This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
අරුමෝසම් කිරිල්ලී
සිහින් සුළං පොදක් මුලූ ගතම වෙලාගෙන අලූත්ම හැගීමක් මාගේ හිතට දෙන්නට කෙතරම් උත්සාහ කලත් මලීෂාගේ ඒ සිනාව, කතාව, බැල්ම ඒ හැම හැඟීමක්ම පෙලාගෙන මතුව ආවේ වේගයෙන් ගසා විත් ගල්පර වල හැපෙන්නා මෙනි. කොණ්ඩය පැත්තට පීරා ලොකු මාමා අලූතින්ම අරන් දුන් කමිසයත් ඇදගෙන විශ්ව විද්‍යාලයේ ආරම්භක දේශනයට මම සහභාගි වූයේ දහසක් බලාපොරොත්තු සේම සිතේ සැගවී තිබූ ආසාවන්ද මල් ඵල ගන්වමිනි. සිතේ තිබූ චකිතය සිරකර සැමටම මම සිනහවකින් සංග්‍රහ කලේ තව වසර හතරක්ම මෙය මාගේ නිවහන වන නිසාවෙනි. හායි! ඔයා කොහෙද? මලීෂා ඒ නුඹ මා දොඩමලූ වූ පළමු වතාවය. කෘතිමව රැලි කල කොණ්ඩය, රවුම් ඇස් දෙක සමඟ අපූරු හිනාවකින් නුඹ අභියස එදා විශ්ව විද්‍යාලයට පුරුදු කාරියක් ලෙසිනි. මම මාතලේ, ඔයා කොහොද? මම කොලොම්බෝ... ඔයා සෙකන්ඩ් ෂයි එකෙන්ද ආවේ? නම මොකක්ද? නුඹේ ආගන්තුක කතා විලාසය මට නුහුරු වුනත් මම වචන වලින් වගේම ඇස් වලිනුත් නුඹ හා දොඩමලූ වුනේ සංසාර පුරුද්දකට මෙනි. නුඹේ සිනාවන්, කතාව අතරින් තවත් මාස තුනක් ඉදිරියට විශ්ව විද්‍යාල ජීවිතය ගෙවී ගියේ සැබැවින්ම මා ද විශ්ව විද්‍යාලයට පුරුදුකාරයෙක් කරමිනි. සමන්, යමුකෝ කූල් එකක් බොන්න... මලීෂා විටෙක නුඹ මාව අතින් ඇදගෙන විවේකාගාරයට ගොඩ වැදුනේ සැමගේ දෙනෙත් අප දෙසට යොමු කරමිනි. සංඛ... තාම වයිට් චොකලට් එකක් ඔයා මට අරන් දුන්නෙ නෑනේ... මලීෂා දඟකාර ලෙස අනෙකුත් මිතුරන් හා දොඩමලූ වෙද්දී මසිතට දැනුනේ දුකක්ද ආත්මාර්ථකාමී බවක්ද මට සිතා ගැනීමට අපහසු විය. මම ඔයාට නෝට් එක ෆිල් කරල දෙන්නම් මා ගතේ දැවටෙමින් නුධ කියනා විට ප්‍රේමයේ සේයාවක් මම මගේ හිතේ සිත්තම් කර ගත්තේ බොහෝ ප්‍රවේශමෙනි. සමන්, යමුද අද බුක් ෆෙයා එකට... ඒ වදන් මගේ සිතට ගෙන ආවේ කියා ගන්නට නොහැකි ප්‍රීතියකි. මන්ද මාස ගණනාවක් සිත තුළ ලියලමින් තිබූ ප්‍රේමය හෙලි කරන්නට හොදම වෙලාව බව ඒ මොහොතේ මගේ සිතට දැනුනේ අදුරු සේයාවක් ළඟෑන බව නොදැනුනු නිසාවෙනි. මගේ දකුණතේ එල්ලීගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිට වී අපි අසල ඇති අවන්හලට ගොඩ වූයේ මලීෂාගේ වුවමනාවටම ය. අතොරක් නැතිව කියවන ඇයගෙන් ඇසිල්ලකින් ඉඩක් ලද