This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
ආදර හසුන්
ඔස්ට්‍රේලියානු ජාතික ලේඛිකා කේට් වෝකර්ගේ “ලව් ලෙටර්ස්” නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි, මේ... මගේ නම නික්. මගේ පෙම්වතියගේ නම ප්ලවුර්. ඇයට හෙලන් නමින් මිතුරියක් සිටියාය. හෙලන්ගේ පෙම්වතාගේ නම ක්ලයිව්. මේ ක්ලයිව් අරුම පුදුම ජාතියේ කෙනෙක්. මා දන්නා, ඔහුගේ අරුම පුදුම වැඩවලින් එකක් තමයි, ඔහු තම පෙම්වතිය වූ හෙලන්ට දිනපතාම පිටු තුනක ලියුමක් ලියන එක. එදින දිවා ආහාර විවේක කාලය මුළුල්ලේම ප්ලවුර් මා සමඟිනුයි සිටියෙ, ඇය දිගින් දිගටම කතා කළේ ක්ලයිව් ගැනයි. “මොකක්ද ඒ හාදයාගේ වැරැද්ද...?” අන්තිමේදී මම ප්ලවුර් ගෙන් ඇසුවෙමි. “වැරැද්ද...? එයාගෙ ඇති වැරැද්දක් නෑ නික්..., ඒ උණාට ඔයාගෙ කිසි ප්‍රේමණීය බවක් නෑනෙ...” “නෑ... නෑ... ඇත්ත වශයෙන්ම මම ඔයාට ගොඩාක් ප්‍රේම කරනවා... මේ බලන්න” යැයි කියමින් මා ඇයට ප්‍රේම කරන බව ඔප්පු කිරීම පිණිස, දිව ගෑම සඳහා මගේ අයිස් ක්‍රීම් එක ඇගේ මුව වෙත දික් කළෙමි. ‍‍“ඇයි... ඇයි මොකද...?” මම ඇගෙන් ඇසුවෙමි. “ඔයා මට ආදරේ නැහැ” ඇය කීවාය. “නැහැ... ඇත්ත වශයෙන්ම මම ඔයාට ආදරෙයි.” මම ඇයට පැවසුවෙමි. “ඔබ මට ඇති තරම් ආදරය කරන්නේ නැහැ...” ඇය කීවාය. “ඇති තරම්...? ඇති තරම් කියන්නෙ කොච්චරක් විතරද? අයිස් ක්‍රීම් කීයක් විතරද ඇති තරම් කියන්නෙ...” “ක්ලයිව් හෙලන්ට ලියනවා වගේ ඔයා මට ලියුම් ලියන්නෙ නැහැ” ඇය කීවාය. “ලියුම් ලියන්ට උවමනාවක් නැහැනෙ. මම හැමදෑම ඔයාව කොම්පියුටර් ක්ලාස් එකේදී දකිනවනෙ. කෙමිස්ට්‍රි ක්ලාස් එකේදිත් දකිනවනෙ.” “ඒකට මොකද... ක්ලයිව් හැමදාම හෙලන්ව දකිනවනෙ. “හරි.. හරි.. මම ඔයාට ලියුමක් ලියන්නම්කො” මම කිව්වෙමි. ලියුම් ලියන්නම් යැයි ඇයට අවනතවීම ගැන මම සතුටු වූයෙමි. ප්ලවුර් ඇත්තටම ලස්සනයි. කොළ කෑල්ලක පේළි දෙක තුනක් කුරුටුගා නොඉඳීම වෙනුවෙන් මට ඇයව අහිමිකර ගත නොහැකිය. ඇය මගේ පෙම්වතිය කරගැනීම නිසා ලොකර් කාමරයේදී මා අනෙක් පිරිමි