලධාරියා මා වෙත හැරුණි. “මං හිතන්නෙ ඇය තවත් දවස් කීපයක් රෝහලේ හිටියොත් හොදයි” මම විරුද්ධත්වය පළකළෙමි. ඇයට චෝදනා රාශියක් තියෙනවා. බලහත්කාරයෙන් ඇතුළුවීම, මංකොල්ල කෑම, දේපල ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, බලහත්කාරයන් ඇතුළුවීම, මංකොල්ල කෑම, දේපල ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, ඉනේ ලෙයිපාකලෙයිට එරෙහිව? මොන තරම් දරුණු විහිළුවක්ද? මේ නීතිය පිළිබද ගැටළුවක් වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේ මුළු රටේම නීතිය සහ සාමය පවත්වාගෙන යාමේ වගකීම තමා සතුව පවතින්නාක් මෙනි. “පොලිසියෙන් අද අනිත් ලෙඩ්ඩු දෙන්නවම ගෙනියනවා” කලින්ම තීරණයක් ගෙන ඇති බව මට පෙනී ගියේය. රෝගියාව මුදා හැරීමට මා කෙතරම් විරුද්ධ වුවත් මගේ ප්‍රධානියා ඔහුගේ උසස්වීම ලබා ගැනීමට අමාත්‍යවරයාගේ ප්‍රසාදය දිනාගැනීම සදහා පොලීසියේ උපදෙස් ඉටු කරනු ඇත. මම මගේ හෘද සාක්ෂියට එරෙහිව රෝගියා මුදා හැරීමේ ලියිවිලිවලට අත්සන් කළෙමි. ඇය ඉදිරියේ සිටගෙන මම ප්‍රවෘත්තිය ඇයට කීවෙමි. “ඉනේ නැන්දෙ දැන් යන්න පුළුවනි” ඇයට සියල්ල කිව යුතුයැයි මම දෙගිඩියාවෙන් පසුවිමි. එහෙත් ඕ ඉක්මන් වූවාය. “මෙච්චර ඉක්මනට” අනතුරුව ඇය සිනාසෙමින් කතා කළාය. “හොදයි එහෙම නම් මම අද ඉදල හිරගෙදර විවේක ගන්නවා” මදක් පසුබෑ මම කතා කළෙමි. “කොහොමද දන්නේ ඉනේ නැන්දෙ?” “ඊයෙ අහන්න ලැබුනා” ඇගේ මුහුණේ පසුතැවීමක් නැත. ගෙවී යන හැම මොහොතකම ඇගේ සිනා මුහුණ වර්ධනය විය. ඉක්මනින්ම අවශ්‍ය ලියකියවිලිවල කටයුතු සම්පූර්ණ කෙරිණ. ඉනේ ලෙයිපාකලෙයි අනෙකුත් රෝගීන්ගෙන් සමුගත්තාය. තම දියණියගේ වාරුවෙන් ඇය පිටතට ආවාය. ඇය කෙළින්ම මා ඇමතුවාය. “ඉබුන්ගෝ ආයුබෝවන්”. ඊට පිළිතුරු වශයෙන් මම කිසිවක් නොකීවෙමි. එහෙත් මම ඉනේ නැන්දා පසුපසින් තරමක් ඈතට වී ගමන් කළෙමි. පොලිස් රථයක් රෝහලේ දොරටුව ඉදිරිපිට නතර කර ඇත. අනිත් රෝගීන් දෙදෙනා දැනටමත් දොරටුව ඉදිරියට පැමිණ සිටිති. ඉනේ ලෙයිපාකලෙයි පැමිණෙනු දුටු ඔව්හු ඇය එනතුරු නතර වූහ. ඇය ඔවුන් සිටි පැත්තට යනවිට කොහෙන්දෝ සිට මතුවූ පිරිමි ළමයි දෙදෙනෙකු සහ ගැහැණු ළමයෙක් රෝගීන් තිදෙනාට මල්මාල පළදවා පිළිගත්හ. ඊළග මොහොතේ සටන් පාඨවල හඩ දෝංකාර දෙන්නට විය. විප්ලවයට ජයවේවා! මගේ සිරුරේ හිරිගඩු පිපිණ. ශිෂ්‍ය‍යකුව සිටි කාලයේ සිටම පැවති බොහෝ කාලයක් යටපත්ව තිබූ මගේ හැගීම් නැවත පණ ගැන්විණි. විප්ලවයට ජයවේවා! සිංහල අනුවාදය බොබී ජී. බොතේජු. නව යුගය සගරාවෙන් උපුටා ගැණුනි.