මා, මලීෂා මට ඹයාට කියන්න දෙයක් තියනවා... මොනාද? මම ඔයාට ආදරෙයි... ඒ දෙනෙත් මා දෙසට තියුණු ලෙස එල්ල විනි. වට්? පිස්සුද හලෝ... තරමක් උස් හඩින් නුඹ කියද්දී මා තිගැස්සුණි. ඇත්තටම මලීෂා හුඟක් දවස් ඉදන් මම ඔයාට කියන්න හිටියේ... මා පහත් හඩින් කිවේ තව තවත් ලෙන්ගතුකමිනි. මේ... ඔයා මගේ ෆ්රෙන්ඩ් කෙනෙක් විතරයි. මගේ බොයි ෆ්රෙන්ඩ් ඉන්නේ ලන්ඩන්වල. අනෙක ඔයා වගේ ගොඩයෙකුට ලවි කරන්න මට පිස්සු නෑ සමන් ආයේ නම් ඔයත් එක්ක මගේ ෆ්රෙන්ඩ්ශිප් එකක්වත් නෑ ඕකේ! බායි... මලීෂා නුඹ මා හැර ගියේ එලෙසිනි. එසේ නම් මා ගතේ දැවටෙමින් මා හා තැන තැන ගියේ මිතුරුදම නිසාද? මා සඟයන් නුඹේ නම කියා සරදම් කරන විට නුඹ හිනැහී බලා සිටියේ මිතුදම නිසාද? දහසක් ප්‍රශ්න මැද මා අතරමං වී සිටියෙමි. තවමත් මා අවහල තුළය. එතනින් ඉවත්ව යාමටද මට ශක්තියක් නැත . ඒකපාර්ශික ප්‍රේමයකින් පරාජය වී මා දැවෙමින් සිටියෙමි. ඒ ප්‍රේමයට නුඹෙන් රුකුලක් නොලැබුනාම නොවේ. මා නුඹට පෙම් කල තරම දන්නේ මම පමණි. හෙට වන විට මුලූ විශ්ව විද්‍යාලයම මෙය දැන ගන්නවා නොවෙද? අහිංසක අප්පච්චීගේ මෙන්ම අම්මාගේ රුවද මට මැවී පෙනෙන්නට විය. මා මෙතෙක් විශ්ව විද්‍යාලයට ආටේ නුඹ දකින්නටය නූඹ හා රැදෙන්නටය. අප්පච්චීගේ හා අම්මාගේ දහසක් හීන සැබෑ කරන්නට සරසවියට පැමිණි ඹහුගේ එකම පුතු අමුතුම ලොවකට ගෙන ගියේ නුඹම නොවෙද? වරද මාගේමද? ප්‍රශ්න එකින් එක පෙළ ගැසෙද්දී ආයාසයෙන් නැගිට මා අවන්හලෙන් පිට වී මාර්ගය දෙසට පිය නැගුවෙමි. ඉදිරියේ ඇති රට බීම හලට මා ගොඩ වූයේ නිතැතිනි. පෙරදා අප්පච්චී එවූ මුදලින් මත්පැන් බෝතලයක් මිලට ගත් මා නුපුරුදු වුවත් ප්‍රේමයේ විරහව මිශ= වූ මත්පැන් වීදුරු දෙක තුනක් අමු අමුවේ ගිල දැමුවේ පුරුදුකාරයෙකු ලෙසිනි. මලීෂා අරුමෝසම් නුඹට පෙම් කළ මා අද මත්පැනට පෙම් කරන්නේ ප්‍රේමයේ වරදින්ද? මාගේ අනුවණ බව නිසාවෙන්ද මා නොදනිමි. වෙනදා මෙන් නුඹ විශ්ව විද්‍යාලය පුරා නිදහස් කිරිල්ලියක සේ සැරිසරයි. නුඹ සුන්දරය... දඟකාරය... වැරදුනේ මට පමණක්මද? නුඹ මා දෙස බලන්නේවත් නැත. මුහුණ පුරා ඝනව වැඩුණු රැවුල මාගේ අදුරු ඉරණම ලෝකයට මවා පාන්නට උත්සාහ දරයි. මලීෂා නුඹට තනිව පෙම් කළ වරදට අද මා සරසවියේ මෙන්ම ජීවිතයේද පරාජිතයකු වී හමාරය... තරූ