ළමයින්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූයෙමි. මම එදින රාත්‍රියේදී ඇයට ලියුමක් ලිවීම සඳහා ඉඳගතිමි. “ආදරණීය ප්ලවුර්...” පසුව පැය භාගයක්ම ගතවන තෙක් මම කොළය දෙස බලා සිටියෙමි. හැමදාම දකින කෙනෙකුට ලියුම්වල ලියන්නේ මොනවාද. මම පැන්සල විකුවෙමි. නියපොතු විකුවෙමි. කිසිවක් හිතාගත නොහැකිවූ මම අන්තිමේදී අම්මාගෙන් විමසුවෙමි. “එදිනෙදා සාමාන්‍ය දේවල් ගැන ලියන්න...” මව පැවසුවාය. ඉතින් මම මෙසේ ලියුවෙමි. “අඟහරුවාදා පරිගණක පන්තියේ සිද්ධවුණේ හරිම ජංජාලයක් නේද..., ඒකෙ හොඳම දේ තමයි, පතුලෙ තියෙන පුංචි බොත්තම පෙන්නන්ඩ කියල බ්‍රැන්ඩො කොම්පියුටරේ ඇල කරද්දි මොනිටරය බිමට වැටීම. නැද්ද මං අහන්නෙ...” එච්චර ප්‍රියජනක පාඩමක් නොවුණත් මම රසායන විද්‍යා පන්තිය ගැනත් ලියුවෙමි. මෙලෙස මම ඉතාමත් නිර්මාණාත්මක ලෙස ලිපිය හමාර කොට අවසානයට පසුවදනක්ද ඊට එක් කළෙමි. ඊළඟ දිනයේදී ලියුම මට ආපසු ලැබුණි. ‘විස්සෙන් පහමාරයි’ යනුවෙන් එහි පහළින් ලකුණු කර තිබුණි. “මොකක්ද ඒකෙ ඇති වැරැද්ද...?” මම ප්ලවුර් ගෙන් විමසුවෙමි. “එකක් කියල කියනව නම් ඔයාගෙ ස්පෙලින් මිස්ටෙක් (අක්ෂර වින්‍යාසය දුර්වලයි) බොහොමයි.” “මම ඒකෙ ලිව්වෙ අපට පුද්ගලිකවූ දේවල්නෙ.” “ඒ වගක් මම දැක්කෙ නැහැ” ඇය පැවසුවාය. “පුද්ගලිකවූ කිසිම දෙයක් ඔබ ලියල තිබුණෙ නැහැ.” එවැන්නක් ද ඇයට ඕනැකරල තියෙන්නෙ...? පුද්ගලික ලිපියක්? මම ඒ ගැන විනාඩි පහක් පමණ කල්පනාකර බැලුවෙමි. අනුන්ට නොකියන තරමේ පුද්ගලික කාරණාවල් දෙක තුනක් හෙළිකළොත් ඇය මටම තියා ගන්නට හැකිවෙයි. ඔව් මම එය කරමි. ‘ආදරණීය ප්ලවුර්...’ මම ඒ රැයේ දෙවන ලියුම පටන් ගත්තෙමි. මෙය නම් කිසිවකුටවත් කියන කාරණාවක් නොවේ. ක්‍රීඩා දිනවලදී පමණක්, නැත්නම් ඌෂ්ණ දිනවලදී ඇත්ත වශයෙන්ම මම දහදිය ගඳ යන්නට සෙන්ට් ජාතියක් ගානවා. නෑ, එය ගොඩක්ම පුද්ගලික වැඩියි. මම කොළය ඉරා දමා නැවතත් පටන් ගතිමි. ‘ආදරණීය ප්ලවුර් ඔයා අනුමාන කරන්නෙ කුමක් කියාද? අද ඉතිහාසය පා‍ඩමේදි, මිසිස් හැසල් නිකම් නිස්කාරණෙ මාව හොඳටම මැඩෙව්වා. ලැජ්ජාවෙ පණ ගියා. බරියං ඇස් හරව හරවා ගිල්ඩා මං දිහා බැලුවා. ඒ මදිවට හිචි හිචි ගගා මහ හයියෙන් හිනාවුණෙ මට අපහාසෙට.’ ලියාගෙන යනකොට ඇත්ත වශයෙන්ම පුද්ගලික කාරණාවල් ලියන එක අරුමයක් නොවන බව මට තේරුම් ගියා. අර්ධ වාර්ෂික ඉංග්‍රීසි විභාගවලදි ඇත්ත වශයෙන් මා ලද ලකුණු මම ඇයට කිව්වෙමි. මෑතකදී නැරඹූ චිත්‍රපටයක් ගැනත් කිව්වෙමි. එම චිත්‍රපටයේ ප්‍රධාන ගොවි තරුණයාට ඔහුගේ සීසාන අශ්වයා නැතිවීම, ඔහුගේ බිරිය නැතිවීම, ඊළඟට ඔහුගේ දරුවාත් නැතිවීම, ඔහුගේ එළදෙනුන්ට කුර රෝගය වැලඳීම ආදිය ගැනත් කිව්වෙමි. මෙම අහිමිවීම් සියල්ල විඳ දරා, ඉඳගෙන සිටි ඔහුගේ දෑස්වල දුක්මුසු කෝපය පිටාර ගැලුවද, අවසානයේදී ඔහු නැගිට, බැසයන සූර්යයා දෙසට දිරිමත් ශක්තිමත් මිනිසකු වගේ උදාරම් ලෙස ඇවිද ගිය ආකාරය ගැනද කිව්වෙමි. මගේ අංක දෙක ලියුම සඳහා ඇගේ එකම විවේචනය වූයේ, ‘ඔබ මා ගැන කිසි දෙයක් කියා නැත’ එදින ඇය දවල් ආහාර ගැනීම සඳහා හෙලන් වෙත ගියාය. දැන් නම් ඉතින් හදිසි අනතුරු ඇගවීමේ බොත්තම ඔබන්නටයි තියෙන්නෙ. ප්ලවුර් මාගෙන් ඈත්වී යමින් සිටියාය. මම සැන්ඩ්විච් ටික ආපසු බෑගයට ඔබාගෙන ක්ලයිව් සොයා ගියෙමි. හිණිපෙත පාමුලදී මම ඔහුව කොටුකර ගතිමි. “හරි... ඔබ හෙලන්ට දෙන ලියුම්වල මොනවද ලියන්නෙ?” මම ඔහුගෙන් විමසුවෙමි. ක්ලයිව් සියල්ල හෙළිකරන්ට තරම් ත්‍යාගශීලි ළමයෙක් විය. මම මෙය කියවිය යුතුයි. “ප්‍රේමණීය හෙලන්, ඔයාගේ කෙස් රන්කෙඳි වගෙයි... ඔයාගේ දෙනුවන් මට සිහිගන්වන්නේ සැඳෑ හිරුගේ ආලෝක ධාරාවන් වැටුණ තෝරස්බි නදියේ දිය රැලි තරංග නංවන ආකාරයයි... ඔයාගෙ කන් පෙති... ඔයාගෙ ඇස් පිහාටු... හරියට... ඔන්න ඔය විදිහට තව තව දේවල්. ඒක හරියට කාව්‍යාත්මක වර්ණනාවක් වගෙයි. එය එතරම්ම ආහ්ලාද ජනක වර්ණනාවක් නොවුණාම නොවේ. ඊළඟට ඔහු යොමුවී තිබුණෙ ඔහුගේ ආදරය ප්‍රකාශ කිරීමටයි. ‘ඔබව මට සුවිශේෂ වන්නේ..., ඉතිහාස පාඩම් වෙලාවේදී ප්‍රේමාර්ධ දෑසින් මා ඔබ දෙස බලා සිටියේ..., ඔබ ගැන නොසිතා මට නූඩ්ල්ස් එක රැලක් වත් කන්නට නොහැකියි... ඒ මක්නිසාද කියනවා නම්....’ “මේ වගෙ දේවල් ලියනවාට ගෑනු ළමයි ඇත්තටම ආසද?” මම ඔහුගෙන් ඇසුවෙමි. “හෙලන් ආසයි.” ඔහු කිව්වේය. “ලියුම් ලියන එක නැවැත්තුවොත් හෙලන් හෙටම මාව අත්හැර දමාවි. ඔබේ පෙම්වතිය තියා ගන්නට ඕන නම් මේ ව‍ගේ කැපකිරීම් කරන්ට වෙනව.” ආදර්ශයක් ලෙස ක්ලයිව්ගේ පොටෝ කොපිය මේසය මත තියාගෙන මම මගේ තුන්වන ලියුම ලිවීම ආරම්භ කළෙමි. ‘ආදරණීය ප්ලවුර්, ඔයාගෙ කෙස් මොනවගේද කියනව නම්...’ මම පටන් ගතිමි. ‘ඈතට ඒවා සියුම් සිල්ක් කෙඳි වගේ පියකරුව පෙනෙන බව මා සිතාගෙන සිටියත් ඇත්තටම ඒවා ඇල්ලුවොත් දැනෙන්නේ ලාටු ගෑමෙන් එකට ඇලි හැඩපලු ගෙතී ඇති බවකි. මම හිතන්නෙ හෙයාර් ස්ප්‍රේ ගොඩක්ම වැඩියි වගේ.” මම ඒ ආරම්භය ඉවත ලා නැවතත් පටන් ගතිමි. ‘ආදරණීය ප්ලවුර්... ඔබේ ඇස්...’ සත්‍ය වශයෙන්ම ඒවා කුඩා වැඩියි. අනිත් එක වපරයි. මම හිතන්නෙ ඇය කණ්ණාඩි දෙකක් දානවා නම් හොඳයි. ඒත් ඇය ඒකට කැමැතිවෙන එකක් නැහැ. මම ඇස් යන්න මකා දැමුවෙමි. ‘ආදරණීය ප්ලවුර් ඔබේ මුහුණ සැබැවින්ම ලස්සනයි. ඔබ හරියට සබන් දැන්වීම්වල පෙනී සිටින ලස්සන විකට නෘත්‍යාංගනාවක් වගෙයි...’ මට හිතෙනවා වරුවක් වුණත් ඇගේ මුහුණ ගැන ලියන්ට පුළුවන් කියා. නමුත් අර විදිහට කිව්වහම ඇය ගැන කියන්නට ඇති සියලු වර්ණනාවල් එහි අඩංගුවී ඇති බවයි පෙනෙන්නට තිබුණෙ. අනතුරුව මම මගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට යොමු වුණෙමි. ‘මම ඔයාට ප්‍රේම කරන්නේ..., මම මගේ පැන්සල විකුවෙමි. නියපොතු විකුවෙමි. මේ වතාවේ නම් අම්මාගෙන් අහන්නට බැරිය. මම කල්පනාවේ නිමග්නව සිටියෙමි. එකට එක්ව ආ ගිය, පහුවුණ සුමාන තුනේදීම අප කතාබස් කළේ මොනවාද? ඇත්තටම අපි බොහෝ දෙයක් කතා කළේ නැත. මා හොකී සෙල්ලම් කිරීම ගැනත් ඒ ගැන ගැඹුරින් කතා කිරීමටත් ඇය කිසිදු උනන්දුවක් නොදැක්වූවාය. ඒ වගක් තබා, අඩිය ගෙවීගිය මගේ සුදුපැහැ බූට්ස් දෙක ගැනවත් ඇය කිසිවක් ඇසුවේ නැත. ඇයට ලියුම් ලිවීම මගේ හිතට මහත් කරදරකාරී ක්‍රියාවක් වීම පුදුමයට කරුණක් නොවේ. ඒ අප දෙදෙනා අතර පොදු වශයෙන් කතා කළ හැකි කිසිවක් නොමැති නිසා. මම ඇය ගැන දැන සිටියේද මඳ වශයෙනි. න්‍යෂ්ටික අවි හරණය ගැන ඇගේ අදහස කුමක්ද?. සමහරවිට ඇයට ඒ ගැන කිසිදු අදහසක් නැතිව ඇති. මා නොදැනු වත්ව ඈ ලිබියාවට පක්ෂපාතී කෙනෙක්ද?. මම ලියුම ඉරා පොඩිකර දැමුවෙමි. ක්ලයිව්ගේ පොටෝ කොපියද ඉරා විසි කළෙමි. හිතේ කිසිදු අවුලක් නොමැතිව මේ වර ලියන්නම්. මම නැවතත් ආරම්භ කළෙමි. ‘ආදරණීය ප්ලවුර්, මේ ලියුම් ලිවීම ඉතා හොඳ කාර්යයක් වන්නේ එමඟින් වැදගත් දේ ඔබට පැවසීමට මට අවස්ථාව උදාවන නිසාය. මම හිතනවා ඔබ ප්‍රසන්න ගැහැනු ළමයෙක් කියා. පසුගිය සුමාන තුනේදී ස්ථිර හැඟීමෙන් යුතුව, ඔබ සමඟ කළ ආශ්‍රයෙන් මා ලද්දේ මහත් ආහ්ලාදයකි. එනමුත් දැන් අප එය නතර කළ යුතුයැයි මම කල්පනා කරමි. එය අප දෙදෙනාටම පුද්ගලික වශයෙන් දරා ගැනීමට බැරි පාඩුවක් වුණත්, අප දෙදෙනාටම උදාරම් ලෙස වෙන්වී යා හැකියයි විශ්වාස කරමි... මේ වගට ඔබේ ආදරණීය නික්.’ කොම්පියුටර ක්ලාස් එකේදි මම ලියුම ඇගේ ඩෙස්ක්එක මතට අතහැරියෙමි. කිසිදු අමනාප හැඟීමක් නොපෙන්වා එය රැගත් ඇය වහාම කවරය විවෘතකොට ලියුම එළියට ගත්තාය. නමුත් ඊට දින දෙකකට පසුව මගේ පුද්ගලික ලියුමේ ඡායා පිටපත් පාසල පුරා විසුරුවා හරිමින් තිබිණ. මම ඒ ගැන තැකීමක් නොකළෙමි. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇස් බරියං ගිල්ඩා, ඉතිහාසය පන්තියේදී තුණ්ඩු කෑල්ලක් රහසේ මා වෙත විසිකළාය. ‘නික්, ඔබේ අදහස් ගැඹුරුයි. මම ඔබේ විලාසයට ඇලුම් කරමි. යි’ එහි ඉතා සැකෙවින් සටහන් කර තිබුණි. මම නැවත වරක් බරියං දෑස දෙස බැලුවෙමි. මට ඇගේ විලාසයට සත්තකින්ම කැමැත්තක් තිබුණේ නැත. ඉතිහාස පා‍ඩමේදී මරු හිනාවක් දැම්මත් ඇය කොම්පියුටර්වලදී අති ශූර තැනැත්තියක් වූවාය. මම මගේම පිළිවෙළ අනුව, මෙ වතාවේදී අවංක හා කෙළින්ම කාරණයට අදාළව වහාම පිළිතුරක් ලිව්වෙමි; ‘ආදරණීය ගිල්ඩා, එදා කතා පැවැත්වීමේ දිනයේදී, තුන්වන ලෝකයේ සාගත සහන කටයුතු පිළිබඳව ඔබ පැවැත්වූ මිනිත්තු තුනක කතාව ඉතාමත් අනර්ඝයි. ඔබ මා සමඟින් එකතුවන්නට කැමති නම්, විදුහල් චතුරශ්‍රයේදී මා දවල් කෑම කන්නේ ඔබ සමඟයි. පරිවර්තනය ඩී.එම්. රණවීර සිළුමිණ පුවත්පත